(ඩයනා උදයංගනී)
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්ද 150ක් ලැබුණු බවත් එය 148ක් ලෙස ගණනය වී ඇත්තේ කිසියම් දෝෂයක් නිසා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
ඒ අනුව පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වී ඇතැයි ද ඇමතිවරයා ඇමතිවරයා සඳහන් කරයි.
ඡන්ද ගණනය කිරීමේ දී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතාගේ ඡන්ද ගණනය වී නැති බවත්, එබැවින් ඡන්ද සංඛ්‍යාව 148ක් ලෙස සඳහන් වූ බවත් ඇමතිවරයා කීවේය.
අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඡන්ද ගණනය එසේ වැරදීම බැරෑරුම් තත්වයක් බව කී ඇමතිවරයා එය සිදුවූයේ කෙසේදැයි සොයාබැලිය යුතු බව ද පැවසීය.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ආර්ථිකයට සුවිශේෂී පනතක් වන වරාය නගර පනත තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත වූ අවස්ථාවක එය නිසි ආකාරයෙන් නොදැක්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී ඇති බවයි.
එය කිසියම් සැලසුම් සහගත ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද කාරියවසම් මහතා සඳහන් කරයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘වරාය නගරයට තුනෙන් දෙක ලැබුණත් ගැන්නේ වැරදියට‘‘
jagath santha Arachchi kittuwa Friday, 21 May 2021 12:20 PM
හරියට ගණන් කරන්න දන්නේ නැතිද කොහේද? අධ්‍යාපනය, අධ්‍යයනය කියන දේ වත් දන්නේ නැහැ.
ජෝන් සිල්වාMonday, 24 May 2021 02:05 AM
ඇයි ලොක්කා ඡන්දය ගත්තේ යාන්ත්‍රිකව නම් එම යන්ත්‍රයෙන්ම එකතුව ගන්න බැරිද? ඇදුරු මහැදුරු වැනි වියත්තු නොවෙයි. නොදරුවෙක් වුණත් කියාවි පුළුවනි කියලා. නිකම් මොත්තේ දාන්න ඒපා ලොක්කා. තවම ලංකාවේ කොන්ඩේ බැඳපු චීන්නු නැහැ..
mihira Friday, 21 May 2021 12:22 PM
150ට ගැන ගන්න බැරි අය තමයි ඔතන ඉන්නේ. කෙටියෙන්ම කතාව ඒකයි.. ඉතිරි ටික හිතාගන්න...
mihira Friday, 21 May 2021 12:23 PM
විජාතික කුමන්ත්‍රණයක් විය හැකිය.
kamalSaturday, 22 May 2021 04:00 AM
ඔව් ඔව්... මේක අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් බව ඉතාම පැහැදිලියි. පැහැදිලි නැති අය විමල්ගෙන් අහලා බලන්න.
hemantha Friday, 21 May 2021 12:25 PM
ඒක ගන්නෙත් අට පාස් නැති අයද? මහලොකුවට පාට කියන්නේත්, නීති හදන්නේත් එතැන.. ඒක හරි උත්තරීතර තැනක් කියලා. මේ ගණන් කිරීමෙන්ම පේනවා මොන තරම් නම් උත්තරීතරයිද කියලා.
Raveendra Friday, 21 May 2021 12:30 PM
අපට මේ වරාය පිළිබඳව පනත සම්මත වූවාද නැද්ද යන්නට වඩා බරපතල ගැටලු තිබෙන බව පැහැදිලිය. එනම් "දියවන්නාව පට්ටියේ හරකුන්ට ඉලක්කන්" එකතුකර ගැනුමට තරම්වත් දැනුමක් නොමැතිවීම ඉතාමත්ම කණගාටුදායක මෙන්ම එය භයානක තත්වයක් නොවේද ..? කාරුණිකව මධ්‍යස්ථව සිතන්න... ගෝඨාභයද, පුතානෝද, රනිල්ද බලයේ ඉන්නේ අපට අදාළ නොමැත.. නමුත් මෙය ඉතාමත්ම භයානක පෙරනිමිති පෙන්නුම් කරනවා නොවේද?
sam Friday, 21 May 2021 12:35 PM
ඒක තමයි මහත්තයෝ.. පාර්ලිමේන්තුවට 08 පාස් අයවත් යැවිය යුතුයි.
sam Friday, 21 May 2021 12:36 PM
ගොබ්බයෝ, හරියට කරන්න දන්නේ නැහැ.
