හමුදාවට පහරදීම ගැන කොටි ත්‍රස්ත්‍රවාදීන්ට ආයුද සැපයු කුමාරන් පද්මනාදන් රජතුරුලේ ආරක්ෂාකාරීව තබාගෙන යුද ජයග්‍රහණය වෙනුවෙනුවෙන් රණවිරුවන්ට සෙත් පතා බෝධි පුජා පැවැත් වු අකිල දිනේෂ් ජයවර්ධන හමුදා වෙඩි පහරින් මරුමුවට පත් කළ ඒකාධිපති රෙජිමය පන්නා දැමිය යුතු යැයි එක්සත්ජාතික පක්ෂයේ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගලදී පැවසීය.
‘වැලිවේරිය රතුපස්වල ජනතාව බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලද්දී රජය ජනයාට වතුර වෙනුවට වෙඩි උණ්ඩ දුන්නා‘‘
ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය ජනයා කොට් ත්‍රස්ත්‍රවාදීන්ටත් වඩා අන්ත ලෙස සලකා හමුදාව යොදාගෙන එල්ල කළ අමානුෂික මැර ප්‍රහාරයට එරෙහිව සියළු දෙනාම එකට එක්වීය යුතුය. බඩු මිල වැඩි කිරිමට සහ නීතිය කැඩිමට තවදුරටත් ඉඩ නොතබන බවට රාජපක්ෂ රෙජිමයට අනතුරු ඇගවීම සදහා මේ පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්නැයිද ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාගේ කාගේත් ප්‍රජතන්තවාදේ අපි දැකලා තිබෙනවා. (නි)
ඡන්දය ඉල්ලන හැම කෙනාටම කතිරය ගහමු. (නි)
විරෝධතාවයට පිළිතුරු ලැබෙන්නේ වෙඩි උණ්ඩයෙන් නම් අනිවාර්යයෙන්ම කතිරය ප්‍රයෝජනයට ගත යුතුයි. (නි)
විරෝධතාවට සහය දැක්වුවහොත් දේශද්‍රෝහීන් කුමන්ත්‍රණකාරයෝ කියලා කියනවා. දැන් කතා කළහම කියනවා ඇයි දැන් කතා කරන්නේ කලින් මුකුත් කළේ නැහැනේ කියලා.ඕනෑ දෙයක් වෙන්න කියලා කට වහගෙන ඉන්න එක තමා හොද. (නි)
රවිනාත් සඳහන් කර තිබෙන්නේ වැලිවේරිය ජනතාවගේ සත්‍ය ඉල්ලීමයි. මෙය අපේ රටේ සියලු ජනතාවගේ අවධානයට යොමුවිය යුතුයි.බොහෝ දෙනෙක් මෙහි අභ්‍යන්තර තත්වය හරියට දන්නේ නැහැ. ඇතැමුන් මෙය දේශපාලනීකරණය කරන්න උත්සාහ කරනවා. මෙහි දේශපාලන අරමුණක් නොමැති බව රවිනාත්ගේ සටහනින් අවබෝධ කරගත හැකියි.රවිනාත් ඔබට ස්තුතියි ! (නි)
ඉක්මණින්ම එජාප රටක් හදමු. (නි)
කතා කරලා වැඩක් නැහැ මේවා ගැන (නි)
විපක්ෂයට දෙන මනාපයත් අන්තිමට අරගොල්ලන්ටම තමයි (නි)
ඔන්න රනිල්ගෙයි සජිත්ගෙයි තියෙන වෙනස. (නි)
රට බේරා ගත්තා කියලා තමයි අපිත් හිතුවේ. පාතාලය මර්ධනය කළයි කියලා තමයි අපිත් හිතුවේ.දූෂණය මැඩ පවැත්තුවයි කියලා තමයි අපිත් හිතුවේ. ඇත්තටම ඒවා කළා තමයි. එහෙත් දැන් ඒ සියල්ල වඩා කාර්යක්ෂමව කෙරෙනවා නේද? (නි)
ඔයා හිටිය නං මීට හපන් වෙන්නත් තිබුණා. මේක ඉතාම කණගාටුදායක සිද්ධියක්. මේකෙනුත් කොහොමහරි වාසියක් ගන්න තමයි සමහරු බලන්නේ. (නි)
