ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝග කර ඇති විනය පරීක්ෂණ වලට මුහුණ දීමට කිසිඳු බියක් නැති බවත් තමන් ප්‍රසිද්ධියේම මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය පරීක්ෂනයකට නියමිතව සිටින කුරුණෑගල දිස්ත්‍රීක් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු මාධ්‍ය හමුවක් අමතමින් ක්‍රරුණෑගල දී කීහ.
ශ්‍රීලනිපයේ සම්මුඛ පරීක්ෂණයක් සඳහා එවූ ලිපි ඉරා පිළිස්සීම සම්බන්ධව එම මන්ත්‍රීවරුන්ට විනය කඩ කිරීමේ චෝදනා එල්ල වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකත්වය පිළිගන්න බැරි නම් තමුන් පිළිගන්න නායකයාව දාගෙන අලුතෙන් පක්ෂයක් පිහිටුවාගෙන යන්නකෝ, ප්‍රශ්න ඇති නොකර. (නි)
ඔවු. කොහොමත් එයාලට බයවෙන්න ඕනෑ නැහැ. (නි)
ඒවායින් ගැළවෙන්න හොඳ පුහුණුවක් තියනවනේ (නි)
මේ අය මාර වැඩකාරයෝනේ.(හේ)
ඕවට බය වෙන්න දෙයක් නැහැ. (හේ)
ජනහිත, ඔබ හරි. (හේ)
ජනහිත කියා කතාව හරියටම හරි. එහෙම වෙනවනම් විනය පරීක්ෂණය පිළිගන්න පුළුවන්. අපිට දැන්නම් එස් එල් පී එෆ් එකගැන කිසිම හැගීමක් න දැන් ඉන්න නායකයන්ගේ වැඩපිළිවෙල නිසා. (රේ)
නිර්පාක්ෂිකයි කියා පක්ෂ අනුමැතියකින් තොරව පක්ෂයෙන් ගිය අයට විනය පරික්ෂණ තියන්නේ කවදද? (නි)
ඇත්ත වශයෙන්ම මුලින්ම විනය පරීක්ෂණ කරන්න ඕනෑ පක්ෂය විනාශ කළ අයට (නි)
උසාවි චෝදනා සියල්ල බොරු කියලද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)
බය නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ (නි)
ජනතාවට කියන්න අවංකම විනය තියන අය අපියි කියලා, ඔය කියන කෙරුම්කාරයන්ගෙන්. අනිත් අයට දඬුවම් කරන්න කලින් (නි)
හරියට හරි සිරි. විනය පරීක්ෂණ තියලා දඬුවම් කරන එක ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. නමුත් මෙය පටන්ගන්න ඕනෑ මුල ඉඳලම. මැද්දෙන්වත් අගින්වත් බැහැ. උදාහරණ වශයෙන් කවුද මුලින්ම පක්ෂය කඩාගෙන ගියේ? කවුද වෙනත් පක්ෂයකින් තරඟ කරලා ආපහු ආවේ? කවුද මහා මැතිවරණයේදී පක්ෂයෙන් තරඟ කරපු අයට සහයෝගය නොදී, පාක්ෂිකයින්ගේ කකුලෙන් අදින වැඩේ කළේ? ඒ අයට මුලින්ම විනය පරීක්ෂණය තියලා දඬුවම් කරලා අනිත්වා පටන් ගනිමු. (නි)
නීතිගරුක ජනතාවගේ පැත්තෙන් අපිත් කැමතියි හොරු සහ ඔවුන්ගේ කටු ලෙවකන අය එහාට මෙහාට පනින්නේ නැත්නම්. (නි)
මේ අය වීරයෝ වගේ කිවුවට බය නැහැ කියලා මේ අය තමා වැඩිපුරම බය. (නි)
රතු කාපට් මතින් ගිය මහින්ද ජනාධිපතිතුමාව මහපාරට අැදලා දැම්මේ කවුද කියලා අපි දන්නවා (නි)
අපිත් කැමති එහෙට මෙහෙට පනින්නේ නැති අයට. ඔබට ජය. (නි)
විනය පරීක්ෂණත් හරියට ඡන්ද පොරොන්දු වගේමයි (නි)
විනය පරීක්ෂණ වලට බාලගිරි දෝෂය. ලැජ්ජයි! (නි)
කොහොමටත් දැන් ශ්‍රිලනිපයක් නැති ගානයිනේ. පරාද වුණ අයට ඇමති තනතුරු දීගෙන නටන කෝලම ගැනයි විනය පරීක්ෂණයක් තියන්න ඕනෑ (නි)