IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වැලි ලොරි එපා

වැලි ලොරියකට අසුවී ලග්ගල කළුගඟදී මවක සහ පුතකු මිය යාමෙන් පසුව ගම්වැසියෝ පාරට බැස ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් ඇරැඹූහ.

වැලි ලොරිවලින් සිදුවූ  අනතුරු හා මරණ සංඛ්‍යාව සලකා හඳුන්ගමුව මාතලේ මාර්ගයේ වැලි ටිපර් ගමන නවත්වන ලෙස ඔවුහු ඉල්ලති.

දිනකට අඩුම ගණනේ වැලි ටිපර් 500කට ආසන්න ප්‍රමාණයක් ගමන් කරන බවත්, ගැමියෝ පවසති.

මේ වැලි වැඩිහරියක් කොළඹට ගෙන එන බවත්, බොහෝ රියදුරන් අපරික්ෂාකාරී ලෙස වැලි ප්‍රවාහණය කරන බවත් ඔවුහු පවසති.

අද සිදුවූ මාරක අනතුරෙන් පසුව වැලි ලොරි පාරේ තැන තැන බිමට හළා ඇත.

කියුබ් හතරේ වැලි ලොරියක කොළඹ මිල රුපියල් 24000ක් පමණ වේ.

 



අදහස් (0)

වැලි ලොරි එපා

චින්තක Friday, 26 July 2013 12:08 PM

මේක ඇත්තටම වලිගය පාගාගෙන වටේට දිවීමක් වගේ. මොකද රට සංවර්දනය කිරීම හරි නිවසක් හෝ ඕනෑම ඉදිකිරීමකට වැලි නැතිවම බැහැ. ඉස්සර මා ඔය, කළු ගඟ මගින් වැලි ගොඩ දැමීම නිසා ප්‍රවාහන ගැටළු සහ වැලි මිල අවම මට්ටමක පැවතුනා. නමුත් පරිසර හානිය ඉහල ගියා කියල එය තහනම් කලා. නමුත් ආපසුහැරිල බැලුවහම මෙම මනම්පිටිය සහ මහියංගනය සිට කොළඹට වැලි ගෙනාවහම පරිසරය රැකෙනවද ? මෙය විද්වතුන්ගේ සංවාදයට ලක්වියයුතු දෙයකි. (නි)

:       0       0

වසන්ති Friday, 26 July 2013 12:10 PM

පරිසරයත්,ජීවිතත් දෙකම විනාසයි. කොන්ක්‍රීට් සංවර්දනය මුළු රටම බිලි ගනී. (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 26 July 2013 12:11 PM

අද ගමේ ගොඩේ දුප්පත් මිනිහෙකුට ගෙයක් දොරක් හද ගන්න ක්‍රමයක් නැහැ.වැලි ගණන් නිසා.මහියංගන වැලි කියා විකුනන්නේ හොරෙන් ගොඩ දැමු ,ගඟේ,ඔයේ වැලි .ඒත් මහියංගනේ මිලමයි.කොළඹට වැලි මහියංගනෙන් ගෙනෙන්න මොනතරම් ඉන්දන ප්‍රමාණයක් පුච්චනවාද ?වාහන ක්ෂය වෙනවා. මාර්ග අනතුරු,වාහන තද බදය.ගඟක් හෝ ඔයක් මුහුදට වැටෙන කිලෝ මීටර 25 කින් එහා ඕනෑම ස්ථානයකින් වැලි ගොඩ දැමීමට අවසර දීම වටිනවා මුහුදු ජලය රට තුලට ගලා නොඑන පරිදි. ඉදිකිරීම් කොතැන කලත් ,වැලි මහියංගනයෙන්,ගල් රණාලින්,කාපට් ගම්පහින් රටේ මුදල් අගහිග කාලයේ දුප්පත් මිනිසාගේත්,රජයේත් අනවශ්‍ය වියදම් කපා හැරීම සඳහා විකල්පයක් ගැන නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමාගේ කාරුණික අවධානය යොමු වේවා !!! (නි)

:       0       0

උදය Friday, 26 July 2013 12:39 PM

ජය වේවා. (නි)

:       0       0

කමල් Friday, 26 July 2013 12:40 PM

මෙන්න වැඩ (නි)

:       0       0

චන්දිම Friday, 26 July 2013 12:52 PM

සමහර වැලි කාරයො පාර තමුන්ට විතරක් අයිති දෙයක් වගේ යන්නෙ. දැන්නම් කහපාට ලේලන්ඩ් ලොරියක් දැක්කත් යටකරගෙන යයිද කියල බය හිතෙනවා. (නි)

:       0       0

සත්‍යාපාල Friday, 26 July 2013 01:03 PM

පැහැදිලිවම මේ ටිපර් රියදුරෝ කිසිම අණක් ගුණක් නැති , චාරයක් නැති ,ඉවසීමක් නැති කට්ටියක්. (නි)

:       0       0

දර්ශන Friday, 26 July 2013 01:48 PM

දවසක් කටුනායක සිට කොළඹ එනකොට වැලි ලොරියක් අහු වුනා. මට කදාන සිට වත්තල වෙනකම් කාර් එකට ඉස්සර කරන්න දුන්නේ නෑ. (නි)

:       0       0

උදය Saturday, 27 July 2013 01:47 AM

ටිපර් රියදුරන්ගේ කිසිම පරෙස්සමක්, පාලනයක් නැහැ. ඒ ගොල්ලෝ පාර බදු අරගෙන කියල හිතාගෙන තමා සීයට විතර එලවාගෙන යන්නේ.පාරේ ඇවිදගෙන යන තමන්ගේ පන්තියේ මිනිස්සු යට කරගෙන දුහුවිලි අවුස්සාගෙන එලවන්න හරි දක්ෂයෝ. පොඩි ළමයින් ඉන්නවා දුවිලි හොඳ නැති පීනස තියෙන. මේගොල්ලන්ගේ ලොරි 500ක් දවසට ගේ ඉස්සරහින් යනවා කියන්නේ ඒ වගේ අයට නිදහසේ හුස්මක් ගන්න නැහැ. මේවට බලපත්‍ර දෙනකොට අතරමග ඉන්න මිනිස්සුන්ට වෙන බලපෑම බලන්න ආණ්ඩුවේ නිලදාරීන් දැන ගන්න ඕනෑ (නි)

:       0       0

ඉෂාන්ත Friday, 26 July 2013 06:09 PM

මිනිස්සුන්ගෙ කේන්තිය සාධාරණයි (නි)

:       0       0

උදය Friday, 26 July 2013 11:32 AM

ඇත්ත. යම් විසදුමක් අවශ්‍යයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 252 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 201 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1436 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 370 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 806 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 523 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site