අනුරාධපුර රෝහලේ දොස්තර චමිල් හේරත්ට ගිය සිකුරාදා අනුරාධපුර දහයියාගමදී පහරදුන් සංධාන දේශපාලන මැරයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බවත්, නිසි පරිදි පරීක්ෂණ පැවැත්වේදැයි සතියක් බලන බවත්, රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ උප ලේකම් දොස්තර නලීන් ආරියරත්න අනුරාධපුර රෝහලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. රෝහලට, එහි වෛද්‍යවරුනට හා නිල නිවාස නොමැති වෛද්‍යවරුන්ට ආරක්ෂාවක් නැතැයිද ඔහු කියා සිටියේය. ‘පොලීස් පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකියි. වෛද්‍යවරුන් අනාරක්ෂිතයි.‘ යනුවෙන්ද පැවසු උප ලේකම්වරයා පහරකෑමට ලක්වූ දොස්තර හේරත් තවමත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ තත්ත්වය ගැන ප්‍රකාශයක් කළ හැක්කේ අද සවස පමණ වන විටත් ඔහු කීවේය. මේ සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙක් රිමාන්ඩ්බාරයට පමුණුවනු ලැබ සිටිති. තමාගේ ඡන්ද ව්‍යාපාරයට මුද්‍රණය කළ ටී ෂර්ට් ඇඳගත් පිරිසක් තමා අපකීර්තියට පත්කිරීමේ ඡේතනාවෙන් කර ඇති බව පෙනෙන මේ පහරදීම හෙළා දකින බව උතුරුමැද හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මාධ්‍යයට කියා සිටියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අනේ. (නි)
දොස්තරට වැරුදුණොත් නීතියවත් තියෙනවා. දොස්තරලා නීති රාමුවකට යටත් වෙලා ඉන්නේ. ඒත් දේශපාලකයන් සමහරක් නීතියට යටත් වෙන්නේ නැහැ. තමන්ට අවශ්‍ය දේ කොහොම හරි කරනවා. මෙතනදී කවුරුත් මේ සිද්ධිය දැනගත්තේ දොස්තරට මෙහෙම දෙයක් වුණ නිසයි. ඒත් ඔයාලා දන්නවාද මේ පළාතේ සමහර මිනිසුන්ට සිදුවන ආසාධාරණ. මගේ දැනීම හැටියට ඡන්දය නිසා මේ පළාතේ වැඩි වූවත්, මේක ලංකාවේම තැනින් තැන සිදුවෙන දෙයක්. හිතන්න, හිතාමතා දෙශපාලකයෙක් කරන වැරැද්දකුයි දොස්තරට වෙන අතපසුවීමකුයි අතරේ සමානකමක් තියෙනවාද කියා. (නි)
"වෛද්‍යවරුනට හා නිල නිවාස නොමැති වෛද්‍යවරුන්ට ආරක්ෂාවක් නැතැයිද ඔහු කියා සිටියේය" ඇයි මේගොල්ලො පොඩි ළමයිවත්ද අනුන්ගෙන් විශේෂ ආරක්සාව බලාපොරොත්තු වෙන්න? හැමෝගෙම ජීවිත එකයි..(ස)
මේ හැම ප්‍රශ්නයකටම විසඳුම තමයි '' නීතිය '' (ස)
අනේ ඇත්තටම මේ ලංකාවට වෙලා තියෙන දෙයක්? අද හැමෝම හැම දෙයක්ම කාටද යටත් වෙලා තියෙන්නෙ කියලා දන්නවා වුණත් නොදන්නවා වගේ ඉන්නවා. කොන්දක් තියෙන අය විදිහට ජීවත් වන්නට උත්සාහයක්වත් ගන්න අනාගත යහපතටවත්? (නි)