රවීනාත් මහත්තයට ඕනෑ මේ කම්හල මොනවා හරි කරලා වහන්න. කම්හලේ වරදක් තියෙනවද නැද්ද කියන එක අදාල නැහැ. අපි දන්නා විදියට නම් පසේ පී.එච්. අගය වෙනස් වෙන්නේ පසේ සංයුතිය නිසා.පී.එච්. අගය එහාට මෙහාට වෙනවා කියන්නේ වතුර වහ වෙලා කියන එක නෙමෙයි.රතු පස් වල කියල මේ ගමට කියන්නත් මොකක් හරි හේතුවක් ඇතිනේ.පරීක්ෂණ වලින් විසදුමක් හේතුවක් ලැබේවි කියලා අපිට නම් විශ්වාසයක් තියෙනවා.ඔය ලතෝනි දෙන තමුන් පුලුවන් නම් රතුපස්වල් හෝ අඩු ගානෙ වැලිවේරිය අවට කෙනෙක්වත්ද කියලා පුලුවන් නම් ඔප්පු කරන්න. (නි)
යුද්දේ තියෙන කාලේ බෝම්බ ගහන්න සැළසුම් කරපු සමහර තැන් වලට බෝම්බ ගැහුවේ නැත්තේ සිවිල් ජනතාව රැකගන්න ඕනෑ නිසා කිව්වා. වගකිවයුත්තන් හැමවෙලේම කිව්වලු සිවිල් ජනතාවට කරදරයක් වෙන්න දෙන්න බැහැ කියලා. සිවිල් ජනතාව ආරක්ෂා කරන්න ඕනෑ කිව්වලු. එතකොට වැලිවේරියේ හිටියේ සිවිල් ජනතාව නෙමෙයිද? (නි)
විපක්ෂයේ කවුරු හරි ඔය දවස් පහේ එතනට ගියා නම් ඇතිවෙන්න මඩ ගහනවා දේශපාලන ලේබල් එක අලවලා. නොගියහම අපේ මිනිස්සු අහනවා කෝ විපක්ෂය කියලා.පස්සෙ ගියහම කියනවා අයුතු ප්‍රයෝජන ගන්න ආවා කියලා. (නි)
බලයට ආවම කවුරුත් එකයි. "කාරිය කෙරෙනතුරු කාගේත් රැවටිල්ල" (නි)
මේවට අදහස් පළ කළහම අපි දේශද්‍රෝහීන් වෙනවා. මොනවා වුණත් හමුදාව කරපු ම්ලේච්ච ප්‍රහාරය දැඩිසේ හෙළා දකින අතර වැරැද්ද නිවැරදි කරනවා වෙනුවට කරන වැඩ අපි හෙළා දකිනවා (නි)
ඔබතුමා කෑ ගහනවා විතරනේ. වැඩත් පෙන්නන්නකෝ (නි)
වතුර ඉල්ලුවාම වෙඩි? අර 1980 ජුලි වර්ජනය මතක් වුණා (නි)
බලාගෙන ඔය වගේ ගමේ කට්ටියට නොතේරෙන වචන කියන්නේ. ඒ මිනිස්සු වෙන මොකක් හරි පන්නලා දායි. (නි)
කල දුටු කල වල ඉහගන්න ගියොත් නාන්න වෙන්නේ මඩ තමයි (නි)
ජනතාවට දෙවියන්ගේ පිහිටයි. (නි)
තව ටික දවසකින් කීයය් රතුපස්වල මිනිස්සු තමන්ටම වෙඩි තියාගෙන කියලා
ලංකාවේ කර්මාන්ත ආශ්‍රිත ඇළ මාර්ග මීට කලිනුත් නොයෙක් අපද්‍රව්‍ය නිසා මාලුන් සහ පක්ෂීන් වදවීම් වලට,සහ නොයෙක් පාරිසරික ව්‍යසන වලට ගොදුරු වුණත් නිසි ක්‍රියාදාමයක් නොගැනීම ජනතාවට ඒ හැටි බලපෑමක් වුනේ නැහැ.මේ ප්‍රශ්නයත් ඒ වගේ මගහරින්න ජනතාවට බැහැ වගේම රජයක් වශයෙන් නිසි ක්‍රියාවක් නොගැනීමේ ඛේදවාචකය අහිංසක ජීවිත නිරපරාදේ නාස්ති කරපු පිළිවෙත මනුෂ්‍ය සංහතියටම නින්දාවක්. මොන රජයකින් මොන ආගමිකයන්ට මේ දේ වුනත් පිළිගන්න බැහැ. (නි)
රනිල් මහතාගේ කතාව ඇත්ත. අපි කුරුණෑගලින් පටන් ගනිමු. (නි)
