මොරටුව වේල්ස් කුමර විදුහලේ විදුහල්පති ඉවත් නොකරන ලෙස ඉල්ලමින් දහසකට වැඩි පිරිසක් ගාලු පාරේ විදුහල ඉදිරිපිට අද උදේ උද්ඝෝෂණයක් ඇරඹූහ.
පැසැලට ළමයින් ඇතුලත් කරගැනීමේ අක්‍රමිකතා ඇතුළු ප්‍රශ්න රැසක් සමගින් විදුහල්පති අද වැඩ තහනමට ලක් කිරීමට නියමිතය.
(ඡායාරූප රේඛා තරංගනී සහ සිරි මහ බෙල්ලන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පහුගියදා කිසිම හිරිකිතයක් නැතුව කොට කලිසම් ඇඳගෙන පාසලට පැමිණි නාකි ආදී ශිෂ්‍යයෝ ටික කෝ. (අ)
මෙම විදුහල්පතිතුමා විද්‍යාලට ඉමහත් සේවයක් කරපු කෙනෙක්.(නදී)
මම විදුහල්පතිතුමාට චෝදනාවක් කරලා නැහැ. මම කියූ සිද්ධියට විදුහල්පතිතුමා සම්බන්ද යයි සිතන්නේ නැහැ. මන්ද, ඒ වන විටත් ඔහුට චෝදනා තිබුන නිසා. 1. මුදල් ලබාගෙන රිසිට් පතක් ලබා නොදීම නිවැරදියි කියලද ඔබ කියන්නේ? 2. පන්ති පිරිසිදු කිරීමට රු. 1000 ගන්නේ 350කගෙන් මුදල් ලබා ගන්නේ පන්ති කාමර කාපට් කරන්නද? 3. නීත්‍යානුකූල නොවන මුදල් ලබා ගැනීම් සහ කොටස් වශයෙන් මුදල් දීමට විමසීමේදී එසේ කල නොහැකි බව පැවසීම නිවැරදිද? 4. පා ගමන සඳහා කොටු කාඩ්පත් යන මැයෙන් රු. 1500ක් (ලබා දුන් රිසිට් පතක් හෝ නැත) සහ, සිසු වාසනා ලොතරැයිය යන නමින් රු. 1500ක් (රිසිට් පතක් හෝ) අනිවාර්ය ගාස්තු ලෙස උසස් පෙලට ඇතුලත් කිරීමේදී ගැනීම නිවැරදිද? 5. පාසලක ළමුන්ගේ විනය සැදීම මෙන්ම පාසලක පරිපාලනයේ ද විනයක් තිබිය යුතු නොවේද? 6. චෝදනාවක් ඇත්නම් පරීක්ෂණයක් පවත්වා විභාග කල යුතු නොවේද?(නදී)
මම මේ පාසලේ ආදී ශිෂ්‍යයෙක් . 98 උසස් පෙළ කළේ. දැන් මගේ පුතා 3 වසරේ මේ පාසලේම. මීට අවුරුදු 3කට ඉස්සර මේ පාසලට ළමයි දාගන්න අපේ මොරටුවේ ජනතාවට උනන්දුවක් තිබුණේ නැහැ. ඒත් දැන් තමන්ගේ දරුවන්ව දාන්න අම්මල තාත්තලා පොර කනවා. මොකක්ද හේතුව ? විශිෂ්ට නායකත්වය....එච්චරයි මට කියන්න ඕනෑ.බුද්ධියට ඉඩදීලා සිත බලත්වා (නි)
මෙහි ඇත්ත නැත්ත සොයා බලන්න ඕනෑ.මොකද මමත් චමිල වගේම ආදී සිසුවෙක් (නි)
