(ඩයනා උදයංගනී)
නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවන විගමනික ශ්‍රමිකයන්ට එවන ඩොලර් ප්‍රමාණය අනුව රෝද දෙකේ හෝ රෝද හතරකින් යුත් විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා පහසුකම් සැපයීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් සහ ඇමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට ඔවුන්ට පහසුකම් සැපයෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එහිදී 2023 අප්‍රේල් 30 දින දක්වා හෝ වාහනයක් ආනයනය කිරීම සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන දින දක්වා ප්‍රේෂණය කරන විදේශ විනිමය ආදායමින් සියයට 50ක් දක්වා වන සී.අයි.එෆ් වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් හෝ 2022 මැයි 1 වැනිදා සිට 2023 දෙසරම්බර් 31 දින දක්වා මෙරටට ප්‍රේෂණය කරන විදේශ විනිමය වටිනාකමින් සියයට 50ක් දක්වා වන සී.අයි.එෆ් වටිනාකමින් යුත් රෝද හතරක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට අවසර දෙන බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
විගමනික ශ්‍රමිකයන් එතෙරදී උපයන විදේශ විනිමට ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිගැන්වීමේ අරමුණින් මෙම පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය හිමිවූ බවත්, ඒ සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් ඒ සඳහා අදාළ චක්‍රලේඛ හා උපදෙස් නිකුත් කර ඇති බවත් ඇමතිවරයා කීවේය.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදෙස්ගත ශ්‍රමිකයින්ට වාහන ගෙන්වීමේ පහසුකම්
Nuwan Wednesday, 26 October 2022 11:18 AM
කිසිම බදු සහනයක් නෑ සියලුම බදු ගෙවිය යුතුයි. වාහනය ගෙන්වීම සඳහා අවසර පත්‍රයක් පමණයි...
palitha Wednesday, 26 October 2022 11:50 AM
අනේ පොල් මෝලො, තොපිල හිතන් ඉන්නෙ විදෙස් ශ්‍රමිකයො හරක් කියලද?. සම්පූර්න විද්‍යුත් වාහන ගෙන්නලා එවා චාර්ජ් කරන්න ලන්කාවෙ තැන් කීයක් මේ වෙනකොට හදල ඉවරද? අනික එවන මුදලින් 50% ක් බදු සහන අපිට, රට කාපු තොපිලට 100%ක් වාහන සහ අනිත් ඔක්කොම සහන. බලන් හිටහන් කට ඇරන් සල්ලි අපි එවන කං
pathiranaWednesday, 26 October 2022 12:33 PM
අනේද කියන්නේ? කපිල මේ කාලකණ්ණි හිතාගෙන ඉන්නේ අපි උන්ව පත්කරලා කියලා. අර ඇමැතිකාරයා ඕක කියවපු විදිහට මට එවන ඩොලරයේත් එවන්න එපාවුණා..
බද්රානිWednesday, 26 October 2022 01:21 PM
ඇත්තමයි පාලිත මහත්තයෝ, මේ බල්ලන්ට හොරකම් කරන්න මුදල් එවන වෙලාවේ, ඔය උපයන රටේම වියදම් කරලා කාලා බීලා, සැනසීමෙන් ජීවත් වෙන එක හොඳ නැද්ද? හැකිනම් පවුල් පිටින් ඒ රටවලට ගෙන්වා ගන්න. ජීවත් වෙන තාක්කල් කොහේ හෝ රටක සතුටින් ජීවත් වෙන්න. කරුමෙකට, අපි ඉපදුන රට දැන් මන්කොල්ලකාරයින්ගේ, තක්කඩි දේශපාලකයින්ගේ හා අශිෂ්ඨ පූජකයින්ගේ ග්‍රහණයට ලක්වෙලා ඉවරයි. අනික ඒ රටවල මොනතරම් කෑම බීම වර්ග තියනවාද, ඉතා අඩූ මුදලකට...? වැටුපට සාපේක්ෂව කෑම හා ගමන් වියදම් කොතරම් අඩුද? යුරෝපයේ හෝ මැදපෙරදිග ආගම, ජාතිය සලකනවාද රස්සාවක් දෙන්න...? ඒ රටවල සුදුසුකම පමණයි වැදගත් වන්නේ. කොහොම වුණත් ලංකාවේ පාලකයෝ විදේශගත ශ්‍රමිකයින්ට "රට විරුවෝ" කියලා පට්ටමක් දුන්නාට ඔවුන් දන්නවා ඒ අය "රට හරක්" කියලා. නැත්නම් ඉතින් ඒ රටේ දුක් මහන්සිවෙලා හරිහම්බ කරගත්තු සල්ලි වියදම් කරලා ලංකාවට ඡන්දෙ දාන්න ඇවිල්ලා කෙළවා ගනීවිද?
dingdongWednesday, 26 October 2022 05:43 PM
මේ උන්දෑ නිදියන්නේ බල්ලොත් එක්කද? බල්ලන්ගෙන් හා හරකුන්ගෙන් එහා ලෝකයක් නැහැ වගේ. ඇඟේ මැක්කෝ වැහි වැහැලා ඇති....!
