දඹුල්ල ඉබ්බන්කටුවේ නවතා තිබූ සහල් ලොරි දෙකක වැලි ටිපරයක් ගැටීමෙන් සහල් ලොරියක රියදුරා මරුමුවට පත් වී ටිපර් රියදුරා ඇතුළු සිව් දෙනෙක් බරපතල තුවාල ලදහ.
කාර්මික දෝෂයකට ලක්වී තිබු පොලොන්නරුවේ සහල් ලොරියේ සහයට පැමිණි ලොරි රියදුරා මිය ගිය බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නෙ වැරදි නවත්තලා තියපු ලොරියයි. (ස)
මම නම් කැමති සුමංගල ඇල්පිටිය ගේ අදහසටයි. හොඳට ගැලපෙනවා.(නදී)
අනේ මෙහෙමත් දිනෙන් දින වෙන අනතුරු! (නි)
අල්හාජ් ඔයා කියන්නේ යකාගේ කතාවක්නේ ඔයා නීතිය දන්නවද? හරි නම් පාරේ යන ගමන් වහනයක් රිවස් කරලා හැප්පුවත් වැරදි කාරය වෙන්නේ පස්සෙන් ගියපු වාහනේ. හේතුව පිටිපස්සෙන් ගිහිල්ල ඇන්න කියල එහෙව් එකේ කොහොමද නවත්තල තියෙන එකේ හැප්පුවම ඒක වැරදි වෙන්නේ. තමන් ඉදිරියට යනකොට ප්‍රවේශමෙන් යන්න ඕනා. දැකල නැද්ද දියුණු රටවල වාහන පදින හැටි. (නදී)
වැලි රියදුරන් මෙතරම් අපරික්ෂාකාරී ඇයි? (ස)
රජ කාලෙ දඬුවම් දිය යුතුයි. (ස)
සම්බුදු සරණයි, පාරේ යන අපිට.... (ස)
ඉතා කුඩා ඉඩක් තුලින් රිය වේගයෙන් ගමන් කරවීමට උත්සහ කිරීම නිසා බොහෝ අනතුරු වෙනවා . හදිසියේ කවුරුහරි පාරට පැන්නොත් හෝ රියක් පාරට දැම්මොත් කරගන්න දෙයක් නැතිව කොහේ හෝ වද්දගන්න වෙනවා . (නදී)
මිශ්‍රනය නම් හරි. හාල් 2 ට, වැලි 1 යි. (ස)
මෙයට සම්පුර්ණ වරදකරු කොන්ද පන නැති පොලිසියයි. වැලි ලොරි සහ ලොකු පුද්ගික බස් යන්නේ සියලු මාර්ග නීති උල්ලංඝනය කරමින්.(නදී)
මේක ලංකාවනේ කියල වැඩක් නෑ ඕන නෑ . මොකද මොනවා හරි ලිව්වොත් කට්ටිය කියයි පාරේ යන මිනිස්සු සැලකිල්ලෙන් පාරේ යන්න ඕනා. ටිපර් හයියෙන් ගියොත් තමා වැඩ කරගන්න පුලුවන්. එතකොට තමා දවසේ වියදම හොයා ගන්න පුවන් වෙන්නේ, එක්කෝ ලංකාවේ ඕක සාමාන්‍ය අනතුරක් ඔය වගේ සීයක් දේවල් කියාවි. ඒ නිසා ඕන නෑ මැරුණම පත්තර පිටු බාගෙක ශෝක පණිවුඩයක් දාලා "මැටර්" එක ක්ලෝස් කරමු. ඒකයි අපේ චාරිත්‍රය. මැරිච්ච අයට නිවන් සැප. (ස)
වාහනයක් පාරේ අයිනේ නවතා තැබීමෙදීත්, ගමන් කිරීමේදීත්, රියදුරන්ට ආරක්ෂක ක්‍රම වේදයන් නීතිගත කරලා තියෙනවා.නොසැලකිල්ල මේවාට ප්‍රධාන හේතුවයි. (ස)
බුදු සරණයි කියා ලොරියේ ඉස්සරහින් ලියල තියෙනවා. මෙවැනි වාහන ඉදිරියෙන් යන අයට වෙන කාගේ සරණක්ද?. (ස)
මුදල් නිසා මිනිස් ජීවිතවල වටිනාකම අවබෝධ කරගන්න අමාරුයි. (ස)
ලංකාවේ ගොඩක් අය තවමත් නොදන්නා දෙයක් තමයි ඔක්කොම මහා පරිමාණ ව්‍යාපාර කරන්නෙ දේශපාලකයෝ කියන එක. රටේ සාමාන්‍ය මිනිහෙකුට ව්‍යාපාරයක් කරගෙන ගොඩ යන්නවත් මේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නෑ. එකට හොඳම උදාහරණය තමයි මේ අනතුර. හාල් ලොරිය එක මල්ලි කෙනෙක්ගේ වැලි ලොරිය අනික් මල්ලිගේ. මේවා දෙයියන්ට කියනවා ඇරෙන්න අපිට වෙන කියන්න කෙනෙක් නෑ. (දිල්)
මේ බිස්නස් දෙක එකට එකක් සම්බන්ධ නිසා ලොරි දෙක හිතන්න ඇති මඟදීම සෙට් වෙලා හාල් වලට වැලි ටික දාගම්මු. මොකටද දෙපැත්තට යන්නේ කියලා. (ස)
වැලි ටිපර් එල්ටීටීඊ යට වඩා භයානක මිනීමරුවෝ වෙලා. ලංකාවේ දේශපාලුවන්ගේ බිස්නස් එකක්. ඒ නිසා මේ ගැන සොයා බලන්නෙ නෑ. ජනතාව එකතු වී වැලි ටිපර් වලට ගල් ගසා නතර කල යුතුය.(ස)
උදව්වට පැමිණි කෙනා අපරාදේ. නොසැලකිලි මත් රියදුරේක් නිසා ජිවිතයක් අහිමි විය. ඔබට නිවන් සුව ලැබේවා!!! (ස)
දන්නවා ඇතිනේ ලංකාවේ වැලි ප්‍රවාහනය (මහා පරිමාණයේ) වැඩියෙන්ම කාටද අයිති කියලා. ඒ නිසා රියදුරන් යන්නෙම උඩින්. (ස)
වැලි ලොරිය නාහෙට අහන්නෙ නැතුව වගෙයි ගිහිල්ලා තියෙන්නේ (නි)