IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘වැරදිකරු වුනොත් ගෙදර යනවා‘

පසුගියදා මුහුද රළු වීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කළ නිවේදනය හා ධීවරයන්ට සිදු වු ආපදාව පිළිබදව සෙවීමට පත්කළ කමිටුවෙන් තම අමාත්‍යාංශය වැරදිකරු වුවහොත් ආපදා කළමණාකරණ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව අමාතය්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුතවේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා  පැවසුවේ තමන් අනෙකුත් අය මෙන් නොව වරදක් කර ඇත්නම් පිළිගන්නා බවයි.

 



අදහස් (0)

‘වැරදිකරු වුනොත් ගෙදර යනවා‘

චන්දා Wednesday, 12 June 2013 11:56 AM

මේ කුණාටුවට නමක් නැති නිසා " ...වීර සුළි කුණාටුව " කියලා දැන්වත් නම් කරලා ගැසට් එකට දාන්න , ජනතාව මුකුත් දන්නේ නැහැ තාම. (නදී)

:       0       0

අපොන්සු Tuesday, 11 June 2013 04:16 PM

වැරදි කරු නොවෙන බවට වග බලාගෙන ඇති. එකනෙ වහසි බස් දොඩන්නේ .(නදී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 11 June 2013 04:16 PM

බොහොම අගෙයි. ආදර්ශයක් අනිත් අයට. (ස)

:       0       0

ප්‍රින්ස් Tuesday, 11 June 2013 04:17 PM

නිහතමානී අමත්‍යවරයෙක්.(ස)

:       0       0

සමන්ත Tuesday, 11 June 2013 04:19 PM

අනේ මෙයාලගේ දේශනා.(ස)

:       0       0

දිනේෂ් Tuesday, 11 June 2013 04:25 PM

අනිවාර්යෙන්ම සුපිරි දේශපාලකයෙක්.(නදී)

:       0       0

සමන්ත Wednesday, 12 June 2013 08:33 AM

හරි විදියට නම් ඔබට තිබුනේ මේ දේ වුන දවසෙම ඉල්ලා අස්වෙන්න.දැන් වුනත් ප්‍රමාද වැඩි නැහැ. දැන් පවුල් කීයක් අනාථද? (නි)

:       0       0

රනිල් Wednesday, 12 June 2013 08:37 AM

මට මොකුත් මතක නැහැ කියලා එහෙම කියන්න එපා. එහෙම නම් දැන්ම හාස්කම් දේවාලෙන් බෙහෙත් ගන්න ඇමති තුමනි.(නදී)

:       0       0

දාස් Tuesday, 11 June 2013 09:01 PM

එහෙනම් ඉතින් ඔය 76 දෙනාගෙන් බාගෙකට වඩා අද ගෙදර .(නදී)

:       0       0

ජානක බහරේන් Tuesday, 11 June 2013 04:29 PM

මෙයාලා කවද්ද වැරදි කරුවන් උනේ.(නදී)

:       0       0

නිමල් Wednesday, 12 June 2013 08:40 AM

මොනවද ඔට්ටු එයා අස්වෙලා යනවා මයි.(නදී)

:       0       0

දේශාන් Tuesday, 11 June 2013 04:30 PM

ඇමති තුමා පිස්සු කතාකරන්න එපා.(නදී)

:       0       0

කෙවින් Tuesday, 11 June 2013 04:32 PM

කවුරුවත් වැරදිකරු කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ජීවිත විසි ගණනක් අකාලේ මියැදුනා. ඔබතුමා හිතට අවංකව පිළිගත යුතු වෙනවා ඔබගේ දෙපාර්තුමේන්තුව දුර්වල කියන එක.(නදී)

:       0       0

අනුර Tuesday, 11 June 2013 04:35 PM

අවංකවම තමයි ඔය කිව්වේ.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 11 June 2013 04:36 PM

කලබල වෙන්ඩ එපා ඇමතිතුමෝ, දැල දාල තියෙන්නේ හාල්මැස්සෝ ටිකක් අල්ලගන්ඩ නේ .(නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 11 June 2013 09:18 PM

අපි අහුවෙය ඕවට (අ)

