වැලිවේරියේදි හමුදා වෙඩි පහරින් මියගිය හා තුවාල ලැබු සිද්ධිය ගැන යුද හමුදාපති ඇතුළු තිදෙනකු වගකිව යතු යැයි හිටපු හමුදාපති හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා කියයි.
‘මේක පොලිසිය මගින් පාලනය කරන්න තිබුණු උද්ඝෝෂණයක්. පොලු ගෙන හමුදාව ආවේ මිනිස්සුන්ට පහර දෙන්නමයි. මම හමුදාපති කාලේ මේවගේ දේවලට හමුදාව යෙදෙව්වේ නැහැ. හමුදාවේ ගෞරවය විනාශ වුණා. වගකීම ගන්න ඕනෑ අර තුන්දෙනාම තමයි. මම දැක්කා කවුද පිස්සෙක් කියනවා මියගිය අයගේ අවමඟුල් උත්සව වලට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා කියලා. මිනිස්සු මරා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලෝකයේ එකම රට ලංකාවයි.
ප්‍රශ්නය - හමුදා මාධ්‍ය ප්‍රකාශක කියන්නේ මේක වෙනත් පාර්ශවයක් විසින් සිදු කැරුණු වෙඩි තැබිමක් බවයි.
පිලිතුර - මොන බොරුද? එහෙනම් හමුදාවට තිබුණේ ඒ බවේගය මර්දනය කරන්න. අහිංසක මිනිස්සුන්ට වෙඩි තියන එක නෙමෙයි. හමුදාවේ වගකීම. මේ මිනිස්සු මෙවා කියන්නේ කලිසම් ඇදගෙනද? රටේ ජනතාව ගොන්නු කියලා හිතාගෙන ඉන්නේ?
ප්‍රශ්නය - ඔබත් හිටපු තද නීතී ඇතිව හිටි හමුදාපතිවරයෙක්. දැන් දේශපාලනයට ඇවිත්. එහෙත් ජනතාවගේ බියක් තියෙනවා ඔබ බලයට ආවොත් මෙයටත් වඩා බිහිසුණු දෙ අපේ රටේ සිදුවෙයි කියලා.
පිළිතුර - මම හමුදාපති කාලේ පැය දෙකෙන් විශාල වෙනසක් කරන්න තිබුණා. ඒ ශක්තිය මට තිබුණා. එදා එදේ නොකරපු මම ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් නොහොබිනා දේ කරයි කියලා ඔබ හිතනවද? සියලු සැප සම්පත් එක්ක හමුදා නිලධාරියකු විදියට මට තවත් ඉන්න තිබුණා. ඒ හැම දේම අත හැර දේශපාලනයට ආවේ මේ ජරා වළෙන් රට ගොඩගන්නයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටියාගේ ජොනි බට්ටව තුට්ටුවකට මායිම් නොකර සොල්දාදුවැව සටනට මෙහෙයවා සටන ජයග්‍රහණය කළ ඔබ වැරදි විදිහට නිතිය ක්‍රියාවේ නොයොදවන බව විශ්වාසයි අපට (නි)
මෙරටට ඔබතුමා වගේ නායකයෝ තමා අවශ්‍ය. තද නීති තිබුනොත් විතරයි අපේ රට හදන්න පුළුවන් (නි)
දන්නෝ දනිති. (නි)
මම මෙයට උත්තර දුන්නා හොදේ.කිව්වේ නැත්නම් කට්ටිය බලයි මට මොකද වුණේ කියලා.. (නි)