ජයන්ත, අපි කියන්නේ නැහැ දොස්තරලගෙන් වැරදි වෙන්නේ නැහැ කියලා. ඒත් දොස්තරලා ඔවුන් තමන්ගේ රාජකාරිය හරියට කරනවද කියල නැවත වතාවක් හිතා බැලිය යුතුයි. දොස්තරට වැරදුණොත් මිනිස්සු අඩි 6ක් යට ගිහින් තමයි නතර වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනෑ. ඕනෙම කෙනෙක්ට ස්ට්‍රයික් කරන්න අයිතිය තියෙනවා. ඒත් ඔවුන් ස්ට්‍රයික් කරලා තමන්ගේ පඩි වැඩි කර ගනිද්දී, තමන්ගේ සුඛ විහරණය වැඩි කර ගනිද්දී තමන්ගේ රාජකාරිය දේවකාරිය වගේ කරන්නත් ඕනෑ. දොස්තරලා ඒ ටික තේරුම් ගත්තේ නැත්නම් වෛද්‍ය වෘත්තියේ තියෙන ගෞරවය කොන්දොස්තරගේ තරමට වැටෙන දිනය එච්චර ඈත නෙවෙයි. මොකද ගෞරවය තියෙන්නේ මිනිස්සුන්ගේ හිත් වලයි. (නි)
ඇත්තෙන්ම මේ දොස්තර මහත්වරු කරන වැඩේ මම අනුමත කරනවා. මොකද ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට කවදාවත් හඬක් තිබ්බේ නැහැ. එක හඬ හඬක් තියෙන කෙනෙක් හරි තමන්ට වෙන අසධාරණයකට විරුද්ධව සටන් කරන එකට මම කැමතියි. ධම්මික අහල තිබුණා දොස්තරලා වෙන රටවලත් මෙච්චර බලගතුද කියලා. සිවිල් බලය කෙසේ වෙතත් වෙන රටවල දොස්තර කෙනෙක් හම්බ වෙන්න යනවා කියන්නේ ලක්ෂ ගණනක් වියදම් වෙන වැඩක්. (නි)
හැම ජන්දයකදීම ගහනවා, මරනවා, ගෙවල් දොරවල්, දේපල විනාශ කරනවා. හැබැයි ඳඩුවම් ලබපු කෙනෙක් නම් නැහැ. දොස්තර මහත්තයෙක් හන්දා ඔය තරම් හරි කතා කරනවා. වෙන පොඩි කෙනෙක් නම් කවුරුවත් දන්නෙවත් නැහැ. ඔක්කෝම ජන්දෙ ඉල්ලන්නේ නම් අනික් අයට සේවය කරන්නලු. ඇත්තද? ජන්දෙ දෙන අපිට පිස්සු. (නි)
අපක්ෂපාතී වෛද්‍ය මණ්ඩලයකට දොස්තරගේ තත්ත්වය ඉදිරිපත් කර වාර්තාවක් ගන්න. (නි)
ඕක කුඩුකාරයෙක්ගේ වැඩක් වෙන්න බැරිද? (නි)
මේ එක දොස්තර කෙනෙකුටවත් එයාලා කරන රැකියාව නිසා තර්ජනයක් ඇතිවෙලා නැහැනේ (නි)
මෙයාලගේ ලොකුකම් නිසා තැලෙන්නේ අසරණ මිනිස්සු (නි)
ජයත් ඔබ හරි (අ)
අර ටීවී වල විලාප තියන පොලිසියේ ලොකු ලොකු මහත්තැන්ලා මොකද දන්නේ නැහැ මේකට කියන්නේ? (නි)
ලංකාවේ ඕන දෙයක් කරගන්න පාරට බහින්නම වෙනවා , අධ්‍යාපනයට වෙලා තියෙන දේ පේනවනේ...(ස)
මම මේ නොදන්න නිසයි අහන්නේ. ලෝකයේ අනෙක් රටවල් වලත් දොස්තරලා මේ වගේ බලගතුද? මම මේ ගහපු එක නිවැරදි කරනවා නෙමෙයි. දැන ගන්නයි අහන්නේ. (නි)
රෝහණ මහත්තයෝ, දොස්තරලාගෙනුත් සමාන්‍ය මිනිස්සුන්ට වෙනවා වාගේ වැරදි වෙනවා. එත් හිතා මතා මේ වගේ වැඩ කරන්නේ නෑ. ඔයාල දන්නෑ,ඔයාල දන්නේ දොස්තරට වුණ දේ විතරයි. එත් මේ කාල වකවානුවේ අහිංසක මිනිස්සු කී දෙනෙක් පීඩාවට පත් වුනාද. මේ සාපෙන් රට ගැලවෙන්නේ කවදා ද?(ස)
චන්දෙත් ලගයි නේද (දී)
දොස්තරලගේ ලොකුව ඉතින් ලංකාවේ විතරයි..(ස)
අනේ පව් අප්පා ... නොදරුවෙක් වගේ (දී)
එතකොට දොස්තරලගෙන් වෙන වැරදි වලට කවුද ස්ට්‍රයික් කරන්නේ...(ස)
චන්දෙ ඉවරවෙනකම් වෙන්න ඇති . (දී)
අනේ මහ ඈමතිතුමා පව්. එතුම මුකුත් දන්නෙ නෑ......... (දී)
සැකකරුවන් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරලා නම් තවත් මොන කතාද? (නි)
මහ ඇමති වගකිව යුතුයි..(ස)
හිටපු මහ ඇමතිතුමා කියන විදියට නම් ලංකාවේ බහුතරය මොනවගේද කියලා මෙතන ලියන්නත් ලැජ්ජයි (නි)