:       0       0

ලංකා Tuesday, 11 June 2013 04:41 PM

අපි උද්ගෝෂණ කරනවා ඔබ තුමා ආපසු ඕනා කියලා.(නදී)

:       0       0

නිමල් පුනාන්දු Tuesday, 11 June 2013 04:40 PM

අස්වෙලා ගිහින් වෙන වරප්‍රසාදයක් වක්‍රාකාරයෙන් වත් ගන් නැහැ නේද?(නදී)

:       0       0

සහන Tuesday, 11 June 2013 04:45 PM

මෙයාලා කවද්ද වැරදි කරුවන් උනේ.(නදී)

:       0       0

සුමිත් Wednesday, 12 June 2013 08:54 AM

එහෙම කියන්නේ අනිත් කට්ටිය අතින් වැරදි වුණා කියලා කියන එකම නේද? (නි)

:       0       0

ජ.හේරත් Tuesday, 11 June 2013 04:49 PM

ජීවිත 24 සමු අරන්. හරි කෙනෙක්නම් මෙලහකට අස් වෙලා ගෙදර ගිහින්.(නදී)

:       0       0

මාටින් Tuesday, 11 June 2013 04:49 PM

අනේ ඉල්ලා අස් වෙන්න නම් එපා. ඔයා නැති උනොත් මේ සංවර්ධනය එහෙම්ම ඇන හිටියි. රුපියල් 15,000 ක්ම දුන්නනේ මැරිච්ච අයගේ පවුල්වලට පරම් පරා ගණනකට ඇති.(නදී)

:       0       0

ඩී.උපුල් Tuesday, 11 June 2013 04:47 PM

හොරා දවසක් අම්මගෙන් පේනයක් ඇහුවලු.(නදී)

:       0       0

සීල Tuesday, 11 June 2013 09:36 PM

ඔයවිදියේ කතා අපිට අහල පුරුදුයි (අ)

:       0       0

ධම්මික Tuesday, 11 June 2013 04:50 PM

තව මොනවා වෙන්නද, අයින් වෙලා ගෙදර ගිහිල්ල නිවාඩු පාඩුවේ ඉන්නවා මිසක්. අපොන්සු කිව්වා වගේ අපේ රටේ ඇමතිවරු කවද්ද වැරදි කාරයෝ වුනේ. අන්තිමට ඔය අහිංසක නිලධාරියෙක්ව ගෙදර යවයි. එහෙම නැත්නම් බොරුවට වගේ ඉල්ලලා අස්වීමේ ලියුමක් දෙවි ජනාධිපතිට. ජනාධිපති එක බාරගත්තේ නැහැ කියලා රූපවාහිනියේ ලොකුවට කියාවී. ඔන්න දැන්මම අස්වෙලා ගෙදර යනවනම් අන්න නියම මහත්මයෙක් කියල අපි පිලිගන්නවා.(නදී)

:       0       0

මාටින් Tuesday, 11 June 2013 04:53 PM

කවුද කමිටුවේ ඉන්නේ. කවුද කමිටුව පිහිටෙව්වේ. මේක නිකම් බඩුත් හාමුදුරුවන්ගේ. නඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක්. අවංකවම කියනවනම් මේ වෙලාවේ මෙවැනි කතා නොකියා හිටියා නම් තමයි වැඩිය හොද. ඇමතිතුමා මිනිස්සුන්ව තව ප්‍රකෝප කරන්න එපා.(නදී)

:       0       0

සේනක Tuesday, 11 June 2013 04:55 PM

අපරාදේ කට වරද්ද ගත්තෙ. දැන් ඉතින් යන්නම වෙනවා. (ස)

:       0       0

සමන්ත Wednesday, 12 June 2013 09:15 AM

ඇමතිතුමා නැගිටින්න නැගිටින්න හීන බල බලා හිටිය ඇති හොඳටම එළිවෙලා.(නදී)

:       0       0

ෂිහාම් Tuesday, 11 June 2013 04:54 PM

දැනටමත් වැරදිකරු ඔබයි.(නදී)

:       0       0

ජානී Tuesday, 11 June 2013 09:52 PM

මීට කලිනුත් ඔය වාගේ කියපු කට්ටිය හිටියා මට මතකයි. (නි)