ඔබතුමා බලයට පැමිණ මේ දූෂකයෝ අත් අඩංගුවට අරන් රට පිරිසිදු කරනවා නම් අපි දිවිහිමියෙන් ඔබතුමා වටේ ඉන්නවා.තද කෙනෙක් තමයි අපට ඕනෑ. (නි)
රට ඔබතුමාට භාරයි (නි)
අපේ රටේ මිනිස්සුන්ට හරි දේ තේරෙද්දී වෙන්න ඕනෑ හැම දෙයක්ම වෙලා ඉවරයි.තව කාලයක් යාවි තේරෙනකොට.මොනවා කරන්නද ජෙනරාල්තුමනි, ඔබට ශක්තිය පතන්නම් අලුත් හෙටක් හදන්න ධෛර්ය ලැබේවා කියලා. (නි)
ඉදිරි පළාත් සභා මැතිවරණයේදී අපිට බලාගන්න පුළුවන් (නි)
ඔබ අපේ රටේ පාලනයට දායක වුවහොත් වංචාව දුෂණය නැති කළ හැකි බව අපිට විශ්වාසයි .නමුත් ඔබ ප්‍රධාන විපක්ෂය සමග එක් නොවී වෙනම තරග කිරීමෙනුත් සිදුවෙන්නේ රජයටම වාසියක්.ඔබෙන් ජනතාව බලාපොරොත්තු වුයේ මෙය නොවෙයි (නි)
ඔය තැනට එන හැමෝම කියන කතාවක් ඕක. බලමුකෝ මෙතුමා ගැන (නි)
අම්මෝ දනුෂ්ක, ඕවා කියන්න ඔය අහල පහළ වෙලකට ගිහිල්ලා මඩ නාන මී හරක් රැලකට. (නි)
තමන් හිසට තම අතමය සෙවණැල්ල... (නි)
ඔබෙතුම පැවසුවා ඔබතුම හමුදාපතිකමෙන් යන්නේ යුද්ධය ඉවරකරලා කියලා. ඔබතුමා ජනතාවට දුන් පොරොන්දුව ඉටුකළා. නමුත් අනිත් අය දුන් පොරොන්දු ඉටුවුණේ නැහැ. (නි)
හමුදාවට ඉහලින් තවත් පාර්ශවයක් තිබෙනවා කියලා දන්නවා නම් ඉතින් දෙමුකෝ වැඩේ එළිපිට ඒ පාර්ශවයට... මෙතුමාට බොරු කරන්න බැහැ. මොකද සොල්දාදුවගේ ඉඳලා ජෙනරාල් තනතුර දක්වා හමුදාවේ අස්සක් මුල්ලක් නෑර මෙතුමා දන්නවා . ඔබතුමාට අපේ ප්‍රණාමය! (නි)
ගරු ජෙනරාල්තුමනි ,ඔබට අවංකව රට ගැන කැකුමක් තියන උදාර මිනිසෙක්. ඔබ සියලු සැප නැති කරගත්තේ අපි වෙනුවෙන් (නි)
දේවා ඔයාට මට දෙන්න තියන උන්තරේ මෙතුමා දැනටමත් මුළු ලෝකෙටම ප්‍රතිපල පෙන්නලා ඉවරයි. (නි)
වානි, මේ මිනිසු මැරුනු එක තමයි මෙතුමාත් විවේචනය කරන්නේ.. (නි)
ඔබතුමා පැරදුණේ අපේ අවාසනාවට. (නි)
අනිවාර්යයෙන්ම් ඔබ ආ යුතුය (නි)
දුල දෙන්නෙකුට ඇමෙරිකවෙ යවල උගන්නන කොච්චර මුදලක් යනවා ඇතිද ? ඇත්තටම දන්නේ නැති හින්ද අහන්නේ..මටනම් හිතා ගන්න බැහැ මෙතුමා කොහොමද එ හපන්කම කලේ කියා.සමහරු කියනවා රජයෙන් දුලගේ බිල් පියෙව්ව කියල..මෙතුමා මේ අහිංසක ජනතාවගේ බදු මුදලින් දුලට සල්ලි වියදම් කරන්න දෙයිද කාටවත් මේ කතා කරන හැටියට..කොහොම වුණත් කට්ටිය ඔබ තුමා ගැන කියන කතා අහල හිනාත් යනවා..ඔබ තුමාව තාම මේ අය හඳුනන්නේ නැහැ ..කොහොම වුණත් රතුපස්වල මිනිස්සු පින් කරලා තියෙනවා ඔබ තුමා මේ රටේ පාලකය නොවීම ගැන..පාලකය වෙලා හිටියනම් අද රතු පස් වළක් නැහැ.(අ)
