නවගත්තේගම නවෝද්‍ය විදුහලේ විනය භාර ගුරුවරියක වු ප්‍රියානි සුසිලා හේරත් මහත්මිය දණ ගැස් වූ හිටපු පළාත් මන්ත්‍රි ආනන්ද සරත් කුමාරගෙන් ලැබුණු රුපියල් තුන් ලක්ෂයක වන්දියෙන් ගුරුවරුන් හා ළමයින් වෙනුවෙන් අරමුදලක් ඇරඹිණි.
අහිංසා අරමුදල නමින් පිහිට වු එම අරමුදල ශක්තිමත් කිරීමට ඕනෑම කෙනකුට දායක විය හැකි බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජොසප් ස්ටාලීන් මහතා කීවේය.
අරමුදල ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට ප්‍රියානි සුසිලා හේරත් මහත්මිය, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි,හිටපු විභාග කොමසරිස් ආර්.බි.අමරකොන් මහාචාර්ය සරත් විජේසුරිය මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.
(අහිංසා ශිෂ්‍යාධාර අරමුදල, සම්පත් බැංකුවේ ආණමඩුව ශාඛාව,ගිණුම් අංක-114361000680 )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමිය දේශපාලකයන්ට යට නොවී එඩිතරව ශ්‍රී ලංකික ගුරු මාතාවක් ලෙස අහිංසක දරුවන් වෙනුවෙන්ම මේ අරමුදල යොදවනවානම් මමත් මෙයට දායකවී මුදල් පරිත්‍යාග කිරීමට අදහස් කරමි.නමුත් මෙය ලංකා පවතින රජයට විරුද්දව බළල් අතක් නොවිය යුතුයි ,මස හයකින් පසු විපරමකින් ඔබගේ අරමුදලට දායක වෙමි, (අ)
අපෝ අපේ රටේ වෙන දේවල්. අපිට කන් ඇහෙන් නැතිව, ඇස් පේන් නැතිව තිබුනා නම් හොඳයි කියලා හිතෙනවා. හැම දේම දේශපාලනයට යටයි. (නදී)
වගකීමෙන් කියන්නේ, නිපොන් හෝටලේ බිල ගෙව්වේ NGO එකකින්. බිල ලක්ෂයකට වැඩියි. ගුරුතුමිය සිද්ධ වෙච්ච දේ අනුමත කරනවා නෙවෙයි. හිටපු මන්ත්‍රීට ලැබුන දඩුවමත් ඉතා හොඳයි. නමුත් මේ අරමුදල වංචාවක්. දැන් ගුරුතුමිය බළල් අතක් වෙලා. (ස)
සම්පත්ලා වගේ මිනිස්සු ඉන්නකම්, අපේ රට හැමදාමත් මෙහෙමම තමයි. හොඳ වැඩක් කළහම එය අගය කරන්න ඕනෑ (නි)
කොහොම වුණත්, ලක්ෂ තුන අරමුදලකට යොදන එක දුරදිග බලා කළ යෝජනාවක් කියලා මට හිතෙනවා. (නි)
ආදරණීය ගුරු මවක් ලෙස ඔබතුමියට ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා! හැකි පමණ අරමුදල සදහා උදව් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙමි. එසේම ඔබතුමියට ලැබුණු සාධාරණ තීන්දුව පිළිබදව හදවතිම සතුටු වන්නෙමි. (නි)
ඔබටත් ඔබතුමියගේ පවුලේ සැමටත් සාමය සතුට උදාවේවා දිරිය දියණියනි! (නි)
ගුරුතුමියනි,ඔබ ඇරඹූ මෙම මාහැඟි අරමුදලට මමද හැකිපමණින් දායක වන්නෙමි (නි)
මෙවන් අරමුදල් තව තව රටේ ඇතිවේවා ඒ වෙනුවෙන් තව තව ගුරුවරු දණ ගැස්සවේවා! (නදී)