දැන්ම මැරෙන්න බෑ Friday, 21 May 2021 12:38 PM
මේ වෙලාවේ ගම්පහ අවට ඉන්න අපට නම් ඔය විවාදේ ඡන්ද එකක් දෙකක් එහෙ මෙහෙ වූ එක අදාළ වෙන්නෙම නෑ.. ජී.ඇල්.. මහත්තයෝ... කරුණාකර ගම්පහ ප්‍රධාන රෝහලේ අඩුපාඩු ටිකට පිළියම් යොදන්න. මට කොරෝනා නැතත්, මට කොරෝනා හැදුනොත් අත්වෙන ශෝචනීය ඉරණම දැනටම දැනිලයි තියෙන්නේ... ඔහෙලා රැවුල ගිනි ගනිද්දි සුරුට්ටු පත්තු කරන්නනේ හදන්නේ.. පුදුම මිනිස්සු ඔහෙලා නම්..
Demuni Uduwara Friday, 21 May 2021 08:48 PM
ඔබට නැවත එය කියන්න පුළුවන්..
KooralageSaturday, 22 May 2021 04:21 AM
ඇත්තටම මේ තක්කඩින් කාලේ එදා දොන් ජුවන් ඡර්මපාල කළා වගේ... ලංකාවේ කෑල්ලක් හොර චීනාට ඔප්පු පිටින් ලියලා දුන්නා. ඉගෙන ගත්තත් ජී.එල්.. ජාතිද්රෝහියි.. මෙහෙ කොරෝනාවලින් මුළු රටම වලපල්ලට ගිහින් ඉවරයි. වරෙල්ලකෝ ඡන්දෙ ඉල්ලගෙන ගමට.... පොල් පිති ගන්නේ අතට...
lalithmSaturday, 22 May 2021 09:09 AM
කොටින්ම කිව්වොත් අතන, මෙතන රතන වගේ තමයි.
prasanna Friday, 21 May 2021 02:15 PM
ඡන්ද 225 හරියට ගණන් කරගන්න බැරි පින්ගුත්තරයින් ඔතෙන්ට රාජකාරියට දැම්ම කෙනා කවුද? දියවන්නා ජාලය කලු වෙන්නේ මේ අයගේ බොරු අහලා ලැජ්ජාවට...
කනිෂ්ක Friday, 21 May 2021 03:38 PM
ඡන්ද වීමසීමකදී එය ගණනය කිරීම සිදු කරමින් කතානායකවරයාට සහාය වන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසිනුයි. දියවන්නාවේ 225 එම ගණනය කිරීම් වලට සම්බන්ධ නොවේ...
Rata Perata Friday, 21 May 2021 03:41 PM
වයසට යනකොට කොහොමත් ගණන් එහෙම ටිකක් අමාරු වෙනවා තමයි. දැන් යන තැනකට වැඩක් කරගත්තොත් නරකද?
Rohana Friday, 21 May 2021 03:47 PM
රෝමය ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කළාලු. එහෙමත් නැත්නම් නැව ගිලුනත් බෑන්ඩ් චූන්ලු...
CHANDIMA Friday, 21 May 2021 04:43 PM
ලැජ්ජා නැතිද මහාචාර්යතුමෝ....? ඔය කරගන්නවත් බැරි අය එක්කලා බැරි අය එක්කලා ළගින්න...
විපරමා Friday, 21 May 2021 04:45 PM
මහාචාර්යතුමාගේ දැනුම අති විශිෂ්ඨයි. අපේ ගමේ කඩේ එකාටත් බෑනේ හරියට ගණන්...
pradeepa Friday, 21 May 2021 05:09 PM
මගේ මොන්ටිසෝරි යන පොඩි දුව එවන්නද? ජනතාවගේ ධනය විනාශ කරනවා. එක වැඩක් හරියටම කරගන්න තාම බැහැනේ... මහලොකුවට උත්තරීතර...
මෝ Friday, 21 May 2021 06:33 PM
පුදුම වෙන්න දෙයක් නෑ. ඔතන ඉන්න මහාචාර්ය පට්ටම් තියෙන කාටවත් 225ට ගනින්න බෑ. බූරුවෝ වගේ බලන් ඉඳලා දැන් උඩුබුරනවා. මේ අයද රට කරන්නේ?
nasa Friday, 21 May 2021 06:37 PM
ඔය ගාන 150ද? කීයක් තියෙනවාද කියලා වැදගත් වෙන්නේ චීනාට විතරයි. මොකද දුන්නු කුට්ටි ගාන හරියට ගැළපෙන්න ඕනෑ. අපි නම් ඉතිං "මරු මුව අභියස".