බන්දුල පෙරේරා , ඔහේ මොනවද රටට කරලා තියෙන්නේ, ඔහොම සරත් ෆොන්සේකා මහතා ගැන කතා කරන්න? (නි)
ඔබ පිළිගත යුතුය මානුශීය මෙහෙයුමේ ජයග්‍රහණයේ ප්‍රශංශාවද මේ තුන්දෙනා සතු බව.මොකද එදා ඔබව මෙහෙයුවේ මේ තුන්දෙනානේ (නි)
කතාව ඇත්ත මහත්තයෝ වෙන පාර්සවයක් ආව කියන්නේ කොහොමද නිල ඇදුම් ඇදගෙන හිටියේ අපුරුවට (දී)
දෙන තේරෙනවා ඇතිනේ ඇත්ත තත්ත්වය... (නි)
දේශපාලනය පමණක් නොවෙයි හැමදේම හොදට අවබෝධ කරගෙන කරන්න ඕනෑ. (නි)
බන්දුල පෙරේරා ,මම හිතන්නේ ඔහේ පිස්සෙක්ද කොහෙද? ඔහේ මොනවද රටට කරලා තියෙන්නේ, ඔහොම සරත් ෆොන්සේකා මහතා ගැන කතා කරන්න? (නි)
බන්දුල පෙරේරා දූලා දෙන්නට ඉගැන්නුවට ඇයි ඔච්චර කුහක වෙන්නේ ? ඔයාගේ බිරිඳයි ළමයි ටිකයි දැන් නිදහසේ හුස්ම ගන්නේ මේ මනුස්සයා හින්දා නේද ? ඔය වගේ මෝඩ කතා කියන්න එපා. (නි)
මම නම් අවංකවම මේ කෙනාට කැමති නැහැ. කතා කරන්න දන්නෙම නැති කෙනෙක් ලෙසයි මම නම් දකින්නේ. (නි)
ලොක්කෝ සල්ලි වලට කරන දේ ගැනත් පොඩ්ඩක් ලියන්නකෝ (දී)
ඔබතුමා ඇත්තෙන්ම අවංක කෙනෙක් (නි)
යහපතක්ම වේවා ! (අ)
ජනරාල් පුරුදු පුහුණු කරපු හමුදා නිලදාරින්ටම නේද ඔය චෝදනාව එල්ල කරන්නේ? එදා කරන්න කියල කියපු විදියට තමා මෙදාත් සොල්දාදුවෝ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. (අ)
ඔබතුමා හමුදාපති වෙලා හිටපු කාලේ කරපු සමහර දේවල් මොනවාද කියල ටිකක් කල්පනා කරලා බලන්න. මේකියන දේවල් දිහා බැලුවම දැන් දැන් දේශපාලකයන් කියන කතා ඔබතුමාත් කියන්න පුරුදු වෙලා කියල හැගෙනවා. (අ)
හැම කෙනෙක්ම තමන්ගේ වාසිය ගැන හිතන මේ කාලයේ නියම ආදර්ශමත් චරිතය ඔබයි.ජය ප්‍රර්ථනා කරමි. (අ)
මම රට ගැන හරිම ආඩම්බරයෙන් හිටපු කෙනෙක්....එත් වැලිවෙරියේ සිද්දියෙන් පසුව හරිම කණගාටු.(අ)
යුද්ධයට නියම නායකත්වය දුන්නේ කවුද කියලා දැන් අපේ රටේ ඉන්න අයට තේරෙනවා ඇති කියලා සිතමි (නි)
මිනිසුන්ට ඕනෑ අපායක ජීවත් වෙන්න, ඒක ශාපයක්. ඔය මිනිසුන් කාවදාවත් ඇත්ත තේරුම් ගන්න කැමති නැහැ. (නි)
