මහනුවර ධර්මරාජ විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර අද (28) රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති රග්බි තරගයේදී පේ‍්‍රක්‍ෂකයන් විනිසුරුවරයාට වතුර බෝතලයකින් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් මිනිත්තු 10 කට ආසන්න කාලයක් තරගය අත්හිටුවීමට සිදුවිය.
දෙවැනි අර්ධයේ 24 වැනි මිනිත්තුවේදී ප‍්‍රධාන විනිසුරු ඩිංගා පීරිස් මහතා ටොරින්ටන් අන්තයෙන් ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයකුට කහ කාඞ්පතින් අවවාද කර පිටියෙන් ඉවත් කිරීමත් සමග එම අන්තයේ පැති විනිසුරු ලෙස කටයුතු කළ දිමිත‍්‍රි ගුණසේකර මහතා තමන්ට කිසියම් දෙයකින් පහර දුන්නේ යයි පැමිණිලි කළේය.
ඒත් සමගම සංවිධායකයන්ගේ මැදිහත් විමෙන් උසස් පොලිස් නිලධාරීන්, පොලිස් කැරළි මර්ධන බලකාය සහ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් පැමිණ ක‍්‍රීඩාංගණයේ ආරක්‍ෂාව තර කළ අතර රග්බි විනිසුරු සංගමයේ නිලධාරීහූ ද ක‍්‍රීඩාංගණයට පැමිණ සිටියහ.
(ඡයාරූපය: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර වතුර ගසා ගැනීමේ සෙල්ලමද දන්නේ නැහැ නේද? (නි)
නුවර අයනේ (අ)
ධර්මරාජ තමඊ නුවර තියෙන කිසිම විනයක් නැති පාසැල. ආගමටත් නින්දාවක් !!! කොළොඹ ඉසිපතන මහා විදුහලේ නිවුන් සහෝදරයෙක් තමයි නුවර ධර්මරාජ විද්‍යාලය කියන්නේ. (අ)
ධර්මරාජේ කීර්තිය දරා ගැනිමට බැරි අය තරහට සහ ඉරිසියාවට කියන කතා (අ)
එක හින්දද කින්ස්වූඩ් ,ශා අන්තෝනි 8 දෙනෙක් ඉස්පිරිතාලේ ලගින්නේ ,නොදන්නා දේවල් ක්තකරාන්න එපා විදුෂ .ඉසිපතනට තියෙනේ නොමැකෙන අද්විතීය රග්බි ඉතිහාසයක් පතන නැත්නම් ලංකාවේ රගරුත් නැහැ (අ)
විදූෂ, නරියා මිදි තිත්තයි කියපු කතාව අම්ම තාත්තගෙන්වත් අහලා දැනගන්ඩ. (අ)
මේ දවස් වල ලංකාවේ තියන සුපිරි පාසල් වලට මඩ ගහන්නේ ඇයි (අ)
විධුෂ නරියෝ බුදුදහම සිංහලකම රකින ධර්මරාජය ආනන්ද පතන වගේ පාසල් වලට උඩුබුරලා ආගමට නින්දාවන් කරන මෝඩයෙක් වෙන්න එපා.(නදී)
ජයවේවා රාජන්ස්!(නදී)
රටේ නායකයන්ගේ පුත්තු අතින් පයින් විනිසුරුවන්ට ගහනකොට අනිත් මිනිසුන් ගැන තව මොන කතාද?.(නදී)
විදුෂ උන දේ මොකක්ද කියල දන්නේ නැතුව බල්ලෙක් වගේ උඩු බුරලන්න එපා. වතුර බෝතලෙකින් ගැහුවේ රාජකීය ප්‍රේක්ෂකයෝ.(නදී)
විදුෂ, ඔයා මොනාද ධර්මරාජ එක ගැන දන්නේ? නිකන් බොරුවට කෑගහන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න. (නි)