ප්‍රජාතාන්ත්‍රික රටක හමුදා කැරලි මර්දනයක් කිරීමට නම් එකී ප්‍රදේශයේ පොලිසිය අවම බලය යොදා එය මැඩලීමට නොහැකි නම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් හෝ පොලිසියේ ඊට ඉහල තනතුරක් හිමි කෙනෙක් හමුදාවෙන් ඉල්ලීමක් කළ යුතුය. මෙම සිද්ධියේදී පොලිසියේ කැරලි මර්දන ක්‍රමවේදයට අනුව වතුර ප්‍රහාර,කඳුළු ගෑස්,කුළු සහ බැටන් ප්‍රහාරද ,අවසානයේ රබර් උණ්ඩ අවි බාවිතා කළ යුතුය. නමුත් එවන් කිසි දෙයක් අපි දැක්කේ නැත. හමුදා ප්‍රහාරයකට පෙර මහේස්ත්‍රාත්වරයෙකු හෝ බලතල සහිත නීතිඥයෙක් හමුදාව සමග ප්‍රහාරය එල්ල කරන විටදී සිටිය යුතුය.මේ කිසිදෙයක් එතන සිදු නොවූ බව සියල්ලෝම දනී.පක්ෂය කුමක් වුවත් සැමටම නිතිය දැනගැනීමට අයිතියක් තිබිය යුතුය. (නි)
විපක්ෂයක දැඩි අවශ්‍යතාවයක් අපේ රටට තිබෙනවා. ඔබතුමා සහ පිරිසගේ සංවිධානාත්මක ක්‍රමවේදයක් නොමැතිකම, අධ්‍යනයකින් තොරව ක්‍රියා කිරීම,පක්ෂය තුළ එකමුතුකමක් නැති වීම වැනි බොහොම සරල හේතු නිසා පවතින රජය රිසි දේ කරනවා.මට පුද්ගලිකව පැහැදිලි පක්ෂයක් නැහැ.රටේ වෙන දේවල් අපි බලා ඉන්නවා අපේ පාඩුවේ රස්සාවක් කරගෙන එදා වේල කාලා.විද්වතුන් කණ්ඩායමක් එකතුකරගෙන ඔවුන්ගේ අදහස් යෝජනා මාර්ගයෙන් පැහැදිලි බලවේගයක් ගොඩනැගීමට ක්‍රියා කරන්න. (නි)
පුංචි ටිකිරි කට ඇරෙයොත් ඔප්පු වෙනවා මොලේ නැහැ කියල..එතකොට ඔය මහත්තය අරාබි වසන්ත ගෙන්න කතා කරන කෙනෙක්නෙ ආණ්ඩු පෙරලන්න..මේ මිනී දෙක තුනක් මොනවද අරාබි වසන්තය කියන්නේ අඩුම ගානේ මිනී 60/70 දාහක් ..මේවා මේ ගණන් ගන්නවත් බැරි පොඩි සිදුවීම්නේ ඔයා පතන එව දිහා බැලුවම..
මේ ප්‍රශ්නය ගොඩින් විසදා ගන්න තිබ්බා
පාරක් තියා ඊට වැඩි දෙයක් බ්ලොක් කරත් නිරායුද මිනිසුන්ට වෙඩි තැබීම වැරදියි. ඒක සාදාරන යි කියල කියන්නේ කඩේ යන කට්ටියයි.
උද්ගෝෂණ තියෙන දවස් වල මෙයාල කට හෙලෙව්වේ නැහැ මොකද දයාසිරි ගියේ ඒ දවස් වල නිසා. කීප දෙනෙක් මලාට පස්සේ දැන් ජනතාව වෙනුවෙන් බොරුවට කෑගහනවා. විදුලි බිල වැඩි උන දවස් වල පන්දම් අරගන කෑගහපු මෙයාල දැන් ඒ ගැන කතා කරන්නේ නැහැ. ජනතාව මුලා කරලා චන්ද ගන්න තමයි නිතරම උත්සාහය මේකත් ඒ වගේම තමයි.
බොරු නොකිය ඉන්නවනම් හොදය්.ඔහේගේ "උඩින් හතුරු යටින් මිතුරු" ප්‍රතිපත්තිය නිසා තමය් රටට මේ හෙනය.මේ ආණ්ඩුව දන්නවා මේ රේස් එකට ඉන්නේ තනි අශ්වයා කියල.ඒ නිසා "පාළු ගෙය් වලන් බිදිනවා වගේ" ආණ්ඩුව පිස්සු නටනවා ජනතා මතය නියෝජනය හරියට පෙනෙන්නේ නෑ.