ඔබතුමා ගමේ පරිසරයේත් හැදිලා තියෙනවා. අම්බලන්ගොඩ ධර්මාශෝක සහ කොළඹ ආනන්දය වැනි පරිසරවලින් පෝෂණය වෙලා තියෙනවා.ඔබතුමා සාධාරණ ලෙස උපයාගත් වැටුපකින් ජීවත් වෙච්ච මිනිහෙක්.ඔබතුමා ප්‍රායෝගික ලෙස ජීවත්වීමේ අමාරුකම දන්නවා.ඔබතුමා මේ රටට කවදාවත් බරක් වුනේ නැහැ.ඔබතුමාට මේ රට නියම මාවතට ගන්න පුළුවන් බව අපට විශ්වාසයි. (නි)
ඔබතුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත.වීඩියෝ රුපරමු වලින් පැහැදිලිව මුළු ලෝකයාම දැක්කා මොකක්ද වුණේ,කවුද එතන හිටියේ කියලා.මේවත් වෙනස් බොරු කියලා වැරැද්ද කාගේ හරි මත පටවලා වගකීමෙන් නිදහස් වෙන්න හදනවා.පොඩි අත දරුවෝ සමගින් මේ ගම් වැසියෝ සහභාගී වෙලා හිටිය බව ඕනෑම කෙනෙකුට තේරෙනවා.අහිංසකයෝ මරලා මොන ගෞරවේ දුන්න්නත් වැඩක් නැහැ.ඔවුන්ට කරන ගෞරවය තමයි මේ මිනීමැරුම් වලට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට පැමිණ වීම. (නි)
මැතිද, ඔබ නිවැරදියි (නි)
අන්න කෙලින් කතා කරන කෙනෙක්! (නි)
තුන්වන පාර්ශවය කවුද කියලා ඊයේ රෑ ප්‍රවෘත්ති වලට බල සේනාවේ හාමුදුරුවරු නොකියා කිවුවා. හැබැයි ගමේ මිනිස්සු දන්නවා ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා. මොකද සිද්දියට මුහුණ දුන්නේ ඒ අය නිසා (නි)
ඔබතුම කියන දේවල් තේරුම් ගණන් පුළුවන් තරම් බුද්ධියක් ලංකාවේ මිනිස්සුන්ට තිබුනා නම් අද මේ වගේ තත්වෙකට අපේ රට පත් වෙන්නේ නැහැ. (නි)
ඔබතුමා යුද හමුදාපති වෙලා හිටියා නම්...? (නි)
සෙන්පතිතුමනි,එදා ඔබට විරුද්ධව මමත් මගේ ඡන්දය ප්‍රකාශ කළා.අපට සමාවනු මැනවි... (නි)
වෙනත් කැරලි කණ්ඩායමක් ලංකාව තුල ඉන්නවා නම් හමුදාව සහ පොලිසිය යොදවලා එම කණ්ඩායම් මර්දනය කරන එකයි හමුදාවේ සහ පොලිසියේ ආණ්ඩුවේ වගකීම. දැන් ප්‍රශ්න වලින් පැනලා යන්න බැහැ.ජනතාව මේවට උත්තර දිය යුතුයි තමන්ගේ මනාපෙන්.ජනතාව අද අහිංසකයි. (නි)
ඔබගෙන් අපේ රටට සේවයක් වේවි යැයි කියන බලාපොරොත්තුව අපට තිබේ. මැතිදුනි ඔබට ජය (නි)
මම නම් මේවා පිළිගන්නෙ නැහැ (නි)
නියමයි සර් ...... (නි)
ඇත්තටම ඔබතුමා පැරදුනේ රටේ අවාසනාවට (නි)
නියම නායකයා ඔබතුමා තමයි. කවදාහරි මේ රටේ ජනතාවට තේරෙනකොට ප්‍රමාද වෙලා ...... (නි)
