IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


විදුලි බිල ගෙවා සජිත් මිහින්තලය ආලෝකමත් කරයි

(බී.ජී. චතුරංග)

විදුලි බිල නොගෙවීම හේතුවෙන් විසන්ධි කර දැමුණු  මිහින්තලා පුදබිමේ විදුලි බලය, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ බෞද්ධ උපදේශන කමිටුව හරහා බිල ගෙවා දැමීමෙන් අනතුරුව අද (4) විදුලිය නැවත ලැබුණු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය  වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පැවසූහ.

"මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා දේශපාලඥයෙක් හැටියට නොව දායකයෙක් හැටියටයි අපි සලකන්නේ, මේ සියලු බර කරට අරගෙන රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් සිදු කළ ඒ පරිත්‍යාගයට එතුමාටත් ඒ සඳහා සම්බන්ධ වූ සියලු දෙනාටත්  මේ මොහොතේ අප පින් අනුමෝදනා කරනවා."

සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (4) මෙසේ පැවසීය.

"මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලි කප්පාදුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අපි දැඩි අප්‍රසාදය පළ කර සිටිනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීම රජයේ උත්තරීතර නීතිය බවට පත්ව තිබෙන මොහොතක එම උත්තරීතර නීතියටත් එහායින් කටයුතු කිරීම අපි හෙළා දකිනවා.

සමගි ජනබල වේගය සහ සමගි බෞද්ධ උපදේශන කමිටුව එක්වෙලා  එහි සාමාජිකයන් සමග  සාකච්ඡා කරලා, නායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා පුදබිම ආලෝකමත් කරන්න අපි කටයුතු කළා"



අදහස් (37)

විදුලි බිල ගෙවා සජිත් මිහින්තලය ආලෝකමත් කරයි

යෝගා Friday, 04 August 2023 06:12 PM

එතකොට ඊලග මාසේ බිල ගෙවන්නෙ කවුද? මෛත්‍රීපාල ද, ඩලස් ද?

:       0       0

චින්තක Friday, 04 August 2023 06:17 PM

කොටසක් ආලෝකයෙන් අදුරට යද්දී තවත් පිරිසක් අදුරින් ආලෝකයට යනවා

:       0       0

මහසෙන් Friday, 04 August 2023 06:47 PM

පෙරේදා පෙන්නපු නාටකේ හැටියට බිල නොගෙව්වා නම් තමා පුදුමේ. දිගටම ඔය විදියට බිල ගෙවාගන්න අපේ හාමුදුරුවනේ....

:       0       0

Bamunuarachchi Friday, 04 August 2023 06:57 PM

සජිත් බොර දියේ මාළු බානවා. සජිත් ලයිට්, බස් දුන්නාට අපි සජිත්ට රට දෙන්නේ නැහැ.

:       0       0

ඉන්දික Friday, 04 August 2023 07:02 PM

ආණ්ඩුව යන ගමන ගැන කතාකරලා වැඩක් නැහැ. රට විනාශ කරලා ඉතුරු හරියත් විනාශ වෙනකම් බලන් ඉන්න කාලකන්නි පෙරේතයින් ටිකක්. එකටම ගැලපෙන මාලිමා පිරිසක්. ඔවුන් සල්ලි එකතු කරලා ස්ථිර තැන්පතු දානවා. ජනතාවට සේවයක්‌ කරන්නේ නැහැ. දැන් රටට සේවය කරන්නේ සජබය විතරයි...

:       0       0

Kasun Friday, 04 August 2023 07:12 PM

බුදු දහමට ප්‍රමුඛත්වය දෙනවා කියන්නේ පන්සල්වල විදුලි බිල් ගෙවන එක නෙවෙයි

:       0       0

ගමේ එකාලා Friday, 04 August 2023 07:37 PM

මිහින්තලා පුදබිම යළි ආලෝකමත් කිරීමට දායකත්වය සැපයූ සියලුම දෙනාට බොහොම පින්....