මා මොරටුව වේල්ස් කුමාර විදුහලට ඇතුලත් වූයේ 1992 දී. එවකට එහි විදුහල්පති වශයෙන් කටයුතු කලේ විදුහල් ඉතිහාසයේ සිටි ශ්‍රේෂ්ඨ විදුහල්පතිවරයකු වශයෙන් සලකනු ලබන එච්.එල්.බී. ගෝමස් මහතා. ඒ මහතා විදුහලේ උන්නතිය වෙනුවෙන් අති මහත් සේවයක් කළ විදුහල්පතිවරයෙක්. පසුව ඒ මහතා ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම විදුහල්පතිවරයා වශයෙන් සම්මානයට පත්‍ර වුවා. ඉන් පසු යම් යම් බලපෑම් මත එතුමා කොළඹ වෙනත් ප්‍රසිද්ධ පාසලකට මාරු කර යැවීමට කටයුතු යෙදුනා. එහිදීත් අප පාසලේ දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් මෙවැනිම උද්ඝෝෂණ පවත්වා අපගේ විදුහල්පතිවරයා රැක ගැනීමට උත්සාහ දැරුවත් පසුව එය අසාර්ථක වුනා. අප විදුහලට සෑමවිටම මේ දෙය සිදු වී තිබෙනවා. යම් විදුහල්පතිවරයෙක් පාසල අධ්‍යාපනික මෙන්ම භෞතික වශයෙන් ද දියුණු කිරීමට උත්සාහ කරන සෑම විටම ඊට එරෙහි බලවේග ක්‍රියාත්මක වනවා. මෙයත් එවැන්නක් විය හැකියි.! (දී)
ළමයි වෙනුවෙන් ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න
චමිල, දැන් තමන්ගේ දරුවන්ව දාන්න අම්මලා තාත්තලා පොර කනවා. මොකක්ද හේතුව ? විශිෂ්ට නායකත්වය.... ගමේ පාසලේ ගුරුවරු නැහැ.පහසුකම් නැහැ.පාසල් වැසීගෙන යනවා. ඉතින් වැලේ වැල් නැතුව අසරණ වුන දෙමව්පියන් සල්ලි දීලා හෝ පහසුකම් වලින් වැඩි පාසලකට දා ගන්නවා.මොනර කොළ වැඩියෙන් විසි කරන කෙනා දිනනවා.නැති කෙනා සියලු සුදුසුකම් සපුරලා තිබුනත් විසි වෙනවා. (දී)
දෙමුපියන් සහ ආදී සිසුන් ඉතා සාර්ථක උද්ඝෝෂණයක් කරලා තරමක් සාර්ථක පිළිතුරක් ලබාගත්තා. සිසුන් සහ ගුරුවරු පාසල් කටයුතු නිසි පරිදි කර ගෙන ගියා. සමහර මාධ්‍ය බොරු ප්‍රවෘත්ති කිව්වා ළමයි පාරේ කියලා. ආපු අධ්‍යාපන මහත්වරු දුටුවා සත්‍ය. ආවේග ශීලි ටික දෙනෙක් ඉතා සුළු කාලයකට පාර අවහිර වෙන පරිදි හිටියා තමයි. මොරටුවේ අයගේ වෙනස සහ මෙවැනි උද්ඝෝෂණ කරන හැටි අපි නැවත පාසැල ට අද ගිහින් පෙන්නලා දුන්නා. සමහර මාධ්‍ය කට්ටිය පවා බලන් ගිටියා ගිනි ඇවිලෙන තුරා. වෙලස් කුමාරයෝ එහෙම නොවේ.(නදී)
ඔය පාසලේ මීට අවුරුදු 7 කට 8 කට ඉස්සෙල්ලා හිටියා කැකිරාවෙන් ආපු විදුහල්පති කෙනෙක්. එයාගේ එකම රාජකාරිය තමයි ගමේ ඉස්කෝලේ වගේ උදේ ඉදන් හවස් වෙනකම්ම තඩි වේවැලකුත් අතේ තියාගෙන මුළු පාසැල වටේම සංචාරය කිරීම. (දී)
