IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


වතුර සොයා ඇවිත් එලොව යයි

නවගත්තේගම කිවුල්වැව  අතහැර දැමූ වගා ළිඳකට වැටීමෙන්  අලි පැටවකු මියගොස් සිටි බව වනජිවි නිළධරයෝ කියති. වයස අවුරුද්දක් පමණ වන මෙම අලියා වතුර සොයා එන්නට ඇති බවත්  අලි පැටවා ළිඳට වැටුණු පසු මව් ඇතින්න හා සෙසු අලි ඇතුන් පැටවා ගොඩ ගැනීමට උත්සහා ගත් බවට පා සලකුණුවලින් පෙනෙතියි වන නිළධරයෝ පවති.

 



අදහස් (0)

වතුර සොයා ඇවිත් එලොව යයි

උපාලි Saturday, 20 July 2013 09:50 AM

මේකෙ වගකීම විපක්ෂයට බාරගන්න බැරිද? මොකද තමන්ගේ පක්ෂ ලාංඡනය නේද මේ? (නි)

:       0       0

ගාමිණී Sunday, 21 July 2013 07:47 AM

සිතු , ඔයාගේ අදහසේ හැටියට ලංකාවට සංචාරකයා එන්නේ හරියට අලි බලන්න වගේ. ලෝකයේ හැම රටකම සත්තු වත්තක් තියනවා. හැම එකකම අලි ඉන්නවා. ආත්මාර්ථකාමී වෙන්න එපා. ගෙවල් නැති අයට ජනාවාස හදල පදිංචි කරන්නේ නැතුව ඒ අය මුහුදට දාන්නද කියන්නේ. මම සරත්ගේ අදහසට එකගයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 19 July 2013 10:00 PM

පැටව් හම්බ වෙන්න ඉදපු ඇතින්නක් බැදපු තුවක්කුවකින් වෙඩි කාල අපාදුකක් විදලා පැටියව එලියට දාල මැරිලා හිටිය..පැටියත් මැරිලා ..හක්ක පටස් තියල එවට අහු වෙලා අප දුක් විදලා මැරුණු අලි ,අලි පැටව ගැන විස්තර හැමදාම අහනවා.මිනිස් තිරිසනුන්ගේ මේ තිරිසන් වැඩ නතර කරන්න බලදාරීන්ට බැරිද ? ජනාධිපති තුමනි, හක්ක පටස් හදන්න ගන්න අමු ද්‍රව්‍ය තහනම් කරන්න..හක්ක පටස් හදන අය ගැන තොරතුරු මුදල් තෑගි දීල හරි හොයල අවරුදු 10කටවත් හිරේ යවන්න නීති හදන්න.. ..මේ සහ ගහන අපරාදේ නවත්තන්න වනජීවී එකට පොලිසියට බැරිනම් හමුදාවට බාර දෙන්න.. දරු පවුල් වලටත් ආත්ම ගණනක් සහ ගහන හක්ක පටස් වසංගතේ නැති කරලා දන්නා.ඔබ තුමා කර ගන්න ලොකුම පිනක් එක . (දී)

:       0       0

සිතු Saturday, 20 July 2013 11:33 AM

අලි කියන්නේ හරකුන්ට සමාන කරන්න පුළුවන් සත්තු ජාතියක් නෙමෙයි. සංචාරකයෝ අපේ රටට එන්නේ මේ වගේ සත්තු බලන්න. අලි පිටරටට විකුනලද මේ ප්‍රශ්නේ විසදෙන්නේ? නැත්නම් අලින්ගේ නිජබිම් දිනෙන් දින අයිතිකරගෙන යන මිනිස්සුන්ව වෙන දිහාවකට යොමු කරලද? දවසින් දවස ජනාවාස වැඩි වෙනවා සත්තුන්ට උන්ගේ දුක කියන්න කෙනෙක් නැහැ. ඒත් ඉන්නේ මිනිස්සුම විතරයි. එතකොට එයාලා රකින එක මිනිස්සු හැටියට අපේ යුතුකමක් නෙමෙයිද? හැම පැත්තෙන්ම අසරණ වෙන්නේ සත්තු. (නි)