දැන් හොදටම ඇති.ජනතාව පාරට බසිනු! (නි)
හරිම පුදුමයි නිව්ස් වලට කිව්වේ වතුර ප්‍රශ්නය විසඳීමට රජය ගත පියවර පිළිබද රතුපස්වල ජනතාව් සතුට ප්‍රකාශ කලා කියලා. ලංකාවේ තවත් රතුපස්වලක් තියෙනවද?
වැඩ කරලා පෙන්නන්න පක්ෂයේ සියලු දෙන එකතු වෙලා පක්ෂය තුල සමගිය පළමුව ඇතිකරන්න එවිට මහජනතාව නිකම්ම ලඟට එනවා ඔය කතාවලින් නැත්නම් ලැබෙන චන්ද ටික්කත් නැති වල යනවා
ටිකිරි බන්ඩා, ඔයා ළඟදී ඉපදිච්ච කෙනෙක්ද නැත්නම් ලඟදි පියවි සිහිය ලබපු කෙනෙක්ද???
මොනවද මේ කියවන්නේ? (නි)
ගයාන්,සමස්තයක් හැටියට කවුරුත් තනිව මෙවැනි දෑ කරන්නේ නැහැ. මම ඉස්ලාම් භක්තිකයෙක් වුණත් ඕනෑ තරම් එවැනි දෑට සම්මාදම් වෙලා තියෙනවා. ඒ වගේ තමා මෙයත්. (නි)
රනිල් මහත්මයෝ, ඔබ දැන් මොනවා කිවුවත් එදා මර්වින් සිල්වා මහත්මයා හැර වෙන කිසිම දේශපාලකයෙක් ආවේ නැහැ. (නි)
වතුර ඉල්ලුවම එහෙම නම් බඩු මිල අඩු කරපියව් කිව්වොත් කොහොම වෙයිද? අනේ මන්දා මට නිකං පිස්සු වගේ අනේ (නි)
වතුර නොව මොනම හේතුවක් සදහාවත් ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම දරුණු ගනයේ නීති විරෝධී ක්‍රියාවක් බව අපේ රටේ ජනතාව දන්නේ නැහැ.රජයක් හැටියට ක්‍රියාත්මක වීමේ අයිතිය තිබෙන්නේ රජය අතේ.රජය සිතිය යුතු වන්නේ මුළුමහත් ජනයාගේ නිදහස සහ සාමයයි.මේ සිදුවීම දැන් හිතලා වැඩක් නැහැ.හිතන්න ඕනෑ මේවා වෙන්නේ කලිනුයි. මහජනතාව අතරින් මේවා අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නේ බොහොම ටික දෙනයි. අන්න ඒකයි අපේ රටට වෙච්ච අවාසනාව (නි)
කාට නොතේරුනත් අපිට තේරෙනවා. අපේ ඡන්දෙ යු එන් පි එකටමයි. (නි)
අපි සේරවම මරලා දාන්න වෙඩි තියන්න අපිට. අපි ඉල්ලුවේ වතුර රටෙන් බාගයක් නොවෙයි , මේවා තිරිසන් වැඩ
සත්තකින්ම රට අමුම අමු සොහොන් පිට්ටනියක් කළා
ඔයාල වෙඩි ඉල්ලන්ඩ ,එතකොට වතුර ලැබෙනවා, ඩිසල් මිල වැඩි කිවුහම වෙඩි දුන්න, අපේ මනාපේ ඔබලාට
මල්වානේ රබුටන් ගස්වල සවිකරලා තියන ටකයේ සබ්දය අපේ විරුද්ද පක්ෂයේ හඩට වඩා ඉහලයි .
හොඳ විපක්ෂයක් නැති එකේ ප්‍රතිපල මේවා.අපිට පිස්සුද මෙයා කියනදේවල් කරන්න.
විරුද්ධ පක්ෂ නායකතුමනි, ඔබතුමා මොකුත් ප්‍රකාශයක් නොකර සිටියොත් වඩා හොඳ වෙයි කියලයි මම හිතන්නේ (නි)
හම්බෙයි හම්බෙයි ඡන්දෙ.. හම්බෙයි
මේකේ වරදකරුවන්ට දඬුවම් දිය උතුමයි . එත් මෙතුමාගේ කල දුටු කල වල ඉහ ගැනීම උපාය පිළිකුලෙන් හෙළා දකිමු. ඔච්චර ජනතාවට ආදරේනම් කලින්ම මැදහත් මෙන්න තිබුණා.
