ජාතික සංවර්ධන බැංකුවේ තම පරිගණක බැංකු තොරතුරු බැලීම තහනම් කරමින් කළ නියෝගයට එරෙහිව විරෝධතා දැක්වීමට කොළඹ මහාධිකරණය හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට අගෝස්තු හතර වැනි දා තෙක් කල් දුන්නේය.
බණ්ඩාරනායක මහත්මියට ඇගේ පරිගණක විශේෂඥයනට හා නීතිඥවරයනට ඇගේ බැංකු තොරතරු ලබා දෙන්නැයි කොළඹ මහේස්ත්‍රාත් උසාවියෙන් කළ නියෝගය සංශෝධනය කරන ලෙස බැංකුව මහාධිකරණයට කරුණු දැක්වීය.
ඒ අනුව මහාධිකරණය එම තහනම පැණවීය.
බණ්ඩාරනායක මහත්මිය ඉල්ලා සිටින තොරතුරු ලබා ගැනීමට ඇයට ඉඩ දුනහොත් වෙනත් බැංකු ගිනුම් තොරතුරුවලට ද පිවිසීමට ඇයට හැකියාව ලැබෙන බවත්, එවැනි තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලියකට බැංකුවට රුපියල් දොකෝටියකට වැඩි මුදලක් වැය වන බවත් බැංකුවේ නීතීඥවරු කියා සිටියහ.
තම වත්කම් හෙළි නොකළැයි හිටපු අගවිනිසුරුට එරෙහිව අල්ලස් කොමිසම මහේස්ත්‍රාත් උසාවියේ පැවරූ නඩුවේ දී බැංකු ලේඛණ විත්තියට ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් ගිහාල් පිලපිටිය මහතා නියෝග කළේය. එහිදී ඇතැම් විස්තර දිය නොහැකි බව බැංකුව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු අගවිනිසුරුවරියට අනුන්ගේ ගිණුම් වල දත්ත ඉල්ලන්න තරම් මොලේ අමාරුවක් නැහැ. අයගේ නිර්දෝෂිභාවය පෙන්වන්නට නම්, ඇයගේ ගිණුමට මුදල් බැර කල අනිත් අයගේ තොරතුරු හා දින වකවානු ඉබේටම අනාවරණය වෙනවා. ඒකද මේ ඇයගේ බැංකු තොරතුරු නොදී සිටීමට බැංකුව ක්‍රියා කරන හේතුව? කෙටියෙන් කියනවා නම්, මේක දරුණු පලිගැනීමක්. (දී)
බන්දුල, පළමුව ප්‍රවෘත්තිය හරියට කියවලා බලන්න. මෝඩ විදියට කතා කරන්න එපා. පොලිසියේ සහ බැංකුවේ ඉන්නවා පරිගණක විශේෂඥයන්. ඒ අයත් සමඟ මේක පරික්ෂා කරන්න දෙන්න පුළුවන්. (නි)
බන්දුල කියන දේ නොතේරෙන කිසිවෙක් මෙතන නැහැ. ඔක්කොමල තම තමන්ගේ වෛරී දේශපාලන කන්නාඩි කුට්ටම් තුන හතර දාගෙනයි මේවා ලියන්නේ. බන්දුල ප්‍රවෘත්තිය හරියට කියවලා තිබෙන බව පෙනෙනවා. පොලිසියේ සහ බැංකුවේ පරිගණක විශේෂඥයින් සිටිනවා උනත් ඒ ගොල්ලෝ බලන්නේ පරිගණක යන්ත්‍රයේ හැඩය දිහා නොවෙයි නේද..? පරිගණක ජාලයම නේද.? එය ඔබේ ගිණුමටද බලපාන බව ඔබට වැටහෙනවා නේද.? කෙනෙකුගේ ගිණුමක තොරතුරු තවත් කෙනෙකුට දැනගැනීමට ඉඩ නො තැබීම බැංකුවක ප්‍රතිපත්තියයි. පක්ෂ භේදයකින් තොරව, සාධාරණව මේ දෙස බලන ඕනෑම කෙනෙකුට වැටහෙන දෙය නම් "නොකෙරෙන දෙයකට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ඉල්ලනවා " වගේ දෙයක් මේක. වෙනත් අයගේ තොරතුරු දැනගැනීමට ඇති ඉඩකඩ වැලැක්වීම බැංකුවේ වගකීමයි. ලොව සුප්‍රකට, රහස්‍යභාවය රකින ස්විස් බැංකු ක්‍රමය මෙයට හොඳම නිදසුනය. (දී)