:       0       0

සරත් Tuesday, 11 June 2013 04:57 PM

වැරදී කරු උනොත් අස් වෙන්නේ මැරුණු පුද්ගලයන් වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න හිතාගෙන වෙන්න ඇති. රාජකාරි දෙකක් කරන්න අමාරුයිනේ ගෙවල්ම 24 ක්නෙ.(නදී)

:       0       0

වරුණ Tuesday, 11 June 2013 04:58 PM

ප්‍රින්ස් ,දිනේෂ්,දයා අපේ රටේ කවුද ඔය වගේ දේකට ඉල්ලා අස්වෙලා තියෙන්නේ? හොදම උදාහරණ විභාග අවුල, බාල ඉන්දන, නීති සිසුවියගේ අත කපපු එක අන්තිමට දෙපැත්තට බෝලේ පාස් වෙනවා මිසක් වැරද්ද බාරගන්න කවුරුත් නැහැ. ඊලග බෝලේ දාන්නේ ධීවර ඇමති තුමාට එතුමත් අල්ලලා කාට හරි දායි.(නදී)

:       0       0

රසිකා රත්නායක Tuesday, 11 June 2013 05:01 PM

වරදකරු රජය නොවේ. වැස්ස වලාහක දෙවියොයි. මෙවන් රටක රටවැසියෙක් වීමත් වාසනාවක්. (නි)

:       0       0

කුමාර Tuesday, 11 June 2013 10:02 PM

මෙතුමා චන්ද්‍රිකා මැතිනියගේ කාලයේදී බඩු මිල වැඩි වෙනකොට අපට පටි තද කරගන්න කියල ඡන්දෙනුත් පරාද උනා.(නදී)

:       0       0

වාසනා Wednesday, 12 June 2013 09:31 AM

වැරදිකරු කරන්නේ නෑ නේ. (ස)

:       0       0

ආනන්ද අබේරත්න Tuesday, 11 June 2013 05:09 PM

ලංකාවෙ ඇමති කෙනෙක් අස්වෙලා ගෙදර යනවා? නොකෙරන දේවල් කියවන්න ඵපා.(නදී)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 11 June 2013 10:10 PM

යන්න කලින් තව පොඩ්ඩක් හේදිලා යන්න. තව මහජන සල්ලි තියෙනවා ඔබලා වෙනුවෙන් වියදම් කරන්න .(නදී)

:       0       0

ජානක Tuesday, 11 June 2013 05:13 PM

මේ ඇමතිතුමා නම් අවංකයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවංකම දේශපාලකයා කිවොත් හරි.(නදී)

:       0       0

ජානි Tuesday, 11 June 2013 10:20 PM

ඔය දෙපාර්තමේන්තුව අර කැලණියේ ඇමතිට දුන්නොත් නරකද?(නදී)

:       0       0

අජිත් Tuesday, 11 June 2013 05:18 PM

ගෙදර යන්න එපා මේවා බලන්න. කාලගුණ විද්‍යා දෙපර්තුමෙන්තුව වසා දමන්න. මේවා ජනතාවගේ සල්ලි කන සුදු අලි. මේ තරම් තාක්ෂනය දියණු වී ඇති කල ස්ව්‍යන්ක්‍රීය කාලගුණ විද්‍යා පද්දතියක් රුපියල් ලක්ෂ 2 පමණ වේ. මේ මගින් මිනිස් මැදිහත් වීමක් නැතිව දිනපතා කාලගුණ දත්ත ස්වයංක්‍රියව පරිගනකයට ගත හැක. කාලගුණ අනාවැකි විදෙස් රටවල මාද්‍ය ඔස්සේ ලබා ගෙන පරිවර්තනය කර ජනතාව අතට පත් කිරීම මිට වඩා කාර්යක්ෂමය. මෙය සදහා පහත දැක්වෙන බි.බි.සි වෙබ් අඩවියට යන්න. http://www.bbc.co.uk/weather/features/22849212 ඔබට .ස්ව්‍යන්ක්රිය කාලගුණ විද්‍යා පද්දතියක් ක්‍රියාකාරිත්වය දැන ගැනීමට කැමති නම් පහත දැක්වෙන කේම්බ්‍රිජ් සරසවියේ වෙබ් අඩවියට යන්න. http://www.cl.cam.ac.uk/research/dtg/weather ඉහත වෙබ් අඩවිය මගින් සරසවි සිසුන්ගේ සහ ආචාර්යවරුන්ගේ කාර්ය බාරය කුමක් ද යන බව වටහා ගැනීම එසැන පාටක ඔබට බාරය.(නදී)

