IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


විදුලියට බාධා කළ අයට වැඩ වරදි

(සුජිත් හේවාජුලිගේ )

සැලසුම්සහගත ව සහ නීතිවිරෝධි අයුරින් නිවාඩු හෝ වෛද්‍ය නිවාඩු මත සේවයට වාර්තා නොකර උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ බව කියන  සේවකයින්ගේ සේවය අත්හිටුවා පවතින නෛතික ප්‍රතිපාදන යටතේ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත

එමෙන්ම  දන්වා ඇත්තේ, එම සේවක පිරිස් පිළිබඳ තොරතුරු අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසටද  ඔහු දැනුම් දී ඇත.

2024 ජනවාරි මස 03, 04, 05 යන දිනවල ඇතැම් සේවක පිරිස් ගෙන යන වැඩවර්ජන හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ  මහජන සේවාවන් පවත්වාගෙන යාමට බාධා අයුරින් කවුළු වසා, මහජන සේවා සපයන කාර්යාල කටයුතු අඩපණ කරමින් කටයුතු කිරීම පිළිබඳ අමාත්‍යාංශ වෙත මහජන පැමිණිලි ලැබී ඇති බව සඳහන් වේ.



අදහස් (14)

විදුලියට බාධා කළ අයට වැඩ වරදි

රංබොඩ Saturday, 06 January 2024 02:57 PM

කෝටුව අතට නොගෙන හොර හරක් ආංබාං කරන්න බෑ. හොරාට උලා කාලා හොඳටම ඇබ්බැහි වෙලයි තියෙන්නේ . ඒ මදිවට වෘත්තිය සමිතිත් අටවගෙන ඉන්නෙ

:       0       0

Nilanthi Saturday, 06 January 2024 03:04 PM

මෙම සේවකයින්ගේ සේවය මේ තරම් අවශ්‍ය නම් ඇයි මේ වගේ අණ පනත් කිසිදු වග විභාගයකින් තොරව ගෙන එන්නේ. ඒ වගේම සේවකයින් අත්‍යවශ්‍ය සේවා කර සියළු විරෝධතා තහනම් කර ගෙන එන පනතකි් රටේ ජනතාවට සහනයක් බලා පොරොත්තුවිය නොහැක. විදුලියට බාධා කළ අයට වැඩ වරදි සිරස්තලය යටතේ මෙම පුවත ගෙන ඒමම මෙම සේවකයින්ගේ කාර්යය ගැරහීමකට හා එමගින් යම් මානසික සහනයක් විදීම බව හැගේ. අපගේ දැනුම අනුව කිසිවකු විදුලියට බාධා නොකල අතර රටේ අනාගත පරපුරේ බලශක්ති සුරක්ෂිත භාවයට සිදුවිය හැකි බාධාවට විරුද්ධ වී ඇත.

:       0       0

rasanga weerashingha Saturday, 06 January 2024 03:44 PM

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඇමතිතුමෝ උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ බව කියන සේවකයින්ගේ සේවය අත්හිටුවා පවතින නෛතික ප්‍රතිපාදන යටතේ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අනිවාර්යෙන්ම කර රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්න.ඔබතුමන් ගේ ශක්තිය රටේ දියුණුවට වගේම රට මෙහෙයවන ජනාධිපතිතුමාටත් ශක්තියක්.ඔබේ තාරුණ්‍ය රටට ශක්තියක් ම වේවායි පතමි.

:       0       0

Kazi Shajahan Saturday, 06 January 2024 03:58 PM

ඇමති වාරය සේවකයෝත් එක්ක ෆයිට් නම් කොහොමද ඒ ආයතන දියුණු වෙන්නේ

:       0       0

ජයන්ත Saturday, 06 January 2024 04:25 PM

හිටගෙනද දන්නේ නෑ කියන්නේ. මෙයාල ගෙදර යන්න තව සති 30 යි. ආයේ දිනන්නේ නැති බව දන්නවා. එතකොට ඉන්කම් නැති වෙනවා. දැන් රාජ්‍ය දේපල ඒව විකුණලා ලයිෆ් ටයිම් ඉන්කම් එකක් හදාගන්න ට්‍රයි කරන්නේ.

:       2       0

Nimantha Saturday, 06 January 2024 05:46 PM

තව සුමාන කීයද කාංචන පිස්සෝ ? කොහොමත් උඹට අදානියාට විදුලි බල මණ්ඩලය විකුනන්න ඉඩ ලැබෙන්නේ නැහැ. උඹට හොඳ ගානක් කොමිස් දෙන්නලු නේද ඒකා පොරොන්දු වුනේ.චන්දෙන් පැරදිලා ගෙදර ගිහින් තාත්තත් එක්ක * කන්න තමයි උඹට වෙන්නේ. රට පනිනු බොරු !!!

