IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වෙනත් පාර්ශව කතාව ෆොන්සේකා ඉවත දමයි

වැලිවේරියේදි හමුදා වෙඩි පහරින් මියගිය හා තුවාල ලැබු සිද්ධිය ගැන යුද හමුදාපති  ඇතුළු තිදෙනකු වගකිව යතු යැයි  හිටපු හමුදාපති හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා කියයි.

‘මේක පොලිසිය මගින් පාලනය කරන්න තිබුණු උද්ඝෝෂණයක්. පොලු ගෙන හමුදාව ආවේ මිනිස්සුන්ට පහර දෙන්නමයි. මම හමුදාපති කාලේ මේවගේ දේවලට හමුදාව යෙදෙව්වේ නැහැ. හමුදාවේ ගෞරවය විනාශ වුණා. වගකීම ගන්න ඕනෑ අර තුන්දෙනාම තමයි. මම දැක්කා කවුද පිස්සෙක් කියනවා මියගිය අයගේ අවමඟුල් උත්සව වලට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා කියලා. මිනිස්සු මරා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලෝකයේ එකම රට ලංකාවයි.

 ප්‍රශ්නය -  හමුදා මාධ්‍ය ප්‍රකාශක කියන්නේ මේක වෙනත් පාර්ශවයක් විසින් සිදු කැරුණු වෙඩි තැබිමක් බවයි.  

පිලිතුර -  මොන බොරුද?  එහෙනම් හමුදාවට තිබුණේ ඒ බවේගය මර්දනය කරන්න. අහිංසක මිනිස්සුන්ට වෙඩි තියන එක නෙමෙයි. හමුදාවේ වගකීම. මේ මිනිස්සු මෙවා කියන්නේ කලිසම් ඇදගෙනද? රටේ ජනතාව ගොන්නු කියලා හිතාගෙන  ඉන්නේ?

 ප්‍රශ්නය -  ඔබත් හිටපු තද නීතී ඇතිව හිටි හමුදාපතිවරයෙක්. දැන් දේශපාලනයට ඇවිත්. එහෙත් ජනතාවගේ බියක් තියෙනවා ඔබ බලයට ආවොත් මෙයටත් වඩා බිහිසුණු දෙ අපේ රටේ සිදුවෙයි කියලා.

පිළිතුර  - මම හමුදාපති කාලේ පැය දෙකෙන් විශාල වෙනසක් කරන්න තිබුණා. ඒ ශක්තිය මට තිබුණා. එදා එදේ නොකරපු මම ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් නොහොබිනා දේ කරයි කියලා ඔබ හිතනවද? සියලු සැප සම්පත් එක්ක හමුදා නිලධාරියකු විදියට මට තවත් ඉන්න තිබුණා. ඒ හැම දේම අත හැර දේශපාලනයට ආවේ මේ ජරා වළෙන් රට ගොඩගන්නයි.



අදහස් (0)

වෙනත් පාර්ශව කතාව ෆොන්සේකා ඉවත දමයි

ලෙස්ලි ලෝව් මිලානෝ Wednesday, 07 August 2013 03:35 PM

ඔබ අපේ රටේ පාලනයට දායක වුවහොත් වංචාව දුෂණය නැති කළ හැකි බව අපිට විශ්වාසයි .නමුත් ඔබ ප්‍රධාන විපක්ෂය සමග එක් නොවී වෙනම තරග කිරීමෙනුත් සිදුවෙන්නේ රජයටම වාසියක්.ඔබෙන් ජනතාව බලාපොරොත්තු වුයේ මෙය නොවෙයි (නි)

:       0       0

කළා Wednesday, 07 August 2013 11:39 AM

ඔබගෙන් අපේ රටට සේවයක් වේවි යැයි කියන බලාපොරොත්තුව අපට තිබේ. මැතිදුනි ඔබට ජය (නි)

:       0       0

සුසන්ත Wednesday, 07 August 2013 11:56 AM

වෙනත් කැරලි කණ්ඩායමක් ලංකාව තුල ඉන්නවා නම් හමුදාව සහ පොලිසිය යොදවලා එම කණ්ඩායම් මර්දනය කරන එකයි හමුදාවේ සහ පොලිසියේ ආණ්ඩුවේ වගකීම. දැන් ප්‍රශ්න වලින් පැනලා යන්න බැහැ.ජනතාව මේවට උත්තර දිය යුතුයි තමන්ගේ මනාපෙන්.ජනතාව අද අහිංසකයි. (නි)

