IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


“විදේශගතවන සිසුන් පිළිගත් වෛද්‍ය විද්‍යාලයක් තෝරා ගන්න’’

(රංජන් කස්තුරි)

වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අපේක්ෂිත ශ්‍රී ලාංකික සිසුන් විදේශ වෛද්‍ය විද්‍යාලයක් තෝරා ගැනීමේදී කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

වෛද්‍ය අධ්‍යාපනය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණ වෛද්‍ය සේවයේ නිරත වීමට අපේක්ෂා කරන්නේ නම් එම ශිෂ්‍යයා තෝරා ගත යුත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමත කර තිබෙන වෛද්‍ය විද්‍යාලයක් පමණකැයි ද ඔහු කීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිනොගන්නා වෛද්‍ය විද්‍යාලයකින් ලබාගත් වෛද්‍ය උපාධිධාරියෙකුට ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවයේ නිරතවීමට නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩවියේ පිළිගත් විදේශ වෛද්‍ය විද්‍යාලවල නාමලේඛනය පළ කර තිබෙන අතර එය වසර පහෙන් පහට යාවත් කාලීන කරන බවද එම ප්‍රකාශකයා කීය.

ඇතැම් විදේශ වෛද්‍ය විද්‍යාලවල අධිකරණ වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම ඉතා අඩු මට්ටමක පවතින්නේ එම රටේ වෛද්‍යවරයෙකුට අධිකරණ වෛද්‍ය විද්‍යාව කොටස දැන සිටීම අත්‍යාවශ්‍ය නොවන නිසා බවද එහෙත් ශ්‍රී ලංකාවේ සේවය කරන වෛද්‍යවරයෙකුට අධිකරණ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන තිබීම අත්‍යවශ්‍ය බවද ඔහු කීය.

විදේශ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාගත් පසු ව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවත්වන සුදුසුකම් පරීක්ෂා කිරීමේ විභාගයට (ඊ.ආර්.පී.එම්) පෙනී සිට සමත්වීම සමත් වීම අනිවාර්ය බවද එම ප්‍රකාශකයා කීය.

 



අදහස් (7)

“විදේශගතවන සිසුන් පිළිගත් වෛද්‍ය විද්‍යාලයක් තෝරා ගන්න’’

wasantha Thursday, 22 July 2021 02:02 AM

ශ්‍රී ලංකා වෛද්‍යය සභා ලයිස්තුවේ ඇති විශ්ව විද්‍යාල 50 ලෝකයේ ඇති පහත්ම මට්ටමේ විශ්ව විද්‍යාල වීම කනගාටුවට කරුණක්. මෙයින් පෙනෙන්නේ ලෝකයේ තියන හොඳම විශ්ව විද්‍යාල 500 න් කිසිම කෙනෙක් ලංකාවේ භාරගන්නා නැති බවයි. සිතාමතාම හොඳ අය මගහැර අසනීපයක් වූ විට සිංගප්පුරුවට යාමට ලංකාවේ ය කැමැත්ත දක්වයි

:       0       0

SL Thursday, 22 July 2021 10:20 AM

කුහක යො එකතු වෙලා සයිටම් වහල දැන් රට යන අයට උපදෙස් දෙනව. කුහක යො ඉන්ක කල් මේ රට හදන ව බොරු.

:       0       152

කිරිපුතා Thursday, 22 July 2021 11:12 AM

ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවා අපේ දරුවන්ට තම අරමුණු කරා යාහැකි මාර්ගය විවෘත විය යුතුයි

:       0       142

Bamunuarachchi Thursday, 22 July 2021 12:41 PM

වෛද්‍ය සබාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කතා කරන්නේ හරියට එයාගේ ගිණුමෙන් සල්ලි දෙනවා වගේනෙ. හලෝ මෙහෙ ලංකාවේ ඉඳන් වෛද්‍ය හෝ ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න බැහැනේ. සමහර සිසුන්ට මෙහෙ ඉඳන් අධ්‍යාපනයට වියදම් කරන්න පුළුවන් .නමුත් පිටරටක පදිංචිවෙලා අධ්‍යාපනය ලැබීමට මුදල් නැහැ. අන්න ඒ අයට සහනයක් ලෙසයි ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉල්ලන්නේ. වෛද්‍ය සභාව රටට පෙන්වන්නේ හරියට ඒගොල්ලෝ ලංකාවේ බටහිර වෛද්‍යවෘර්තිය ගොඩනැගුවා වගෙයි. මුල්කාලවල ඒ ගොල්ලොත් බටහිරින් ඉගෙන ගෙන එනකොට මෙහෙ විභාග තියලද වෘර්තියට ඇතුලත් උනේ.

:       0       0

duminda Thursday, 22 July 2021 01:14 PM

සයිටම්

:       0       0

duminda Thursday, 22 July 2021 01:16 PM

සයිටම් මජර දේශපාලන ගොදුවක් උනා , නැත්තං අද වෙද්දී පිට රට යවන සල්ලි කීයක් ඉතුරුද , ආයතනයට ජාත්‍යන්තර පිළිගැනීමකුත් ලැබිලා .

:       0       0

මුණසිංහ Thursday, 22 July 2021 03:51 PM

වැදගත් උපදෙසක්... මේවා ගැන හරියට සොයා බලන්නේ නැතිව ගිහිල්ලා උපාධිය අරගෙන මෙහේ ඇවිත් නඩු කිය කියා හිටියට වැඩක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 64 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 280 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 843 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 340 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 80 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 1178 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1325 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 699 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site