බන්දුල මහත්මයා හරිය කියලා මම හිතනවා. එම බැංකුවේ මගේ තැන්පතුත් තිබුණා නම් එවැනි සෙවිල්ලකට මමත් අකමැතියි. (ස)
මේ ප්‍රශ්නය ඉවරයක් වෙන්නේ කවදාද (දී)
බැංකුව හරි. (ස)
ෆොන්සේකා මහත්මයට තීන්දුව දුන්නේ මෙතුමිය නේද? ඒ හින්ද මට නම් මුකුත් ලියන්න හිතෙන්නේ නැහැ. (ස)
බන්දුල පෙරේරා, එතකොට අධිකරණ නියෝග දුන්නෙත් කොලේ වහල හගන්නද? එතකොට බැංකුවේ දත්ත පිටවෙන ආකාරයේ තීන්දුවක් දීල තියෙන්නේ අධිකරනයනේ. මෙතන බුත අදහස් ලියන්න එපා මනුස්සයෝ. ඔබට ආගමක් ධර්මයක් තියනවද? ඒ ධර්මයට අනුව පළි ගන්න එක හරිනම් දිගටම කරගෙන යන්න. පිරිමි කම ගණිකා වුර්තියේ යොදවන එක ගැන ලජ්ජා වෙන්න. (දී)
මේවායේ සීමාවක් තිබිය යුතුයි (දී)
මම මුලින්ම කණගාටු වෙනවා ටිරොන්ගේ අදහසට .අධිකරණ නියෝගය වැරදි නිසා තමයි දෙවැනි වර මහාධිකරණය එම නියෝගය අවලංගු කලේ..මේක සංවාද මණ්ඩපයක් කියල අමතක කරන්නේ නැතුව ආයෙත් මේ පුවත හොදින් කියවල බලල අදහස් දමන්න. (දී)
හැමෝම දන්නවා මේක පලිගැනීමක් කියා. තර්ක කරලා වැඩක් නැහැ. (නදී)
බැංකුව අධිකරණයට දීපු බැංකු වාර්තාව බොරු වෙනවා දත්ත පරික්ෂාවකට ගියොත්. එතකොට මේ නඩුව ඉබේම විසිවෙනවා. මම මේ බැංකුවේ වැඩ කරන විධායක නිලධාරියෙක්ගේ නෑයෙක් නිසා මේක හොදටම දන්නවා. (ස)
අනේ කාලේ වනේ වාසේ (දී)
"ඇයගේ ගිණුමට මුදල් බැර කල අනිත් අයගේ තොරතුරු හා දින වකවානු " අනේ කුසුම් දන්නේ නැති නිසා අහන්නේ..අපි කගේ හරි ගිණුමකට සල්ලි දැම්මොත් අපේ විස්තර එයාගේ ගිණුම් වාර්තාවක් ගත්තොත් සටහන් වෙනවද..මම මෙච්චර කල් හිතුවේ නැහැ කියල. කුසුම් කියපු එක හොදට ගියා..නැත්නම් බෙල්ල ගහල යනවා ..දැනටමත් ගහල ගිහින්ද දන්නේ නැහැ. (දී)
බන්දුල කාලයකට පස්සේ.. අර කඩේ යන මල්ල ඉරිලම ගිහින් ආයිත් මල්ල මහගෙන වගේ.. දැන් බලපුවම මහාධිකරනයවත් ඕනේ නැහැ නඩු විසදන්නේ මෙයානෙ; කබරයා තලගොයා කරන්ට හදන්නේ. (දී)
මුළු ලෝකයම පරිගණක තාක්ෂණය හරහා තම ගිණුම් කාර භවතුනට අවස්තාවක් ලබා දී තිබෙනවා ලෝකයේ කුමන ස්ථානයක සිට උවත් තමන්ගේ බැංකු ගිණුම් කළමනාකරණය කරන්න. මෙහි ඇති රහස්‍ය භාවය ගැන දැනගන්න බැංකු කළමනා කරුවන්ට පවා ඉඩක් නැහැ. මේවගේ දියුණු රටවලට බැණ බැණ කඩේ යනවා කියන්නේ තමන්ගේ ආත්මය 2.50 කට විකුනනවා කියා එකයි. (දී)
මේ බන්දුල පෙරේරා කියන කෙනා හිතන්නේ ඔහුගේ බුද්ධිමට්ටම අනුව තමයි. මෝඩ කමටද, මුදල් වලටද ඔහොම ලියන්නේ? ලංකාවේ ඔලුවක් තියන ඕනෑම කෙනෙක් දන්නවා පලි ගන්නේ කියල. ලජ්ජා නැති මනුස්සයෙක් වගෙයි පෙන්නේ. (දී)
