වාද්දූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් වීරසිංහ මහතාගේ වැඩ පොලිස්පති නියමයෙන් අද තහනම් කර ඇත.
පසුගිය 19 වැනිදා සහකාර පොලිස් අධිකාරී පොලිසියට එද්දී ඔහු බීමතින් සිටි බව වෛද්‍ය වාර්තාවකින් ඔප්පු වී ඇති හෙයින් මේ පියවර ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම වැඩ තහනම් කරන්න ඕනෑ (නි)
අතේ සල්ලි වලින් බොන්නේ නැතුව ඇති.තරු ගහගත්ත අය කරන වැඩද මේවා (අ)
කට ගොන්නක් බීගෙන යුනිෆෝම් ගලෝගෙන නැටුවා නෙමෙයි නේ. ඔන්න ඕකට සමාව දීල දාන්න කවුරු හරි පොඩි සන්තෝසමක් දෙන්න ඇති කෑමට ගිය වෙලාවේ. ඒ ඇස් පි මහත්තයත් ඉතින් නොබොන කෙනෙක්ද? දැන් කාලේ ගෑනු උදවියත් හීන් අඩියක් ගන්නේ කෑමට පෙර. ආයුර්වෙදෙන් අරිස්ටයක්වත් බොන්න කියල තිබුනද කවුද දන්නේ?(නදී)
අපේ පොලිස්පතිතුමාට මගේ ප්‍රණාමය...! (නි)
මේ මහත්තයා උස්ස පොලිස් නිළධාරීන් සමග හිත හොඳ නැතුව ඇති.නැත්නම් මෙහෙම දෙයක් වෙන්න බැහැ (නි)
බලාගෙන ගියාම වැඩි හරියක්ම වැරදි කරන්නේ රජයේ සේවකයෝනේ, මොනවා වුනත් අපේ ජනපතිතුමාගේ හිත හොඳයිනේ. පහුගිය දවස්වලත් සුළු වැරදිකළ හිරකාරයෝ 1500 ක් නිදහස් කළා (නි)
ඒ.එස්.පි මහත්තයාගේ නිවාඩු දිනයක් වෙන්න ඇති (නි)
මහා කක්කුට්ටන් ඇදයට යන ගමන්,පොඩි පැටවුන්ට කෙලින් යන්න කියන්නේ කොහොමද??මේ තත්වය අද රජයේ සෑම අංශයකටම පොදු ලක්ෂණයකි.අහෝ අපේ රට යන අත! (නි)
"ඒක නිසා කරුණාකර ලංකාවේ ධර්මිෂ්ට සමාජයේ මුදුන් මල්කඩ වැනි පොලිසියට අපහාස කිරීමෙන් වළකින්න" හීනෙන්ද හබැහින්ද? මට ගැටළුවක්.(අ)
වරුණ මහතාගේ අදහසට මාත් එකගයි. නිතිය ක්‍රියාත්මක වීම ගැන ආඩම්බරයි. සහකාර පොලිස් අධිකාරී තුමනි , කෙලින් වැඩ කළාට අපගේ ප්‍රණාමය (නි)
මතට හිත ගිහිල්ලා අපරාදේ හෙට අනිද්දට හම්බු වෙන්න තිබුණ ඒ . එස් . පී . තනතුර. කනගාටුයි.(නදී)
ඔය වගේ බීමත්ව ඉන්න අයගේ වැඩ තහනම් කරන්න ගියොත් මුළු පොලිස් දෙපාර්තමේන්තුවෙන් 85%ටත් වඩා වැඩ තහනම් කරන්න වෙනවා.සාමාන්‍ය රියදුරන් දැනුවත් කරනවා රිය පදවන විට ජංගම දුරකථන භාවිතා කරන්න එපා කියලා. එහෙත් පොලිස් නිලධාරීන් නිල ඇදුම ඇදගෙන ජංගම දුරකථන බාවිතා කරමින් හා බීමත්ව රිය පදවනවා.යතුරු පැදි පදවනවා. සාමාන්‍ය මිනිස්සුන්ට නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා. එහෙත් පොලිස් නිලධාරීන්ට දඩුවම් දෙන්නේ මේ වගේ කලාතුරකින් තමා. (නි)
මේ අදහස් දන ඔක්කොම අධිරාජ්‍ය වාදීන්. ලංකාව අමද්‍යප වෙලා ගොඩක් කල්. මේ වාද්දුව තියෙන්නේ ලංකාවේ නෙමෙයි, එංගලන්තේ.ඒක නිසා කරුණාකර ලංකාවේ ධර්මිෂ්ට සමාජයේ මුදුන් මල්කඩ වැනි පොලිසියට අපහාස කිරීමෙන් වළකින්න (නි)
මතට තිත රාජකාරි වෙලාවෙදී. (නි)
කොහොම වුණත් ආඩම්බරයක් වටිනා දෙයක් සමානව ක්‍රියාත්මක වීම ගැන (නි)
වාද්දුවේ විතරක් නෙමෙයි, ලංකාවේ ගොඩක් පොලිසි වල තත්වය ඕක තමා.ස්ථානාධිපතිගේ ඉදලා කොස්තාපල් දක්වා සිද්ධ වෙන දෙයක්.නීතිය ක්‍රියාත්මක කරන්නේ අරක්කු වලින් සිහිය විකල් කරගෙන. (නි)
කබුක් සිල්වා, අම්මපා ඔව්. බීමත්කම නිසා වැඩ තහනම් වුණ පොලීසියේ පළමුවෙනියා වෙන්න ඇති මෑත ඉතිහාසේ (පොඩ්ඩෝ හැර). පොලිස්පතිතුමාට මල් මිටක්. (නි)
පොලිස්පතිතුමා ශ්‍රේෂ්ඨ තීරණයක් ගත්තේ. එතකොට උතුමාණන් වහන්සේලා බීලා ඉන්නකොටත් වැඩ තහනම් කරනවද? (නි)
මෙන්න කිසි දිනක කිසි කලක අමතක නොවෙන තවත් ලංකා ඉතියාසේට අලුත එකතුවුණ ජනතාව මවිතයට පත්කල අලුත් තාලයේ වාර්තාවක් වාද්දුව පැතේන් (අ)