රට ගොඩගන්න ඇවිත් මෙතුමා වැටෙන්න යන්නේ කවදාවත් ගොඩ එන්න නොහැකි වළකද මන්දා? (නි)
සරත් මහතාණෙනි, ඔබතුමා ගැන අපි දන්නවා. අපිට ඔබ විශ්වාසයි. ඔබට ජය! (නි)
ඔබතුමා ජාතික වීරයෙක්. එහෙත් මට නම් හිතෙන්නේ අහවල්ලුන්ගේ ලණුව ඔබතුමා කෑවා (නි)
කොහොම වුනත් හොද අදහස් දැක්වීමක්.ෆොන්සේකා මහත්තය දිගටම ඔහොම කටයුතු කරනවා නම් මේ වතාවේ පළාත් සභා ඡන්දෙ දිනන්න බැරි වෙන එකක් නැහැ. (නි)
සේනාධිපතිතුමනි, මේ රට මේ අපායෙන් ගොඩ ගන්න. අහිංසක ජනතාවට අද සාමයෙන් ඉන්න නැහැ. රට දැන් මිහිපිට තියෙන නරකාදියක් බවට පත්වෙලා. (නි)
සර්, අනෙක් නම් දෙකත් කියන්නකෝ, අපිටත් දැනගන්න (නි)
එතනට ගිය පිරිවර කියපු කරපුවා අපි ටීවී එකේ දැක්කා (නි)
අනිවාර්යයෙන්ම් ඔබ ආ යුතුය. නැත්නම් රට ඉවර වෙනවා (නි)
මව් රට ගැන හරිම කණගාටුයි (නි)
හෙමින් යන ගමන හරි සාර්ථකයි, හදිස්සි වෙන්න එපා. ඔබට පුළුවන් හැබැයි මේ අද හෙට නෙමෙයි, තව කාලයක් යනවා. (නි)
ඔහොම් කියපු තවත් අය හිටියා. ඒත් ඒ අයත් පැන්නෙ ජරා වලටමනේ.. (නි)
ඔබ සමග අපිත් එකගයි ජෙනරාල්තුමනි (නි)
මිනිසුනේ නොරැවටෙන්න. දේශපාලක්නයන්,පුජකවරු ජිවත් වෙන්නේ දෙව් ලෝකේ. අපි ඔබ වැනි අය ජිවත් වෙන්නේ අපායෙ. (නි)
ඔබ කිවුවා හරියටම හරි. ඔබට අපේ උත්තමාචාරය. (නි)
ඔබ නරකමයි කියනවා නෙමෙයි. එහෙත් ඉතින් මිදි ඇඹුල් කියපු නරියාගේ කතාව මතක් වුණා මට. (නි)
සරත් ෆොන්සේකා මැතිතුමනි, ඔබතුමා ජය ගත යුතුමය. එසේ නොමැති නම් මේ රට හදනු බැරිය. හමුදා පාලනයක් අවශ්‍යයමයි. (නි)
අපි මේ වගේ අයව දැකලා තිබෙනවා (නි)
ඔබගේ අවංක චේතනාවලට මම හරි කැමතියි. නමුත් ඔබ වටේ ඉන්න උදවිය ඔබ වගේම ප්‍රතිපත්තිගරුක වේවි කියා ඔබට විශ්වාසද ? (නි)
ඔබ තුමාගේ හැකියාවන් අපිට පළාත් සබා ප්‍රතිපල වලින් දැකිය හැකියි. (නි)
මේ දවස්වල හමුදාවට හා ඒ ඒ සේනාංක වලට කවුද අණ දෙන්නේ? (නි)
අපේ රටේ ජනතාවට ඔබතුමාගේ වටිනාකම තේරෙන්නේ දැන් තමයි. අපේ ප්‍රණාමය ඔබට! (නි)
ගොඩක් දේශපාලකයන්ට මේ ප්‍රශ්නේ හොඳ තුරුම්පුවක් වුණා (නි)
සියලුම බලය එක පක්ෂයකට ගොනු වුවහොත් එය එම රජය වැරදි මගට යාමකි (නි)
ඉතා අගන කතාවකි (නි)
විශ්වාසයක් තියන්න පුළුවන් අපේ එකම ගැලවුම්කාරයා ඔබයි. (නි)