නිකවැරටිය නාගල්ලේගම ව්‍යාපාරිකයෙක් රුපියල් ලක්ෂ 40ක පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් නිකවැරටිය රෝහලට දැඩිසත්කාරක ඒකකයක් පරිත්‍යාග කළේය.
ව්‍යාපාරික ඝාමිනී මුණසිංහ මහතා බැංකු ණයකින් එම මුදල සොයා ගත්තේය.
ඒකකයේ වෙනත් අවශ්‍යතා සපිරීමට කුරුණෑගල රොටරි සමාජය, කොළඹ ලේ බැංකුව හා නිකවැරටියේ තවත් ව්‍යාපාරිකයන් ඉදිරිපත් වී සිටිතියි රෝහල් අධිකාරී දොස්තර සුනිල් රත්නායක කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා අගය කළ යුතු වැඩක්.. දැනට ලංකාවෙ දැඩිසත්කාර ඒකක වල ඉන්න රෝගින් බලන්නෙ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය වරුයි. වෙන රටවල වගේ දැඩි සත්කාර ඒකක වල රෝගීන් බලන්න ඉන්සෙන්ටිවිස්ට් නම් වූ විශේෂඥ වෛද්‍යවරු ඇති කරන්න ඕන. එතකොට ගුණාත්මක බවින් වැඩි සේවයක් ජනතාවට ලැබෙනවා.. දැඩිසත්කාර ඒකකවල දැනට තියෙන මරණ අනුපාතය විශාල ලෙස පහත දැමිය හැකි බව සමීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා..!(නු)
හොඳ වැඩක් (අ)
ඔබටත් පවුලේ සැමටත් නිරෝගී සුව ලැබේවා..!(නු)
වැදගත් ප්‍රාෙයාගික කටයුත්තක් ඔබ කර තිබේ. නොවැදගත් මහතුන් අතර වැදගත් මහත්මයෙත් ඹබට අපේ ආචාරය (නු)
සමන් මහත්මයා, චන්දෙ ඉල්ලන්න උනත් මේ වගේ උතුම් දෙයක් කරනවනම් කොයි තරම් වටිනවද? තමන්ගේ හිතේ තියෙන දුෂ්ඨ අදහස් මේ වගේ තැන් වල දාලා හොද වැඩ කරන මිනිස්සුන්ව අධෛර්යමත් කරන්න එපා.ඒව ඔබ තුමා යන තැනකට ගෙනියන්න තියාගන්න. මෙවන් උතුම් මිනිසුන් තව තව බිහි වේවා!ජාති ජාතිත් ඔබට දුකක් කරදරයක් නොම වේවා!!!(නු)
නිවන් දක්ණා ජාති දක්වා නිරෝ ගී වේවා! සියලු සම්පත් මැදින් ඔබගේ ගමන ජයවේවා! ඔබේ දරැමුනුපුරන් සැමටත් වාසනාවේවා! රටේඅප සැමදෙනාටම මෙය ආදර්ශයක් වේවා!
ඡන්දෙ ඉල්ලන්න පසුබිම හදාගන්නවා වගේ..!(නු)
රටට ජාතියට හිත ඇති පිංබර පුතෙක් සාදු සාදු..!(නු)
හැදූ වැඩූ දෙමාපියන්ටත් පිං අත්වන වැඩකි.. තෙරුවන් සරණයි..!(නු)
ඉතාම හොද වැඩක්.. මේ වැඩේට මුදල් යොදන විට පියවරෙන් පියවර ලබාදෙන්න..!(නු)
මෑත යුගයේ බිහිවූ උත්තරීතර මිනිසෙකි ඔබ.... ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..!(නු)
අති උතූම් අගේ කළයූතු පින්කමක්..!(නු)
බෝධිසත්ව මහත්මයෙක්..!(නු)
සුවහසක් අධම මිනිසුන් අතර හදවතක් ඇති මනුස්සකම පිරුණු උත්තම පුරුෂයෙක් ඔබ..! ඔබට නිරෝගී සුව වේවා..!(නු)
දුප්පත් මිනිසුන් ණය වෙලා හරි මේ දේවල් කරද්දී ඇදුමක් ඇදගෙන පාරේ බැහැලා යන්න වගකිවයුත්තන් ලැජ්ජා වියයුතුයි. (නි)
ඇයි මේ වගේ යහපත් වැඩවලට ප්‍රතිචාර නැත්තෙ..? ඔබ නිවන් මගට මේ පිංකම හේතු වාසනා වේවා..!(නු)
ආචාර කරමි..!(නු)
ඉතාම උතුම් පිංකමක්.. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!(නු)
මෙවන් සත් ක්‍රියාවක් කළ ඔබට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා..!(නු)
බොදු හැදියාව නොදන්න අයට මේ ඡායාරූප දැක්කාම තරහා යනවා..!(නු)
මිල කළ නොහැකි පිංකමක්.. මෙහි ප්‍රතිකාර ගන්න සෑම රෝගියෙක් ගානෙම ඔබලාට සහ පවුලේ අයට පිං ලැබෙනු ඇත..!(නු)
දැහැමි සිත් ඇති මනුෂ්‍යත්වය දන්න හොද මහත්මයෙක් ඔබේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා..! බුදු සරණයි..!(නු)
ලොකු පිනක්. ඔබට තවත් මේ වගේ වැඩ කරන්න ලැබේවා...!(නු)
ඇත්තටම හොද වැඩක්.. තෙරුවන් සරණින් ඔහුගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි..!(නු)
මුණසිංහ මහත්තයෝ ඔබ උතුම්.. මේක උතුම් ආදර්ශයක් අනිත් අයටත්..!(නු)