දැරණියගල නූරිය වත්තේ අධිකාරී රත්මලානේ එම් නිහාල් පෙරේරා මහතා වත්තේ තේ කම්හල අසළදී කපා කොටා මරා දමා ඇතැයි දැරණියගල පොලිසිය කියයි.
ඔහුගේ ආරක්ෂකයන්ට ද පහර දී තුවාල සිදු කර ඇතැයි ද ඔහු කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.
නිල නිවසේ සිටි ඔහු බලෙන් රැගෙන ගොස් මරා දමන්නට ඇති බවත්, පස් දෙනකු පමණ ඒ කණ්ඩායමට අයත් වන්නට ඇති බවත් පොලිසිය අනුමාන කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල!ඔබට තේරුම් ගිහින් තිබෙන්නේ ටිකක් පරක්කු වෙලයි. ඔබේ අදහස් වලට ගරු කරමි. අපි අපේ දරුවන්ට ඉතිරි කරන සමාජය ගැන හිතන කොට වේදනාව කියා නිම කලහකිද? රටක් වුණාම නීතියක් සදාචාරයක් අත්‍යවශ්‍යයි!(නදී)
බන්දුල නැමැත්තෙක් මල්ලක් නොව ගෝනියක් අරන් කඩේ යයි. ලංකා භූමි ප්‍රමානයත් දියුණු විශාල රටක බුමි ප්‍රමාණයත්, එම රටේ අපරාධ වාර්තාවත් ලංකාවේ අපරාද වාර්තාවත්, ඒ අපරාදවලට වෙන රටවල් දෙන දඩුවමුත් ඕනෑ නම් අන්තර්ජාලෙන් බලාගත හැක.කුහකකමින්, මෝහෙන් හිත ඔද්දල් නොකර වැරදි දේ වැරදි කියන්න. (නි)
බන්දුල නමැති කෙනා ඕනෑම දෙයකට සපත්තු ලෙවකන වගක් පෙන්නුම් කරනවා. ඇතැම් විට සන්තෝෂමක්, රස්සාවක්, පගාවක්, සමෘද්දි සොච්චමක් කාලා මේ තියන අපරාද රැල්ලට අයිසින් දමා සුරුහන් කරන වගකුයි පෙනෙන්නේ. (නි)
බන්දුල උන්නැහෙ , නොදන්නවා නම් අද දැනගන්න. ආණ්ඩුවක් ඉන්නේ, පත් කරගන්නේ රටේ ජනතාවගේ ආරක්ෂාව , රැකවරණය , ජීවත් වීමේ සමාන අයිතිය , සම්පත් සමානව බෙදී යාම , නිදහස් අදහස් ලිවීම, ප්‍රකාශ කිරීම මේ ආදී වසයෙන් දහසක් දේ දෙන්න බැදිලා පොරොන්දු වෙලා. ඉතින් මොනම කෙනෙක් හරි මොනම ආණ්ඩුවක් හරි මේ කාරනා පැහැර හරිනවා නම් නම්බු පිටින් ගෙදර යන එක තමයි කල යුතු. දැන් තේරෙනවද ? (නි)
මේකේ උඩින්ම ප‍්‍රතිචාර දාලා තියෙන ඉන්දික කියන කෙනාටයි මේක ලියන්නේ. හරි, පෞද්ගලික ආරවුලක් කියලා පැත්තකට වෙලා හිටියම හරිද...?ඔහේලා වගේ අය හින්දා තමයි අද අපේ සමාජය මේ වගේ තත්වයකට වැටිලා තියෙන්නේ (නි)
මෙම අපරාද රැල්ලට එකම විසදුම දැඩි දඩුවම්, මිනීමැරුම් වලට එල්ලුම් ගහ වහා ක්‍රියාත්මක කලයුතු ය. (නි)
ප්‍රාදේශීස සභා සභාපතිතුමා කියලා කෑලි අඩුවෙන් ගහල අනුර විජේසූරිය සභාපතිතුමාට අවනම්බු කරන්න එපා.(නදී)
මේ රටේ මුදා නොගත් කලාප තියනවා කියලා දැන්වත් කාටහරි තේරෙනවා නම්.(නදී)