පාසල්වලට සල්ලි නැතුව දියුණු කරන්න බැහැ. තමන් ඉගෙනගන්න පාසලේ වැඩට දුන්නට කමක් නැහැ. හැමදේම ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැහැනේ.බැරි අය විදුහල්පතිට කියලා නොගෙවා ඉන්න. අපේ මිනිස්සුත් නොමිලේම අරගෙන පුරුදුවෙලා තියෙන්නේ. හැමෝම යන්න පොරකන කොළඹ පාසල් දියුණු වෙලා තියෙන්නේ එහෙම තමා. විදුහල්පතිට එම පාසලම ලැබේවා! දෙමව්පියන් කැමති විදිහටම. (නි)
අප පාසලට සම්පතක්වූ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පාසලෙන් ඉවත් කිරීමට එරෙහිව පෙලගැසුණු ආදී සිසුන් , දෙමාපියන් සහ මොරටුව ජනතාවට ඔබ සැමට අපගේ ප්‍රණාමය ! තවත් පින්තුර බලන්න https://www.facebook.com/pwc.sch.lk (දී)
මෙතරම් දෙමවුපියන් සහ ආදී ශිෂ්‍යන් පිරිසක් එක්වී මෙතුමාව මෙලෙස ඉල්ලන්නේ මෙම විදුහල්පතිතුමා විද්‍යාලට ඉමහත් අවංක සේවයක් කරපු නිසා (දී)
මෙතුමා දරුවන්ගේ පිනටත් රටෙහි පිනටත් පහල වූ දෙවියෙකි. මෙවැනි මහතෙකු උපහාරයට ලක්විය යුතු අයෙකි (දී)
සුනෙත්, ඔය ටික මටත් හිතුනා,ටිකක් ඉවසිල්ලෙන් බලා ඉදිමු (දී)
සම්පත් වේරගොඩ මහත්මයා අපහාසයට නොව උපහාරයට ලක්විය යුතු අයෙකි (දී)
මීදෙනිය, දැන් ඉන්න මොළ හෝදපු මිනිස්සුන්ට හොද කෙනෙක් කියන්නේ අතේ පිරිත් නුල් 100 ක් විතර ගැට ගහගෙන ඉන්නවා නම් නිතරම පන්සල් පැත්තේ කරකෙනවානම්, ඔලුවේ දාතු කරඩුව තියල සෙත් පතා ගන්නවානම් තමයි. අර ගුරුවරිය දන ගස්වපු මන්ත්‍රීට සහයෝගය දීලා මහා ජන ගගක් ගැලුවෙත් රටට අවංක සේවයක් කල නිසාද?(නදී)
මෙයට වසර කිහිපයකට පෙර සිට පාසලේ කඩා වැටීම අපි ආදි ශිෂ්‍යෙයෝ ලෙසත් දෙමුපියන් ලෙසත් දැක්කා. නමුත් මෙම විදුහල්පති පැමිණි කෙටි කාලයේදී පාසැල කොපමණ දියුණුවක් ලබා තිබෙනවද කියා අපට හොදින්ම පෙනෙනවා. ඒ නිසා තමා අපි විදුල්පති ඉල්ලා පාරට ආවේ. කලින් සිටිය සමහර විදුහල්පතිවරු පාසැල හුරන් කනකොට කතා නොකරපු අය දැන් කතා කරන්නේ තමන්ට උවමනා දේ මේ විදුහල්පති මගින් කරගන්න බැරි නිසා වෙන්න ඇති. විදුහල්පති පාසැලට වැඩ නොකෙරුවා න ම් මේ තරම් පිරිසක් පාරට බහිවිද? පාසලේ හැම අංශයකම සංවර්දනයක් නොමැතිනම් ශිෂ්‍යත්වය පාස් උන දරුවෝ මේ පාසලේම තියාවිද?(නදී)