:       0       0

දනුෂ්ක​ Wednesday, 07 August 2013 11:56 AM

සෙන්පතිතුමනි,එදා ඔබට විරුද්ධව මමත් මගේ ඡන්දය ප්‍රකාශ කළා.අපට සමාවනු මැනවි... (නි)

:       0       0

දිශානි Wednesday, 07 August 2013 10:21 PM

ලොක්කෝ සල්ලි වලට කරන දේ ගැනත් පොඩ්ඩක් ලියන්නකෝ (දී)

:       0       0

මොහමඩ් Wednesday, 07 August 2013 04:01 PM

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී අපිට බලාගන්න පුළුවන් (නි)

:       0       0

කුමාර Wednesday, 07 August 2013 04:03 PM

අපේ රටේ මිනිස්සුන්ට හරි දේ තේරෙද්දී වෙන්න ඕනෑ හැම දෙයක්ම වෙලා ඉවරයි.තව කාලයක් යාවි තේරෙනකොට.මොනවා කරන්නද ජෙනරාල්තුමනි, ඔබට ශක්තිය පතන්නම් අලුත් හෙටක් හදන්න ධෛර්ය ලැබේවා කියලා. (නි)

:       0       0

ආසිරි Wednesday, 07 August 2013 12:11 PM

ඔබතුමා යුද හමුදාපති වෙලා හිටියා නම්...? (නි)

:       0       0

රුවන් Wednesday, 07 August 2013 04:08 PM

රට ඔබතුමාට භාරයි (නි)

:       0       0

තුෂාර Wednesday, 07 August 2013 12:23 PM

ඔබතුම කියන දේවල් තේරුම් ගණන් පුළුවන් තරම් බුද්ධියක් ලංකාවේ මිනිස්සුන්ට තිබුනා නම් අද මේ වගේ තත්වෙකට අපේ රට පත් වෙන්නේ නැහැ. (නි)

:       0       0

තුෂාර Wednesday, 07 August 2013 12:27 PM

තුන්වන පාර්ශවය කවුද කියලා ඊයේ රෑ ප්‍රවෘත්ති වලට බල සේනාවේ හාමුදුරුවරු නොකියා කිවුවා. හැබැයි ගමේ මිනිස්සු දන්නවා ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා. මොකද සිද්දියට මුහුණ දුන්නේ ඒ අය නිසා (නි)

:       0       0

මිගිද Wednesday, 07 August 2013 12:31 PM

අන්න කෙලින් කතා කරන කෙනෙක්! (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 07 August 2013 12:31 PM

මැතිද, ඔබ නිවැරදියි (නි)

:       0       0

මධුශානි Wednesday, 07 August 2013 12:32 PM

නියමයි සර් ...... (නි)

:       0       0

පිටිගල Wednesday, 07 August 2013 04:48 PM

ඔබතුමා බලයට පැමිණ මේ දූෂකයෝ අත් අඩංගුවට අරන් රට පිරිසිදු කරනවා නම් අපි දිවිහිමියෙන් ඔබතුමා වටේ ඉන්නවා.තද කෙනෙක් තමයි අපට ඕනෑ. (නි)

:       0       0

බර්නාඩ් Thursday, 08 August 2013 11:48 AM

ඔබ පිළිගත යුතුය මානුශීය මෙහෙයුමේ ජයග්‍රහණයේ ප්‍රශංශාවද මේ තුන්දෙනා සතු බව.මොකද එදා ඔබව මෙහෙයුවේ මේ තුන්දෙනානේ (නි)

:       0       0

ටිකිරි Wednesday, 07 August 2013 12:34 PM

විශ්වාසයක් තියන්න පුළුවන් අපේ එකම ගැලවුම්කාරයා ඔබයි. (නි)

:       0       0

නිමල් Wednesday, 07 August 2013 11:27 PM

මම නම් අවංකවම මේ කෙනාට කැමති නැහැ. කතා කරන්න දන්නෙම නැති කෙනෙක් ලෙසයි මම නම් දකින්නේ. (නි)

:       0       0

නිමල් Wednesday, 07 August 2013 12:37 PM

ඉතා අගන කතාවකි (නි)