දහසක් බුදුන් බුදුවෙන සෑම හිමිදිරි උදසනකම හරක් පන්... නැහැ.. නැහැ.. එහෙම නෙවයි... දවසට අඩුම ගානෙ මිනී මැරුම් විස්සක් විතර කරලා තමයි වැඩ පටන් ගන්නේ. (නදී)
බන්දුල මහත්තයට බැනලා වැඩක් නැහැ. ඒ එයා හිතන විදිය. ඒත් කනගාටුවට කරුණ නම් ඇත්ත ඇති සැටියෙන් දකින්න තියෙන අකමැත්ත. ඔහොම හිතන මිනිස්සු ඉන්නකම් අපේ රට හදන්න බැහැ. අපරාද එදත් උනා, අදත් වෙනවා හෙටත් එහෙමයි කියමින් තප්පුලන අය ඉන්නකම් අපේ රටට දෙවියන්ගේ පිහිටයි. අපේ දරුවන්ටත් දෙවියන්ගේ පිහිටයි. ඔය වගේ අදහස් තියෙන දහදෙනෙක් හිටියොත් ගන්ද ගස්වන එක වලක්වන්න බැහැ මේ රට අපරාධ වලින්. (නදී)
බනදුල, ඔබට මේක සාමාන්‍ය දෙයක් විදියට පෙනෙන්නේ, පල්ලම් රෝදේ කුණු පෙනෙනවා අඩු නිසයි. අද රටේ තියෙන දෙෂ්පාලන වාතාවරණය අපරාද වලට උදව් කරන උපකාර කරන වාතාවරණයක්. මේ වාගේ අපරාද ගැන නිතරම ඇහෙනකොට මේවා සුලු දේවල් කියලා අහක බලාගෙන යන්න මිනිස්සු පුරුදු වෙලා. ඔබත් එහෙම පුරුදු වුන කෙනෙක්.(නදී)
මම රැකියාව කරන්නේ ඩුබායි නගරයේ මේ රටවල ජනයා නීතියට බයයි. හරියට ගරු කරනවා. බන්දුල ලිදේ ඉන්න ගෙම්බා වගේ මෝඩ මීහරක් කතා කියන්නේ නැතුව ලෝකය දිහා හොඳට බලලා කතා කරන්න ඔබ ගැන හරිම සතුටුයි.(නදී)
හරිම අපරාදයක්, වැරිදි කරපු අය සොයා ඉක්මනින් දඩුවම් දෙන්න හැබයි රන් කියන කතාවත් හරි.(නදී)
අවංකව අදහස් දාන සමහරෙක් වැරදි විදියට මගේ අදහස් තේරුම් අරන්. මම මේ රටේ නීති ගරුක පුරවැසියෙක්. සහතිකයක් ගන්න පමණක් පොලිසියකට ගිය කෙනෙක්. ආරක්ෂක අංශයකට සම්බන්දව දිගු කාලයක් සේවය කල කෙනෙක්. අපරාද අනුමත කරන්නේ නැහැ මම කවදාවත්. මගෙත් ප්‍රාර්ථනාව අපරාද නැති සමාජයක්. නමුත් විසම සිත් තියෙන මිනුසුන් අතර එහෙම සමාජයක් බිහි වෙන්නේ නැහැ. එක තමයි යථාර්තය. මරණ දඩුවම නොදී අපේ බදු මුදල් වලින් මේ කාලකන්නි තිරිසන් මින්ස්සුන්ට කන්න දිදී තියා ගන්න එකට මම එදත් අදත් හෙටත් විරුද්ධයි.(නදී)
බන්දුල ඔබ හරියි කියලා මට හිතෙන්නේ, කුහකකමින් මෝඩකමින් පිරුණු මිනිස්සු ටිකක් ඔබට මෝඩයා, ඉරිසියාකාරයා යනාදී විදියට නිගා කරනවා. හැබැයි සැබෑ ප්‍රඥාවන්තයා අනුන්ට නිගා කරන්නේ නැහැ. සමාජයේ අපරාධ වැඩි වීමට නොයෙක් කාරණා බලපානවා. ඒකට ආණ්ඩුවට විතරක් ඇගිල්ල දික් කරලා හරියන්නේ නැහැ. ඉන්ටර්නෙට්, තාක්ෂණය දියුණු වීම, ආගමෙන් ඈත් වීම, සමහර විදේශ රූපවාහිනී චැනල්, ගෝලීයකරණය, ප්‍රජාතාන්ත්‍රික රාමුව තුල තිබෙන සමහර වැරදි, විවෘත ආර්ථිකය යනාදී එකී නොකී නොයෙකුත් කරුණු බලපාන්න පුළුවන්. අපි කල යුත්තේ කාටවත් ඇගිල්ල දික් කිරීම නොව, වැරදුනු තැන් නිවැරදි කිරීමයි. (නි)