විදුහල්පතිතුමා සිටියොත් දරුවන්ගේ වාසනාවක්. තරුණ විදුහල්පතිවරයකුගේ නව අදහස් සමග සිසුන්ට හොද අනාගතයක් උදාකර දේවි. රජයෙන් මුදල් නොලැබේ නම් පාසලක් දියුණු කිරීමට මුදල් එකතු නොකර වෙන මොනව කරන්නද? මෙම පාසලේ ක්‍රීඩා ඉසව් 55 කටත් වැඩි ප්‍රමාණයක් සඳහා අති විශාල මුදලක් වැය කරයි. (නි)
ආණ්ඩුවෙන් දෙන තුට්ටු 2න් බෑ මේවගේ පාසල් නඩත්තු කරන්න. එක රජය තේරුම් ගන්න ඕනේ. (ස)
මෙම විදුහල්පතිතුමා මෙම පාසලට විශාල සේවයක් කර ඇත. නමුත් මෙතුමා පැමිණිදා සිට සමහර පුද්ගලයින්ට තම පෞද්ගලික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට නොහැකිවි අත. මෙතුමා සිටිනතාක් එසේ කිරීමට නොහැකි බව වටහාගත් කුඩා නීච පිරිසක් මෙතුමා ඉවත් කිරීම විවිඩ ක්‍රියාමාර්ග ගනිමින් සිටි. නමුත් ඒ කිසිවෙකුට මෙතුමාව විනාශ කල නොහැක.(නදී)
" අපේ කෙනා, අපිට හොදා " (නි)
මෙතුමාව ඉවත් කිරීමට කිසිදු බලවේගයකට ඉඩදිය නොහැක.. මෙම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය තව දුරටත් ක්‍රියාත්මක කල යුතුය.. ඇයි ලංකාව තුල සාදාරනව තම රැකියාවේ නිරත වෙන පුද්ගලයන්ටම මෙහෙම වෙන්නේ? ඇත්තටම හරිම කණගාටුයි. (ස)
වැරැද්ද කවුර කලත්,වැරැද්ද වැරද්දම...පරීක්ෂණයක් පවත් වන්නේ වැරදිද නිවරදදීද කියල.එතකන් ඉවසන් ඉන්න.විදුහල්පති වැරදි කරනවා කියන්නේ ඉස්කෝලේ ඔක්කොම ඒ මග යනවා කියන එක ඒකනිසා පරීක්ෂණ නිසි පරිදි කරන්න ඉඩදෙමු. (ස)
මෙම විදුහලේ සිසුන්ගෙන් මුදල් එකතු කිරීම්වල ඉවරයක් නැත. ගිය වසරේ මෙම විදුහලෙන්ම සාමාන්‍යපෙළ විභාගයට මුහුණ දුන් සිසුස්න්, උසස් පෙළ පන්තියට ඇතුලත් කර ගැනීම මෙම සතියේ සිදු විය. මෙහිදී පාසල් සංවර්ධන සමිති ගාස්තු ලෙස සිසුන් 350කගෙන් පමණ රු 8500ක මුදලක් අය කර ඇති අතර, පන්තිවලට ඇතුලත් කරගනු ලබන්නේ මෙම මුදල් ගෙවීම් සිදු කිරීමෙන් පසුව බව දන්වා ඇත. නමුත් මුදල් ලබාගත් බවට රිසිට් පතක් සිසුන් වෙත ලබා දී ඇත්තේ ගාස්තු රු.120 සඳහා පමණි. මෙය සිදු වුයේ විදුහල්පතිට චෝදනා එල්ල