(යොහාන් භාසුර)
එංගලන්ත සංචාරයේදී විනය කඩ කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට විශේෂ පංච පුද්ගල විනය කමිටුව පනවූ දඩුවම සංශෝධනය කරමින් ක්‍රිකට් තහනම වසරකින් අඩු කර දඩය ලක්‍ෂ 50 කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළේය.
විනය කමිටුව පැනවූ ඩොලර් 25,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ දඩය රුපියල් කෝටිය (ලක්‍ෂ 100 ක) බැගින් ලෙස ඉහළ දමා ඇති අතර වසර දෙකක තහනම වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනමක් ද, මාස හයක දේශීය තරග තහනමක් ද ලෙස සංශෝධනය කර තිබේ.
මෙම ක්‍රීඩකයන් තිදෙනාගේ වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනම අවසන් වූ පසු වසර දෙකක අත්හිටුවූ තහනමක් ක්‍රියාත්මක වන අතර එය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලපෑමක් නොකරයි.
වරදකරුවන් වූ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන මනෝවෛද්‍යවරයකුගේ උපදෙස් සඳහා යොමු විය යුතුය.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයකු පැවසුවේ එම ක්‍රීඩකයන් තිදෙනාගේ ක්‍රිකට් දිවිය පිළිබඳව අවදානය යොමු කරමින් ක්‍රිකට් තහනම පමණක් අඩු කිරීමට පියවර ගත් බවයි.
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විනය කැඩූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ තහනම වසරකින් අඩු කර දඩය කෝටියක් කරයි
p.d goonawardena Saturday, 31 July 2021 09:11 AM
යකාගේ විනය කමිටුවක්නේ... ආයිත් නායකයාවම කරමු අර බින්දුසාරයාව... මේ අයව ආයිත් සදහටම ක්‍රීඩාංගණවල දකින්න නොලැබේවා කියලා තමයි ප්‍රේක්ෂක අපේ ඒකායන පැතුම...
RaveendraSaturday, 31 July 2021 11:53 AM
ලබන සතියේ අවිනීතව හැසුරුණු ලංකාවේ නම කතාකළ මොවුන්ව විනීත දරුවන් ලෙස සියලු වැරදිවලින් නිදොස්කර නිදහස් කරන ලදී.. මේ නොකියා කියන්නේ නුඹලා අවිනීතව හැසිරියව්, නුඹලා ලකුණු නොගත්තාටද කමක් නැත "විධායක කමිටුවේ හරකුන් වන අප වැජඹෙන්නට ඕනෑ යන්න නොවේද?‘‘ මෙම අදහස් විධානයක් නැති විධාන කමිටුව නමැති දියබරියන්ට කියවීමට හැකි වේවා...!!!
RaveendraSunday, 01 August 2021 06:32 AM
මෙහි නියම අර්ථය වන්නේ "කිසිම විනයක් නොමැති විධායක කමිටුවක්" ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන බව නොවේද? එය මෙම ගොන් තීරණ වෙනස්වීම් තුළින් අට පහ නොදත් ඕනෑම කෙනෙකුට තේරෙන සත්‍යයකි. එමගින් අපගේ අනාගත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය පිරිහීමට කිසිදු විධානයක් නොමැති මෙම විධායක කමිටුවේ "ලොන්තයින් ඍජුවම වගකිව යුතුමයි". මෙම අදහස් ක්‍රීඩා "ඇමතියාට" මෙන්ම අවිනීතව ක්‍රීඩාව විධානය කරන විධායක කමිටුවේ "ගොබ්බයින්ට" මෙන්ම අති දක්ෂයින් ලෙස කෑමොර දෙන බින්දුමතීලාට සහ බෝක්කු පාලලාටද කියැවීමට ලැබේවා...!!!
sachith Saturday, 31 July 2021 09:36 AM
ඔන්න බලන්න තව මාසයක් දෙකක් යනකොට ඔයා අවුරුද්දක් කිව්ව එකත් නිකන්ම අඩුවෙලා කිසිම දේශීය තරගාවලියක දක්ෂතා පෙනෙන්නේ නැතුව මේ තුන්දෙනා කණ්ඩායමට එන හැටි.. විශේෂයෙන්ම ඉස්සරහාට එන ලෝක කුසලාන සංචිතයට මේ 03 උඩින් පත්වෙනවා...
Mass Saturday, 31 July 2021 10:52 AM
මාස 06කට පෙරම බෝර්න් අගේන් වී නැවත එනු ඇත...
kamal Saturday, 31 July 2021 11:44 AM
ඩොලර් හිඟ වෙලාවේ කොහොම හරි කියලා හරි හොයාගන්නත් එපෑයෑ.
සමරේSaturday, 31 July 2021 12:19 PM
ඩොලර් හොයා ගත්තා කියලා අපිට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ දඬුවම් කාලය අඩු කරපු එක ගැනයි. මේ අය ක්‍රිකට් පාලනය කරන අයගේ වළං හෝදන්න වුණත් එන්නම් කිව්වද දන්නේ නෑ.. දඬුවම් කාලය අඩු කරේ...
Warnakulasuriya Shirantha Saturday, 31 July 2021 12:40 PM
තව ලක්ෂ 50ක් වැඩිකරලා දඩේ.. එයාලාව ඇතුළට ගන්න...
DM Saturday, 31 July 2021 01:45 PM
ආණ්ඩුවේ ලොක්කෙක්ව අල්ල ගත්තොත් ජනාධිපති සමාව ගන්න පුළුවන්.
siri Saturday, 31 July 2021 02:14 PM
ඉතින් කොහොමද නවකයින්ට ආදර්ශයක් දෙන්නේ?
Don perera Saturday, 31 July 2021 02:37 PM
සර්ට කියන්න...!!
dammi Saturday, 31 July 2021 06:27 PM
ගොඩක් හොඳයි...!!!