තිලක් ඉන්න රටේ පොලිසි උසාවි හිරගෙවල් නැතුව ඇති. අහන්නත් සන්තොසයි අපේ කට්ටිය ඔය අරාබි රටවල ඉදල පෙට්ටි වලින් ගෙදර එන්නේ ආසාවට වෙන්න ඇති. ඔය පත්තර වල තියෙන්නේ හිස ගසා දානව කස පහර දෙනවා වෙඩි තියනවා, ගල් ගහල මරනවා කියලා අපරදකරයන්ව. අපරාද නැත්නම් එහෙම මරන්නේ පාරේ යන එන මිනිස්සු වෙන ඇති. කමක් නැහැ, කමක් නැහැ එහෙම රටක් ලෝකේ තියෙනවා කියලා දැන ගත්තු එකත් සතුටක්.(නදී)
මේකේ සමහරු ප්‍රතිචාර දාන්නේ සිද්දවුන හැම දෙයක්ම බලාගෙන ඉඳලා වගේ.සමහරු වීරයෝ වගේ.මෙය පෞද්ගලික ආරවුලක් වෙන්න පුළුවන්.ඒ වගේ දෙයක් වළක්වන්නේ කල්තියා කොහොමද කියලා මට කවුරු හරි කියලා දෙනවද? පද්මිනිලා, තිලක්ලා, රෝහනලා කියනවද මේකට විසදුමක්? (නි)
රටට නීතියක් නැති කම
නීතියක් නැති කම තමයි මේ සියල්ලටම මුල (දී)
මට කියන්න ප්‍රසිද්ධියේ මිනිමරපු මිනිමරුවන්ටයි,කුඩා දරුවන් දුෂණය කල ළමා අපචාරකයන්ටයි, කෝටි ගණනින් මහජන මුදල් වංචා කරන වංචනිකයන්ටයි,සුනාමි හොරුන්ටයි දුන්නු දඩුවම මොකක්ද කියලා.කපිල,බන්දුලලා ඒවා නොබැලුවට මේවා ගැන මුළු ලෝකෙම බලන් ඉන්නවා. (නි)
ලාල් සුරන්ජිත්ලා දන්නවා අපි විදින මානසික සුවය.මෙහෙ ඉදලා ලංකාවට යනවා කියලා ටිකට් එක අතට ගනිද්දීත් හිතට දැනෙන්නේ මහා බියක්.නැවත ලංකාවේ ඉදාල නැවත එන්න ප්ලේන එකේ නගිද්දී දැනෙන්නේ යන්තම් පන බේරගෙන ලංකාවෙන් චුත වුනා කියන සතුට. (නි)
පිට බෙද්දර ජයා මට පාඩමක් කියලා දුන්නා. ඒත් නොතේරෙන තැනක් තියෙනවා.නිදහසෙන් පස්සේ ඔය කියන දේවල් කරපු ආණ්ඩුවක් තිබුනද, ඒවා නොකෙරුවා කියලා නම්බු පිටින් ගෙදර ගිය ආණ්ඩුවක් තිබුනද කියන එක මට පැහැදිලි නැහැ. මේ ආණ්ඩුව ගෙදර ඇරලා ඔයා ගෙන්නන ආණ්ඩුව ඔය දේවල් කරයි කියලා ඔයා හිතනවද? ඕවා බොරු බයිලා ජයා. මේ දේශපාලන රටාවේ සිල් රෙදි පොරවාපු බෝධිසත්වයින්ට ඉඩක් නැහැ. එහෙම සිල් රෙදි දාලා වගේ අපිට පෙන්නන කට්‌ටිය තමා ලෝක හොරු. මේ වගේ වෙන අපරාද වලක්වන්න ආණ්ඩුවකට බැහැ .ආණ්ඩුවකට පුළුවන් අපරාදකාරයා අල්ලලා දඩුවම් දෙන්න විතරයි. මේ මරණේ සිදුකරලා තියෙන විදියට ස්තිරව වත්තේ කම්කරුවෝ සම්බන්ද දෙයක් වෙන්න පුළුවන්. කපලා කොටලා මිනී මරන්නේ බොහෝ දුරට ඒ කට්ටිය.හෙට අනිද්දා අපරදකරුවන් සොයා ගෙන ඔවුන්ට දඩුවම් ලබා දේවි. (නි)
