IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතවේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (20) වැඩි ඡන්ද 89කින් සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 148ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි .

සමගි ජන බලවේගයේ , ජාතික ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ .

මන්ත්‍රීවරු දාහතර දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේදී මැති සබයේ නොසිටියහ .

පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම ඊයේ පස්වරු 4.40ට පමණ ආරම්භ විය . මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය ලබා ගත්තේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඔස්සේය .

අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා පනත සඳහා රජය වෙනුවෙන් නව සංශෝධන ඉදිරිපත් කළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සංශෝධන කිහිපයක් වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප විය.

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති 25 ක්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය7වැනිදා කතානායකවරයාට දැනුම් දුන්නේය .

එම පනතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබිණ.

පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට රජයට සිදුවූයේ මේ නිසාය .

පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් පහළොවක් සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණය ප්‍රකාශයට පත් කළේය.

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය අප්‍රේල් මස 8 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.



අදහස් (17)

වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතවේ

විජිත් Thursday, 20 May 2021 12:00 PM

ඔය සාපරාධී පනතට පක්ෂව ඡන්දය භාවිතා කළ මෝඩ, නරුම, චවුර, අසික්කිත, රට චීනාට පාවාදුන් දේශද්‍රෝහී "දේශකාපාලුවන්" 148 දෙනාට විරුද්ධව... දවසක මහා පාරේදීම නඩු අසා, මහාපාරේදීම අපාගත කරවීමේ " සත්ක්‍රියාවට " සහභාගිවන ලෙස රට වැසි ජනතාවටම මෙයින් ආරාධනා කරමි. ඒ දවස වැඩි ඈතක නොවෙන බව හොඳින්ම දනිමි.

:       90       15

gunarathna Thursday, 20 May 2021 12:07 PM

අවසර අපේ හාමුදුරුවනේ, දැන් ඉතින් ඔටුන්න දාන්න වෙන කෙනෙක් හොයනවද?

:       24       9

pradeepa Thursday, 20 May 2021 12:39 PM

ශුවර් එකට විමල්, වාසු, උදය, ගෙවිඳුලා ඡන්දෙ දෙන්නේ නැතිව එන්න ඇති. එයාලා නායම දේශප්‍රේමීන්නේ. දේශය බදියුදීන්ට විකුණනවට එයාලා කැමැති නැහැනේ.

:       17       10

siri Thursday, 20 May 2021 01:25 PM

"ජයවේවා" කියලා චීන භාෂාවෙන් ලියන්නේ කොහොමද?

:       21       15

sunanda Thursday, 20 May 2021 01:42 PM

අපේ රටේ ආර්ථිකයට යහපත් හැරවුම් ලක්ෂයක්...

:       15       40

Don perera Thursday, 20 May 2021 02:04 PM

අපේ විරුවා කොහොමත් රටත් වික්කා. කෝ අපේ 69 ලක්ෂය?

:       42       18

Rata Perata Thursday, 20 May 2021 03:12 PM

රට බෙදන මේ පනතට සහාය දුන් අය දේශද්‍රෝහීන් ලෙස සලකන්න. රාජපක්ෂලා අපේ රට නැතිම කරලා දැම්මා.

:       31       17

Bishan Thursday, 20 May 2021 10:42 PM

අහන්න තියෙන්නේ බයියනේ දැන් සතුටුද කියලා තමයි.

:       39       19

චන්දන Thursday, 20 May 2021 10:57 PM

කොටින්ටත් උතුරු පළාත ඔයවගේ පනතකින් දීල දැම්මනම් ඉවරයිනෙ යුද්ද කර කර ඉන්නෙ නැතුව

:       153       130

Nishan Thursday, 20 May 2021 11:47 PM

චීනයට රට අයිති වීමේ ආරම්භය.

:       54       21

මසිරිපාල Friday, 21 May 2021 01:20 AM

වරාය නගරය හරියට ක්‍රියාත්මක වුනොත් මෙරට ලෝකයේ ඉහලම තැනකට පත්කල හැකිය.නමුත් මෙම පනත සම්මත කරන අවස්ථාවේ ලංකා කේන්ද්‍රය ලෙස සැලකෙන කුම්භ ලග්නයේ හතර වැන්න හෙවත් භූමිය තැන කියන ස්ථානයේ රාජ්‍යකාරක රවිත් රාහුත් එක්ව ගමන් කිරීම නිසා (මෙවැනි කාලවල වැදගත් තීරණ නොගතයුතුය) රාජ්‍ය නායකයින් බරපතල ලෙස පීඩාවට ගොදුරුවන අතර අමාත්‍යාංශවල ඉහලම නිළධාරීන් අතින්දලොකුම වැරදීම්සිදුවීමෙන්කිසිදා විසදිය නොහැකි ප්‍රශ්ණ මතුවීමට ඉඩ ඇත. ‍

:       26       6

මසිරිපාලSaturday, 22 May 2021 01:22 AM

සිංහල පමණක් රාජ්‍ය භාෂාව කලේ 1956 දී... නමුත් ඒකට ප්‍රශ්න ඇතිවුනේ 1976 දී පමණ... මම ඉදිරිපත් කල අදහසට විරුද්ධ කීප දෙනාට කියන්න කැමතියි මෙහි අයහපතක් වෙනවා නම් වෙන්නේ තවත් අවුරුදු 20කින් පමණ වෙන්න පුළුවන්. ඒ කාලෙට අපි නොසිටියත් අපේ දරුවන්ට බලාගැනීමට මේවා දිනපොතක ලියාතබන්න කියලා ඩිස්ලයික් දමපු අයට කියන්න කැමතියි..