:       0       0

වසන්ත Friday, 19 July 2013 05:58 PM

බලදාරීනි, මේ අලි ප්‍රශ්නෙට විසදුමක් දෙන්න. මහජනයා කුඩා නගර ආශ්‍රිතව තට්ටු නිවාස වල පදිංචි කරන්න. නැත්නම් විශාල නගර වලට ගෙනියන්න. වන ජීවිතය ,සතුන් අපිට අගෙයි. (දී)

:       0       0

වරුණ Friday, 19 July 2013 06:01 PM

පව් අසරණ සත්තු හැම පැත්තෙන්ම කොටුවෙලා එහෙන් හක්කපටස් මෙහෙන් බස්වල කෝච්චි වල හැපෙනවා සමහරු වහ දෙනවා අහෝ අපේ අලි පරපුරකට යන කල වන ජීවී ඇමති තුමා වන අලි කියල නම වෙනස් කරා විතරයි සතුන්ගේ ආරක්ෂාවට මුකුත් ක්‍රියාමාර්ග නැහැ (අ)

:       0       0

රජින්ද Friday, 19 July 2013 06:08 PM

මේ අහිංසක දැවැන්තයින් ලංකාවේ ඉන්නේ වැඩිම වුනොත් තව වසර 50යි. (නි)

:       0       0

නීල් රණා Friday, 19 July 2013 06:19 PM

ඉහත අදහස් සමග එකඟයි. නමුත් ක්ෂණිකව ගතහැකි පහසු විසඳුම වන්නේ අනාරක්ෂිත ළිං ආරක්‍ෂිත කිරීමයි. ඒ සඳහා ගොවි සංවිධාන හා ගොවිජන සේවා නිලධාරීන් දැනුවත් කලයුතුයි. වගා ළිං වේවා වෙනත් ගැඹුරු කවර ලිඳක් වුවද ආරක්‍ෂිතව ඉදිකිරීම අපහසු කටයුත්තක් නොවේ. අවශ්‍යවන්නේ වහා ක්‍රියාත්මක වීමයි. (නි)

:       0       0

මනුක Friday, 19 July 2013 06:20 PM

වැඩි කල් යන්න කලින් අපිට අලි බලන්නත් වෙන රටවල් වලට යන්න වෙනවා මෙහම ගියොත් , වනජීවී ඇමති තුමනි තවමත් ප්‍රමාද නෑ මේ ප්‍රශ්නයට විසදුමක් සොයන්න, ඒ වගේම ජනතාවටත් ලොකු වගකීමක් තියෙනවා මේ අලි රැකගැනීමේදී (අ)

:       0       0

දුමින්ද Friday, 19 July 2013 06:26 PM

කිසිම ප්‍රශ්නෙකෙට කිසිම විසදුමක් නැහැ. ඔහේ කාලය ගතවෙනවා විතරයි (නි)

:       0       0

සංජය Saturday, 20 July 2013 01:27 PM

උපාලි - ඔක්කම් ටික කියවල බලන්න මොනවද ඔයාට හිතෙන්නේ / ටිකක් ඔයාගේ ඔලුව පාවිචි කරන්ඩ හරිද (දී)

:       0       0

රූපවතී Friday, 19 July 2013 07:03 PM

මේ අනාරක්ෂිත වගා ළිං වලට ග්‍රාම සේවකලට හෝ වනජීවී නිලධාරීන්ට බැරිද ආරක්‍ෂිත වැටවල් හෝ බැමි ඉදිකරන්න නීතියක් පනවන්න? මේ මැරෙන අසරණ වන සතුන්ට කව්ද වග කියන්නේ?වගකිවයුත්තනි , මේ අසරණ සතුන් වෙනුවෙන් දෑස හැර බලනු ...! (නි)

:       0       0

වසන්ත Friday, 19 July 2013 07:12 PM

තව අතිරේක ඇමතිවරයෙක් මෙයට පත්කර, චීනෙන් හෝ වෙනත් රටකින් ණයක් ගෙන හෝ මෙයට විසදුම් හොයන්න. නැත්නම් අනාගත උපදින මිනිසුන්ගේ ශාපයට බලදාරින් ලක්වේවි. ඉක්මනින් කටයුතු කරන්න. අධිවේගී මාර්ග අපට එපා වන සතුන් බේරා දෙන්න. (නි)