ශ්‍රී ලංකා ගුරු සේවයේ බිහිඋන විශිෂ්ට තම ගුරුමාතාව ලෙස ඔබ තුමිය ඉතිහාසගත වනු නොඅනුමානය. එම මෝඩ දේශපාලකයාගෙන් ලැබුන වන්දිය ඔබතුමියගේ පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම ඉතාමත් පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස ඔබ තුමියට සිතෙන්නට ඇත. එය පොදු යහපතක් වෙනුවෙන් යෙදීම ඇත්තෙන්ම මහත් ඵල වුද මහත් ආනිසංස වුද ක්‍රියාවක්ම වන්නේමය. සමාවෙන්න, මෙම මාහැගි මෙහෙවරට පිළිකුල් සහගත දේසපාලනය බළල් අතක් සේ ඇතුළුවීම නම් කිසිසේත් අනුමැත කල නොහැක.(නදී)
ගමේ ඉඳන් කොළඹ ඇවිත්, නිපොන් හෝටලයේ මාධ්‍ය සාකච්චාව තිබ්බහම ලක්ෂ තුන ඉවරයිනේ. අයියෝ සල්ලි. (ස)
අප රටේ දේශපාලකයින් කීයෙන් කීදෙනෙක්ද තමන්ට පිනට ලැබෙන ලක්ෂ ගණනක මුදලින් අසරණ අය සඳහා යමක් කරලා තිබෙන්නේ.. මමත් හැකි අයුරින් මේ ගුරුතුමිය ගේ මෙම සත් කටයුත්තට උදවු කරන්න පොරොන්දු වෙනවා.. (ස)
මට නම් මේ යන විදිය ටිකක් සැකයි. ඇයි ගුරුතුමිය මේ තරම් දඟලන්නේ වරදට දඩුවම දුන්නට පස්සෙත්? (නි)
උපුල්ගේ යෝජනාවට මම කෙලින්ම විරුද්ධයි. මෙම ගුරු මහත්මිය හිරේ යවන්නයි,එතුමියගේ තනතුරයි, විශ්‍රාම වැටුපයි නැති කරන්නයි ඔය හදන්නේ.,මතකනේ පහුගිය පොදු අපේක්ෂකයාට උන දේ. (ස)
නිලධාරීන් ඒකා මෙන් ඉන්නවා නම් ඔය දේශපාලුවෝ මට්ටු කරන එක කජ්ජක් නෙමෙයි. අපේ තියෙන්නේ අනෙකා පාගා තමා ඉස්මතුවෙන ක්‍රමයක්නේ.(නදී)
නූගත් දේශපාලුවන්ට හොඳ පාඩමක්. (ස)
මෙතන ගොඩක් අයගේ අදහස් කියපුවහම ගොඩක් කනගාටුවක් ඇතිවෙන්නේ. රට දියුණු නැත්තේ මේ බහුතර හිතන්න බැරි, හරි ක්‍රියාවක වටිනාකමක් හඳුනාගන්න බැරි පුහු මිනිස්සු නිසා. ඒ මිනිස්සුන්ට කියන්න තියෙන්නේ ලිඳේ ඉන්න ගෙම්බෝ කියල විතරයි, ලෝකයක් ගැන දන්නේ නැහැ, හිතන් ඉන්නේ දිව්‍ය ලෝකය කියලා. අර කකුළුවෝ දඟලන්නේ තාච්චිය රත් වෙනකල් විතරයිලුනේ. මේ මිනිස්සුන්ට වෙන්නෙත් ඒ ටිකමයි.(නදී)
ප්‍රියානි අක්කේ. මමත් ඔයා වගේම ගුරුවරියක්. ඔයාගේ සත් ක්‍රියාව මම බෙහෙවින් අගය කරනවා. නමුත් ඔබගේ යෝජිත අරමුදලේ සම්පුර්ණ භාරකාරීත්වය සහ අධීක්ෂණය ඔයා යටතේ තබා ගන්න ලෙස මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.(නදී)
හොඳ වැඩක්.(නදී)