වූවාටත් පසුවයි. තවද, පාසල පිරිසිදු කිරීම සඳහා යයි තවත් රුපියල් 1000ක් ගෙන එන ලෙස සිසුන්ට දන්වා ඇත. ඉදිරියේදී වාණිජ දින, විද්‍යා දින, කලා දින ආදී විවිධ උත්සව සඳහා සිසුන්ගෙන් දහස් ගණන් මුදල් අය කර ගැනීමට සැලසුම් කර ඇත. ඕනෑම රජයේ ආයතනයක හොරකමක් කල අයෙකු රැකියාවෙන් නෙරපා දමනු ලබයි. නමුත්, පාසල්වල හොරකම් කරන විදුහල්පතිවරු රැක ගැනීමට උද්ඝෝෂණ පැවැත්වීම අද විලාසිතාවක්ව ඇත. (ස)
කලින් හිටිය ගොඩක් කට්ටිය, ඔක්කොම ටික තමන්ගේ සාක්කුවට දා ගත්තා මිසක් පාසලට වැඩක් කළේනෑ. සම්පත් සර් ඇවිල්ල ටික කාලයක් යනකොට පාසැල සැහෙන දියුණුවක් ලැබුවා. එක හැමෝටම පෙනෙන්න තියෙනවා. එක නිසා සල්ලි හරි මොනවා හරි ගත්තද කියන එක වැඩක් නෑ. වැඩේ වෙලා තියෙනවානම් එච්චරයි. (ස)
මේ කියන්නේ මොරටුව වේල්ස් කුමර විදුහල ගෑන. හංගන්නෙ මොකටද? 2001 වසරෙ විතර ඉදන් මේ විදුහලේ විනය බල්ලටම ගියා. ඒ ශක්තිමත් විදුහල්පති වරයෙක් පාසලට නොලෑබුන නිසයි. විදුහලට එන අලුත් හෑම විදුහල්පතිවරයෙක්වම ආදිශිෂ්‍ය සංගම් වලින් ඔවුන්ගේ මාටියා ගෑසීමේ සංස්කෘතියට එකතු කරගත්තා. හදවතින්ම තම පාසල දියුනු කිරීමට උත්සහ දරණ ආදි ශිෂ්‍යයින් සිටින්නේ අතලොස්සයි. අනික් සෑම කෙනෙක්ම මාටියා ගෑසීම අරමුන කරගෙන සංගම් වලට එකතුවෙලා ඉන්නේ. මෙම විදුහල්පතිවරයා මෙම මාටියා ගෑසීමේ ව‍්‍යාපාරයට එකතු නොවුන එකයි මෙම තත්වයට හේතුව. ඔහු පාසලට ලමුන් ඈතුලත් කරගනිද්දී පාසලට ලෑබෙන මුදල් ප්‍රධාන් ආදිශිෂ්‍ය සංගමයේ ගිනුමට බැර නොකර වෙනත් වසරක ආදිශිෂ්‍ය සංගමයේ ගිනුමට බෑර කිරීම නිසයි මේ ගෑටලුව පෑන නෑගී ඈත්තේ. පෞද්ගලික ගිනුමට බෑර කරගත්තනම් කමක් නෑ. මෙන්න මේකයි තත්වය.(නදී)
හොද විදුහල්පති කෙනෙක්. (ස)
එතකොට පගාගහන,කොමිස් ගහන මන්ත්‍රී ඇමතිලට මේ නීති වලංගු නැද්ද ?දන්නේ නැති නිසයි අහන්නේ. බස් රස්සා කරලා,කොමියුනිකේෂන් කරපු පා පැදියක්වත් නැතුව හිටපු සමහර ඇමතිවරු වෙච්ච අය අතයට ගනු දෙනු වලින් අද කෝටිපතියෝ වෙලා. ඒවා මේ නීතියට යටත් නැද්ද? (නි)
විදුහල්පතිවරුන්ට දඬුවම් දෙන්න කලින් නිලධාරින් හොඳ වෙලා ඉන්න ඕනෑ (නි)
ශානි,ලංකාවේ ආණ්ඩුවක් තියෙනවද ? (නි)