:       1       2

SankaSunday, 23 May 2021 07:03 AM

මේ ඩිස්ලයික් දාන්නේ චීන්නු සහ බයියන් සෙට් එකයි. ඒ අයට දාන ප්‍රතිචාර වලට ඩිස්ලයික් දානවා. මෙයාලට රටක් ඕනෑ නැහැ.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Friday, 21 May 2021 02:40 AM

රටක් දියුණුවීමේදී ලෝකයත් සමග ඉදිරියට ගමන් කළ යුතුබව අපි පිළිගනිමු.අපි එයට එකඟවෙමු.ඒත්,මෙවන් කටයුතුවලදී,සෑම රටකටම ආයෝජනය කිරීමට පොදු අවස්ථා තිබිය යුතුය.දැන් මහලොකුවට පම්පෝරි ගැහුවත්, අධිකරණ තීන්දුවට කලින් තිබූ දේ සම්මත කරන්නයි බලන් හිටියේ.එසේ උනානම්,එය චීණාට අයිති වෙනවා.දැන් උනත්,හානිකර සියලු දේ ඉවත් නොවූ බවයි බොහෝ දෙනාගේ අදහස. චීනාට වැඩි සැලකිල්ලක් දක්වා ඇති මෙහි ආයෝජනයට චීනාගේ හතුරු මහ බලවතුන් චීනාට සවුත්තු වීමට මෙහි එනවාට සැකයි.එසේ වුවොත් එහි වාසිය යන්නෙත්,චීනාටමයි.මේවා කලින් සිතාමතා හොඳින් සැලසුම් කොට සිදුකළ ඒවා බව පෙනේ.චීනාගේ බලය පවතින මෙහි සිට මහ බලවතුන්ට හානිකරදේ ඉදිරියේදී සිදුවුවහොත්,ඒ ඒ පාර්ශවයන් සටනට පැටළුණහොත්,එය අපට දැඩි ලෙස බලපායි.ඒ නිසා කලයුතුව තිබුණේ ලොව සෑම රටකටම කිසිදු බාධාවකින් තොරව, විනිවිදභාවයෙන් යුතුව මෙයට පැමිණ ආයෝජනය කිරීමේ අවස්ථාව උදාකර දීමයි.එසේ නොකොට මේ දඩිබිඩියේ මෙයට මේ ලෙස හදිස්සි වූයේ,දෙපාර්ශවයක් පමණක් දන්නා,වැසියන් නොදන්නා කුමක් හෝ දෙයක් ඇති නිසා යැයි කිසියම් කෙනෙකුට තර්ක කළ හැකිය.ඒ වැනි යම් දෙයක් සැඟවී ඇති සේයාවක් පෙනේ.ඒ බව ඉතාමත් පැහැදිලිය.

:       70       19

Ranji Friday, 21 May 2021 10:40 AM

ඔය එන්නත් විකුණන්න වෙන්නේ චීනේටම තමයි. තවම ලෝක සෞඛ්‍ය සංවිධානය මේ එන්නත අනුමත කරලා තියෙන්නේ " වෙන දෙයක් නැත්නම් භාවිතා කරන්න" කියලයි. භාවිතා කරන්නේ නිකන් දෙන ඒවා විතරයි කව්රුවත් මේවා සල්ලි දීලා ගන්නේ නැහැ.

:       34       5

Rakitha Friday, 21 May 2021 10:51 AM

ඉතා හොඳයි.. මේකෙන් රට ගොඩක් ඉදිරියට යයි. මේ අය කෑගැහුවට අවශ්‍ය තීරණය ගැනීම ගැන රජයට ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ. මෙලෝ හසරක් දන්නේ නැති අය දැන් බොරුවට කෑ ගහනවා.

:       6       29

Mal Sunday, 23 May 2021 08:49 AM

බලන්න ඒකෙත් හැටි. අපි හීනෙකින් වත් හිතුවද අපේ ජීවිත කාලේදී අපට 138 බස් එකේ නැඟල රීගල් එක ලඟින් බැහැල හෙක්ටයාර් ගානකින් "ලොකු රටක්" බවට පත්වෙන්න යන චීනෙට පයින් යන්න පුලුවන් වෙන සෞභාග්‍යමත් දවසක් උදාවෙයි කියලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හීනටියන වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 26 26 0

කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචි තරුණයකුට අද අලුයම 05.35 තම නිවෙසට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු ටී. 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව කටු


දළදා වැන්ද අයට එන්න හෙටත් දුම්රියක්
2025 අප්‍රේල් මස 26 20 0

සිරි දළදා වන්දනාවට සහභාගි වී ජනතාවට ආපසු එන්නට පමණක් මහනුවර සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් හෙට (27) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තම


කෝප් එකෙන් දූෂිතයන්ට නඩු
2025 අප්‍රේල් මස 26 105 0

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.


පළාත් කීපයකට අදත් වැසි
2025 අප්‍රේල් මස 26 132 0

අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව


සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 1797 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 197 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 835 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 384 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 540 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site