:       42       438

කෝරළගේSaturday, 05 August 2023 09:49 AM

සජිත් නිහතමානීව හොරකම නැතිව ඉවසීමෙන් දිනුම් කනුව වෙත හිමින් යන කෙනෙක්.ඔබ මේ කලේ ගොඩක්ම පින් ඇති දෙයක්.ස්තූතියි.

:       0       0

C.K.Lankaputhra Friday, 04 August 2023 08:01 PM

සජිත් මහත්තයා කරපු වැඩේ අපි අගය කරනවා. ඒක ඉතින් එතුමා කළ දුටුකල වල ඉහගත්තානේ. පන්සල්වල ලයිට්බිල් නොගෙවීම අපි කිසිසේත් අනුමත කරන්නේ නෑ. මිහින්තලේ පන්සලට ලයිට් බිල් ගෙවන්න කිසිම බැරි කමක් කොහෙත්ම නෑ. හැබැයි ලංවිමට තිබුණා මොකක් හරි සාධාරණ ක්‍රමේකට වැඩේ කරන්න. එහෙම නොකර ගහෙන් ගෙඩි එන්න වගේ වැඩේ කළේ වෙන කාරණයක් නිසයි. හාමුදුරුවන් යූ ටියුබ් එකට දුන්න කතාවට ආණ්ඩුවට හිටු කියලා ඌයියා වුණා. ඒකයි හේතුව වගේම කළ වැඩේ අන්තිම කැතයි. කොහොම වුණත් රජෝ ඔය දෙගොල්ලටම අපේ කතිරය නම් නෑ. හරිය.... ඔය ගොල්ලන් ඔක්කෝම එක වල්ලේ පොල්...

:       132       18

මැක්ස් Friday, 04 August 2023 08:08 PM

සජිත් මහත්තයා රට වටේ බස් බෙදන්නෙ, බිල් ගෙවන්නෙ රාජපක්ෂවරු වගේ හොරකම් කළ සල්ලිවලින් නෙවෙයිද?

:       234       59

Roshan Friday, 04 August 2023 09:11 PM

රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි හොල්ලන්නේ නෑ... පරිස්සමට තියාගෙන ඉන්නවා. ප්‍රේමදාසලා ගත්තු සල්ලි පුතා අතපය දිග ඇරලා වියදම් කරනවා.

:       0       0

NishanSaturday, 05 August 2023 06:12 AM

ඔයාට පිස්සුද?

:       0       0

Chaminda Friday, 04 August 2023 08:24 PM

වැඩේ නම් සුපිරි. ඒ වුණාට අපි මාලිමාවට...

:       238       55

VithanaSaturday, 05 August 2023 06:11 AM

මාලිමාවට දුන්නොත් පන්සල් විතරක් නෙවෙයි රටම කලුවරේ.

:       0       0

senaSaturday, 05 August 2023 10:34 AM

මේ වගේ සිල්ලර වැඩ කරන සජිත් මහත්තයාට පුළුවන් වුණාට රටක් නැගිට්ටවන්න එතුමාට බැහැ...

:       123       65

ranjith Friday, 04 August 2023 08:48 PM

කවුරු කළත් හොඳ වැඩක්...

:       0       0

ajith Friday, 04 August 2023 09:13 PM

විදුලි බිල නොගෙවීම හේතුවෙන් විසන්ධි කර දැමුණු මිහින්තලා පුදබිමේ විදුලි බලය, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ බෞද්ධ උපදේශන කමිටුව හරහා බිල ගෙවා දැමීම සිදු උවත් එම සියලු මුදල් සජිත්ට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු මුදල් වේ. විදුලි බිල ගෙවීමෙන් පසු සමගි ජනබල වේගය සහ සමගි බෞද්ධ උපදේශන කමිටුව දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතුවේ

:       0       0

Gunawardena Friday, 04 August 2023 11:13 PM

වැඩේ නම් සුපිරි ඒ උනාට අපිත් මාලිමාවට

:       0       0

Rasika Friday, 04 August 2023 11:55 PM

මේ සල්ලි ලැබුන හැටිත් කියන්න. තාත්තගෙ බූදලයෙන්ස? නංගිගෙ සල්ලි මැෂිමෙන්ද?

