ඇමැතිවරු හය දෙනෙක් විසින් සිදු කරන ලදැයි කියන දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලය ඇතුළත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරිමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වේ.
කොළඹ,කළුතර,මහනුවර,රත්නපුර, හා වන්නි යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අමාත්‍ය ධුර දරණ හය දෙනෙකුට එරෙහිව මෙලෙස පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි. පොදු විපක්ෂය තුළද සිටිනා පසුගිය සමයේ අල්ලස් හෝ දුෂණ ඇති අය ගැනද කටයුතු කරන්න. (ම)
මාධ්‍ය සන්දර්ශන පෙන්නනවාට වඩා මෙය යහපති. (ම)
හොද වැඩක් (ම)
අන්න එළකිරි වැඩ. දැන් බලමු නීතියේ සදාරණත්වය! (ම)
ඔවුන් මේ කරන චෝදනා අනුව ගම්‍ය වන්නේ මැති ඇමති තනතුර යනු පහත් පෙලේ රැකියාවක් කියන දේ නේද?එසේ නම් ශිස්ට සම්පන්න කෙනෙක් එවැනි පදවියකට ඉල්ලීම පවා පිළිකුල් කළ යුතු නොවේද? (අ)
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන්නේ සාධාරණ හා කඩිනම් විමර්ශන බලාපොරොත්තුවෙනි. ඒ නිසා දැන්වත් මේවා කඩිනම් කරයි කියලා මහජනතාව ලෙස හිතනවා (නි)
හරි ඉක්මනටම අත්අඩංගුවට අරගෙන හිරේ දමයි. බලාගෙන ඉන්න. (නි)