:       0       0

අමිල Wednesday, 07 August 2013 11:36 PM

බන්දුල පෙරේරා දූලා දෙන්නට ඉගැන්නුවට ඇයි ඔච්චර කුහක වෙන්නේ ? ඔයාගේ බිරිඳයි ළමයි ටිකයි දැන් නිදහසේ හුස්ම ගන්නේ මේ මනුස්සයා හින්දා නේද ? ඔය වගේ මෝඩ කතා කියන්න එපා. (නි)

:       0       0

තබුක් සිල්වා Wednesday, 07 August 2013 12:39 PM

සියලුම බලය එක පක්ෂයකට ගොනු වුවහොත් එය එම රජය වැරදි මගට යාමකි (නි)

:       0       0

අසංග Wednesday, 07 August 2013 12:40 PM

ගොඩක් දේශපාලකයන්ට මේ ප්‍රශ්නේ හොඳ තුරුම්පුවක් වුණා (නි)

:       0       0

සිසිර Wednesday, 07 August 2013 12:40 PM

අපේ රටේ ජනතාවට ඔබතුමාගේ වටිනාකම තේරෙන්නේ දැන් තමයි. අපේ ප්‍රණාමය ඔබට! (නි)

:       0       0

කමල් Wednesday, 07 August 2013 12:40 PM

මේ දවස්වල හමුදාවට හා ඒ ඒ සේනාංක වලට කවුද අණ දෙන්නේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 07 August 2013 05:39 PM

මම මෙයට උත්තර දුන්නා හොදේ.කිව්වේ නැත්නම් කට්ටිය බලයි මට මොකද වුණේ කියලා.. (නි)

:       0       0

අසේල Wednesday, 07 August 2013 06:11 PM

දන්නෝ දනිති. (නි)

:       0       0

දර්ශන Wednesday, 07 August 2013 06:13 PM

මෙරටට ඔබතුමා වගේ නායකයෝ තමා අවශ්‍ය. තද නීති තිබුනොත් විතරයි අපේ රට හදන්න පුළුවන් (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 07 August 2013 06:13 PM

අම්මෝ දනුෂ්ක, ඕවා කියන්න ඔය අහල පහළ වෙලකට ගිහිල්ලා මඩ නාන මී හරක් රැලකට. (නි)

:       0       0

දේවා Wednesday, 07 August 2013 01:22 PM

ඔබ තුමාගේ හැකියාවන් අපිට පළාත් සබා ප්‍රතිපල වලින් දැකිය හැකියි. (නි)

:       0       0

අසේල Thursday, 08 August 2013 01:20 AM

බන්දුල පෙරේරා ,මම හිතන්නේ ඔහේ පිස්සෙක්ද කොහෙද? ඔහේ මොනවද රටට කරලා තියෙන්නේ, ඔහොම සරත් ෆොන්සේකා මහතා ගැන කතා කරන්න? (නි)

:       0       0

නිශාන්ත Friday, 09 August 2013 07:48 AM

බන්දුල පෙරේරා , ඔහේ මොනවද රටට කරලා තියෙන්නේ, ඔහොම සරත් ෆොන්සේකා මහතා ගැන කතා කරන්න? (නි)

:       0       0

සුදේශ් Wednesday, 07 August 2013 06:31 PM

ඔබතුමා ගමේ පරිසරයේත් හැදිලා තියෙනවා. අම්බලන්ගොඩ ධර්මාශෝක සහ කොළඹ ආනන්දය වැනි පරිසරවලින් පෝෂණය වෙලා තියෙනවා.ඔබතුමා සාධාරණ ලෙස උපයාගත් වැටුපකින් ජීවත් වෙච්ච මිනිහෙක්.ඔබතුමා ප්‍රායෝගික ලෙස ජීවත්වීමේ අමාරුකම දන්නවා.ඔබතුමා මේ රටට කවදාවත් බරක් වුනේ නැහැ.ඔබතුමාට මේ රට නියම මාවතට ගන්න පුළුවන් බව අපට විශ්වාසයි. (නි)

:       0       0

මිලානෝ අප්පුහාමි Thursday, 08 August 2013 03:42 AM

දේශපාලනය පමණක් නොවෙයි හැමදේම හොදට අවබෝධ කරගෙන කරන්න ඕනෑ. (නි)

:       0       0

නිශාර්ඩ් Wednesday, 07 August 2013 01:39 PM

ඔබගේ අවංක චේතනාවලට මම හරි කැමතියි. නමුත් ඔබ වටේ ඉන්න උදවිය ඔබ වගේම ප්‍රතිපත්තිගරුක වේවි කියා ඔබට විශ්වාසද ? (නි)

