අවිධිමත්ව අධ්‍යාපන පරිපාලන සේවයට පිරිසක් බඳවා ගැනීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව අහෝසි කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනු කර ඇති පෙත්සමට විරෝධතා ගොනු කරන ලෙස අභියාචනාධිකරණය අද පාර්ශ්වකරුවනට නියෝග කළේය.
මෙම රිට් පෙත්සම එස් ශ්‍රී ස්කන්ධරාජා සහ මාලනී ගුණරත්න මහත්ම මහත්මීගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.
පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් අධ්‍යාපන ඇමැති සහ අමාත්‍ය මණ්ඩලය නම් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධිමත්ව බඳවාගත් අය කරන්නෙම අවිධිමත් වැඩ නම් අවිධිමත්ව බඳවා ගැනීමෙන් විධිමත් පරිපාලනයක් ගොඩනැගේ යයි උපකල්පනය කරනවා ඇති. (නි)
කැබිනට් කන්තෝරුව අවට වත්ත සුද්ද කරමින් හිටියලු සේවකයෝ දෙන්නෙක්. කොළ කැබලි එහෙම අහුල අහුල අතේ තිබුන කුණු මල්ලට දමාගනිමින් දෙන්න ඒ රාජකාරිය කලාලු. හදිසියේම හුළඟක් ඇවිත් කොළයක් කුණු මල්ලෙන් ඉවතට වැටිලා ගහගෙන ගිහින් ජනෙලෙකින් කන්තෝරුව ඇතුලට වැටුනා. එකෙක් පණ කඩාගෙන ඇතුලට දිව්වා කොළ කෑල්ල අහුලාගෙන එන්න. ලෙඩක් වැටෙන්න කලින් හති දාගෙන ආපහු ඇවිත් මිනිහ යාලුවට කියනවා 'වැඩක් උනේ නෑ බං, මං යනකොට ඒක අස්සන් කරලත් ඉවරයි' කියලා. මේ ඒකවත්ද? (නදී)