රුපියල් අට ලක්ෂ පනස් දහසක් වටිනා රත්තරන් පටි 12 ක් සිය ගමන් මල්ලේ පතුලේ සගවාගෙන ඉන්දියාවේ බොම්බාය බලා යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කළ රේගුව එම රන් පටි රාජසන්තක කළේය. අත් අඩංගුවට ගනු ලැබූ රන් පටි වල බර ග‍්‍රෑම් 170 කි. සැකකරු මේවා ඉතා සූක්ෂම ලෙස ඔහු රැගෙන ආ ගමන්මල්ලේ රෝදය අසල පතුලේ සගවා තිබූ බව රේගුව කියයි. සැකකරු කොළඹ ප‍්‍රදේශයේ පදිංචි 45 වියැති ව්‍යාපාරිකයෙකි. ඔහු අද ජෙට් ගුවන්සේවයට අයත් 9 ඩබ්ලිව් 253 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ බෝම්බාය බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇති අතර එහිදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් ලබා දුන් තොරතුරක් අනුව රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ පිලිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවිර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.ටී වලවගේ මහතාගේ මෙහෙයවීමෙන් රේගු නිලධාරීහු සිදුකරති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩ ගැහුවනම් එයාගේ නම දාන්න පුළුවන් නේද? වංචා කරන යට දෙන්න පුළුවන් උපරිම දඬුවම තමයි ලජ්ජා කරන එක. එතකොට අනිත් අයත් පාඩම් ඉගන ගනී.(නදී)
ගුවන් තොටුපොල අරක්ෂක අංශ වල අයටත් ප්‍රතිලාභ ලබාදී තවත් දිරි මත් කල යුතුයි.(නදී)
අනේ දෙයියනේ ලක්ස 8 හොරකමට විසිපන්දහද දඩය ? ඉතින් බලාගෙන ගියාම මෙවැනි හොරුන් තව තවත් බිහිවෙන්න හේතුවක් තමයි මේ දඩ ක්‍රමයත්.(නදී)
වැඩේ හොදා, දඩේ මදි.(නදී)
මේ අය හොරු වෙන්නේ කොහොමද ? මේ මුදල් රජයට යන්නේ ? කාගේ ඔඩොක්කුවට යනවද කියන්නනම් දන්නේ නැහැ.(නදී)