(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පක්ෂ නායකයන් කිව්වොත් ජනපති ඉවත්වීමට සූදානම් යැයි තමා කීවෙි නැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
තමා එවැනි කතාවක් කීවේ යැයි සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් මාධ්‍යයේ යන බව කී කතානායක වරයා එය අසත්‍යක් බව ද සඳහන් කළේය.
"113ක් ආවොත් ආණ්ඩුව දෙන්න සූදානම් බවයි ජනාධිපතිතුමා පැවසුවේ.ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න කියන්න පාර්ලිමේන්තුවේ 225ටම බලයක් නැති බව ඔබතුමා තේරුම් ගන්න"
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-
මා ඉදිරිපිට දිනේෂ් ගුණවර්ධන මහතා හිටියා. ඔබතුමා එවැනි කතාවක් කිව්වා.ඔබතුමා වැරදි විග්‍රහයක් කරනවා.මෙතන පැමිණ මා පැවසූයේ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ඔබතුමා කියූ දෙයයි. ඒ වගේ කතා දැන් කියන්නෙපා.ඔබ තුමා කතානායක නොවෙයි. පචයෙක්.
කතානායක:-
ටොන් පච කියන්නේ ඔබයි.
සජිත් ප්‍රේමදාස මහතා:-
මට කිසිම උවමනාවක් නැහැ බොරු කියන්න.ඔබතුමා ඒ ප්‍රකාශය කළ විට මා වෙලාවක් අරන් දෙන්න කිව්වා.ඔබ තුමා කියූ දේ විකෘති කර කතා කරන්න තරම් මා මෝඩයෙක්ද?
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
ජනාධිපතිතුමාට තිබෙන ප්‍රශ්නය වන්නේ එතුමා ගියොත් ඉදිරියට වන්නේ කුමක්ද යන්න බවත් පක්ෂ නායකයන් කියනවා නම් අස්වෙන්න සූදානම් බවත් ඔබතුමා පක්ෂ නායක රැස්වීමේදී පැවසුවා.
කතානායක:-
ජනාධිපති තුමා කිව්වේ සිය 113 පෙන්නුවොත් ආණ්ඩුව දෙන්නම් කියලා.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
අපිට එතුමා ආණ්ඩුව දෙන්න ඕන නෑ. ගන්න පුළුවන්. අපට 113 තියෙනවා.
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විපක්ෂ නායක කියන්නේ ටොන් පච- කතානායක
කිරි පුතා Wednesday, 20 April 2022 02:55 PM
මේ කාටත් ඕන බලයට එන්න මිසක් රටට යහපතක් කරන්න නොවෙයි.
Saththaya Wednesday, 20 April 2022 03:19 PM
ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ මුල ඉඳන්ම බලය සොයන කට්ටියක්..., ඒ මොකද දන්නවද? කෝටිපතියන් වෙන්න... මහජනයාගේ ලේ බොන්න. අවුරුදු ගණනාවක් වුනේ ඒකයි... දැන් වෙන බොන්න ලේ ඉතුරුවෙලා නැහැ. ඒනිසා හැමෝම ගෙදර යන්න. පුතාණෝත් අරගෙනම යන්න...
කෝරලගේ Wednesday, 20 April 2022 03:42 PM
ඔව් ඉතින් විපක්ෂ නායකතුමා අවුරුද්දකටත් ඉස්සෙල්ලා ඉඳන් කිව්වා IMFයන්න... ගත්තු ණය ප්‍රති ව්‍යුහගත කරන්න කියලා, රසායනික පොහොර ගොවියන්ට දීලා කාබනික පොහොර දිගු කාලයක් අරගෙන රටට හඳුන්වන්න කියලා... මේවා ඉතින් ටොම් පචනේ. දැන් තේරෙනවා නේද ඒවා ඒ වෙලාවේ කළානම් අද වෙනකොට රට මේ අගාධයෙන් බේරගන්න තිබුණා කියලා. දැන්වත් විපක්ෂ නායකතුමාට රට බාරදීලා මේ ආණ්ඩුවේ පිස්සු නඩේ හැඳිගෑවිලා ගියානම් තමයි රටට සෙතක් වෙන්නේ.
ChandraWednesday, 20 April 2022 05:57 PM
එයාට දුන්නා නම් මීට වඩා විනාශයක් වෙලා මේ රටට. එයා කවදාවත් මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න විදිහක් ගැන කියලා නැහැ. මේ අර්බුදයට කෙටි කාලීන විසඳුම්, දිගුකාලීන විසඳුම් ගැන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ අනුර දිසානායක මහතා පමණි.
Kumara Wednesday, 20 April 2022 04:28 PM
ඔය කොයි කාටත් අකුලගෙන යන්න තමයි කියන්නේ.
sachith Wednesday, 20 April 2022 04:28 PM
රටේ මිනිස්සු කන්න, බොන්න, බෙහෙත් නැතිව පාරට බැහැලා ඉන්නවා.