මේ මියගොස් ඇත්තේ මගේ බිරියගේ හොදම යහළුවෙකුගේ පියායි. ඔහු ඉතා අවංක පුද්ගලයෙක්. අපරාධකරුවන් ඉතා ඉක්මණින් නීතියේ රැහැනට කොටු වේවි යැයි අපි බලාපොරොත්තු වෙමු. මියගිය පුද්ගලයාට නිවන් සැප ලැබේවා! (නි)
බන්දුල, මේ මිනීමැරුම කප්පන් නුදුන්නා කියල ජීප් රථයකින් 15 වක් විතර ඇවිත් කරලා තියෙන්නේ. ප්‍රසිද්දියේ ඇවිත් කපල කොටලා මරල තියෙන්නේ කප්පන් ගැන වුන ආරවුලකට. ජීප් රථය අත්අඩංගුවට ගත්තට මෙතන ඉන්න දේශපාලඥයා තවමත් නිදැල්ලේ. අපිත් දැන් වහල්ලු වගේ කප්පන් ගෙවමින්, බදු ගෙවමින්, දඩ ගෙවමින් ජෙනරාල් එස්.එප් නිදහස් කර දුන්නු රටේ ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ.(නදී)
මගේ භාර්යාව ඊයේ මට කියනවා වරිපනම් ඉස්සර 100 ක් ගෙවපු ගෙදරට රුපියල් 4000 ක් ගෙවන්න වුනා කියල. උදෙන්ම ගිහින් පෝලිමේ ඉදලා කතිරේ ගැහුවේ ඕක කර ගන්නනේ.දැන් ඉතින් අපි කප්පම් ගෙවමින්,බදු ගෙවමින් වහල්ලු වගේ ජීවත් වෙනවා. කතා කලොත් කපලා කොටලා... නැතිනම් සුදු වෑන් වලින් යන්න පුළුවන්. (නි)
බන්දුලට හැමෝම බැනලා. දැන් අප කළ යුත්තේ එක්කෝ ඊජිප්තුවේ වගේ දෙයක්. එක්කෝ සෝම හාමුදුරුවෝ කිවුවා වගේ ඡන්දෙ කටුගැම. මේ ක්‍රමයට විරුද්ධව උතුරේ යුද්දේ වගේම දකුණේ කැරලි ගනනාවක් ආවත් වැඩක් වුනේ නැහැ. ඡන්දෙ කටු ගාන එක තමා හරි.හැබැයි බන්දුලලා වගේ අයත් එක්ක අමාරුයි. (නි)
මට තේරෙන්නේ නැත්තේ මේ ඩුබායි තිලක් ලංකාවට එන්නේ මොකටද කියලා. මෙච්චර භයානක රටකට ඔච්චර මර බියේ එන්නේ මේ රටේ කව්රු හරි ඉන්න නිසානේ. එයලා එතකොට මේ වගේ රටක ඉන්නේ කොහොමද? ඔය කියන විදියට එයාලා ගෙවල් දොරවල් ඉබ්බෝ දමා ගෙන එලියට බහින්නේ නැතුව බංකර් වල ඉන්නවා වගේ ඉන්නවා වෙන්න ඇති. අනේ මහත්තයෝ, මම හිතුවේ මේ රට මිනී කන්නන්ගේ ලෝකයක් කියලා පෙන්නන්න හදන්නේ මේ රටට ද්‍රෝහී කම් කරන දෙමල ඩයස්පෝරාවයි , දේශපාලන රැකවරණ මත ජීවත් වෙන නාමික සිංහල ටිකයි විතරක් කියලා.දැන් බැලුවම ඩුබායි වලත් එයාලා වගේ කට්ටිය ඉන්නවානේ? (නි)
අදහස් දාන අනිත් අයගෙන් අහන්නේ, ඩුබායි තිලක් කියන තරමටම මේ රට පිරිහිලාද? නැත්නම් මේ කෙනා කියන ගල් පැලෙන බොරු ඔයාලත් අනුමත කරනවද? (නි)
