IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


විදුලිසැර වැදී පස්හැවිරිදි පුතු සහ මව මරුට

(චන්ද්‍රසේන ගමගේ)

යාබද නිවසේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් සූරියවැව වීරිය ගම ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් හා ඇයගේ පස් හැවරදි පුත්‍රයා අද(05) සවස මියගොස් තිබූ බව සූරියවැව පොලිසිය පවසයි.

මියගිය දරුවා කුඩා දරුවන් භාවිතා කරන පාපැදියකින් ඔහු පදිංචිව සිටි නිවස ආසන්නයේ ඇති නිවසට යමින් සිටියදී අනවසර විදුලි රැහැනේ පැටලී ඇති බවත් තම පුත්‍රයා මුදවා ගැනීමට එම ස්ථානයට දිවගිය මවටද විදුලිසැර වැදී ඇති බවත් පොලිසිය කියයි.

විදුලිසැර වැදීමෙන් මව හා පුත්‍රයා එම ස්ථානයේම මියගොස් තිබුණි.මියගොස් තිබුනේ 38 හැවිරිදි මවක් හා 05 හැවිරිදි ඇයගේ පුත්‍රයා ය.

සිද්ධිය සම්බන්ධයෙන් සූරිය වැව පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

විදුලිසැර වැදී පස්හැවිරිදි පුතු සහ මව මරුට

Asela Wednesday, 05 March 2025 10:29 PM

හරිම අවාසනාවන්තයි, අවාසනාවන්ත අම්මයි දරුවයි ගැන මට දුකයි. ඒ නොසැලකිලිමත් මිනිස්සුන්ට දැඩි දඬුවම් නැහැ. අපි නොසැලකිලිමත් රජයේ සේවකයින්, පුරවැසියන් සහ දේශපාලනඥයින් දකිනවා. දහස් ගණනක් මිය යනවා, ආබාධිත වෙනවා, පාරේ තුවාල ලබනවා, ඉඩම්වල, වාහනවල, දඩයම් කිරීම, ගිනි තැබීම්, මිනීමැරුම්, මංකොල්ලකෑම්, කොන්ත්‍රාත් මිනීමැරුම්, මත්ද්‍රව්‍ය, ස්ත්‍රී දූෂක යනාදිය. මේ ආණ්ඩුවට මේක වළක්වන්න නීති ගෙන්න පුළුවන්. කිසිම ආණ්ඩුවක් පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන තැකීමක් කරන්නේ නැහැ. අපි හරිම අවදානම්.

:       0       19

ගුණරත්න Thursday, 06 March 2025 08:32 AM

ඔය අනවසර විදුලි රැහන් වැඩ නිසා ප්‍රසිද්ධ දේශපාලකයෙක් එහෙමත් මැරුණා. ඔය වයර් අදින මකබාස්ලා දන්නේ නැහැ කොයිතරම් සුළු විදුලිය ධාරාවක්ද ඕන කියල හදවත නවතින්න, ඉතින් අදින්නන් වාලේ වයර් පූට්ටු කර කර අදිනවා, අලියෙක් මරන්න වුනත් ඒ කරන්ට් එක ඇති, ඉතින් මැරිලා යනවා වයර් එකක් ගෑවුනොත් . මේවා කරලා අහුවෙන එකෙක්ට ලක්ෂ ගානක් දඩ ගහල මනුෂ්‍ය ඝාතන චෝදනා එක්ක හිරේ දැම්ම නම් ඕක නවතීවි

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 297 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 161 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 238 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 758 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 407 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 3145 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 591 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 306 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 461 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site