IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක්

විදුලි බලමණ්ඩලයට  අද සිට දින 14 ක කාලයක් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් හෝ වැඩවර්ජනයක නිරත වීම සහ එමගින් ජනතාවට විදුලිය අඛණ්ඩව සැපයීම කඩාකප්පල්කාරී කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය.

ශ්‍රී ලංකා විදුලි බල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර සහ එම සංගමයෙන් මහලේකම් ධම්මික විමලරත්න යන දෙදෙනාට  මෙම වාරණ නියෝගයක් නිකුත් කෙරිණි.

මෙම නියෝගය වහාම දුරකථන මාර්ගයෙන් අදාල වගඋත්තරකරුවන්ට  දැනුම් දෙන ලෙසටද  දිසා අධිකරණයේ රෙජිස්ටර් වරයාට අධිකරණ නියෝගයක් නිකුත් කළාය.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් විභාගයට ගනු ලැබූ දිසා විනිසුරුවරිය  මෙම නියෝගය නිකුත් කළාය.

මෙහි අතුරුතහනම් දැන්වීම් සහ නොතීසි වගඋත්තරකරුවන්ට යැවීමට නියෝග කළ අධිකරණය නඩුව  ලබන 22 වැනිදා යළි කැඳවීමටද  නියම කළාය.

 



අදහස් (4)

විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක්

mp Thursday, 09 June 2022 01:00 PM

විශිෂ්ඨයි.

:       2       18

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 June 2022 01:12 PM

රටේ හා රජයේ ප්‍රශ්න ඇති. ඒත්, පඩි ගන්නා ගමන් මේ වැනි රට අඳුරේ තියනා වැඩ අනුමත කරන්න බැහැ.

:       2       24

Aravinda MonarawilaThursday, 09 June 2022 03:36 PM

හොර පාරෙන් ගිහිල්ල අදානිට අපෙ හුලන් වලින් විදුලිය නිපදවලා අපිටම වැඩිමිලකට විකුනන්න ඉඩ දෙන එක එහෙමනම් අනුමත කරන්න. එතකොට විදුලි එකකයට රුපියල් හතලිහක් පනහක් ගෙවන්න පුලුවන් වෙයි.

:       3       4

Bamunuarachchi Thursday, 09 June 2022 03:33 PM

දින 14 නොව සදාකාලිකවම වාරණ නියෝග දමන්න. ඔය අතර කොන්දේසි සහිතව අලුත් අය පුහුණු කරන්න. ඒ ගොල්ලෝ කතා කරපු උජාරුව දැක්කාම එවෙලේ බෙල්ලෙන් අල්ලලා දොට්ට දමන්න හිතෙනවා.

:       2       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 6237 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1008 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 606 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1019 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 2349 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 295 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 351 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1805 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site