:       0       0

පියල් Thursday, 08 August 2013 04:06 AM

දෙන තේරෙනවා ඇතිනේ ඇත්ත තත්ත්වය... (නි)

:       0       0

වරුණ Wednesday, 07 August 2013 01:46 PM

එතනට ගිය පිරිවර කියපු කරපුවා අපි ටීවී එකේ දැක්කා (නි)

:       0       0

අසේල Wednesday, 07 August 2013 06:53 PM

මිනිසුන්ට ඕනෑ අපායක ජීවත් වෙන්න, ඒක ශාපයක්. ඔය මිනිසුන් කාවදාවත් ඇත්ත තේරුම් ගන්න කැමති නැහැ. (නි)

:       0       0

චානි Wednesday, 07 August 2013 01:46 PM

සරත් ෆොන්සේකා මැතිතුමනි, ඔබතුමා ජය ගත යුතුමය. එසේ නොමැති නම් මේ රට හදනු බැරිය. හමුදා පාලනයක් අවශ්‍යයමයි. (නි)

:       0       0

අසෝක Wednesday, 07 August 2013 01:49 PM

ඔබ නරකමයි කියනවා නෙමෙයි. එහෙත් ඉතින් මිදි ඇඹුල් කියපු නරියාගේ කතාව මතක් වුණා මට. (නි)

:       0       0

අසේල Wednesday, 07 August 2013 06:57 PM

යුද්ධයට නියම නායකත්වය දුන්නේ කවුද කියලා දැන් අපේ රටේ ඉන්න අයට තේරෙනවා ඇති කියලා සිතමි (නි)

:       0       0

කුමාර් Wednesday, 07 August 2013 01:59 PM

ඔබ කිවුවා හරියටම හරි. ඔබට අපේ උත්තමාචාරය. (නි)

:       0       0

ඉන්දික Wednesday, 07 August 2013 02:14 PM

මිනිසුනේ නොරැවටෙන්න. දේශපාලක්නයන්,පුජකවරු ජිවත් වෙන්නේ දෙව් ලෝකේ. අපි ඔබ වැනි අය ජිවත් වෙන්නේ අපායෙ. (නි)

:       0       0

අචිනි Wednesday, 07 August 2013 02:18 PM

ඔබ සමග අපිත් එකගයි ජෙනරාල්තුමනි (නි)

:       0       0

සුනෙත් Wednesday, 07 August 2013 02:22 PM

ඔහොම් කියපු තවත් අය හිටියා. ඒත් ඒ අයත් පැන්නෙ ජරා වලටමනේ.. (නි)

:       0       0

පාලිත Wednesday, 07 August 2013 02:33 PM

හෙමින් යන ගමන හරි සාර්ථකයි, හදිස්සි වෙන්න එපා. ඔබට පුළුවන් හැබැයි මේ අද හෙට නෙමෙයි, තව කාලයක් යනවා. (නි)

:       0       0

කමල් කුලියාපිටිය Wednesday, 07 August 2013 07:30 PM

මම රට ගැන හරිම ආඩම්බරයෙන් හිටපු කෙනෙක්....එත් වැලිවෙරියේ සිද්දියෙන් පසුව හරිම කණගාටු.(අ)

:       0       0

දසුනි Wednesday, 07 August 2013 07:30 PM

හැම කෙනෙක්ම තමන්ගේ වාසිය ගැන හිතන මේ කාලයේ නියම ආදර්ශමත් චරිතය ඔබයි.ජය ප්‍රර්ථනා කරමි. (අ)

:       0       0

නිමාලි Wednesday, 07 August 2013 02:34 PM

මව් රට ගැන හරිම කණගාටුයි (නි)

:       0       0

රමය Wednesday, 07 August 2013 02:35 PM

අනිවාර්යයෙන්ම් ඔබ ආ යුතුය. නැත්නම් රට ඉවර වෙනවා (නි)

:       0       0

මුණසිංහ Wednesday, 07 August 2013 07:42 PM

ඔබතුමා හමුදාපති වෙලා හිටපු කාලේ කරපු සමහර දේවල් මොනවාද කියල ටිකක් කල්පනා කරලා බලන්න. මේකියන දේවල් දිහා බැලුවම දැන් දැන් දේශපාලකයන් කියන කතා ඔබතුමාත් කියන්න පුරුදු වෙලා කියල හැගෙනවා. (අ)