කම්හලේ ජීවත් වෙන බල්ලට හෙන ගැහැව්වත් ගානක් නැහැ වගේ ලංකාවේ ජීවත් වෙන බන්දුල වගේ මොළ හෝදපු අයට කපලා කොටලා මරණ ඒවා,7-8 දෙනක් දුෂණය කරලා මරල දාන ඒවා,කප්පන් දුන්නේ නැහැ කියල මරලා දාන ඒවා,සුදු වෑන් වලින් උස්සලා මරලා දාන ඒවා,වාහන අනතුරු කරවලා මරණ ඒවා සුළු දේවල්.බන්දුල වගේ මානසික ලෙඩ්ඩුන්ට අපි අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (නි)
පිටබෙද්දර ජයා. මෝඩ ඇත්තන්ට ඕවා කියලා දීල වැඩක් නැහැ.(නදී)
තිලක් ඩුබායිට තියෙන ලෙඩේ අපරාද සිදු වීම නිසා සැදුනු එකක් නොවන බව හොදට පැහැදිලියි.ඔයා ඔයාගේ පවුලත් අරන් ගිහින් ඩුබායි වලටම වෙලා මේ ආණ්ඩුව පෙරලුනු දවසක ඇවිත් මර බිය නැතුව ජීවත් වෙන්න. මර බිය පහු කරලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක අපි අද ජීවත් වෙනවා. එහෙම රටක අපරාදයක් කියන්නේ මාධ්‍යයට ලොකු පුවතක්.කියන්න තියෙන දේ කෙටියෙන්ම කිව්වොත් ඔයා වසලයෙක්.. (නි)
කොච්චර මිනී මැරුවත් එල්ලුම් ගස් යන්නේ නැති බව දන්නවා.(නදී)
වත්තෙම අය ගැන හොද සෝදිසියෙන් ඉන්න (දී)
ඕස්ට්‍රේලියාවේ පදිංචි ලාංකිකයන් වශයෙන් මෙවන් දේ අපටත් බලවත් කනගාටුවකි (දී)
කණගාටුයි කියන්න. රට කරවන ලොකු ලොකු අයට මේවා සාමාන්‍ය දේවල්ලු. අනේ අනිච්චන්. වහාම අපරාධ රැල්ලට පිලිතුරු දෙන්න (දී)
ඔය කව්රුත් නොවෙයි, අපේ දන්නා කියන පෙරමුණේ ප්‍රාදේශීය සභාපතිතුමා නොවේද?(නදී)
හැම තැනම මිනිස්සු මරණවා. ඇයි මෙහෙම වෙන්නේ? මේවා බලධාරීන් හොයලා බැලිය යුතුයි (දී)
නන්ද, පිළිවෙතින් පෙළ ගැසෙමු යන්න පිළිවෙලින් පෙති ගසමු යනුවෙන් නිවැරදි විය යුතුය. මීලග මරණ ඡන්ද ප්‍රතිපලය ලැබෙන තුරු බලනු ආස්ච්ර්යයේ රග සොබා.(නදී)
නන්ද, මෝඩකම පෙන්නන්න එපා. පිළිවෙතින් පෙළ ගැසුනේ නැති හින්දයි මේ විනාශය (දී)
දවසක රට කරවන උතුමාලටත් මෙවන් විපත් ඇති වුනොත් ඔන්න එදාට පටි තද කරයි. එතකම් අපිට බලා ඉන්නම වෙනවා. අපි බලා ඉමු මොකුත් නෙදැනෙන නොපෙනෙන මිනිස්සු වගේ ! (දී)
ලංකාව දැන් තිරිසන් අපායක් බවට පත්වෙලා. එකිනෙකා මරාගන්නවා. මේවට නොපෙනන ලෝකයේ සහයෝගය ලැබෙනවා , හැමදෙනා මෛත්‍රී සිත් ඇතිකර ගැනීමෙන් මේ විනාශයෙන් බේරීමට පුළුවන්. ක්‍රෝධ නොකරන්න. මීලග ප්‍රතිපලය ඔබ විය හැකිය. සැමදෙනාටම තෙරුවන් සරණයි. (දී)
මේවට තවත් හුල්ලලා වැඩක් නැහැ. හැමදාම මෙහෙම පුවත් අහන්න ලැබෙනවනේ. කරන්න තියෙන එකම දේ පුළු පුළුවන් අය රට අතෑරලා යන එක තමයි දැන් (දී)