:       0       0

ශ්‍රීලාල් Saturday, 20 July 2013 02:41 AM

සරත්ගේ කතාව හරි. අලියෙක් මරුනහම මුළු රටම කම්පා වෙනවා. තමන්ගේම වර්ගයාට ගරහනවා, දෙස් දෙවොල් තියනවා. අලි මිනිස්සු මරනවා ගෙවල් දොරවල් විනාස කරනවා. ඒවාට පවුලේ අය සහ ගමේ අය විතරයි කනගාටු වෙන්නේ. අලි නැති රටවල් වලට ටික ටික තෑගි දුන්නනම් ප්‍රශ්නය ටිකක් හරි විසඳෙනවා. සතාත් ජීවත් වෙනවා. මොන යම් හෝ විසඳුමක් තිබෙනවානම් ඉදිරිපත් වෙන්න. අපේ අසරණ මිනිස්සු ගැන හිතන්න ඕන. රට රටවල් වල ඉන්න අයට සහ නගරවල ඉන්න අයට ඕනේ අලි බලල සන්තොසවෙන්න. කුඩා ගම් වල දහ දුක් විඳගෙන ජීවත්වෙන අහිංසක මිනිසුන් ගැන හිතන්න කවුරුත් නැහැ. හක්ක පටස් තියන්න ඕන කාටද කියල සාධාරණව හිතල බලන්න.(නදී)

:       0       0

ලංකාපුත Friday, 19 July 2013 07:18 PM

ඇයි වගා ලිඳක පැත්තක් ඕන එකෙකුට ගොඩ එන විදියට ඇලෙට හරන් බැරි ද ? හරිම ලේසි විසදුමක් නේ.(අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 20 July 2013 05:31 AM

අවුරුදු දහස් ගානක් බුක්ති විඳපු කැලේ වන සතුන්ට දැන් අහිමි වෙලා. මිනිස්සු කැලේ බලහත්කාරෙන් අල්ලාගෙන, අඩු තරමින් මේ ඉතුරු වෙලා තියෙන කැලේ හරි උන්ට නිදහසේ ඉන්න හදල දෙන එක බලදාරින්ගේ වගකීමක්. අලි පැත්තකින් තියමුකෝ මහියංන්ගනේ වැද්දන්ට වෙලා තියෙන දේ පේනවනේ. අලි ගැන කුමන කතාද ?(නදී)

:       0       0

කරිම් Saturday, 20 July 2013 07:27 AM

කොටි ප්‍රශ්නෙ නම් ඉවරයි. ඒත් ඉතින් දැන් අලි ප්‍රශ්නයක්. තව ටික දවසකින් තවත් ප්‍රශ්න එන්න පුළුවන්. මේවාට ඉක්මන් විසදුම් අවශ්‍යයි නේද? (නි)

:       0       0

ඉෂාර Saturday, 20 July 2013 08:43 AM

අපිට මෙම වල් අලි වෙනුවෙන් වෙනම බලධාරියෙක් සහ වෙනමම අමාත්‍යංශයක අවශ්‍යතාවය ඇති වී ඇති බව මට ‍හිතෙනවා (නි)

:       0       0

අජන්ත Friday, 19 July 2013 09:08 PM

මිනිස්සු වගා කරන්නේ අලි ජිවත් වන ප්‍රදේශ වල (දී)

:       0       0

සරත් ර Friday, 19 July 2013 09:08 PM

සමහර රටවල්වල අලි ඇතුන් නැහැ. මෙවැනි අලි අපරාධ වෙන්නට ඉඩ නොදී වැඩි අලින් එම රටවලට විකුනන්න පුලුවන්නම් එය මහගු පිනක් වගේම වනජීවී දෙපාර්තමේන්තුවට යම් ආදායමකුත් ලබාගන්න පුළුවන්. අනික් රටවලට කිරිහරක් විකුනන්න හැකිනම් ඇයි අපට අලි විකුනන්න බැරි? මෙය විහිළුවක් නොවෙඉ. තදින් සලකා බැලිය යුතු කරුණක්. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2316 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1521 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2305 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 555 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3209 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site