:       0       0

සාර් Wednesday, 07 August 2013 02:39 PM

ඔබතුමා ඇත්තෙන්ම අවංක කෙනෙක් (නි)

:       0       0

සමීර Wednesday, 07 August 2013 02:40 PM

අනිවාර්යයෙන්ම් ඔබ ආ යුතුය (නි)

:       0       0

බන්දුල Wednesday, 07 August 2013 07:47 PM

ජනරාල් පුරුදු පුහුණු කරපු හමුදා නිලදාරින්ටම නේද ඔය චෝදනාව එල්ල කරන්නේ? එදා කරන්න කියල කියපු විදියට තමා මෙදාත් සොල්දාදුවෝ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. (අ)

:       0       0

රාජසිංහ Wednesday, 07 August 2013 02:41 PM

ඔබතුමා පැරදුණේ අපේ අවාසනාවට. (නි)

:       0       0

රණා Wednesday, 07 August 2013 07:53 PM

යහපතක්ම වේවා ! (අ)

:       0       0

කසුන් Wednesday, 07 August 2013 02:47 PM

වානි, මේ මිනිසු මැරුනු එක තමයි මෙතුමාත් විවේචනය කරන්නේ.. (නි)

:       0       0

සුදේව Wednesday, 07 August 2013 02:51 PM

දේවා ඔයාට මට දෙන්න තියන උන්තරේ මෙතුමා දැනටමත් මුළු ලෝකෙටම ප්‍රතිපල පෙන්නලා ඉවරයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 07 August 2013 08:02 PM

දුල දෙන්නෙකුට ඇමෙරිකවෙ යවල උගන්නන කොච්චර මුදලක් යනවා ඇතිද ? ඇත්තටම දන්නේ නැති හින්ද අහන්නේ..මටනම් හිතා ගන්න බැහැ මෙතුමා කොහොමද එ හපන්කම කලේ කියා.සමහරු කියනවා රජයෙන් දුලගේ බිල් පියෙව්ව කියල..මෙතුමා මේ අහිංසක ජනතාවගේ බදු මුදලින් දුලට සල්ලි වියදම් කරන්න දෙයිද කාටවත් මේ කතා කරන හැටියට..කොහොම වුණත් කට්ටිය ඔබ තුමා ගැන කියන කතා අහල හිනාත් යනවා..ඔබ තුමාව තාම මේ අය හඳුනන්නේ නැහැ ..කොහොම වුණත් රතුපස්වල මිනිස්සු පින් කරලා තියෙනවා ඔබ තුමා මේ රටේ පාලකය නොවීම ගැන..පාලකය වෙලා හිටියනම් අද රතු පස් වළක් නැහැ.(අ)

:       0       0

සමන් Wednesday, 07 August 2013 02:53 PM

ගරු ජෙනරාල්තුමනි ,ඔබට අවංකව රට ගැන කැකුමක් තියන උදාර මිනිසෙක්. ඔබ සියලු සැප නැති කරගත්තේ අපි වෙනුවෙන් (නි)

:       0       0

ඩෑන් Wednesday, 07 August 2013 11:05 AM

අපි මේ වගේ අයව දැකලා තිබෙනවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 07 August 2013 03:03 PM

හමුදාවට ඉහලින් තවත් පාර්ශවයක් තිබෙනවා කියලා දන්නවා නම් ඉතින් දෙමුකෝ වැඩේ එළිපිට ඒ පාර්ශවයට... මෙතුමාට බොරු කරන්න බැහැ. මොකද සොල්දාදුවගේ ඉඳලා ජෙනරාල් තනතුර දක්වා හමුදාවේ අස්සක් මුල්ලක් නෑර මෙතුමා දන්නවා . ඔබතුමාට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ද සිල්වා Wednesday, 07 August 2013 03:03 PM

ඔබෙතුම පැවසුවා ඔබතුම හමුදාපතිකමෙන් යන්නේ යුද්ධය ඉවරකරලා කියලා. ඔබතුමා ජනතාවට දුන් පොරොන්දුව ඉටුකළා. නමුත් අනිත් අය දුන් පොරොන්දු ඉටුවුණේ නැහැ. (නි)