:       0       0

Prase Saturday, 05 August 2023 01:00 AM

බිල ගෙවලා නැත්නම් කැපීම වරදක් නෑ .පන්සල උනත් පිරිමැසීම තියෙන්නේ ඕන .නැත්නම් දවල්ට ඒ සී දාගෙන සැප ගනී

:       0       0

Perera Saturday, 05 August 2023 03:19 AM

ශ්‍රීලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අද නිකන් කඩදාසියක් විතරයි .අද රටේ ක්‍රියාත්මක වන්නේ රනිල් රාජපක්ෂ ව්‍යවස්තානුකුල නීතිය

:       0       0

Nishan Saturday, 05 August 2023 06:17 AM

හාමුදුරුවෝ පන්සලේ ආලෝක පුජාවට කියලා රුපියල් 500 ටිකට් විකුණලා හොයපු සල්ලි කෝ?

:       0       1

කපිල Saturday, 05 August 2023 07:37 AM

සජිත් හිතං ඉන්නේ ව්‍යවස්තාවේ බුද්ධාගමට මුල්තැන දෙනවා කියන්නේ පන්සල්වල.. ලයිට්, වතුර පිනට දෙන්න ඹ්නෑ කියලා. ඒකට තමයි බැතිමතුන්ගෙන් දායකයින්ගෙන් එකතු කරපු සල්ලි තියෙන්නේ... රටට බරක් වෙන් නැතුව බිල් ටික ගෙවන්න කියන්න.

:       0       1

සීලවති Saturday, 05 August 2023 08:22 AM

මම පොලේ වෙළඳාම් කරලා එකතු කරපු සල්ලිවලින් ආලෝක පූජාවට කරපු සල්ලි වලට මොකෑ වුනේ අපේ හාන්දුරුවනේ...!

:       0       0

Jayantha Gunasena Saturday, 05 August 2023 08:44 AM

මට තියෙන එකම ගැටල්‍රව නම් පන්සලට එන වන්දනා කරැවන්ගෙන් 24*7*365 තිස්සේ එකතුවෙන මුදල් වලට කරන්නෙ කුමක්ද යන්නයි. මම සැම වසරකම මිහින්තලේ වන්දනාවෙ යන කෙනෙක්. ඒ ගියාම. නොවරදවාම මට පුලුවන් විදියට පන්සලේ ආදාර කුටියට මුදල් පරිත්යාගකරනවා. මම දැකල තියෙනවා සැදහවතුන් ආදාර කරනවා. මෙලෙස එකතුවන මුදල් හා එම මුදල් සමිබන්දයෙන් කිසිම සදහනක් නොකරන්නේ ඇයි? එම මුදල් වලට සිදුවන්නේ කිමෙක්ද? මැතකදි සදහන් වුනා කතරගම දේවාලයට ඒ ආකාරයෙන්‍ කොතරම් මුදලක් එකතුවන්නෙන්ද යන වග. මින් මනත සැදැහවතුන් අදාර කිරිමෙන් වැලකි සිටිය යුතුද?

:       0       0

abaran Saturday, 05 August 2023 09:03 AM

දැන් හරි රටේම විදුලි බිල ගෙව්වා වගේ තමා..නැවත රැවටෙමු ..

:       0       0

andare Saturday, 05 August 2023 09:03 AM

මේ පන්සලට ලැබෙන ආධාර මුදල් වලට මොකද වෙන්නේ? කබල රත්වුණු වෙලාවේ මෙයා රොටි පුච්චන්න ගිහින් . කලබල වෙන්න එපා ලබන චන්දෙදි ඔය නිකන්ම නිකන් මන්ත්‍රී විතරයි. අයේ දෙකක් නැහැ උන්නැහේ

:       0       0

Lansa Saturday, 05 August 2023 10:56 AM

මිහින්තලාවට ලැබෙන මුදල් සම්භාරයට හාමුදුරුවෝ කරන්නේ මොකක්ද?

