නවගත්තේගම කිවුල්වැව අතහැර දැමූ වගා ළිඳකට වැටීමෙන් අලි පැටවකු මියගොස් සිටි බව වනජිවි නිළධරයෝ කියති. වයස අවුරුද්දක් පමණ වන මෙම අලියා වතුර සොයා එන්නට ඇති බවත් අලි පැටවා ළිඳට වැටුණු පසු මව් ඇතින්න හා සෙසු අලි ඇතුන් පැටවා ගොඩ ගැනීමට උත්සහා ගත් බවට පා සලකුණුවලින් පෙනෙතියි වන නිළධරයෝ පවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර රටවල්වල අලි ඇතුන් නැහැ. මෙවැනි අලි අපරාධ වෙන්නට ඉඩ නොදී වැඩි අලින් එම රටවලට විකුනන්න පුලුවන්නම් එය මහගු පිනක් වගේම වනජීවී දෙපාර්තමේන්තුවට යම් ආදායමකුත් ලබාගන්න පුළුවන්. අනික් රටවලට කිරිහරක් විකුනන්න හැකිනම් ඇයි අපට අලි විකුනන්න බැරි? මෙය විහිළුවක් නොවෙඉ. තදින් සලකා බැලිය යුතු කරුණක්. (දී)
සිතු , ඔයාගේ අදහසේ හැටියට ලංකාවට සංචාරකයා එන්නේ හරියට අලි බලන්න වගේ. ලෝකයේ හැම රටකම සත්තු වත්තක් තියනවා. හැම එකකම අලි ඉන්නවා. ආත්මාර්ථකාමී වෙන්න එපා. ගෙවල් නැති අයට ජනාවාස හදල පදිංචි කරන්නේ නැතුව ඒ අය මුහුදට දාන්නද කියන්නේ. මම සරත්ගේ අදහසට එකගයි. (නි)
උපාලි - ඔක්කම් ටික කියවල බලන්න මොනවද ඔයාට හිතෙන්නේ / ටිකක් ඔයාගේ ඔලුව පාවිචි කරන්ඩ හරිද (දී)
අලි කියන්නේ හරකුන්ට සමාන කරන්න පුළුවන් සත්තු ජාතියක් නෙමෙයි. සංචාරකයෝ අපේ රටට එන්නේ මේ වගේ සත්තු බලන්න. අලි පිටරටට විකුනලද මේ ප්‍රශ්නේ විසදෙන්නේ? නැත්නම් අලින්ගේ නිජබිම් දිනෙන් දින අයිතිකරගෙන යන මිනිස්සුන්ව වෙන දිහාවකට යොමු කරලද? දවසින් දවස ජනාවාස වැඩි වෙනවා සත්තුන්ට උන්ගේ දුක කියන්න කෙනෙක් නැහැ. ඒත් ඉන්නේ මිනිස්සුම විතරයි. එතකොට එයාලා රකින එක මිනිස්සු හැටියට අපේ යුතුකමක් නෙමෙයිද? හැම පැත්තෙන්ම අසරණ වෙන්නේ සත්තු. (නි)
මේකෙ වගකීම විපක්ෂයට බාරගන්න බැරිද? මොකද තමන්ගේ පක්ෂ ලාංඡනය නේද මේ? (නි)
අපිට මෙම වල් අලි වෙනුවෙන් වෙනම බලධාරියෙක් සහ වෙනමම අමාත්‍යංශයක අවශ්‍යතාවය ඇති වී ඇති බව මට හිතෙනවා (නි)
කොටි ප්‍රශ්නෙ නම් ඉවරයි. ඒත් ඉතින් දැන් අලි ප්‍රශ්නයක්. තව ටික දවසකින් තවත් ප්‍රශ්න එන්න පුළුවන්. මේවාට ඉක්මන් විසදුම් අවශ්‍යයි නේද? (නි)
අවුරුදු දහස් ගානක් බුක්ති විඳපු කැලේ වන සතුන්ට දැන් අහිමි වෙලා. මිනිස්සු කැලේ බලහත්කාරෙන් අල්ලාගෙන, අඩු තරමින් මේ ඉතුරු වෙලා තියෙන කැලේ හරි උන්ට නිදහසේ ඉන්න හදල දෙන එක බලදාරින්ගේ වගකීමක්. අලි පැත්තකින් තියමුකෝ මහියංන්ගනේ වැද්දන්ට වෙලා තියෙන දේ පේනවනේ. අලි ගැන කුමන කතාද ?(නදී)
සරත්ගේ කතාව හරි. අලියෙක් මරුනහම මුළු රටම කම්පා වෙනවා. තමන්ගේම වර්ගයාට ගරහනවා, දෙස් දෙවොල් තියනවා. අලි මිනිස්සු මරනවා ගෙවල් දොරවල් විනාස කරනවා. ඒවාට පවුලේ අය සහ ගමේ අය විතරයි කනගාටු වෙන්නේ. අලි නැති රටවල් වලට ටික ටික තෑගි දුන්නනම් ප්‍රශ්නය ටිකක් හරි විසඳෙනවා. සතාත් ජීවත් වෙනවා. මොන යම් හෝ විසඳුමක් තිබෙනවානම් ඉදිරිපත් වෙන්න. අපේ අසරණ මිනිස්සු ගැන හිතන්න ඕන. රට රටවල් වල ඉන්න අයට සහ නගරවල ඉන්න අයට ඕනේ අලි බලල සන්තොසවෙන්න. කුඩා ගම් වල දහ දුක් විඳගෙන ජීවත්වෙන අහිංසක මිනිසුන් ගැන හිතන්න කවුරුත් නැහැ. හක්ක පටස් තියන්න ඕන කාටද කියල සාධාරණව හිතල බලන්න.(නදී)