:       0       0

බිමල් Wednesday, 07 August 2013 11:17 AM

සර්, අනෙක් නම් දෙකත් කියන්නකෝ, අපිටත් දැනගන්න (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Wednesday, 07 August 2013 11:17 AM

සේනාධිපතිතුමනි, මේ රට මේ අපායෙන් ගොඩ ගන්න. අහිංසක ජනතාවට අද සාමයෙන් ඉන්න නැහැ. රට දැන් මිහිපිට තියෙන නරකාදියක් බවට පත්වෙලා. (නි)

:       0       0

ලක්මාල් Wednesday, 07 August 2013 11:19 AM

කොහොම වුනත් හොද අදහස් දැක්වීමක්.ෆොන්සේකා මහත්තය දිගටම ඔහොම කටයුතු කරනවා නම් මේ වතාවේ පළාත් සභා ඡන්දෙ දිනන්න බැරි වෙන එකක් නැහැ. (නි)

:       0       0

කුමාරි Wednesday, 07 August 2013 03:13 PM

තමන් හිසට තම අතමය සෙවණැල්ල... (නි)

:       0       0

ආනන්ද Wednesday, 07 August 2013 11:21 AM

ඔබතුමා ජාතික වීරයෙක්. එහෙත් මට නම් හිතෙන්නේ අහවල්ලුන්ගේ ලණුව ඔබතුමා කෑවා (නි)

:       0       0

දමයන්ති Wednesday, 07 August 2013 11:24 AM

සරත් මහතාණෙනි, ඔබතුමා ගැන අපි දන්නවා. අපිට ඔබ විශ්වාසයි. ඔබට ජය! (නි)

:       0       0

කෝලිත Wednesday, 07 August 2013 11:24 AM

රට ගොඩගන්න ඇවිත් මෙතුමා වැටෙන්න යන්නේ කවදාවත් ගොඩ එන්න නොහැකි වළකද මන්දා? (නි)

:       0       0

සමීර Wednesday, 07 August 2013 11:25 AM

නියම නායකයා ඔබතුමා තමයි. කවදාහරි මේ රටේ ජනතාවට තේරෙනකොට ප්‍රමාද වෙලා ...... (නි)

:       0       0

අමිල Wednesday, 07 August 2013 11:26 AM

ඇත්තටම ඔබතුමා පැරදුනේ රටේ අවාසනාවට (නි)

:       0       0

දිසානායක Wednesday, 07 August 2013 11:26 AM

ඔබතුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත.වීඩියෝ රුපරමු වලින් පැහැදිලිව මුළු ලෝකයාම දැක්කා මොකක්ද වුණේ,කවුද එතන හිටියේ කියලා.මේවත් වෙනස් බොරු කියලා වැරැද්ද කාගේ හරි මත පටවලා වගකීමෙන් නිදහස් වෙන්න හදනවා.පොඩි අත දරුවෝ සමගින් මේ ගම් වැසියෝ සහභාගී වෙලා හිටිය බව ඕනෑම කෙනෙකුට තේරෙනවා.අහිංසකයෝ මරලා මොන ගෞරවේ දුන්න්නත් වැඩක් නැහැ.ඔවුන්ට කරන ගෞරවය තමයි මේ මිනීමැරුම් වලට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට පැමිණ වීම. (නි)

:       0       0

නිමල් Wednesday, 07 August 2013 03:25 PM

කොටියාගේ ජොනි බට්ටව තුට්ටුවකට මායිම් නොකර සොල්දාදුවැව සටනට මෙහෙයවා සටන ජයග්‍රහණය කළ ඔබ වැරදි විදිහට නිතිය ක්‍රියාවේ නොයොදවන බව විශ්වාසයි අපට (නි)

:       0       0

බණ්ඩාර Thursday, 08 August 2013 10:16 AM

කතාව ඇත්ත මහත්තයෝ වෙන පාර්සවයක් ආව කියන්නේ කොහොමද නිල ඇදුම් ඇදගෙන හිටියේ අපුරුවට (දී)

:       0       0

රුවන් Wednesday, 07 August 2013 11:32 AM

මම නම් මේවා පිළිගන්නෙ නැහැ (නි)

:       0       0

සේනානායක Wednesday, 07 August 2013 03:34 PM

ඔය තැනට එන හැමෝම කියන කතාවක් ඕක. බලමුකෝ මෙතුමා ගැන (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 163 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 279 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1542 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 55 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12544 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6136 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36621 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site