:       93       61

Bamunuarachchi Saturday, 05 August 2023 11:07 AM

ඇයි හාමුදුරුවනේ, සජිත් ගෙවනකම් බලාගෙන හිටියේ? විදුලි බලයට කියලා පන්සලට එන බැතිමතුන්ගෙන් එකතු කළ සල්ලි පිං කැටවලට එකතුවෙන සල්ලි වලට මොකද වුනේ? ඒ සල්ලි මාටියා ගැහැව්වේ කවුද?

:       85       59

Liyanage Saturday, 05 August 2023 11:21 AM

විදුලි බිලෙනුත් ගසාකන පොහොට්ටුවේ ගොන් මෝඩ රැළ දැන් මොකද කියන්නේ...? 

:       5       66

Bamunuarachchi Monday, 07 August 2023 04:08 AM

පොහොට්ටුවේ කෙනෙක්ද? ඔයා ජෙප්පෙක්ද? නැතිනම් සජබයෙක්ද? සජිත් ඔය විදුලි බිල ගෙව්වේ අප්පාගේ සල්ලි වලින්ද? විදුලි බිලට ජනතාවගෙන් සල්ලි එකතු කළේ හාමුදුරුවෝ... මාටියා ගැහැව්වේ හාමුදුරුවෝ. මාටියා ගහනකොට ජෙප්පද, සජබයාද, පොහොට්ටුවාද? එජාපයාද කියලා නැහැ. මාටියා ගහනවා...!

:       0       0

Prabha Saturday, 05 August 2023 11:31 AM

මිහින්තලයට ආදායමක් ඇත්තේම නැද්ද?

:       77       18

arna Saturday, 05 August 2023 11:31 AM

අර පිණ්ඩපාත කරල ගත්ත සල්ලි වලට මොකද වුණේ?

:       64       30

ලක්වැසියෙක් Saturday, 05 August 2023 12:40 PM

ඔබතුමාට අපගේ ගෞරවය. ඔහොම කෙලින් ඉන්නවා නම් සාධාරණ විදියට හිතනවා නම් කතිරේ ගහන්න හිතෙනවා... නමුත් බලයට ආවාම ඕවා නෑනේ. කොහේවත් හිටපු ටිකක් ලංකරගෙන රඟන්න ගන්නවා ගෝඨාභය වගේ.. "බලය තියෙනකොට මොළේ නෑ. මොළේ තියෙනකොට බලය නෑ. "

:       3       43

Lalla Saturday, 05 August 2023 11:13 PM

පීචං ලාභ දේශපාලනය. පන්සල්වල වුණත් විදුලියට ගෙවන්න ඕනෑ. මහජනතාව මරාගෙන කන ආගම වැඩක් නෑ...

:       1       0

සසන්ක Sunday, 06 August 2023 10:06 AM

ඔබට ජාති ජාතිත් පින් ලන්කාවේ කුහකයෝ ඕකවත් අගය කරන්න කැමැති නෑ. කමෙන්ට් වලින් පේනවා. පුළුවන් තරම් කුසල් කරන්න. ඒ පිනම ඇති ඔබතුමාගේ ඉදිරි කටයුතු සාර්තක වෙන්න... බුද්ධිමත් මිනිස්සු ඔබට අශිර්වාද කරාවි...

:       0       3

DN Sunday, 06 August 2023 04:07 PM

DN ඇයි මාලිමාවේ කෝටි ගණන් තියෙන්නේ... හොල්ලන්න හිතෙන් නැද්ද මේ වගේ උතුම් පින් බිමකට අකරතැබ්බයක් වුණාමවත්. අනේ ඉතින් මේ අය බැරිවෙලාවත් බලයට ආවොත් ඉතින් සියලු ආගම් වලටත් දෙවියන්ගේ ම පිහිටයි. සජිත් ඡන්ද බලන්නැතූව ඔබ කළ උතුම් පින්කම අපි අගය කරනවා. ඉදිරි ඕනෑම මැතිවරණයකදීම ඔබට සුබ පතනවා වගේම ඔබ විපක්ෂයේ ඉඳගෙන කරන මේ සියලු හොඳවැඩ අගය කරලා අපි ඔබව ඉහලින්ම ඔසවා තබනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 12 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 29 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 585 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 660 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1385 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2624 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1419 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site