ගම්පහ ගම් තුනක සිය රාජකාරිය අකුරටම ඉටු කරමින් තිස් එක් වසරක් තිස්සේ ආදර්ශමත් පවුල් සෞඛ්‍ය සේවාවක් ප‍්‍රදේශය තළ ඇති කළ පවුල් සෞඛ්‍ය සේවිකා කුසුමා රුපුනායක(57) මහත්මියට අද උපහාර පිදිණි.
ඇය තම රාජකිරිය කෙතරම් උනන්දුවෙන් කළාද කිවහොත් ප‍්‍රදේශයේ මාතෘ මරණ, බිලිඳු මරණ, අඩු බර දාරක උපත් කිසිවක් වාර්ථා වී නැති තරම්ය.
පොදු ප‍්‍රවාහන පහසුකම් පවා නොමැති ඉතා දුෂ්කර ගමක් වූ ගම්පහ කිරිකිත්ත ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් දෙකකුල් රිදෙන තුරු ගෙයින් ගෙට ගොස් ඇය කළ උදාර මෙහෙවර සහ කැපවීම උදෙසා මෙහිදී ඇයව සම්මානට පාත‍්‍ර විය.
ලොකු, පොඩි බේදයකින් තොරව ඇය ගෙයින් ගෙට ගොස් මව්වරුන්ට අවශ්‍ය උපදෙස් දුන්නා පමණක් නොව අදාල සායන වලට ඔවුන් යොමු කිරීමටද පියවර ගත්තාය.
කුඩා දරුවන් සඳහා එන්නත් ලබා දීමේදී මෙන්ම මව්වරුන්ගේ සායන දින නිතර නිතර මතක් තරමින් පවුල් 496 ක් සහ ඡුන්ද දායකයින් 4500 ක් ජීවත් වන විශාල ගම් ප‍්‍රදේශයක් ආවරණය කරමින් ජනාතව දැනුම්වත් කරමින් ඇය කල අමිල සේවය මිල කළ නොහැක.
ප්‍රදේශයේ බාල, මහළු කොයි කාගේත් ආදරයට, පැසසුමට ලක්වූ ඇය කරුණායන්ත හදවතක් සහ නිහතමාණීකම උපතින්ම උරුමවූ කාන්තාවකි. ඇය අද වසර 31 සේවයෙන් පසු විශ්‍රාම ගත්තාය.
ඇයට උපහාර දැක්වීම පිණිස ප්‍රදේශයේ කුඩා දරුවන්, මව්වරුන් මල් කිනිති රැගෙන කිරිකත්ත ගොවි සෙවනට පැමිණ සිටියහ. එහිදී ඇයව මල් දම් පළ ඉතා උනුසුම් අන්දමින් පිළිගත්හ.
නැගෙනහිර කිරිකිත්ත ග‍්‍රාම සේවක ටී.ඩබ්ලිව් චන්ද්‍රදාස මහතා මහතා විසින් සංවිධානය කර තිබූ මෙම උපහාර උළෙලට මහර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සෝමවීර සෙනවිරත්න, කිරිකිත්ත සිරිලිය කාන්තා සමිතිය, ග‍්‍රාම සංවර්ධන සමිතිය, වැඩිහිටි සමිතිය, නිල් දිය ප‍්‍රජා මූල සංවිධානය සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෝ දායකත්වය සැපයූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වැනි උතුම් මාතාවන් මුළු රටටම ආඩම්බරයක් (දී)
දෙවියොත් නමට වදී.(නදී)
පවුල් සෞඛ්‍ය සේවිකාවක් කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහළ තනතුරක්. මෙම උපහාර උළෙල සංවිධානය කළ ග්‍රාම සේවා නිලධාරි කියන්නේ පරිපාලන ක්ෂේත්‍රයේ පහළ තනතුරක්.වසර 31 ක් තිස්සේ අඛණ්ඩව, නිර්මල සේවයක් ඉටුකිරීම නිමිත්තෙන් පොඩ්ඩෙක් සංවිධානය කළ මෙම උළෙල , ඉතාමත් අගය කළ යුත්තක්. උපහාර උළෙලවල් සංවිධාන කරන රජයේ ලොක්කන්ට ඇස් ඇරෙන මෙම කටයුත්ත බොහොම වටිනවා. කුළුඳුල් දරුවන් දහස් ගණනක් ගොඩ ගත්ත එම මෑණියන්ට දිගාසිරි !!! (නි)
නුඋපන් බිලිදුන්ට ජීවය දුන් ආදරණිය අම්මේ.. ඔබට දීර්ඝායු වේවා.. හැමදාමත් ..අපි ඔබට ආදරෙයි..හැමදාටම.. සත්තයි..(දෝණි) (නි)
කාලය හැමවිටම ඉගිල යයි. නමුත් අපේ මිතුදම කිසිදාක නොමියෙය්... සොයුරියේ ඔබට දීර්ඝායු..(නදී)
ඉතාමත් විශිෂ්ට ක්‍රියාවක්. ඔවැනි නිලධාරීන් නිලධාරිනියන් රටට අත්‍යවශ්‍යයි. ඔබතුමියගේ ඉදිරි කටයුතු උපරිම අයුරින් සාර්ථක වේවා !!(නදී)
ඔබතුමිය ලොකු මෙහෙවරක් කලා ..අප ගමට.......ගොඩක් පින් (දී)