වැරැද්දක් කරලා තියෙනවා කියලා ඔප්පු වෙලා තියෙනවා නම් දඩුවමක් ලැබෙන්නම ඕනෑ. (නි)
ධර්මේ මට පේන්නේ වැඩක් කරන අයටයි මාරු වීම්... රැකියා ස්ථාන මාරු.. මම බොරු නම් මේකෙ කමෙන්ට් කරන අය සාක්ෂි දේවි!!! බොරුවට ධර්මයට අපහාස කරන්න ධර්මෙ කියලා දාගත්තාට.... බලන්න අද හොරෙකුට යන්න පුලුවන් දුර... මේ විදුහල් පති තුමා කරපු වැඩ කොටස ඉවසන්න බැරි අධර්මිෂ්ඨයෝ තමා මෙතුමාට විරුද්ධව චෝදනා කරලා තියෙන්නෙ... (ස)
විදුහල්පති ගියාට මොකද වෙන්නේ? මේ රටේ වෙන විදුහල්පතිවරු නැද්ද? සමහර විට අලුතෙන් එන කෙනා ගොඩක් හොද කෙනෙක් වෙන්න පුළුවන්. (නි)
දර්මේ ළමයි හැදුවනම් සල්ලි ගෙවන්නත් ඕන. මෙය හොඳ විදුහල්පති කෙනෙක් පාටයි. එය එයාගේ පුද්ගලික වැඩවලට සල්ලි අරන් නැත් නම් හොඳ කෙනෙක්. මව් පියන්ගේ කැමැත්තට ඉඩ දෙමු. (ස)
ධර්මේ කියලා අදහස් දාලා තියෙන්නේ තමන්ගේ නමවත් ප්‍රසිද්ධියේ කියන්න බැරි බියගුල්ලෙක්. මෙම විදුහල්පතිතුමා විද්‍යාලට අතිමහත් සේවයක් කරපු කෙනෙක්. දෙමවුපියන්ගෙන් ආධාර ගන්නේ නැතුව ඉස්කෝල දුවන්නේ කොහොමද? (නි)
රුවන්, මම විදුහලේ සිදු වුන අක්‍රමිකතාවයක් ගැන කිවුවා මිසක් විදුහල්පතිතුමා ගැන කිවුවේ නැහැ. විදුහල්පතිතුමාට චෝදනාවක් තියෙනවා නම් පරීක්ෂණයක් පවත්වා අදාළ පියවර ගත යුතුයි. විදුහල්පතිතුමා නිදොස් නම් ඔහු නිදහස් වේවි. මම පෙර කියූ මුදල විදුහල්පතිගේ සාක්කුවට ගියාද, වෙනත් අයකුගේ සාක්කුවට ගියාද, නැත්නම් පාසලේ වැඩට යොදා ගනීද කියලා මම දන්නේ නැහැ. නමුත් එතන අක්‍රමිකතාවයක් තියෙනවා. මම පෙන්වා දුන්නේ එකයි. හඳ පෙන්නුවම ඇඟිල්ල ගැන කියවන්න එපා. අවශ්‍ය නම්, අදාළ ලියකියවිලි, රිසිට් පත් මම ලංකාදීපයට එවන්නම්. විදුහල්පතිතුමා පාසල වැඩි දියුණු කිරීමේ කටයුතු රැසක් කර තිබෙන බව මම පිලිගන්නවා. වසන්ත, මම කිවුවේ අසාධාරණ විදියට, නීතියට පටහැනිව ගත්ත සල්ලි ගැන. ළමයි හැදුවා නම් මුදල් ගෙවන්න ඕනෑ කියලා මෝඩ කතා කියන්න එපා. රජයේ පාසල් වල දෙමව්පියන්ට දරන්න බැරි විදියට අසාධාරණ මුදල් අය කිරීම්, ගසා කෑම් නවත්වන්න ඕනෑ. මේ මුදල් ගියේ කොහෙටද කියලා සොයන්න ඕනෑ. (නි)