(කේ බුද්ධික කුමාරසිරි)
ඩුබාහි හි සැඟවඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන "පොඩි තිළිණ" නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ඊසි කෑෂ් ක්‍රමයට බෙදා හැරීමේ ජාලය මෙහෙයවූ බව කියන 33 හැවිරිදි කාන්තාවක් හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.
බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය සමග එක්ව සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී සැකකාර කාන්තාවගේ නිවසේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය විවිධ පුද්ගලයන්ගේ නම් වලට ලබාගත් බැංකු කාඩ්පත් පහළොවක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අසමත් වූ රුපියල් ලක්ෂ හතකට ආසන්න මුදලක් සහ ජංගම දුරකථන තුනක් අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
ලද තොරතුරු අනුව ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිල සුනඛ අසීස් යොදවා නිවස තුළ සිදුකළ සෝදිසියේ දී මෙම මත්ද්‍රව්‍ය හමු වූ බවද පොලිසිය පවසයි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර
සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච
යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන 28 වැනිදා සඳුදා මෙරටට පැමිණීමට නියමිතය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විද්‍යුත් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදූ කාන්තාවක් අත්අඩංගුවට