ඔබ වැනි උතුම් මාතාවන් මුළු රටටම ආඩම්බරයක්. ඔබේ මෙහෙවර මෙවන් ලෙස ඇගයීම මහත්වූ සතුටට කරුණකි. (නි)
අගය කල හැකි මිනිස් සිතුවිලි..ආඩම්බරයි, ගුණ ගරුක සැම ගැන. වාසනාවන්......වාසනාවන්.! (නි)
අප මාතාවන්ට නිදුක් නිරෝගී බව පතමි. රටටම ආදර්ශයක් අම්මේ ඔබ. ඔබට දීර්ඝායු වේවා.(නදී)
අගය කළ යුතු දෙයක්. මගේ ගමේ නුනත් මගේ මව්බිමේනේ (දී)
ඇය මවුවරුන්ගේත් මවක්! පින්බර මාතාවක්! ඇයගේ මුහුනෙම එම සටහන ලියවී තියනවා. ඔතන ඉන්න ඔය පොඩි මල් කැකුළු සියල්ලකට නිරෝගිව පිපෙන්නට ඉඩ විවර කර දෙන්නට ඇගෙන් ලැබුන දායකත්වයටත්, මිනිසුනි ඔබ දක්වපු උපහාරයටත් මගෙනුත් තුති! (දී)
ඔබ නියම මාතාවකි. ලොවටම ඔබ ආඩම්බරයකි (දී)
අවු වැසි සොබා දහමේ බාධා නොදැන.. අවුරුදු 31ක් සේවය නිසි ලෙසින.. කප්රුක ඔබයි සැම අයටම පිහිට වුන.. කුසුමකි පිපුනු අප අතරේ පරනොවෙන (දී)
ළමයි නැතිකරන්නත් උපදෙස් දෙනවද ඒ ගොල්ලෝ? (දී)
සැවොම ඔබට සුබ පතනවා (දී)
මෙවන් පිනැතියන්ගේ දෝතට යන්න මලක් වෙන්න ඇත්නම් මට.(අ)
ඔබ වැනි කෙනෙක් සොයා ගැනීම දුෂ්කරය .. එය හරියට එක මුතුඇටයක් සෙවීම වෙනුවෙන් බෙල්ලන් සියයක් විවර කරනවා වැනිය .. නමුත් ඔබ වැනි කෙනෙක් සොයා ගැනීම කිමිදීම අර්ථවත් කරයි.... ඔබට දීර්ඝායු ....(අ)
අපේ ගමට ඔබ තුමිය කල උදාර සේවය අපි හද පතුලෙන්ම අගය කරන්නෙමු. ඔබ තුමිය අපට කළ සේවයේ පිනෙන් තවත් බොහෝ කාලයක් නිදුක් නිරෝගී සුවයෙන් ජිවත් වීමට ලැබේවි අපි හදවතින් ප්‍රර්ථනා කරන්නෙමු .දිර්ඝායුවේවා!(නදී)
ඔබතුමී කල උදාර මෙහෙයට ජාති ජාතිත් ලෙඩ දුකක්... වේදනාවක්... සිත් තැවුලක්.... යනාදී කිසිදු කර්මයක් පල නොදේවා...!!! දීර්ඝායු වේවා...!!! (ත)
ඇයට මුදල් තිළිණයක් දිය යුතුයි. ගරු මාතාවට අපගේ ප්‍රණාමය.(නදී)
දිර්ඝායු ලැබේවා ඔබ තුමියට, කලගුණ දත් මිනිසුන් පිරිසක් සිටීමත් සතුටක් මේ වගේ වැඩසටහනක් සංවිදානය කිරීමට.(නදී)
රටටම ආදර්ශයක් , ඔබ තුමියට දීර්ගායුස ! (අ)
කාලගුණ දන්නා මිනිසුන් විසින් උදාර කාන්තාවකට දක්වන ලද වටිනා සත් ක්‍රියාවක් කෝ? ආයතන ලොක්කෝ දේශපාලුවෝ එයාලට ඕව පෙනෙන්නේ නැහනේ (අ)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමිය ජනතා සේවිකාවක්මයි. මේක තමයි සේවය සහ වෘත්තීය අතර වෙනස.(නදී)
මෑණියනි ඔබට දීර්ඝායු ,අපට ඔබ ආදර්ශයකි.(නදී)
ඔබතුමිය කල උදාර අදර්සමත් සේවයට ස්තුතිය පුදකරමි. එතුමියට නිදුක් නිරෝගී බව පතමි. (අ)
මේවා කවදත් හොද වැඩ. හාල්පාරු දේශපාලකයෝ පිලිගන්නවට වඩා රටට වැඩක් කරපු මේ අම්මට ගෞරවය දක්වපු එක අපටත් ආඩම්බරයක්.(නදී)
උත්සවයේ ඔබ තුමී පිළිගන්න රැස්ව සිටින දරුවන්ගෙන් බොහෝ දෙනෙකුගේ උපතේදී ඔබ විසින් වින්නඹු කර ඇති බවට කිසිම සැකයක් නැත...ඔබට දීර්ඝායු...(නදී)
ගූඩ් ජොබ් (අ)
කලාතුරකින් අහන්න ලැබුණු ප්‍රවෘත්තියක්. නියමයි ඔබට අපෙත් ප්‍රණාමය (අ)
ගස් බදී ද දන්නේ නෑ සේවය හරියට ඉටු කල නිසා පරිස්සම් වෙන්න ඔබට ජය. (අ)
අනිකුත් වින්නබු මාතාවන්ට හොද ආදර්ශයක්.(නදී)
රටටම ආදර්ශයක් අම්මේ ඔබට දීර්ඝායු වේවා!(නදී)
බුදු සරණයි ඔබතුමිය කල සේවයට සදා ජය..(නදී)