IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


වත්තල නගර සභාවත් එජාපයට

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයට සහය දැක්වූ වත්තල නගර සභාවෙි නාගරික මන්ත්‍රීවරුන්  8 දෙනකු අද (2) නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූ බව පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

නැවත එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීමට එක්වූයේ වත්තල නගර සභා සභාපති මාර්ක් ගුණසේකර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් අට දෙනෙකි.

පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මුලස්ථානයට පැමිණි එම මන්ත්‍රීවරු පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහත්වරුන් සමඟ මාධ්‍ය හමුවකටද සහභාගී වූහ.

එහිදී අදහස් දක්වමින් වත්තල නගර සභා සභාපති මාර්ක් ගුණසේකර මහතා කීවෙි පසුගිය කාලයේ යම් කලකිරීම් නිසා දේශපාලනිකව අක්‍රීය වී සිටියද රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර දක්නා නායකත්වය පිළිබඳව අවබෝධ වීමෙන් පසුව නැවත පක්ෂය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කිරීමට තීරණය කළ බවයි.අවංක දේශපාලනඥයෙකු වන පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වෙනුවෙන් ඉදිරියේ දී ඕනෑම සහයෝගයක් දීමට තමා ඇතුළු  මන්ත්‍රීවරුන් සූදානම් බවද හෙතෙම පැවසීය.

 

 



අදහස් (13)

වත්තල නගර සභාවත් එජාපයට

සමිත සේනක අලුත්ගමගේ. Friday, 02 July 2021 03:32 PM

බළවත්ව තිබූ එජාපය විනාශ කර දැමූ අයම එය නැවත ගොඩනැගීමට උත්සාහ කිරීම විහිළුවට කරුණක් ...

:       668       237

NMFriday, 02 July 2021 06:26 PM

එක්සත් ජාතික පක්ෂයට හොද අරටුවක් තිබේ. පක්ෂය තවකාලික පසුබෑම්වලට ලක්වූ ප්‍රථම අවස්ථව මෙය නොවේ. සිදුවුයේ පශය ගැන නොසිතා තනතුරු බලාපොරොත්තුව විනය කඩකරමින් සිටි තනතුරු තණ්හාවකින් පෙළෙමින් සිටි පිරිස පක්ෂයෙන් ඉවත්ව යාම පමණි.

:       158       615

chandima Friday, 02 July 2021 03:42 PM

දැන් බය වෙන්න දෙයක් නැ

:       35       544

ERANTHA Friday, 02 July 2021 03:53 PM

සමගිජන බලවේය දිනෙන් දින පරිහානියට පත්වෙනවා

:       316       1330

de silva Friday, 02 July 2021 04:18 PM

දුර කාලය අවසන් වුනාම ඔවුන් පොහොට්ටුවට හෝ සමගි පෙරමුණට පැමිණේවි

:       885       77

Kule Friday, 02 July 2021 04:22 PM

ජාත්‍යන්තරයට ඔනි විදියට පක්ෂය ඉදිරියටත් කලොත් නැත්තටම නැතිවෙයි

:       516       71

බී. අමරසිංහ Friday, 02 July 2021 04:52 PM

පලාත්පාලන ආයතන විසුරුවපු ගමන් ආයෙ අනික් පැත්තෙ

:       830       54

ලලිත් එම් Friday, 02 July 2021 05:38 PM

කාගෙවත් කොන්ත්‍රාත් නැතුව රට ගොඩගනන හැදුවනම් හරි

:       1       516

siri Friday, 02 July 2021 05:52 PM

එතකොට එක්සත් ජාතික පක්ෂයට සමුපකාර සමිති වල බලය අල්ලා ගන්න ක්‍රමවේදයක් නැද්ද ? අනිත් කට්ටිය වගේ එතැනින්නේ පටන්ගන්න තිබ්බේ. බලන්නකෝ ඒගොල්ලෝ දැන් ඉන්න තැන. නඩු සේරමත් එකින් එක වල පල්ලට යනවා.

:       557       48

NM Friday, 02 July 2021 06:26 PM

පක්ෂය විනාශවීමට කණ්ඩායම් දෙකක් නිසා සිදුවිය පළමු කණඩායම බලයෙන් පක්ෂයේ තනතුරු ලබාගැනීමේ උත්සාහයක දී සිටි අතර දෙවන කණඩායම නායකත්වය සමග රැදෙමින් ඉහල තනතුරු බලාපොරොත්තුව සිටි පිරිසකි. ප්‍රසිද්දියේ නායකත්වය විවේචනය කල පිරිසට හෝ නායකත්වය සමග රැදෙමින් ඉහල තනතුරු බලාපොරොත්තුව සිටි පිරිස අතර වෙනසක් නොමැත.

:       123       2

NM Friday, 02 July 2021 06:29 PM

පක්ෂය විනාශවීමට කණ්ඩායම් දෙකක් නිසා සිදුවිය පළමු කණඩායම බලයෙන් පක්ෂයේ තනතුරු ලබාගැනීමේ උත්සාහයක දී සිටි අතර දෙවන කණඩායම නායකත්වය සමග රැදෙමින් ඉහල තනතුරු බලාපොරොත්තුව සිටි පිරිසකි. ප්‍රසිද්දියේ නායකත්වය විවේචනය කල පිරිසට හෝ නායකත්වය සමග රැදෙමින් ඉහල තනතුරු බලාපොරොත්තුව සිටි පිරිස අතර වෙනසක් නොමැත.

:       65       0

Suranjith Friday, 02 July 2021 07:51 PM

දවල් හින දැක දැක ඉනන

:       1216       107

chandima Saturday, 03 July 2021 06:45 AM

ඔය විදිහටම නේද පාර්ලිමේන්තුවේ බලේ අල්ලලා විධායක අගමැති වෙන්න උන්නෙත්..? කොහෙද මේ යක්කු ව්‍යවස්ථාව ආයෙත් කණපිට හැරෙව්වනේ..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 395 0

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1493 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1187 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 437 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1151 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 436 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1191 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 655 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site