IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


වරාතැන්නට විදුලි බලාගාරයක් එපාලු

උඩරට අමරපුර නිකායේ උපසම්පදා විනය කර්මය සිදු කරනු ලබන උදකුක්ඛේප සීමා මාලකය පිහිටි මහනුවර ගැටඹේ වරාතැන්න ප්‍රදේශයේ මහවැලි ගඟ  හරස් කර ඉදි කිරිමට  යතියි කියන ජල විදුලි බලාගාරයකට විරෝධය දක්වමින් අද ( 21)  ප්‍රදේශවාසීහු පිරිසත් විරෝධතාවක් පැවැත්වූහ.

වරාතැන්න සීමා මාලකය අසලින් විරෝධතාවය  ආරම්භ කළ විරෝධතාකරුවෝ ගැටඹේ පාලම අසලට පැමිණ පාලම මත සිට උද්ඝෝෂණයේ නිරත වූහ.



අදහස් (0)

වරාතැන්නට විදුලි බලාගාරයක් එපාලු

දසුන් Sunday, 21 August 2016 02:04 PM

මේවා හද හද බොරුවට සාරවත් පොලොව යටකරනවා. අන්තිමට දෙශපලුවෝ ටික හොරාකනවා.වික්ටෝරියා එකෙනුත් එකටම වෙලා තියෙන්නේ. ලොකුවට හදල දෙසපලුවෝටික හොරාකව. හොඳ ඉඩම් ටික නැතිඋනා. (රේ)

:       0       0

ධම්ම Sunday, 21 August 2016 02:11 PM

විදුලි බලාගාරය එපා කියලා නොවෙයි මේ කියන්නේ උදකුක්ඛේප සීමා මාලකය අවහිර කරන්න එපා කියලා නේද.(රේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 21 August 2016 02:53 PM

කොහොමද වෙනස ,හරිම සුන්දරයි ,විදුලි බලාගාරය මුවාවෙන් පන්සල් ටික සොදා හරින්ටයි හදන්නේ.(රේ)

:       0       0

සංජීව රාජපක්ෂ Tuesday, 23 August 2016 02:54 AM

හැමෝම බලන්නේ රටේ සංහිඳියාව ආර්ථිකය වගේ දේවල් විතරයි. ඒත් මේ රටේ වෙන පරිසර විනාශය වගේ දේවල් කාටවත් පෙනෙන්නේ නැහැ. රවී කිවුවා වගේ මේ හැමදේටම කාටවත් බැනලා වැඩක් නැහැ. මේවා අපි විසින්ම කරගත්ත දේවල් තමයි (නි)

:       0       0

කපිල Sunday, 21 August 2016 03:35 PM

මටනම් පෙන්නේ මොකක්හරි අවුලක් තියෙනවා.මොනවා කරන්න හැදුවත් ඒ බෞද්ධ අනන්‍යතාවයට හානියක් කරමින්මනේ.වෙන තැනක් ඇත්තෙම නැද්ද..?(රේ)

:       0       0

දහම් Sunday, 21 August 2016 03:44 PM

ගැටඹේ පන්සලට යහපාලන බැල්ම වැටිලා වාගෙයි.(රේ)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 21 August 2016 04:01 PM

විදුලි බලාගාරයකට ඉතාමත් යෝග්‍ය තැනක් මෙතන ,මෙය ඉදිකිරිම කාලොචිත ක්‍රියාවක් මෙයින් උපසම්පදා විනය කර්මයට කිසිම බාදාවක් නැහැ ,ඕව දැන් විලාසිතාවක් වෙලානේ තියෙන්නේ ,(රේ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 21 August 2016 05:41 PM

විදුලි බලාගාර ඉදිකිරීමට විරුද්ධ වන අය මහජන විදුලි අවශ්‍යතාවන් ගැන හිතන්නේ නැත්තේ මොකද ?\nබුමිතෙල් ලාම්පුවලින් ගම්වැසියන්ට එළිය ලබා දීමද මේ අයගේ බලාපොරොත්තුව ?එහෙම නැත්නම් ඒ අය සතුව ඉටිපන්දම් නිෂ්පාදනාගාර \nතිබෙනවා ද කියා විමසා බලන්න !!!! (රේ)

:       0       0

එරන්ද Monday, 22 August 2016 07:44 AM

ඉතින් කොහෙද රට දියුණු කරන්නේ? (නි)

:       0       0

විකී Sunday, 21 August 2016 08:12 PM

අද කාලේ ජල විදුලියම අවශ්‍ය නැහැ. අපි සුර්ය විදුලි පද්ධති වලට යමු. එතකොට පරිසර හානියත් අවම කරගන්න පුළුවන් (නි)

