
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමුන්නාන්සේලා පත් කළේ රටේ වැරදි නිවැරදි කරන්න මිසක් පහුගිය කාලෙ සිදු වෙච්ච වැරදි නැවත කරන්න නොවේ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පසුගිය ආණ්ඩු කාලවලදී රටට අහිතකර ව්‍යවස්ථා සංශෝධන වලට මුහුණ දීමට සිදුවූ බව ආණ්ඩුවේ උදවිය කියනවා.අපි ඒ කතාවට එකඟයි.අපි ඒ අහිතකර ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධව පෙනී සිටපු කණ්ඩායම.වරදක් වන විට එය පෙන්වා දෙන්න අපට ඒ නිසා අයිතියක් තිබෙනවා.තමුන්නාන්සේලා පත් කළේ ඒ වැරදි නිවැරදි කරන්න මිසක් පහුගිය කාලෙ සිදු වෙච්ච වැරදි නැවත කරන්න නොවේ.ඒ නිසා මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය විනාශ නොකර අධිකරණය පැලවත්තකරණය නොකර ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙස මුළු ලෝකයම පවසනවා.
මේ කුමන්ත්‍රණයට විරුද්ධව මහානායක ස්වාමීන් වහන්සේලා නිවේදනයක් නිකුත් කළා.නීතිඥ සංගමය නිවේදන නිකුත් කළා.එක්සත් ජාතීන්ගේ සංගමය කිව්වා. මේ ආකාරයට දේශීය විදේශීය සියලුම දෙනා මේක කරන්න එපා යැයි පැවසුවා.ඒ හැම දෙයක්ම අමතක කරලා සත පහකටවත් ගණන් ගන්නේ නැතුව ආණ්ඩුව කටයුතු කළා.
මහානායක ස්වාමීන් වහන්සේලාගේ ලිපිය කුණු බක්තියට දැම්මා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරපු උන් දැන් විවේචනය කරන්නේ උන්ට ලැජ්ජාව ගෑවිලාවත් නැති හින්ද. ඔයාල රට පාලනය කරන්න තියා මරණාධාර සමිතියක් පාලනය කරන්නවත් සුදුසු නෑ.