මේකේ වරදකරුවන්ට දඬුවම් දිය උතුමයි . එත් මෙතුමාගේ කල දුටු කල වල ඉහ ගැනීම උපාය පිළිකුලෙන් හෙළා දකිමු. ඔච්චර ජනතාවට ආදරේනම් කලින්ම මැදහත් මෙන්න තිබුණා.
අපි කයි මෙයාගේ ලනු !!!
අනේ මගේ කට !
රට අමු සොහොනක් කළා
වෙඩි ඉල්ලන්න එතකොට වතුර ලැබෙයි
අකිල දිනේෂ් ජයවර්ධන කියන්නේ කතෝලික ආගමේ කෙනෙක්. එයා කොහොම බෝධි පූජා තියන්නද? නමුත් රණවිරුවෝ වෙනුවෙන් ඒ ආගමේ විදිහට දේවල් කරන්න ඇති. ඔක්කොම දේශපාලකයෝ තමුන්ගේ වාසිය තමා හිතන්නේ (නි)
කියනකොට එහෙම තමා කරනකොට කවුරුත් මෙහෙම තමා. වෙන කාට දෙන්නද? (නි)
ඔබ තුමාගේ සමහර වැඩ ගැන සැහීමකට පත් නොවුණත් අනිවාර්යයෙන්ම මේ වාරයේ අපි තීරණයක් ගත යුතුයි. නැත්නම් එයාලා හිතයි වැලිවෙරියේ සිද්ධියත් ජනතාව අනුමත කළා කියලා. විශේෂයෙන් වයඹ මධ්‍යම ජනතාව මේ ගැන හිතා බැලිය යුතුමයි. උතුරේ ජනතාව නම් මෙයාලා ගැන කියන්න දෙයක් නැහැනේ. (නි)
ඔබතුමා නායකත්වයට අදක්ෂ නමුත් අවංක මහත්මයෙක් බව ඇත්ත.නමුත් මෙම ප්‍රශ්නය එකවරම පිපිරූ හෙනයක් නොවේ. ජිවිත කිහිපයක් නැතිවෙන තුරුම නිශ්ශබ්දව සිටියේ මන්ද? ජෙනරාල් ෆොනේස්කා මෙයට මැදිහත් නොවීම සාධාරණයි. කම්හලේ ලාභය නොතකා නියම ක්‍රමයට අපවිත්‍ර දෑ පිට කිරීමට ක්‍රමයක් සහ එය පරික්ෂා කිරීමට ගම්වාසින්ගෙන්ද සමන්විත කමිටුවක් පත් කරවන්න. (නි)
ආ ..,ඔය පැන්නේ බළලා මල්ලෙන් එලිය. ඡන්දෙ ගන්නකොට කව්රුත් බඩුමිල අඩුකරන්න කතාව ,දිනුවට පස්සේ තමයි වැඩේ. මම කියන්නේ ඔය කාටවත් ඡන්දෙ නොදී ඉන්න කියලා. මොකද...? කව්රු දිනුවත් වෙන්නේ එකම දේ (නි)
කවුරු බලයට ආවත් ඔය ටිකම තමයි (නි)
බිමට වතුර ඉල්ලපු එක සාධාරණයි. වෙඩි තියපු එක අසාධාරණයි. එහෙත් ඇයි මේ අය ප්‍රධාන මාර්ගයක් ප්‍රාණ ඇපයට ගත්තේ.අනික මේ සිද්ධිය එක දවසේ වුණ දෙයක් නෙමයි. මේ අය මේ ප්‍රශ්නෙට විසඳුම් ඉල්ලනකොට ඔය දැන් කඳුළු පිහදාන්න ගිය අය නිකන්වත් ඉදිරිපත් වුනාද මුලිකත්වය ගන්න. (නි)
ගම්පහ සියනෑ කෝරලයට අයත් මේ ප්‍රදේශයටත් ලංකාවේ පිරිසිදුම භූගත ජල සම්පත හිමිව තිබිණි. කර්මාන්තශාලාව විසින් අවිධිමත්ව විස පරිසරයට බැහැර කිරීම හේතුවෙන් කර්මාන්ත ශාලාව අවට කිලෝ මීටර් කිහිපයක් දුරට එම විස පැතිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ භූගත ජලය පරිබෝජනයට නොසුදුසු ඉතා විස තත්වයකට පත්වී ඇත. පැහැදිලිව සඳහන් කළ යුත්ත නම් කර්මාන්ත ශාලාව