:       2       0

Bandula - Devinuvara Saturday, 06 January 2024 06:08 PM

මොලේ කොලොප්පන්වුන ඇමතියෙක් , ඔහොම යමුකෝ, හැබැයි මාතර ,දෙවිනුවර පැත්ත තමුසෙට තහනම් කලාපයක්. අනිවාර්යයෙන්ම කපනවා,කොටනවා.

:       1       0

චන්දන Saturday, 06 January 2024 06:11 PM

විදුලිබල මණ්ඩලය කියන්නේ ඔයාගේ බූදලයක් නෙමෙයි... තමුන්ට ඕනෑ විදියට පාලනය කරන්න. ඕන ඕන විදියට අසාධාරණ විදියට බිල වැඩි කළා... තමුන් හොඳින්ම ඉල්ලගෙන කන දවස වැඩි ඈතක නෙවෙයි. මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා... හරිද?

:       0       0

Lal Saturday, 06 January 2024 07:54 PM

කඩා වැටෙන ත්‍රස්තවාදී දේශපාලන පක්ෂවල අරමුණ ජනතාව අපහසුතාවට පත් කිරීම... සෘජු තීරණ වෙනුවෙන් ඇමති තුමාට අපේ සහාය...

:       0       1

PATTA hora Saturday, 06 January 2024 09:23 PM

උතුරන තෙක් දිය සැලියේ.. සැපයක් යයි කකුළුවා දිය කෙලියේ ..

:       0       1

Saliya Saturday, 06 January 2024 11:29 PM

මේ රන්ජන් මගුලක් කතාකරන්නේ නැතුව ඉන්න. ලංවිම තුළ ඉන්න කාලකන්ණි ටික තමයි අපිව කාලා කාලා මහා පාරට ඇදලා දැම්මේ. තොපිත් එකයි අර කාලකන්නි දේශපාලකයෝත් එකයි. ඔක්කෝම හැඳිගෑවිලා ඔය මගුල කාට වුණත් කමක් නැහැ... විකුණලා දාන්න ඕනෑ අනිවාර්‍යයෙන්ම... රටටත්, මිනිසුන්ටත් සුගතියක් වෙන්නට නම්... හැබැයි මේ රටේ ආයතන වලට වඩා විදේශ ආයතන ලස්සනට වැඩේ කරයි. විදේශීය සමාගම් ලෝකයේ බොහෝ රටවල ඉතාමත් සාර්ථකයි. ඒකේ දෙකක් නැහැ. මේ රටේ ඉන්න පරපෝෂිතයින් වගේ නෙමෙයි. කරන්න පුළුවන් විදේශ සමාගම් ඕනෑතරම් තියෙනවා. දුන්නාම මොකද වෙන්නේ. තාමත් ඉන්න හදන්නේ අර ගෝත්‍රිකයෝ වගේ. ඔය ගෝත්‍රික ආකල්ප තියෙන තාක්කල් ගොඩ ඒමක් නැහැ. රට දියුණු වෙන්නෙත් නැහැ. ලෝකෙත් එක්ක එකතුවෙලා ඉස්සරහට යන්න ඕනේ කාලයක් මේක. ළිං මැඩියෝ වාගේ ජීවත් වෙන්නද ඕනෑ? අපේ මිනිස්සුන්ට ඕවා ගැන වගේ වගක් නැහැ. පාලක කාලකන්නි හැත්ත හොරකම් කරගෙන රටේ සම්පත් කොල්ලකනවා. විදේශීය රටවල මාලිගා, ජෙට් යානා හොටේල් ඇතුළු මෙකී නොකී දේපල මිලට ගන්නවා. ඒවා ඔක්කෝම මේ රටේ ජාතික ධනය. පැන්ඩෝරා papers වල පවා නම් ගම ලියැවෙනවා. අපි හිඟන්නෝ වගේ ජීවත් වෙනවා. රටේ පාලකයෝ මේ තක්කඩින්ව ආරක්ෂා කරනවා...!

:       0       3

Kumara Sunday, 07 January 2024 02:27 AM

පව්...!

:       1       0

Bamunuarachchi Sunday, 07 January 2024 02:28 AM

අන්න නියමයි. JR ගෙන් පසුව වැඩක් කලාවෙනවා...!

:       1       3

අරවින්ද මොනරවිල Sunday, 07 January 2024 08:18 AM

මේ පිං ඇමැතිගේ කයිවාරු විතරයි, හොරකම ඇරෙන්න වෙන කිසිම වැඩක් හරියට කර ගන්න පුළුවන් කෙනෙක් නොවෙයි. ගල් අඟුරු වංචාවට හා ඉන්ධන ආනයනයේදී සිදුකළ චංචා වලට ඊළඟ ආණ්ඩුවෙන් හිරගෙදර යවන කල්ලියේ කෙනෙක්... තව මාස දහයක් තමයි උපරිමව තියෙන්නේ.

:       3       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 20 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 162 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 262 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 271 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 320 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 406 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39117 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25579 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1087 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site