(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ ආංශික අධික්ෂණ කාරක සභා දාහතේම සභාපතිධූර විපක්ෂයට ලබා දිය යුතු බවට සමගි ජන බලවේගය පක්ෂයේ නායකයන් දිගින් දිගටම ඉල්ලා සිටීම නිසා එම කාරක සභා පත් කිරීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් නොමැතිව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ කටයුතු අද (11) අවසන් විය.
ආංශික අධීක්ෂණ කාරක සඳහා දාහතේම සභාපති ධූර ලබා නොදෙන්නේ නම් සමගි ජන බලවේගය පක්ෂය එම කමිටු වලට දායකත්වය ලබා නොදෙන බව පක්ෂ නායකයෝ ඒ කාරක සභාවේදී පැවසූහ.
එහිදී ආණ්ඩු පක්ෂයේ නායකයන් ප්‍රකාශ කර ඇත්තේ කාරක සභා දාහතේම සභාපති ධූර සම සමව බෙදා ගත යුතු බවයි. එහෙත් සමගි ජන බලවේගය පක්ෂය ඊට එකඟ වී නැත.
ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිධූර සම්බන්ධයෙන් විපක්ෂයේ මතය වෙනස් නොවීම නිසා එම කාරක සභා පත් කිරීම මේ අනුව දිනෙන් දිනම ප්‍රමාද වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ආංශික අධීක්ෂණ කාරක සභා හැකි ඉක්මනින් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගියදා ලිඛිතව දැනුම් දුන්නේය.
ඒ අනුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී අද (11) පෙරවරුවේ රැස්විය.
මෙම රැස්වීමට සභානායක සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විපක්ෂය මස් රාත්තලම ඉල්ලයි
ravin Saturday, 12 November 2022 07:47 AM
සමගි ජන බලවේගයට පමණක් නොව විපක්ෂයේ සිටින සියලුම පක්ෂවලට ලබාදීම ප්රජාතන්ත්රවාදී වේ.