ජාතික නිදහස් පෙරමුණේ අක්මීමණ ආසන සංවිධායක නීතීඥ මහේෂ් මඩවල මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය සහයෝගය ලබා දෙන බව අද ගාල්ල උණවටුණේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී කීවේය. නීතය හා නීතියේ ආධිපත්‍යය බරපතල අර්බුදයකට මුහුණ පෑ අවස්ථාවක දී එය සුරක්ෂිත කරනු ඇතැයි විශ්වාසයක් තැබිය හැකි එමෙන් ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකරනු ඇතැයි විශ්වාස කළ හැකි අපේක්ෂකයාට තමන් සහයෝගය ලබා දෙන බව ද හෙතෙම කීවේය. තවමත් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ සංවිධායක වරයා ලෙස පක්ෂයේ මතවාදය සමග සිටිය ද දැන් පක්ෂය ඒකාධිපති නායකයකුට කඩේ යාම හේතුවෙන් තමන් පක්ෂයෙන් ඉවත්ව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල මලයෝ, දත් සැට් එක එකපාර ගලවන්න හොද නැහැ.එකින් එක තමයි ගලවන්න ඕනේ. (නදී)
බුද්ධිමතකුගේ බුද්ධිමත් තීරණයක්. (නි)
ජයවේවා! (නි)
කටුගස්තොට ඔබ 100% හරි. (නදී)
බන්දුල පෙරේරා මොකද මේ ගැන කියන්නේ? (නි)
යහපාලනයක් සඳහා මෙයයි වියයුත්තේ. මෛත්‍රීට ජයවේවා! (නි)
බන්දුල අයියේ ලගදීම ඔක්කොම ටික ගලවනවා. දොස්තර මහත්තයා කාර්ය බහුලයි මේ දවස්වල. ඒකයි පරක්කු. (නදී)
බුද්ධිමතුන් අප අතර ඉන්නවා කියන එකට හොද නිදසුනක් මෙය. (නදී)
නියම තීරණයක්. මෛත්‍රී මැතිතුමාට ජයවේවා ! (නදී)
කලබල නැතුව හෙමීට දත් ටික ගලවන්න තියෙන්නේ. (නදී)
[යන] [එන] ලිපිගොනු දිහා බැලුවහම, [යන] ලිපිගොනු වැඩියි නේද බන්දුල අයියේ. (නදී)
දත් එකින් එක ගැලවීම දන්ත වෛද්‍යවරුන් උපයෝගී කරගන්නා ක්‍රමවේදයකි.(නදී)
ගුරුතුමා මිලියන 600 වටිනා කෙනෙක් කියලා එයාම කියනවා. (නදී)
අනුන්නට මඩ ගහන්නේ නැතුව තමුන්ගේ කට්ටිය ගැන බැලුවනම් මෙහෙම වෙන්නේ නැහැ.(හේ)
බන්දුල පෙරේරා නම් හොඳට කඩේ යනවා වගෙයි මේ දවස්වල (නි)
අනේ මන්දා මේවද මේ දොස්තර මහහත්තය ගලවනවා කියපු දත්. (නදී)
මේකත් අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද විමල් මහත්තයෝ? මම නම් හිතන්නේ උගත් කම නිසා ගත් තීරණයක්. (නදී)
මේ වගේ දැන්වත් බුද්ධිමත් ජනතාවගේ ඇස් ඇරේවා. (නදී)
කීයද ගාන? (හේ)
විමල් නම් එපා.(හේ)
මේ ගෝලයා වුනත් උගත් කෙනෙක්නේ.(හේ)
අපගේ සතුට. (ර)
දැන් විමල් මොකද කියන්නේ ? සැපද ? (බ)
බුද්ධිමත් තීරණයක්. (නදී)
මොළයක් ඇති උගත්තු නිතරම රට ජාතිය වෙනුවෙන් නිතරම හොඳ තීරණ ගන්න බව අපි දනිමු (නදී)
මෙයා විමල්ගේ ගෝලයෙක් කියන එකට මම විරුද්ධයි. මෙයා උගතෙක් (නදී)