වේයන්ගොඩ නාලපහවත්තේ හරක් රංචුවක් කැලෑ ගවයින් බවට පත්වීමෙන් තමන් දැඩි පීඩාවකට පත්ව ඇතැයි ගම්වාසීහු සහ ගොවියෝ කියති.
ගවයින් 100ක් පමණ රජයේ අභය භූමියකට මුදා හරින්නැයි අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය වනජීවි අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කළාය.
නාලපහ ගොවිජන සංවර්ධන නිලධාරී සුනිල් ශාන්ත වැලිකුඹුර මහතා වේයන්ගොඩ පොලිසියට මේ ගැන පැමිණිලි කළේය.
වත්තේ හිමිකරුවන් බව කියන හිටපු මහේස්ත්‍රාත් සරත් ප්‍රේමචන්ද්‍ර, යූ.පී.ඉන්ද්‍රා ශ්‍රීමතී, යූ.පී.අනෝමා පද්මසීලී හා සීතා ස්වර්ණපාලී යන සිව්දෙනාට එරෙහිව මහජන පීඩාව යටතේ නඩුවක් පවරා ඇත.
වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා කරුණු දක්වමින් ගවයින් 42ක් දීර්ඝ කාලයක් මේ වත්තේ නිදැල්ලේ හැර තිබීම නිසා 100කට වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය වී ඇති බවත් ඔවුන් කැලෑ හරකුන් බවට පත්වී සිටින බවත් කියා සිටියේය.
ගවයින් කිසිවකුට හීලෑ නොමැති බවත් අවට ගම්මානවලට පැන ජනතාවට ඇන තුවාල කරන බවත් වගා පාළු කරන බවත් ඔහු කීවේය. සරත් ප්‍රේමචන්ද්‍ර මහතා තමා ගවයින්ගේ හිමිකරුවකු නොවන බවත් දැනට එම වත්තේ භුක්තිය නොමැති බැවින් තමා මුදාහරින ලෙසත් ඉල්ලා සිටි අතර අනෙක් විත්තිකරුවෝ ගවයින් අභය භූමියකට මුදාහැරීමට කැමැත්ත පළ කළහ.
ගවයින් නිර්වින්දනය කර අල්ලා සුදුසු අභයභූමියකට මුදාහරින්නැයි මහේස්ත්‍රාත්වරිය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කළාය.
විත්තිකරුවන් සිව්දෙනා පෙර ඇප මත මුදා හැරිණි.
නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්
පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.
නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය
මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වේයන්ගොඩ කැලෑ හරක් රංචුව කැලේටම
පිටබැද්දර ජයා Friday, 04 December 2015 11:10 PM
බලාගන්න කැමති කෙනෙකුට දෙන්න කලින් නම් හීලෑ කරලම දෙන්න වෙයි (නි)
සුසන්ත Friday, 04 December 2015 10:19 AM
මරන්න යන හරක් නිදහස් කරන එක හොඳ වැඩක්.. එත් ඒ හරක් නිකන්ම පාරේ දමන්නේ නැතුව දුප්පත්, සාධාරණ ගොවි පවුලකට දුන්නනම් හොඳ නේද? (ම)
චින්තක Saturday, 05 December 2015 01:55 AM
ගවයින් කැලෑවට දැම්මහම කැලැ සතුන්ට ආක්‍රමණිකයන් වෙනවා. ගවයන් බෝවී පරිසරය වැනසෙනවා. (නි)
සුනිල් ගීකියනගේ Friday, 04 December 2015 03:23 PM
මේ හරක් ටික බලාගන්න කැමති කෙනෙකුට දෙන්න නිකන් කැලෑවට මුදා හරින්නේ නැතිව (අ)
කපිල Friday, 04 December 2015 04:03 PM
හොඳ තීන්දුවක් (නි)
බිංදු Saturday, 05 December 2015 12:46 PM
මේ සත්තු කැලේ ඉන්න අනෙක් සතුන්ට කරදර කරන එකක් නැද්ද? (නි)
අශේන් Saturday, 05 December 2015 12:46 PM
වැඩිකල් බෝවෙන එකකක් නැහැ. හරක් හොරුන් දැනටමත් ඇහැ ගහගෙන ඇති (නි)
උපුල් Friday, 04 December 2015 06:33 PM
මේ හරක් හීලෑකරලා මිනිසුන්ට බාරදෙන්න බැරිද? (නි)
නිමල් Friday, 04 December 2015 07:00 PM
කැලේට යවන්න ගත් තීරණය නම් හොඳයි (නි)