අදහස් දාන්නේ හරියට මේ දේවල් වුනේ මේ කාලේදී විතරයි වගේ. මේ දේවල් වෙන්නේ මේ රටේ විතරයි වගේ. මෙයාලා කියන විදියට සමාජය තිබුනා නම් පොලිසි, උසාවි, හිර ගෙවල් අවශ්‍ය නැහැ.මේ කියන්න හදන්නේ හැමදේම වෙන්නේ මේ ආණ්ඩුව ආවට පස්සේ කියන එක.හැමදේටම වග කියන්න ඕනෑ ආණ්ඩුව කියන එක.ඕවා යල් පැනපු කරුණු කාරනා. ඕවට මිනිස්සු රැවටෙන්නෙ නැහැ දැන්. (දී)
ආණ්ඩුව වැරදිකරුවන් ආරක්ෂා කරනතුරු මේවා මෙහෙම තමයි.(නදී)
බන්දුල මහත්තයෝ ඔයා ආණ්ඩුවට කඩේ යන කෙනෙක් වගේ.ඔයාලට තාම වුනේ නැහැ .මේ තරම් පහත අශිලාචාර වැඩ කරන රටක් මුළු ලෝකෙම නැහැ. වැඩි පුරාම ඒවා කරන්නේ අපේ ප්‍රථම පුර වසිගේ ගෝලයන් බන්දුල මහත්තය නොදන්නවා වුනාට. (අ)
මේ දේවල් අද විතරක් නෙවි එදත් සිදුවුණා. වෙනස එදාට වැඩිය අද සන්නිවේදනය දියුණු නිසා සැනෙකින් ලොවටම දැනගන්න පුළුවන්.(නදී)
බන්දුල මෝඩයෙක් වුනාට මෝඩකම ප්‍රදර්සනය කරන්න එපා. ඔහෙලා වගේ බුරුවෝ නිසා තමයි අද අපේ රටට මේ කල දසාව උදා වෙලා තියෙන්නේ.(නදී)
කොහොමද පිළිවෙතින් පෙළ ගැසීමෙන් පසුව ලංකාවේ හැම තැනින්ම හැමවිටම ඇහෙන්නේ මිනීමැරුම් ස්ත්‍රී දුෂණ බාලාපචාර....? හරිම සන්තෝෂයි නේද? මේවලට අපිමයි වැරදිකාරයො. (දී)
කණගාටුදායක ආරංචියක්. රටේ දේපල ආරක්ෂා කරන වතු අදිකාරී වරුන්ට මෙසේ කරදර කිරීම වහාම නතර කල යුතුයි.(නදී)
ඔය වෙන කවුරුවත් නෙමෙයි හිටපු කෙනාගේ නෑදෑයෝ තමයි ඕක කරලා තියෙන්න, වත්තේ දළුටික, පෝර ටික, ගස් ථික එහෙම දැන් හොදට හොරකම් කරන්න ලේසියෙන් පුළුවන්. කෝ මේ බලකාය නිදිද දන් නැහැ. රජය මෙවැනි මිනී මරුවන්ට දඩුවම් දෙන පාටක් පෙන්නේ නැහැ. නීති ගරුක නිලදාරින්ට දෙවියන්ගේම පිහිටයි.(නදී)
නීතියක් නැති රටක ඇයි අපි ඉපදුනේ තව හොද හොද සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.(නදී)
දැන් බන්දුල කියන්නේ මේවා හැමදාම වුන දේවල් නිසා ඉදිරියටත් එහෙමම වෙන්න ඕන කියලාද?ගොන්කම පෙන්නන්න එපා.(නදී)
බන්දුල, ඔබ හරි.(නදී)
ප්‍රදීප් මහත්තයෝ, මොන ජගතටද පුළුවන් හැම මිනිස් හිතක්ම එක විදියට හදන්න. එහෙම හදන්න පුළුවන් උණු දවසට ඔබ තුමා පතන ලෝකේ බිහි වෙයි. අපිත් ආසයි එහෙම ලෝකෙකකට.එත් අපි දන්නවා එහෙම වෙන්නේ නෙති බව. අපරාද එදත් උනා අදත් උනා හෙටත් වෙයි. ලෝකේ මොන සුපිරි රාජෙක්ටවත් එම යථාර්තෙන් ගැල වෙන්න බැහැ. ගොනා කව්ද කියල ඔලුව අතගාල බලා ගන්න.(නදී)
