IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


විද්‍යා ඝාතනයට පොලිස් මෝරෙක් අල්ලයි?

යාපනයේ පුංකුඩුතිව්හි දී මීට වසර එක හමාරකට පමණ පෙර  විද්‍යා දැරිය ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින ලෙස උපදෙස් දුන් බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති උපදෙස් පතා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි කියයි.

දැරිය අපයෝජනය කර මරා දැමීයැයි කියන සැකකරුවකු මුදා හරින ලෙස මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා යාපනය පොලිසියට උපදෙස් දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් පසු හෙළි වී ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.

 2015 මැයි 13 වැනි දා විද්‍යා දැරිය ඝාතනය කර තිබිණි.

ඝාතන සැකකරුවකු ගම්වාසීන් විසින් අල්ලා ගස් බැඳ තිබුණු අතර උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු ගොස් සැකරකු පොලිසියට ගෙන ආ බවත්, පසුව ඔහුට ගම්වාසීන් පහර දුන් බවට සටහන් කර සැකකරු මුදා හරින ලෙස උසස් පොලිස් නිලධාරියා උපදෙස් දී ඇති බවත් පොලිස් ආරංචි කියයි.

ගම්වාසීන් අල්ලා දුන් සැකකරු මුදා හරිම ගැන ප්‍රදේශවාසීහු විරෝධය පළ කළ අතර අධිකරණයට ද ගල් ගැසීය. පසුව ඔහු වැල්ලවත්තේ සිටිය දී පොලිසිය විසින් යළි අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ රහස් පොලිසිය විමර්ශන ගොනුවේ උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි පවසයි.

 



අදහස් (0)

විද්‍යා ඝාතනයට පොලිස් මෝරෙක් අල්ලයි?

සුසන්ත Wednesday, 02 November 2016 05:55 PM

කොහොමත් දැන් ඔය උතුර පැත්තේ මොන දෙයක් වුණත් අන්තිමට දැන් වැරැද්ද හමුදාවේ නැත්නම් පොලිසියේ! (නි)

:       0       0

සුනිල් Wednesday, 02 November 2016 06:19 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සිසිල් Wednesday, 02 November 2016 11:04 PM

උපරිම දඬුවම් දියයුතුයි (නි)

:       0       0

අනුර Thursday, 03 November 2016 01:52 AM

මේවට දැඩි පියවර ගැනීමට නොහැකිද? (නි)

:       0       0

සරත් Thursday, 03 November 2016 02:14 AM

ඕකටත් ගෝඨාභය අල්ලාගනීද දන්නේ නැහැ. (නි)

:       0       0

තිලක් Thursday, 03 November 2016 02:23 AM

නිල බලය යොදා අවනීතිය ක්‍රියාත්මක කරනවා නම් උතුරේ, දකුණේ, හමුදාවේ, පොලිසියේ කියලා වෙනසක් නැතුව දඬුවම් දිය යුතුවේ. පොලිස් උත්තමයාගේ නමත් ප්‍රසිද්ධ කළොත් හොඳයි. (නි)

:       0       0

සුමුදු Thursday, 03 November 2016 02:55 AM

මේ දැරිය දෙමළ නේද? එහෙනම් ඉතින් කමක් නැහැ. පොලිසිය හරි හමුදාව හරි එහෙම අල්ලනවා නෙමෙයි. ඒ අය තමයි උතුර බේරාගත්තේ. ඒ අයට ඕනෑ දෙයක් කරන්න අයිතිය තියෙනවා

:       0       0

ජනහිත Thursday, 03 November 2016 03:14 AM

ජනතා ආරක්ෂාව පොලිසියෙන් බලාපොරොත්තු වෙලා වැඩක් නැද්ද? (නි)

:       0       0

ශාන් Thursday, 03 November 2016 03:23 AM

වැරැද්ද කවුරු කළත් දඩුවම් ලැබෙන්න ඕනෑ, පොලිසියේ හමුදාවේ කියලා එකක් නැහැ (නි)

:       0       0

විපුල Thursday, 03 November 2016 07:29 AM

මේක සත්‍යයක් නම බොහොම නින්දිත වැඩක්. මේ දේ තමන්ට වුණා නම් වගේ හිතන්න ඕනෑ. (නි)

:       0       0

ධම්ම Thursday, 03 November 2016 03:40 AM

අපට අවනත නොවන සියල්ලන් මොනවා හරි දේකට පටලන්න මේවා හොඳ අවස්ථා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 989 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2031 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1068 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1585 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site