පොදු අපේක්ෂක යන ක්‍රියා වලිය හෑල්ලුවකට විහිළුවකට ලක් කිරීමට බොහෝ අය පෙලඹීමකට පත්ව තිබෙන බව පෙනී යන කරුණක් මම දැක්කා. එක ඇමැතිවරයකුත් මෙයට කැමති බව මා දකින්නේ නුගත් බවේ ලක්ෂණයක් විදියට. අපේ රටේ සිටින ජනතාවට මෙවැනි දේවල් තේරුම් ගන්න බැරි විදියට නුගත් කමක් හෝ මෝඩ කමක් ලෙසයි මා දකින්නේ. අද අපේ රටට ඕනේ දේ ගැන හරිහැටි තේරුමක් නැති උදවිය තමයි රටේ ඉන්නේ. ඒ ගැන මන් ප්‍රථමයෙන් කණගාටුව. රටේ ඉඳල හිටලා හරි නිවැරදි තීන්දුවක් දීම ගැනත් මෙතුමිය මේ දරන උත්සාහය . ගැනත් ඉතාමත් ආඩම්බරයි. මෙම අරමුදල ශක්තිමත් කිරීමට උපරිමයෙන් අපේ සහය ලබා දීමට කටයුතු කරන්නෙමු.(නදී)
ඉතාමත් හොඳ වැඩක්. තවත් ඔවැනි දේ කිරීමට දිරිය ශක්තිය ලැබේවා! (නදී)
මෙතුමිය නරකද පොදු අපේක්ෂිකාව හැටියට ? (නදී)
ඉතාම හොඳ වැඩක් අංහිසක දරුවන් වෙනුවෙන් හොද සේවයක් කරීමට ශක්තිය ලැබේවා කාලයට ඔබින ක්‍රියාවක් මිනිසුන් මුදල් වෙනුවෙන් ඕනෑම පහත් ක්‍රියාවක් කරන අවදියක මෙවන් වු සත්කාරයක් දීම පහත් දේශපලනයට හොද පාඩමක් (නදී)
කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ.(නදී)
බහිමු ද වයඹ චන්දයට මැඩම්. (ස)
හිටපු පළාත් මන්ත්‍රි ආනන්ද සරත් කුමාරව දැනගස්වූ ඔබගේ අරමුදල ශක්තිමත් වේවා.මගෙනුත් සුළු පරිත්‍යාගයක් ළඟදීම ලැබනවා ඇත. (ස)
දැන් බලන්න එතුමියගේ මුහුණේ තිබෙන එළිය! (ස)
මොහාන්, ඔබ හරි මෙතුමිය තමයි පොදු අපේක්ෂිකාව විය යුත්තේ. මුදල් හම්බ කිරිම පමණක් ඉදිරියට ගෙන ගස් කෝලන් කපාදමන , සත්තුන් මරාදමන, අහිංසකයින්ට, බොරු චණ්ඩි ටිකක වට කරගෙන ඉන්න අමන දේශපාලුවන්ට හොඳ යමක් උගන්නන්න එක තමයි විය යුත්තේ. මෙතුමියගේ අරමුදලට අපිත් සම්මාදන් වෙමු.(දිල්)
ආදර්ශමත් ක්‍රියාවක්. (ස)
ගුරුතුමිය , ඔබ සැබෑ කාන්ත වීරවරියක්. දැන් කාලයේ පිරිමියකුවත් කරන්නේ නැති වැඩක් ඔබ කලේ .ඔබගේ අනාගතයට සුබපැතුම්. (නදී)
මේවා නිකම් සෝබන වැඩ. මෙතන දේශපාලන බළල් අතක් තියෙනවා. ගුරුවරුන් හා ළමයින් වෙනුවෙන් මොකක් සදහාද මේ අරමුදල වියදම් කරන්නේ. එතකොට ගුරුවරුන්ගේ අතවරයට ලක්වූ දරුවන්ටත් මේකෙන් ප්‍රතිලාබ ලැබෙනවද? (නදී)
කොළඹ නිපොන් හොටලයෙය් මේ මාධ්‍ය සාකච්චාව පවත්වලා තියෙන්නේ. (නදී)
පලා බබා මැරෙනකම්ම මතක හිටින්න මෙම අරමුදලට දන ගහපු අරමුදල කියල දැම්ම නම් තමයි හොද. අපිත් පුළුවන් හැටියට සුළුවෙන් හරි මෙයට උපකාර කරමු. (නදී)
නිපොන් හොටලයෙ බිල ගෙව්වේ කාගේ සල්ලි වලින්ද? කරුණාකර රටට හෙළි කරන්න. (ස)
ලක්ෂ 3ක් නේ. අරමුදලක් පිහිටුවා ගන්න අද කාලේ ලක්ෂ 50 ක් නැතිව කොහොමද ? (නදී)
සම්පත් කියනවා මේවා නිකන් සෝබන වැඩලු. බලල් අතක් ඇතිලු. එතකොට දැනගස්වපු මනුස්සයාට බලු අතක්ද තිබුනේ. කරුණාකරලා උත්තර දෙන්න (නදී)
ඔබ මේ පාර දේශපාලකයින්ගේ ලණු කාලා. මගේ සාතිශය සංවේගය.(නදී)