අපේ බාප්පා මේකේ අධ්‍යක්ෂ මණ්ඩලේ සාමාජිකයෙක්.බැංකුවකින් හොර ගිණුම් වාර්තා දෙන්නේ නැහැ කියල ඒ හින්ද මමත් හොදින්ම දන්නවා..අනේ යන්න මහින්ද මහත්තයෝ යන්න..අපි තුම්පනේ කියල හිතුවද?(දී)
ඇත්ත ඉතාම තිත්ත බව පැහැදිලි (දී)
සුසිර මහත්තයාගේ ඔය පාට කන්නාඩිය ගලවල බැංකුවට ගිහින් අහල බලන්න බැංකු ගිණුමේ වාර්තා දුන්නද ,නැද්ද කියල,මෙතන තියෙන්නේ වාර්තා නොදීපු ගැටළුවක් නෙමෙයි.තමන්ගේ ගිණුමේ වාර්තාවක් නොදෙන බැංකුව මොකක්ද? කොහෙද මහත්තය ඉස්කෝලේ ගියේ.? මෙතන තියෙන්නේ එයිට වඩා ගොඩක් දුර ගිය ඉල්ලීමක්.එයාගේ පරිගණක විශේෂඥයනට එයාගේ බැංකු ගිණුම් ගැන විස්තර බලන්න බැංකුවේ දත්ත පද්දතියට ඇතුල් වෙන්න දෙන්න කියල. එක ඉටු නොවන ඉල්ලීමක් කියල මෙයා දන්නවා.එහෙම ඉඩක් දුන්නොත් ආයේ ඒ පද්ධතියෙන් වැඩක් නැහැ. ..මේ හදන්නේ ලෝකෙට කොලේ වහල ගහන්න අනේ මගේ ගිණුම ගැන විස්තරවත් මට බලන්න දෙන්නේ නැහැ කියල.එකෙන් මිනිස්සුන්ගේ හිත් වලට ඇතුළු කරන්න මෙයාගෙන් පලි ගැනීමක් කරනව කියල..ඒ මතින් මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගන්න. මේ පුවත මිනිස්සුන්ට වැදගත් වෙලා තියෙන තරම පේනවනේ බලල තියෙන ප්‍රමාණයෙන්ම.නයි නලගනත් ඉන්නේ මෙයාට වඩා ගව් ගානක් උඩින්..මැටි කොරහේ කිබුල්ලු දකින අහින්සට විතරයි මෙයාව මතක් වෙලා තියෙන්නේ..අනෙක් කට්ටිය නයි නලගනගේ බබා නලවනවා.(දී)
ඔබට කිසිදු ප්‍රශ්නයක් නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු (නි)
අහිංසා, ඔබ හරියට හරි. ඕක තමයි අද සිරිලකට වෙලා තියෙන්නේ (නි)
අහිංසා, ඔබගේ කතාව හරියටම හරි. තමන්ගේ බැංකු ගිණුමේ ඇති විස්තර බණ්ඩාරනායක මහත්මියට ලබාගන්න බැහැ. (නි)
අහිංසාගේ ඉන්දියාව ගැන දුන් අර්ථ දැක්වීම වගේම තමයි මේකත්.ලෝකයේ මොන බැංකුවකවත් එහෙම දෙනවද කියලා ටිකක් හොයලා බලලා කතා කරන්න. ගිණුම ගැන විස්තර දෙනවා මිසක් බැංකුවේ දත්ත පද්ධතියට කාටවත් ඇතුළු වෙලා විස්තර ගන්න මේ ලෝකයේ මොන බැංකුවකවත් දෙන්නේ නැහැ, මම දන්න විදියට. (නි)
සමහර අදහස් බලද්දී පුදුමත් හිතෙනවා. මිනිසුන්ට සාමාන්‍ය දැනීම කියලා දෙයක් ඇත්තේම නැහැ (නි)
අහිංසා වගේ මම නං උපාධිධාරියෙක් නෙමෙයි.නමුත් මම දන්නා විදියට ඕනෑම ආයතනයක දත්ත පද්ධතිය තමයි ඒ ආයතනයේ හදවත.ඒකට පිවිසෙන්න පුළුවන් අවසරලත් සීමිත විශ්වාසවන්ත පිරිසකට පමණයි. (නි)
මමනම් බැලුවේ මේ පුවත බලපු ප්‍රමාණයයි නයි නලගනට බබෙක් කියන පුවතයි බැලූ ප්‍රමාණයයි සංසන්දනය කරලා...හිටපු අග විනිසුරු තුමියට රටේ තියෙන සැලකිල්ලත් එතුමිය ගැන ජනතාවගේ තියෙන උනන්දුවෙත් තරම මනින්න තව මොන සාධකද අවශ්‍ය. ජනාධිපතිවරණයට එතුමිය පොදු අපේක්ෂිකාවක් වෙනවනම් අනෙක් පැත්තෙන් නයි නළගන දැම්මනම් එතුමියට ඇපත් නැති වෙනවා.(දී)