:       0       0

පෙරේරා Monday, 22 August 2016 01:45 AM

ලංකාවේ මිනිස්සු තේරුම් නොගත් එක කාරණයක් තමයි ලංකාව ඉතා පොඩියි කියන එක. ජනගහණය දැනටම මිලියන 22 යි. ඉදිරියට විදුලිය සල්ලි වලට ඉන්දියාවෙන් ගන්න වෙන එක අනිවාර්යයි. (නි)

:       0       0

මංගල Monday, 22 August 2016 02:19 AM

අනේ මන්දා කාගේ පැත්ත ගන්නද කියලා (නි)

:       0       0

සංජීව රාජපක්ෂ Monday, 22 August 2016 02:50 AM

මේක හැදුවොත් පොල්ගොල්ල ජලාශයට මොකද වෙන්නේ? (නි)

:       0       0

විපුල Monday, 22 August 2016 03:24 AM

ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරයෙන් පසු ලංකාවේ මහා පරිමාණ ජලවිදුලි බලාගාර හදන්න වෙන තැනක් නැහැ. මේවා නිකන් පොඩි බලාගාර. වතුර අඩුවෙනකොට මුලින්ම නවතින්නේ මේවා. දැන් හදන්න පෙලඹෙන්න ඕනෑ ජලවිදුලි බලාගාර නෙමෙයි වෙනත් විදුලි බලාගාර. (නි)

:       0       0

ජස්ටින් Monday, 22 August 2016 04:24 AM

මම නම් මේ ප්‍රශ්න ගැන මොකුත්ම කතාකරන්න කැමති නැහැ (නි)

:       0       0

රවී දර්ශන Monday, 22 August 2016 05:23 AM

ප්‍රශ්නය තමන්ගෙ මිදුලටම එනකන් අපේ කාගෙවත් ඇස් ඇරෙන්නෙ නෑ. සෝමවතිය ලඟ ඉඩම් පිටරටට දෙනකොට, උමා ඔය අවට අයට දැනුනෙ නෑ, උමා ඔය අවට වතුර හිඳෙනකොට, කැළණි ගඟ අවට අයට දැනුනෙ නෑ, කැළණි ගඟ පිටර ගලනකොට, විල්පත්තුවට දැනුනෙ නෑ, විල්පත්තුව කපනකොට වරාතැන්නට දැනුනෙ නෑ, දැන් වරාතැන්නට අත තියන්න හදන එක දැනෙන්නෙත් බොහොම ටික දෙනෙකුට විතරයි.මතක තියාගන්න, ඔය ඔක්කොම විනාශයන් පිටිපස්සේ ඉන්නේ අපි කරේ තියාගෙන ගිහින් පාර්ලිමේන්තුවෙ වාඩිකරවපු කට්ටිය මිසක් වෙන කවුරුවත් නෙමෙයි. පරිසරය ගැන, අපේ රට ගැන, රටේ වටිනාකම් ගැන අබ ඇටයක් තරම්වත් ආදරයක් තියෙන මිනිහෙක් ඔය වගේ මෝඩ තීරණ ගන්නෙ නෑ. ඔය තක්කඩි රැල පර්ලිමේන්තුවට යවපු අපි අතේමයි වැරැද්ද තියෙන්නේ. තම තමන්ගේ පපුවට තට්ටුකරල අහලා බලන්න, තමන් ඡන්දය දීපු එක මිනිහෙක්වත් අපේ රටේ පරිසරය වෙනුවෙන් අවන්කවම මැදිහත්වෙලා තියෙනවද කියලා. එහෙම එක්කෙනෙක් හරි ඉන්නවා නම් අවන්කවම සතුටු වෙන්න පුලුවන් තමන් මේ විනාශයන්ට හවුල් නෑ කියලා. අපි ගිහිල්ලා විදුලි බලාගාර හැදුවෙ නැති වුනාට, ගස් නොකැපුවට, ගංගාවල් විනාශ නොකෙරුවාට ඒව කරන අයගෙ අතට බලය දීලා කරලා තියෙන්නෙත් එකම වරදම තමයි. එදත් එකයි, ඒක අදත් එකයි. ඒ නිසා ගහක් කපන ගහක් කපන සැරේ, ගඟක් පිටාර ගලන පිටාර ගලන සැරේ, කන්දක් නාය යන, උල්පතක් හිඳෙන හැම වෙලේම අපිට උද්ඝෝශනය කරන්න වෙන්නෙ නෑ හරි මිනිස්සුන්ව පර්ලිමේන්තුවට යැව්වානම්. හිතලා බලන්න ඔබ ඡන්දය දීපු අයත් සමහර විට මේ පරිසර විනාශයන් පිටිපස්සේ ඇති.\හිතට ගන්න, ඊලඟ වතාවෙදීවත් රටට අවන්කවම ආදරේ කරන කට්ටියක් පාර්ලිමේන්තුවට යවන්න..\එතකොට අපිට උද්ඝෝශන කරන්න වෙන එකක් නෑ දවස ගානෙම...(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1404 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 275 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2258 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1247 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 668 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 450 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39234 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site