බද්රානිThursday, 27 October 2022 02:51 AM
dingdong, ගැහැණුන්ටත් නැති, පිරිමින්ටත් නැති, එහෙම නැත නම් එලොවටත් වැඩක් නැති, මෙලොවටත් පලක් නැති, අපිරිසිදු ඔබේ ගතේ දැවටෙන "ගෝ පයියෝ " බල්ලෙකුගේ හෝ, එහෙම නැත්නම් හරකෙකුගේ වත් ඇඟේ වසා නැති එකම තමයි මටත් තියන ප්‍රශ්නේ?? Dingdong????
dingdongThursday, 27 October 2022 01:44 PM
ගැහැණුන්ටත් නැති, පිරිමින්ටත් නැති, මගේ ඇඟට ඔබේ ඇඟේ හිටපු මැක්කෝ ආපු හැටි පරසිද්ද උපමාවක්. නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක කියලා තිබෙනවානේ.
Aruna Wednesday, 26 October 2022 12:24 PM
@Palitha, බදු සහන දීලා නැහැ .අපි මුලු බදු මුදලම ගෙවන්න ඕන
කිරිපුතා Wednesday, 26 October 2022 01:33 PM
බොරු රැවටිලි තමයි. කොහොමත් හොඳ පුරවැසියන් හම්බකරන එක එවන්නේ නීත්‍යානුකූලව ඒකට පගාවක් ඕනෑ නෑ...
fairoos Wednesday, 26 October 2022 01:49 PM
සීයට සීයක් බදු සහන නැතිනම් කවුරුත් ඩොලර් එවන්නේ නැහැ...
dayananda Wednesday, 26 October 2022 02:09 PM
වාහන නොවේ, කෝච්චි, ගුවන්යානා ගෙන්වන්න දුන්නත් මේ රාජපක්ෂලා ඉන්නතුරු ලංකාවට මුදල් එවන්න එපා... රැවටෙන්න එපා.
sanjeewa Wednesday, 26 October 2022 03:49 PM
මේ කියන විදියට ඩොලර් 25000 ක වාහානයක් ලංකාවට එවන්න අවසර දෙන්නේ ලංකාවට ඩොලර් 50000 ක් එවපු පුද්ගලයෙකුට පමණයි. වාහන ගාස්තු නැව් ගාස්තු සහ ලංකාවට එවන මුදල් ගණනය කරලා බැලුවාම ඩොලර් 78000 ක් අවම වශයෙන් වියදම් වෙනවා. ජර්මනියේ ජීවත් වෙන මට සෞඛ්‍ය රක්ෂණය, පෙන්ෂන් ටැක්ස් කැපිලා අතට ලැබෙන්නේ යුරෝ 1800ක පමණ මුදලක්. ඒකෙන් නිවාස ණය සඳහා බැංකු වාරිකය 800 ක් අයින් කරන්න ඕනි. කෑමට බීමට සහ වෙනත් වියදම් 500 ක් විතර යනවා. මාසෙකට ඉතුරු වෙන්නේ 500 ක් පමණයි. මේ ක්‍රමයට ලංකාවට වාහනයක් යැවීමට මට අවුරුදු 13 ක් පමණ මුදල් ඉතුරු කරන්න වෙනවා. ජර්මනියේ ඉන්න මට මෙහෙම නම් මැදපෙරදිග ඉන්න මිනිස්සුන්ට කොහොමද? ඔය බොරු විකාර අවශ්‍ය නැහැ. අපි ලංකාවට යවන බඩු පෙට්ටිය අපිව රස්තියාදු නොකර , පගාව නොදී වරායෙන් නිදහස් කරගන්න ක්‍රමයක් හදලා දෙන්න තාම බැරි වුණා.
agampidi mendis Wednesday, 26 October 2022 03:57 PM
කරුණාකර වාහන ගෙන්වන කාල සීමාව පිළිබඳව මට විස්තරයක් එවන්න
Mayura Wednesday, 26 October 2022 04:07 PM
උන්ට සුකෝපබෝගි පෙට්ට්‍රල් වාහන්. දහඩිය හලා මුදල් එවන උන්ට බැට් රි ආරෝපිත වාහන්. කොහොමද බන්දුලගෙ ටිකිරි මොලේ. අපි එවයි තොපිට මඩිගහන්න ඩොලර්..
purawasi Wednesday, 26 October 2022 09:01 PM
විදේශ ශ්‍රමිකයන්ගෙන් රක්ෂණ ගාස්තු කියලා 17500 ක් අය කරා. කොරෝනා පැතිරිලා මැද පෙරදිග ලොක් ඩවුන් වුනාම අපේ පුරවැසියන්ට රට තුළට එන්න බැරි විදියට වහලා දැම්මා. ඊට පස්සේ නිරේධායනය කියලා ගජ මිතුරන්ට ඕන විදියට ගසා කන්න ඉඩ දීලා පොහොට්ටු ආණ්ඩුව අපිව තවත් අසරණ කළා. මේ හොරු ආණ්ඩු කරන තුරු අපි මුදල් එවන්නෙත් නැහැ අපට වාහන ඕනිත් නැහැ. මේ රක්ෂාව කරන රටේම ජීවත් වෙනවා හොරු ගෙදර ගිය දිනක අපි ලංකාවට එනවා අපේ මුදල් සමග.