තමන්ගේ බැංකු ගිණුමේ තොරතුරු ලබා නොදෙන ලෝකේ තියන බැංකු ගැන මිට කලින් අහල තියනවද? මෙතන කවුරුත් බැංකු දත්ත ඉල්ලන්නේ නැහැ. තමන්ගේ ගිණුමේ තොරතුරුයි ඉල්ලන්නේ. අහිංසා මේවා ගැන කතාකරල වැඩක් නැහැ. නිතිය කණපිට පෙරලලා හරි පුළුවන් තරම් පළි ගන්නවා. වයිරයෙන් වයිරය සන් සිඳේ කියල බන පදත් පුලුවන්නම් වෙනස් කරයි.(දී)
මාර හොර කපටි බැංකුවක්. මින් පසු යම් කෙනෙක් මේ වාගේ පිස්සු බැංකුවල මුදල් තැන්පත් කිරීමෙන් වලකින්න. බණ්ඩාරනායක මහත්මියගේ බැංකු ගිණුම් ආණ්ඩුවට දෙන්න හොදයි ...ඒ මහත්මියට එයාගේ බැංකු ගිණුම් දෙන්න බැහැ...මේවගේ බැංකු තියෙන්නේ අපේ මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ විතරයි...විදේශීය බැංකුවක් එහෙම මේ වගේ ප්‍රකාශයක් කලොත් ..ඒ බැංකුවේ සියලුම ගනු දෙනු කරුවන් විරෝධය පානවා විතරක් නොවයි මුදල් ආපසු ගන්නවා.මේක සම්පුර්ණයෙන්ම දේශපාලනික පලිගැනීමක්...ප්‍රවේසමෙන්...(ස)
මට ආරංචි හැටියට මේ බැංකුවේ තව තව දේසපාලකයන්ගේ මුදලුත් තැන්පත් කරලා තියෙනවා.ඒ අය බයවෙලා දැන් ඒ අයගේ තොරතුරු එලිවේවි කියලා.මොනවා වුනත් මෙතුමිය නිර්දෝෂ බව මොලය තියෙන කවුරුත් දන්නවා. (දී)
සුසිර මහත්තයා නොවෙයි ඔය බන්දුල පෙරේරා මහත්තයා නිල්පාට කන්නාඩිය ගලවලා බලන්න.මෙතන තනිකරම තියෙන්නේ දෙසපාලන් පලිගැනීමක්.අර රන්ජිත් කියන කතාව මමත් අහලා තියෙනවා..දෙසපාලකයන්ගේ යටිමඩි ගහපු මුදල් මේ බැංකුවේ තියෙනවාලු. ඒ අයගේ බලපෑමට තමයි මේ බැංකුව බයවෙලා ඉන්නේ. මම දන්නා හැටියට තැන්පත් කරුවන් කිහිප දෙනෙක් මේ බැංකුවෙන් ඒ අයගේ තැන්පතු නැවත අරගත්තා.මොකද ඒ අයට මේ පිස්සු දෙපැත්තට වැනෙන බැංකුව ගැන විශ්වාසයක් නැහැ.මෙය සෙල්ලම් වැඩක් නොවෙයි, කවුරු කවුරුත් මේකෙන් පරිප්පු කයි.. (දී)
බන්දුල පෙරේරා, ඔයා කාගේ කොන්ත්‍රාත් එකක්ද කරන්නේ..?කාටද සුදු හුණු ගාන්නේ...? (දී)
බන්දුල පෙරේරා ඔයා කාටද කඩේ යන්නේ...?ඔයා කියනදේවල් වලින් තේරෙනවා ..ඔයා කීවෙනි පන්තියටද ඉගෙන ගත්තේ කියලා.යමක් කියන්න ඉස්සෙල්ලා දෙවරක් හිතන්න.මිනිස්සුන්ට නිකරුනේ මඩ ගහන්න එපා.ඒ මඩ ඔයාගෙම මුහුණේ තැවරේවි.. (දී)
ඇත්ත තිත්ත බව පේනවා (දී)
බන්දුල පෙරේරා, ඔයා ඉස්පිරිතාලයේ මානසික රෝගී අංශයෙන් බෙහෙත් ටිකක් ගන්න.එක වරුවක් බෙහෙත් බිපුවාම ලෙඩේ හොදවේවි. (දී)
ලංකාවේ බුද්ධිමත් ජනතාව ඇත්ත මොකක්ද කියලා දන්නවා. (නි)
ඉවසීමෙන් බලා සිටිමු වෙන්නේ මොකක්ද කියලා (නි)