මහා රජාණනි, දැන් වත් ඔය එල්ලුම් ගහ ගේන්න. නැත්නම් මේ රටේ නීති ගරුක නිලදාරින්ට වෙන්නේ ඔය ටික තමයි.(නදී)
මෙතන බල සේනාවට බනින අය බුදු දහමට නිගා කරන අය.ඔබලාට බැරිද තමන්ගේ නම් වලින්ම පෙනී ඉන්න? (අඩුම ගානේ තමන්ගේ ජාතිය හෝ ආගම නියෝජනය වන පරිදි.) (අ)
අද පවතින වාතාවරණය අනුව නීතියේ සාදරනකමක් පෙනෙන්න නැහැ. ඒ නිසා සමහරු නීතිය අතට ගන්නවා. ඉදිරියේදී මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න විදියක් නැහැ. ඇත්ත බොරු කරනවා ,බොරුව ඇත්ත කරනවා, විශේෂයෙන්ම දේශපාලනේ බදාගත්තු මීහරක් ටික. ශතක ප්‍රමාණය බැලුවොත් වැඩියෙන්ම මිනි මරණ රට ලංකාව.(නදී)
රෝහණ මහත්තයෝ, තිලක් ඩුබායි මහත්තයෝ, අපි කාටවත් කඩේ යන්නේවත් මැරිලා අද ඊයේ ඉපදිලාවත් නැහැ. මිනිස් ජීවිත බලු කපුටන්ගේ ගානට දාපු මහා මග බල්ලෝ බළල්ලු වගේ මරල දාපු තරගෙට මිනී මරපු කාලවල් පහු කරලා අපි අද දවසට ඇවිත් ඉන්නේ. ඔහෙලා වගේ අද ඊයේ පාත් වෙලා නෙමෙයි. මෙහෙම මරණයක් වලක්වන්න ආණ්ඩුවකට පුලුවන්ද. ඔහෙලගෙ අදහස් හොදට තේරෙනවා. ඕවා කියන්න කොන්ඩේ බැදපු චීන්නුන්ට. මේ ඩුබායි වල ඉදන් තප්පුලන මී හරකා හැරෙන්නේ මොන පොල් පැලේටද කියලා දන්නෝ දනිති.(නදී)
සුන්දර වචන වලින් ජනතාව නැලෙව්වා ඇති. වහාම එල්ලුම් ගහ ස්ථාපිත කරන්න.(නදී)
බන්දුල වගේ අයට කියන්ට තියෙන්නේ "සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝය " කියන කියමන. මිනීමැරුම් , ස්ත්‍රී දුෂණ, කුඩු ජාවාරම්, පාතාලය, දුප්පත් කම වටා ඇතිවුණු සමාජ පරිහානිය. මේවා සේරම දැක දැක ඉන්න නම් සිංගප්පුරු ගිහින් මොලේ අයින් කරන්න ඕනා. අපිත් ඉතින් කට කහනවට කියවනවා.(නදී)
බන්දුල පෙරේරා, අපරාද එදත් වුනා, අදත් වුනා, හෙටත් වෙයි. ලෝකේ මොන සුපිරි රජෙක්ටවත් එම යථාර්තෙන් ගැලවෙන්න බැහැ. අපි ඉන්න දුබි අබුඩාබි රටේ නම කිසිම මිනීමැරුමක්,හොරකමක්,ස්ත්‍රී දුෂණයක්,මුදල් ගසා කෑමක් සිද්ද වෙන්නේ නැහැ.කුඩු කාරයෝ මෙහෙ නැහැ.රටේ සැමටම පොදු නීතියක් තියෙනවා.හැමෝම නීතියට ගරු කරනවා.ඒ නිසා රෑ 12 ට වුනත් ගෑනු දරුවෙකුට බියක් සැකක් නැතුව තනියම යන්න පුළුවන්.මේ රටේ මිනිස්සු මොන තරම් වාසනාවන්තද?ගොනා කව්ද කියලා ඔලුව අතගාලා බලා ගන්න. (නි)
මිනීමැරුම් , ස්ත්‍රී දුෂණ, කුඩු ජාවාරම්, පාතාලය, දුප්පත්කම සාදාරනීය කරනවට මොනවද ලැබෙන්නේ? අද අපි කියන්නේ අද රටේ සිද්ධ වෙන විනාශය ගැනයි (නි)