IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ව්‍යාපාරිකයා පටි රෝල් කරගනී

රුපියල් අට ලක්ෂ පනස් දහසක් වටිනා රත්තරන් පටි 12 ක් සිය ගමන් මල්ලේ පතුලේ සගවාගෙන ඉන්දියාවේ බොම්බාය බලා යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කළ රේගුව එම රන් පටි රාජසන්තක කළේය. අත් අඩංගුවට ගනු ලැබූ රන් පටි වල බර ග‍්‍රෑම් 170 කි. සැකකරු මේවා ඉතා සූක්ෂම ලෙස ඔහු රැගෙන ආ ගමන්මල්ලේ රෝදය අසල පතුලේ සගවා තිබූ බව රේගුව කියයි. සැකකරු කොළඹ ප‍්‍රදේශයේ පදිංචි 45 වියැති ව්‍යාපාරිකයෙකි. ඔහු අද ජෙට් ගුවන්සේවයට අයත් 9 ඩබ්ලිව් 253 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ බෝම්බාය බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇති අතර එහිදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් ලබා දුන් තොරතුරක් අනුව රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ පිලිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවිර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.ටී වලවගේ මහතාගේ මෙහෙයවීමෙන් රේගු නිලධාරීහු සිදුකරති.



අදහස් (0)

ව්‍යාපාරිකයා පටි රෝල් කරගනී

රංජනී Sunday, 09 June 2013 10:51 AM

වැඩේ හොදා, දඩේ මදි.(නදී)

:       0       0

රංජිත් සිල්වා Saturday, 08 June 2013 08:36 PM

දඩ ගැහුවනම් එයාගේ නම දාන්න පුළුවන් නේද? වංචා කරන යට දෙන්න පුළුවන් උපරිම දඬුවම තමයි ලජ්ජා කරන එක. එතකොට අනිත් අයත් පාඩම් ඉගන ගනී.(නදී)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Saturday, 08 June 2013 09:34 PM

ගුවන් තොටුපොල අරක්ෂක අංශ වල අයටත් ප්‍රතිලාභ ලබාදී තවත් දිරි මත් කල යුතුයි.(නදී)

:       0       0

නසාර් Sunday, 09 June 2013 03:07 PM

මේ අය හොරු වෙන්නේ කොහොමද ? මේ මුදල් රජයට යන්නේ ? කාගේ ඔඩොක්කුවට යනවද කියන්නනම් දන්නේ නැහැ.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Sunday, 09 June 2013 12:35 AM

අනේ දෙයියනේ ලක්ස 8 හොරකමට විසිපන්දහද දඩය ? ඉතින් බලාගෙන ගියාම මෙවැනි හොරුන් තව තවත් බිහිවෙන්න හේතුවක් තමයි මේ දඩ ක්‍රමයත්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1745 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1095 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1644 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1149 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 615 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1137 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site