IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


වෙද සිසුවියගේ වන්දි නඩුව කල් යයි

කොළඹ බණ්ඩාරනායක සමරුහලේ දී 2007 වසරේ ප්‍රදර්ශනයක යකඩ මඩුවක් කඩා වැටීමෙන් සදහටම අංගවිකල වූ සමිතා සමන්මලී වෛද්‍ය ශිෂ්‍යයාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් රුපියල් කෝටි පහක වන්දි ඉල්ලා පැවැරූ නඩුව සානුකම්පිතව සලකා බලන්නැයි ඇගේ නීතිඥ ජී ජී අරුල් ප්‍රකාශම් මහතා දිසා විනිසුරු ජී ඒ ඩී ගනේපොල මහතාගෙන් ඉල්ලා සිටියේය.සමන්මලී අවසන් වසරේ උගෙන ගනියි. වගඋත්තරකාර සම්මන්ත්‍රණශාලාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ජයමාන්න මහතා අසනීප වී සිටි හෙයින් නඩුව කල් තබන්නයි ඉල්ලා සිටි අවස්ථාවේදී අරුල් ප්‍රකාශම් මහතා එසේ කීය. නඩුව ලබන 27 වැනිදාට කල් තැබූ විනිසුරු එදිනට එම කරුණ සලකා බලන බව කීවේය.



අදහස් (0)

වෙද සිසුවියගේ වන්දි නඩුව කල් යයි

ප්‍රභාත් Sunday, 01 March 2015 07:38 AM

පොඩි මිනිහට තමයි සේරම . අපිට තමයි සේරම අවනඩු. (බ)

:       0       0

දිනාලි Friday, 30 March 2012 07:47 PM

කෝටි දහයක් වන්දි ලැබුනත් මදි. එයාගේ අනාගතය සම්පූර්ණයෙන්ම අදුරුකළාලු. මේ වන්දිය ගෙවිය යුත්තේ හරිනම් දැයට කිරුල කට්ටිය විසින්.

:       0       0

මිල්රෝයි. Friday, 30 March 2012 07:52 PM

ඕක ලොක්කෙක=ගේ ඔලුවට වැටුනනම් මෙලහකටත් කෝටි 100 වත් අරගෙන පොඩි මිනිහට තමයි සේරම නැත්තේ. අපිට තමයි සේරම අවනඩු.

:       0       0

සුදත් Friday, 30 March 2012 09:57 PM

මේක සිද්ධ වුනේ දැයට කිරුළ ප්‍රදර්ශණයකදි නෙමේ, එයාලගෙ වෛද්‍ය ප්‍රදර්ශණයකදි. කඩන් වැටුනෙ එයාලම හදපු මඩුවක්. ඔය කෝටි පහ රට ජාතිය වෙනුවෙන් යුද්දෙට ගිහින් ආබාධිත වුන සෙබළුන්ට දෙන්න.

:       0       0

රසික Friday, 30 March 2012 10:30 PM

අනේ දිනාලි දන්න තරම තමා දැයට කිරුල නිසා නෙමේ මේ සිද්දිය උනේ මේක සංවිධානය කළේ ඒගොල්ලෝම තමා,

:       0       0

මොහොමඩ් නිසාම් Friday, 30 March 2012 11:26 PM

කොහොම හරි, පව් අසරණ ළමයි. ඕක ඔහොම යට ගහවි. අනාගත දොස්තර කෙනෙක් අපිට නැති වුනා. මොන කෝටි පහ ද

:       0       0

ඒ.ආර්.එල්.බණ්ඩාර Saturday, 31 March 2012 07:02 AM

හරි අපි මෙහම් කියමු , ඔයාලගේ ගෙදරට කෙනෙක් ආපු වෙලාවක වහලයක් කඩාවැටිලා ඔහොම දෙයක් වෙනවා කියල, ඔයාල වන්දි ගෙවනවද 50 මිලියනයක් අරයට? අනේ තරහ ගන්න එපා කිව්වට... ඔය නඩුව මුලික සිද්දාන්ත වලින්ම පරදිනවා. කමක් නෑ, සානුකම්පිතව බලන්න

:       0       0

එන්.ලලිත Saturday, 31 March 2012 07:14 AM

මේ රටේ මහ එවුන්ට තියෙන වරප්‍රසාද පොඩි මිනිහට නැහැ. පොඩි මිනිහත් මෝඩයි. ඒකනේ දේශපාලන පක්ෂ වහළුන් වෙලා. ඒත් කැපුවත් අපි අහවල් පක්ෂයේ කියලා ඡන්දය දෙන්නේ. පෙඩි මිනිහව රවටන අයව ඡන්දෙන් ඡන්දෙට මාරැ කරන්න ඕනේ. විශේෂයේන ඔය මඩුව හදවපු හොර තක්කඩි ඉංජිනේරුවට දඩුවම් කරන්න ඕනේ. ඌත් දේශපාලුවෙකු අල්ලගෙන බේරේවි. මේ වගේ අහිංසකයෝ වෙනුවෙනුයි හාමුදුරුවරු යුක්තිය ඉල්ලා සත්‍යක්‍රියා කරන්න ඕනේ.

:       0       0

දර්ශන Saturday, 31 March 2012 12:00 PM

ඒ.ආර්.එල්.බණ්ඩාර 2012-03-31 07:02:57 - මෙතන එහෙම දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. මුදලක් අය කරලා යම් පහසුකමක් (මෙතනදී ප්‍රදර්ශන කුටි) සැපයීමේදී නොසැලිකිලිමත් ලෙස ක්‍රියාකිරීමෙන් සිදුවූ සිදුවීමක් නිසයි මේ ළමයා මේ තත්වයට පත් වුනේ. මෙතනදී සම්පුර්ණ වගකීම දැරිය යුත්තේ අදාළ පහසුකම් සැලසූ පක්ෂයයි. කරුණාකරලා නීතියේ මුලික සිද්ධාන්ත නැවත හදාරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නියාමක නිවසේ සාදයේදී මත් ජාවාරම්කරුවෙකු මිය යයි
2025 අප්‍රේල් මස 27 71 0

මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.


වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා
2025 අප්‍රේල් මස 27 75 0

ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම


මහනුවර පිරිසිදු කළ නගර සභා කම්කරුවන්ට විශේෂ දළදා දැක්මක්
2025 අප්‍රේල් මස 27 576 0

මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත


ඉණිමඟකින් වැටී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 27 143 0

තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු


ආරුඪ වූ පීසී පාරේ වාහනවලට ගහලා
2025 අප්‍රේල් මස 27 381 0

දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව


මාලිමාවේ මැයි රැලිය ගෝල්ෆේස්
2025 අප්‍රේල් මස 27 416 0

ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 900 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 394 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 554 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site