විසින් ගම්වැසියන් විසින් එතෙක් බුක්ති විඳි සම්පතක් විනාශ කරන ලද බවය. අපි ඉල්ලා සිටියේ අපේ ඉඩමේ අපේ වියදමින් සදා ගත් ලිඳේ ජලය බාහිර කර්මාන්ත ශාලාවක ක්‍රියාවලියක් නිසා සිදුවන දුෂණය වීම වැළැක්වීමට රජයේ මැදිහත්වීමයි. රජයේ ආයතන තම රාජකාරිය අතපසු නොකොට සිදුකළා නම් කිසිවක් අවශ්‍ය වන්නේ නැත. අපේ පිරිසිදු වතුර ටික දෙලොවටම නැති ආයතනයකට විනාශ කිරීමට ඉඩදී රජය අපට අපිරිසිදු ක්ලෝරීන් විස පෙවීමට යෝජනා කරයි. අපි රජයෙන් ජලය ඉල්ලුවේ නැත.අපේ ගමට නල ජලය නොමිලේ දේවිද? කොහේ හරි ඇළකින් පොම්ප කර ක්ලෝරීන් දමා එවන ජලය අපේ ලිඳෙන් ලැබුණු ජලය හා සසඳන්නේ කොහොමද? (නි)
දෙයක් වුණහම ඒක අවස්ථාව කරගෙන වේදිකාවලට නැගො වැඩක් නැහැ. අපේ රටේ හොද ශක්තිමත් විපක්ෂයක් නැතිකම ලොකු ප්‍රශ්නයක්. ඕනෑම රටක පවතින රජයට අභියෝගයක් ඉදිරිපත් කරන්න පුළුවන් විපක්ෂයක් තිබිය යුතුයි. (නි)
මළමිනී වලින් වාසි ගන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා (නි)
මතකද අර 'වොයිස් කට් දේශපාලනය'? (නි)
වැඩේට පොදු විපක්ෂයක් කාලෝචිත නැද්ද? පාවිච්චි කරන වචනත් වැදගත්. (නි)
රට බේරගත්තා කියලා පරම්පරා ගණනකගේ අනාගතය මෙහෙම විනාශ කරන්න දෙන්න බැහැ (නි)
බලාගෙන මහත්තයෝ.. (නි)
ඔය කියන ටික රැස්වීම් වල කිය කියා ඉන්නේ නැතුව අදාළ රජයේ නායකකාරකාදීන්ව මුණගැසිලා කෙලින්ම ඒ අයටම ඕවා කියන්න පුළුවන් නම් මහත්තයෝ.. (නි)
වරදකරුවන්ට උපරිම දඩුවම් ලබාදිය යුතුයි කිව්වත් ඒක කවදාවත් වෙන්නෙත් නැහැ, ඔප්පු වෙන්නෙත් නැහැ. ස්වභාව ධර්මයෙන් කවදා හෝ දඩුවම් ලැබෙනවාමයි (නි)
මේ විරෝධතාව සතියක් තිබුනා. හොදයි, ඔබතුමා මොකද කළේ? (නි)
අනේ අපොයි! (නි)
ජනතාව වන අපිත් වගකියන්න ඕනෑ මේවට. (නි)
මේ ගැටලුව ඇති කළේ කවුද කියලා දැන් තේරෙනවාද ? (නි)
හරිහමන් විපක්ෂයක් හිටියා නම් මෙහෙම වෙනවද? (නි)
ඇත්ත වැරදිකාරයෝ හොයල නිසි දඩුවම් දෙන්න ඕනෑ. ඔය ආයතනය හින්දා වතුර අපිරිසිදු වුණේ නැහැ. රටටම පිළිලයක් වුණු කට්ටියක් අපේ ගමේ මිනිස්සු කුලප්පු කරලා පැත්තකට වෙලා ඉන්නවා. අපේ අහිංසක මල්ලිලා දෙන්නෙක් නිකන් මැරිලා ගියා.. (නි)
මිනිස්සුන්ගේ කරුමේ කියලා තමයි කියන්න තියෙන්නේ
මෙච්චර දවසක් කොහෙද හිටියේ
මේ වෙඩි තියපු අයත් තව වසර 15කින් විතර හිරේ ඉදි අර රුකන්තලට පහර දුන්න කට්ටිය වගේ
කියල හරියන්නේ නැහැ. වැඩේට බහින්න (දී)
වතුර සහ වෙඩි ............. (දී)