පැටව් හම්බ වෙන්න ඉදපු ඇතින්නක් බැදපු තුවක්කුවකින් වෙඩි කාල අපාදුකක් විදලා පැටියව එලියට දාල මැරිලා හිටිය..පැටියත් මැරිලා ..හක්ක පටස් තියල එවට අහු වෙලා අප දුක් විදලා මැරුණු අලි ,අලි පැටව ගැන විස්තර හැමදාම අහනවා.මිනිස් තිරිසනුන්ගේ මේ තිරිසන් වැඩ නතර කරන්න බලදාරීන්ට බැරිද ? ජනාධිපති තුමනි, හක්ක පටස් හදන්න ගන්න අමු ද්‍රව්‍ය තහනම් කරන්න..හක්ක පටස් හදන අය ගැන තොරතුරු මුදල් තෑගි දීල හරි හොයල අවරුදු 10කටවත් හිරේ යවන්න නීති හදන්න.. ..මේ සහ ගහන අපරාදේ නවත්තන්න වනජීවී එකට පොලිසියට බැරිනම් හමුදාවට බාර දෙන්න.. දරු පවුල් වලටත් ආත්ම ගණනක් සහ ගහන හක්ක පටස් වසංගතේ නැති කරලා දන්නා.ඔබ තුමා කර ගන්න ලොකුම පිනක් එක . (දී)
බලදාරීනි, මේ අලි ප්‍රශ්නෙට විසදුමක් දෙන්න. මහජනයා කුඩා නගර ආශ්‍රිතව තට්ටු නිවාස වල පදිංචි කරන්න. නැත්නම් විශාල නගර වලට ගෙනියන්න. වන ජීවිතය ,සතුන් අපිට අගෙයි. (දී)
මිනිස්සු වගා කරන්නේ අලි ජිවත් වන ප්‍රදේශ වල (දී)
ඇයි වගා ලිඳක පැත්තක් ඕන එකෙකුට ගොඩ එන විදියට ඇලෙට හරන් බැරි ද ? හරිම ලේසි විසදුමක් නේ.(අ)
තව අතිරේක ඇමතිවරයෙක් මෙයට පත්කර, චීනෙන් හෝ වෙනත් රටකින් ණයක් ගෙන හෝ මෙයට විසදුම් හොයන්න. නැත්නම් අනාගත උපදින මිනිසුන්ගේ ශාපයට බලදාරින් ලක්වේවි. ඉක්මනින් කටයුතු කරන්න. අධිවේගී මාර්ග අපට එපා වන සතුන් බේරා දෙන්න. (නි)
මේ අනාරක්ෂිත වගා ළිං වලට ග්‍රාම සේවකලට හෝ වනජීවී නිලධාරීන්ට බැරිද ආරක්‍ෂිත වැටවල් හෝ බැමි ඉදිකරන්න නීතියක් පනවන්න? මේ මැරෙන අසරණ වන සතුන්ට කව්ද වග කියන්නේ?වගකිවයුත්තනි , මේ අසරණ සතුන් වෙනුවෙන් දෑස හැර බලනු ...! (නි)
කිසිම ප්‍රශ්නෙකෙට කිසිම විසදුමක් නැහැ. ඔහේ කාලය ගතවෙනවා විතරයි (නි)
වැඩි කල් යන්න කලින් අපිට අලි බලන්නත් වෙන රටවල් වලට යන්න වෙනවා මෙහම ගියොත් , වනජීවී ඇමති තුමනි තවමත් ප්‍රමාද නෑ මේ ප්‍රශ්නයට විසදුමක් සොයන්න, ඒ වගේම ජනතාවටත් ලොකු වගකීමක් තියෙනවා මේ අලි රැකගැනීමේදී (අ)
ඉහත අදහස් සමග එකඟයි. නමුත් ක්ෂණිකව ගතහැකි පහසු විසඳුම වන්නේ අනාරක්ෂිත ළිං ආරක්‍ෂිත කිරීමයි. ඒ සඳහා ගොවි සංවිධාන හා ගොවිජන සේවා නිලධාරීන් දැනුවත් කලයුතුයි. වගා ළිං වේවා වෙනත් ගැඹුරු කවර ලිඳක් වුවද ආරක්‍ෂිතව ඉදිකිරීම අපහසු කටයුත්තක් නොවේ. අවශ්‍යවන්නේ වහා ක්‍රියාත්මක වීමයි. (නි)
මේ අහිංසක දැවැන්තයින් ලංකාවේ ඉන්නේ වැඩිම වුනොත් තව වසර 50යි. (නි)
පව් අසරණ සත්තු හැම පැත්තෙන්ම කොටුවෙලා එහෙන් හක්කපටස් මෙහෙන් බස්වල කෝච්චි වල හැපෙනවා සමහරු වහ දෙනවා අහෝ අපේ අලි පරපුරකට යන කල වන ජීවී ඇමති තුමා වන අලි කියල නම වෙනස් කරා විතරයි සතුන්ගේ ආරක්ෂාවට මුකුත් ක්‍රියාමාර්ග නැහැ (අ)