:       0       0

නීල්-රානා Tuesday, 11 June 2013 05:38 PM

වැඩකට නැති ඔක්කොම තමුන්ගේ අසමත් නිලධාරීන් සමගම ගියානම් තමයි හොඳ.(නදී)

:       0       0

නිරාන් Tuesday, 11 June 2013 05:43 PM

මට හිතෙන්න මුහුද තමයි වැරදිකරු (නි)

:       0       0

ස්වර්ණා Tuesday, 11 June 2013 11:05 PM

අහිංසක අපේ අසරණ මුදු කොල්ලෝ ටික අපට නැති වුනා. දැන් ඔයාලා ඕනෑ තැනක යන්න, අපිට කමක් නැහැ.අපේ අසරණ පවුල් වලට සැමියන් සහ දරු පැටවුන්ට තාත්තලා නැති වුන එක විතරයි වුනේ (නි)

:       0       0

හේරත් Tuesday, 11 June 2013 06:19 PM

පිස්සු නැතුව ඉන්න ඇමතිතුමා. කලබල වෙන්න එපා. හුලන් ඉවරයිලු. (නි)

:       0       0

කොඩිතුවක්කු -කොක්මාදුව. Tuesday, 11 June 2013 06:35 PM

තීන්දුව කොයි වගේ වෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

ශ්‍රීමාල් Wednesday, 12 June 2013 12:42 AM

මොනවද අප්පේ මේ කතා? (නි)

:       0       0

ජීවක Wednesday, 12 June 2013 12:54 AM

වරද ඔයාලගේ නෙමෙයි, අර මුහුදු ගිහින් ජීවිත නැති වුන අහිංසක මිනිස්සුන්ගේ. (නි)

:       0       0

දර්ශණ Tuesday, 11 June 2013 06:46 PM

ඇමතිතුමාම මිනිස්සු දාල වර්ජනය කරයිද දන්නේ නැහැ අස්වෙන්න එපයි කියලා. මන් ඒක හොදටම දන්නවා.(නදී)

:       0       0

ශ්‍රීමාල් ඉතාලිය Wednesday, 12 June 2013 01:03 AM

මොන බොරුද ඇමති තුමා, ඔය කිව්වට අස්වෙලා ඔයිට වැඩිය හොද ඇමති කමක් හොයාගන අරලිය ගහ මන්දිරය දිහාවේ යනවනේ.(නදී)

:       0       0

අතුල - මාලදිවයින Tuesday, 11 June 2013 06:48 PM

කමිටු ගැන බල බලා ඉන්න දෙයක් නැහැ. අමාත්‍යංශය දැනටමත් වරදිකරුවෙලා ඉවරයි. ඉල්ලා අස්වෙලා යන්න.(නදී)

:       0       0

සදුනි Tuesday, 11 June 2013 06:55 PM

අවු.10 ට විතර ඉස්සර ඔහොම ඇමති කෙනෙක් ඉල්ලා අස්වුණා.පාක්ෂිකයෝ වහලෙට නැග්ගා කියලා ආයෙත් ඇමතිකම භාර ගත්තා වගේ යන්තම් මතකයි. (නි)

:       0       0

මොහමඩ් Wednesday, 12 June 2013 01:24 AM

ඇමති තුමා පස්සේ කියාවි ඔය කාපු බීපු වෙලාවේ කිව්ව කතාවක් . ඕව ගණන් ගන්නේ කවුද . එහෙම කොහොමද මේක දාලා යන්නේ කියලා.(නදී)

:       0       0

මංජු Tuesday, 11 June 2013 07:22 PM

කාලගුණ දෙපාර්තමේන්තුවට නවක උපාධිධාරීන් පිරිසක් බදවා ගෙන ඇමෙරිකාවේ හොඳ පුහුණුවක් ලබාදී කාලගුණ අනාවැකි දැන්වත් විස්වාසනියව ලබා ගනිමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1433 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 911 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1390 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 985 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 559 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1019 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site