විදුහල්පති 3 වැනි ශ්‍රේණියේ විභාගය සමත්ව සිටින 3901 දෙනෙකු ජාතික හා පළාත් පාසල්වලට විදුහල්පතිවරුන් ලෙස කඩිනමින් අනුයුක්ත කිරීම සඳහා කැබිනට් අනුමැතිය අද (27) ලැබුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
මෙතෙක් කල් එම පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන් ලෙස කටයුතු කළ අයගෙන් කොටසක් ද මෙම විභාගයට පෙනී සිට සමත්ව සිටින බව කී අමාත්‍යවරයා ඉතිරි අයගෙන් වසර තුනකට වැඩි කාලයක් වැඩ බලා ඇති විදුහල්පතිවරුන් 250 දෙනාටත්, වයස අවුරුදු 50ත් 60ත් අතර පසුවීම නිසා විභාගයට පෙනී සිටීමට නොහැකි වූ 570 දෙනා වෙනුවෙනුත් වෙනම විභාගයක් පවත්වා තුන්වන පන්තියේ විදුහල්පතිවරු ලෙස බඳවාගැනීමට හා ඊට අයත් නොවන වැඩ බලන විදුහල්පතිවරුන්ට නියෝජ්‍ය විදුහල්පතිවරු ලෙස පත්වීම් ලබාදීමටත් කැබිනට් අනුමැතිය ලැබුණු බව ද ප‍්‍රකාශ කළේය.
විද්‍යා ගණිත ගුරු පුරප්පාඩු පිරවීමේදී එම උපාධිධාරීන්ගේ හිඟයක් පවතින බැවින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් විද්‍යා හා ගණිත උපාධි ලබාගෙන ඇති අයද ඒ වෙනුවෙන් බඳවාගැනීමට තීරණය කර ඇතැයි ද කාරියවසම් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් සිසුන්ට රජයේ රැකියාවක් සඳහා හොඳ අවස්තාවක්. (අ)
ස්තූතියි ලංකාදීප ප්‍රවෘත්තියට...
පුද්ගලික විශ්ව විද්‍යාල වලට මෝඩයෝ රිංගවන්න කරන වෑයමක් මේක. සංවාදයට විවෘතයි.
අනේ ධම්ම, පාසල් වල වෛද්‍ය විද්‍යාව උගන්වන්නේ නැහැ.
වැඩ බලන්න දීලා ඒ අයට විදුහල්පති දීම නම් අනුමත කරන්න බෑ. අධ්‍යාපනය කන්න තමා යන්නේ.පහුගිය කාලේ කාලා ඉතිරි ටික දැන් කනවා (බ)