යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් අද උදේ එහි පැවැති විරෝධතාවෙන් පසු ශිෂ්‍ය සංගම් නායකයෝ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සමඟ සාකච්ඡාවක් කළහ.
එම සාකච්ඡාවට උප කුලපති, ආචාර්යවරුන්ට අමතරව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.එම්.ස්වාමිනාදන් මහතා ද එක්විය.
යාපන විශ්ව විද්‍යාලයේ උප කුලපති වසන්ති අරසරත්නම් ඇතුළු ආචාර්ය මණ්ඩය ජනපති මෛත්‍රිපාල සිරිසේන , අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් අඟහරුවාදා (1) හමු විමට නියමිතය.
රජයේ නායකයන්ගෙන් ළුලදායි පිළිතුරක් ලැබෙනු ඇතැයි ද එම තත්ත්වය යටතේ උද්ඝෝෂණය නතර කළ බව ද සිසුහු පැවසුහ.
පොලිස් වෙඩි තැබිමෙන් මිය ගිය බව කියන යාපන සරසවි සිසුන් දෙදෙනා සම්බන්ධ පක්ෂපාති හා සාධාරණ පරික්ෂණයක් කරන ලෙස ලෙස ඉල්ලමින් දෙවැනි වරටත් අද උද්ඝෝෂණය පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනය ශිෂ්‍යයෝ හරිම අාචාරශීලී බව පෙනෙන්නේ ඔවුන් රජයේ අණට වඩා ඔවුන්ගේ ගුරුවරුන්ගේ අණට කීකරුවීම නිසයි (නි)
කොයි කා ළඟට ගියත් අන්තිමේදී මේක කැරකිලා එන්නේ පොලිසියේ හා අධිකරණයේ පිහිට පතාගෙන තමයි. (නි)
ඔතනින් තමයි පටන් ගන්නේ. මෙච්චර කල් හිටියේ පොටක් පැදෙනකම්. දැන් හරිනේ.(හේ)
වනක්කම්/නමස්තේ! ඉදිරියේදී මොනවා වෙන්නද? දැන් ඔක්කොම වෙලා හමාරයි. හිතන්න එපා පොදු ජනතාව නිදි කියලා. (නි)
මට තේරෙන්නෙ නැහැ ඉදිරියේදී මොනවා සිද්ධවෙයිද කියලා (නි)
සහතික ඇත්ත ලකී. ඉහළ ඇත්තෝ දකුණ අමතක කරලා තියෙන්නේ. දකුණේ සිසුන්ට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හම්බ වෙන්න කිසිදාක අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට ලැබෙන්නේ කඳුළු ගෑස්, බැටන් පොළු සහ රබර් උණ්ඩ. උතුරේ සිසුන්ට සළකන විදියටම දකුණේ සිසුන්ටත් සැළකුවා නම්, ඔවුන් කවදාවත්ම පාරවල් වල්ට බහින්නෙ නැතිවෙන්න තිබුණා. (නි)
උතුරට කිරි... අපිට කැකිරි.... (නි)
බලාගෙන, උතුරට වෙනම රටකුත් ඉල්ලයි. දකුණේ ශිෂ්‍යයෝ කියන දේ පොලිසියටයි අධිකරණයකටයි තේරෙනවා. එ්කයි කඳුළු ගැස් හම්බවෙන්නේ. උතුරේ ශිෂ්‍යයෝ කියන දේ තේරෙන්නේ නැහැ. එ්කයි ජනධිපතිම අවශ්‍යය. ජාතික ගීයට භාෂා දෙකක් තියන එකේ එකම බිමට රටවල් දෙකක් වුණාට මොකද. බලාගෙන, යන පැත්ත හොඳ නැහැ වගේ. (නි)
සාධාරණ සහ අපක්ෂපාති පරීක්ෂණයක් ඉල්ලා හැම වෙලාවෙම රටේ මිනිසුන්ට උද්ඝෝෂණය කරන්න සිදුවෙනවා කියන එකේ අර්ථය තවමත් අපේ රටේ නීතිය ස්වාධීන නැහැ කියන එකයි. අපිට කවදා ස්වාධීන නීතිගරුක ආයතනයක සේවයක් ලැබෙයිද කියන එක සිහිනයක් විතක්ම වෙයිද (නි)
මේ විදිහට සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගනීද අපේ ශිෂ්‍යයෝ? (නි)
දකුණේ නම් ළමයි පෙළපාලි යද්දී කඳුළු ගෑස්! (නි)
රටේ සිදුවන සෑම මිනීමැරුමක් වෙනුවෙන්ම ජනාධිපති අගමැති පිළිතුරු දිය යුතුද? මෙය වැරදි පූර්වාදර්ශයක් වීමට ඉඩ නොදිය යුතුය. රටක පොලිසියක් හා අධිකරණයක් තිබෙන්නේ ඒ සඳහාය. (බ)
මෙන්න මෙහෙම ප්‍රශ්න විසඳෙනවා නම් ප්‍රශ්නයක් නැත (නි)
යාපනය ශිෂ්‍යයෝ හරිම අාචාරශීලී බැව් පෙනේ. ජනපති හමුවන්නේ රටේ පොලිසිය සහ අධිකරණය විශ්වාස නැති නිසාද? එය රටටම බලපාන දෙයක්. (නි)
මෙන්න මෙහෙම සාධාරණ විදිහටනේ ප්‍රශ්න විසඳෙන්න ඕනෑ (නි)
දේශපාලනය කියන්නේ හිඟන්නාගේ පාත්‍රයක්. ඕනෑ කුණුගොඩක් ඕකට දාගන්නවා. හිඟන්නාගේ යැපීමට මේ සියලුම කුණු අවශ්‍ය නැති නමුත් හිඟන්න ඒ දෙය කරන්නේ ඔහුගේ හිඟනකමේ අනන්‍යතාවය රැකගන්නයි. (නි)
දකුණු පළාතේ සිසුන්ට මෙහෙම කවදාවත් යන්න ලැබෙයිද? මඟදීම සළකලා එළවල දානවා මිසක් කවදද දකුණේ සිසුන්ට මෙහෙම ප්‍රශ්න වලට උත්තර දුන්නේ? (නි)
අනේද කියන්නේ...? (නි)
දකුණේ සිසුන් බැටන් පොළු පාරවල් කාගෙන, කඳුළු ගෑස් ප්‍රහාර කාගෙන, පැය ගණන් පාරවල් වල උද්ඝෝෂණය කළත් ජනාධිපති, අගමැති හම්බවෙන්න දෙන්නෙ නැහැ. ඒත් උතුරේ?? කතාකරලා වැඩක් නැහැ මේවා (නි)
මේ නිසානේ අපි තවම තුන්වන ලෝකයේ ඉඳගෙන ලොව වටා හිඟමනේ යන්නේ. (නි)
අවුරුදු හතරක් පහක් තිස්සේ විශ්ව විද්‍යාල වල කරන්නේ පෙළපාලි යාමයි, කොන්දේසි ඉදිරිපත් කිරීමයි. ඉතින් රේල් පාරක් අලුත්වැඩියා කරන්න දන්නේ නැහැ රේල් පාර වහන්නේ නැතුව. බල්බ් එකක් මාරු කරන්න දන්නේ නැහැ මුළු පළාතේම විදුලිය විසන්ධි කරන්නේ නැතුව. (නි)
එහෙම දෙන්නෙක් ඉන්නවනම් අරවින්ද හරි !!! (බ)