රන්ජන් Friday, 21 May 2021 08:45 PM
මහජන අදහස් දැක්වීම් වලට කැමති හා අකමැති අනුපාතය අපට පෙන්වයි. රජය කෙතරම් අප්‍රසාදයට පත්වී ඇත්ද යන්න පැහැදිලි චිත්‍රයක් ලබාදෙයි.
Demuni Uduwara Friday, 21 May 2021 08:52 PM
පීරිස් මහත්තයෝ කොරෝනා ගැන කතාකරන්න.
Siri Friday, 21 May 2021 11:03 PM
මම හිතන්නේ මෙයාගේ මොලේ ඇතුළට රිංගපු මූනිස්සම දොස්තර අරන්දාලා නැද්ද කොහේද? ඒකයි..
Bandara Friday, 21 May 2021 11:06 PM
ඒකට තමයි මහත්තයෝ ඡන්දය විමසීමෙන් පස්සේ තහවුරු කිරීමට පෙර කතානායකවරයා ඇහුවේ ඉලෙක්ට්‍රෝනික ආකාරයට ඡන්දය පාවිච්චි කිරීමේ ගටලුවක් තිබෙන කෙනෙක් සිටිනවා නම් සඳහන් කරන ලෙස කිව්වේ... අපි මෝඩයින් කියලා හිතුවද?. අනික පාවිච්චි කරන්නේ මෝඩයෝ වුණාට ගණන් කරන්නේ උගත් මිනිස්සු...
Vithana Saturday, 22 May 2021 01:10 AM
ඒ කියන්නේ අසුබ නිමිත්තක්. මුහුදට වැලි පුරවලා වටේ බැම්මක් ගහලා හදපු කෘත්‍රිම පොළවක තට්ටු ගොඩනැගිලි හදලා අවදානමක් ගන්නේ මොකටද කියලා ආයෝජකයින් සිතයි. ඒ වගේම මුහුද අද්දර ස්වාභාවික ගොඩබිමේ ඕනෑතරම් ඉඩම් තියෙද්දී. අනික චීනය ඕකට අරක් අරන් ඉන්නකන් වෙන කෙනෙක් එයි කියලා හිතන්න අමාරුයි.
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 22 May 2021 02:01 AM
පම්පෝරියේ තරමට වැඩ නම් නැති බවයි පේන්නේ... මේ අයගේ බුද්ධිය හා හැකියාව ගැන මැන බැලීමට මෙය ඉතා හොඳ සරල උදාහරණයකි. මේ වගේ පුංචි ගාණක්වත් එකතු කරගන්න බැරි ප්‍රඥාවන්ත රැළක් තමයි අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. කම්පියුටර් බල්ලට විසිකරලා මහදැනමුත්තන් රැල එකතුවෙලා ඇඟිලිටික ගැන්නා නම්, මේ පුංචි ගණන ඒකතුකරගන්න තිබුණා. මේ පුවත් ලෝකෙට යනවිට අපේ රටේ තත්වය අර සතාගේ තත්වෙට වැටෙනවා.
gunapala jayasingha Saturday, 22 May 2021 02:01 AM
නුඹලා කොරෝනා ආසාධිත සහ මැරුණු සංඛ්‍යාවවත් හරියට ගැනලද මේ කතා කියන්නේ? ඊයේ වෙනකොට 44ක් මළමිනී ගොඩ ගැහිලා... නුඹලාට හෙණ 07 ගහනවා..
අශාන් Saturday, 22 May 2021 03:46 AM
ඡන්දෙ ගණන් කරන්නේ මැති ඇමැතිලා නෙමෙයි, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය කියලාවත් නොදන්න පුරවැසියන් බොහොමයක් ප්‍රතිචාර දුන්නු රටේ අනාගතය ගැන කවර කතාද?
VithanaSaturday, 22 May 2021 05:01 AM
පෝට්සිටියේ රස්සාවක් ලැබෙයි. සුබ පැතුම්....!!!
බමුණු.Saturday, 22 May 2021 06:15 AM
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය බව නොදන්නා හරකෙක් නැහැ. ඒ වුණාට කාර්ය මණ්ඩලයේ වැඩවලට වගකියන කට්ටිය කව්ද කියන එක තමන් නොදන්නා එක තමයි මෙතන තියෙන ලොකුම ගොන්කම...
sajabaSaturday, 22 May 2021 03:23 PM
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා මහ ලේකම්. අවසන් වගකීම ඔහු අතේ...
rathana disanayaka Saturday, 22 May 2021 03:57 AM
‘‘එක රටක්... ලොකු රටක්‘‘ කිව්වට ලෝක සිතියමේ වත් දිස්නොවෙන මේ දූපත තිතක්.. ඒ නිසා රටක් කියනවටවත් ඇත්තටම භූවිද්‍යාඥයින් නම් ඇත්තටම කැමැති වෙන්නේ නැහැ. මොකද චිත්‍රය වෙනස්. එහෙව් දූපතක ගණිතය නොදන්න අය ඉන්නවා කියන්නේ අනික් කෙරුවාවල් ගැන හිතාගන්න පුළුවන්.
nimal Saturday, 22 May 2021 04:21 AM
වඳුරාට දැලිපිහිය දීමත්, නිවට පාලකයකුට බලය දීමත් අතර වෙනසක් නෑ.
de silva Saturday, 22 May 2021 04:29 AM
රටේ සම්පත් චීනාට විකුණන කම් හරියට නින්ද යන්නේ නැති ඔබතුමා වැනි පුද්ගලයින් සිටින පොහොට්ටු පිල ලබන ඡන්දෙදී 10% ක් පහළට වැටෙනවා... එතකොට ඒක ගණන් කරන්න පහසු වේවි..
lakshman kurukulasuriya Saturday, 22 May 2021 05:02 AM
මෙහෙම කියන එක්කෙනා නේද මේ දූපතේ අධ්‍යාපන ඇමැති... ලැජ්ජයි..!!! දැන් ඉස්කෝල ටික වහලා වසර 02කට කිට්ටු වෙන්න එනවා. මේ අධ්‍යාපන ඇමැති ගෙදර යැව්වාම ඊළඟ ඡන්දෙන් ළමයින්ට ගණින්න තියා එක දෙක කියන්න දරුවෝ ටිකක් ඉඳීවිද මන්දා... දැනටමත් දරුවන් 1000ක් කොරෝනාවට බිලි... 5ක් මැරිලා... ඒකට මොකද ‘‘ අපි තමයි හොඳටම කළේ‘‘. මේ අයට හෙණ 07 ගහන දවස වැඩි ඈතක නොවේ..
dasun Saturday, 22 May 2021 05:12 AM
අර රැකියා ලක්ෂයේ කෙනෙක්ව පාර්ලිමේන්තුවේ ඡන්දෙ ගනින්න දාලාද කොහේද?
Akila Saturday, 22 May 2021 05:13 AM
පහුගිය දිනක චීන ආරක්ෂක ඇමැතිගේ පැමිණීමයි, මේ පනත හදිසියේ සම්මත කරගැනීමයි අතරේ ලොකු සම්බන්ධයක් තියනවා කියලා තමයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ...
Sedara Panadura Saturday, 22 May 2021 05:54 AM
සභාපතිතුමාගේ ගණන් හැදුවේ අපිද? ඔය විදිහට 69 ලක්ෂයේ කියන්නෙත් බොරු වෙන්න ඇති. ඇයි කණිෂ්ක, අසාන් ඔයාලා ගියාද ගණන් කරන්න...? ඔතන ඉන්න ඔක්කොම අධ්‍යාපනය ලබාගෙන තියෙන්නේ අධ්‍යාපන ඇමැති කෙනෙක් හිටපු රටක ඉස්කෝලෙක ඉගෙන ගෙන නේද? අධ්යයනයෙයි, අධ්‍යාපනයෙයි වෙනස නොදන්න හපුයියෝ වෙන්න බෑ..
jayath Saturday, 22 May 2021 06:34 AM
ඕක කජ්ජක්ද ප්‍රොප්? ලොක්කටත් 5 ට ගනින්න බැහැ කියලා අපි ළඟදී දැක්කේ නැත්ද?
banda Saturday, 22 May 2021 07:01 AM
පින් බයියන් ටිකකට ලැබුණ ඡන්දෙ ගණින්න බැරිව දඟලනවා. රටේ කොරෝනා නිසා මිනිස්සු මැරෙනවා. මේ අයට ගාණක් නැහැ.
ranjan Saturday, 22 May 2021 07:33 AM
හිරේ ඉන්න ඕනෑ කෙනෙක් ... ලැජ්ජාව ගෑවිලාවත් නැහැ...