IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වල් සීයාගේ සංධ්වනිය

2016-08-06-ent-42

තරුණයෙක් සහ තරුණියක් අත්පා විහිදුවමින් ශරීර ලාලිත්‍ය මතුවනසේ කරන ලයාන්විත නර්තනය නෙත් දෙක ඉවතට ගැනීමට බැරි තරම් හරිම අපූරුය. ඇස මදකට හෝ ඉවත් කරගන්නට සිදුවුවහොත් ඒ අපූරු නර්තන කලාංගය රසවිඳීමට බාධාවකි. අප කැමරා ශිල්පියා ද නර්තනයට බාධාවක් නොවන සේ විවිධ කෝණවලින් එම මනහර රැුඟුම නිශ්චල ඡුායාරූපවලට හසුකරගන්නට උත්සාහ ගනිමින් සිටින බව පෙනේ. පීදීගෙන එන කහ පාටට හැරී තිබෙන ගොයම් ගස් අතරින් හමාගෙන එන සිහින් මඳ සුළං රැුල්ල මහරගම ආනන්ද මෛත‍්‍රීය විහාරස්ථානයේ නාට්‍ය පුහුණුවීම් ශාලාවේ සිටින හැමගේම ගත මෙන්ම සිතද අමුතුම ජීවයකින් පුරවාලනු පෙනේ. ආනන්ද සේනාරත්න නාට්‍යය පුහුණුවීම් සඳහා තෝරා ගෙන තිබෙන ස්ථානය නාට්‍යයක රංගනයක් පුහුණුවීම සඳහා හැම අතින්ම උචිතය. පංචාලි නාඩගම, කොමළවත නිර්මාණ වේදිකාවට තිළිණ කළ ආනන්ද සෙනෙවිරත්නගේ නවතම නිර්මාණ කාර්යය වන්නේ ‘‘වල් සීයාගේ සංධ්වනිය’’ නාට්‍ය නිර්මාණයයි. පවුලේ සැමට සුදුසු නිර්මාණයක් ලෙස වේදිකාවට කැඳවාගෙන එන එම නිර්මාණයේ මංගල වේදිකාදිග හැරුම අගෝස්තු 11 බ‍්‍රහස්පතින්දා සවස 3.30ට හා 6.30 ට කොළඹ 07 නෙළුම් පොකුණ මාවතේ පිහිටි නව නගර ශාලාවේදී සිදු කිරීම නිමිතිකර ගනිමින් නාට්‍ය කණ්ඩායමේ පිරිස යුහුසුළුව සිය පුහුණුවීම් කරමින් සිටිති.

‘‘වල් සීයාගේ සංධ්වනිය’’ නාට්‍ය නිර්මාණය සමඟ අන් කිසිදා වේදිකා නාට්‍යයකදී සිදු නොවුණු අපූරු යමක් සිදුවන බව අපට දැනුම් දුන්නේ නාට්‍ය අධ්‍යක්ෂ ආනන්දමය. එනම් එදින නාට්‍යය නැරඹීමට එන සියලූ දෙනාටම වටිනා ත්‍යාගයක් පිරිනැමීමට ආනන්ද ප‍්‍රමුඛ නාට්‍ය කණ්ඩායම සූදානමින් සිටිති. නාට්‍යයේ ප‍්‍රධාන නිළියගේ භූමිකාවට පණපොවන සංජීවනී ඇඹුල්දෙනිය සිය නර්තන ගුරුවරයා සමග තවමත් නර්තනය පුහුණුවෙමින් සිටියි. දැඩි දහඩියෙන් ඔවුන්ගේ ගත හොඳටම පෙඟී තිබෙතත් ඒ දෙදෙනාටම වෙහෙසක් ඇති බවක් මුහුණුවලින් පෙනෙන්නට නැත. වේදිකාවේ කිරි හාමි ලෙස හඳුනාගෙන සිටින වික‍්‍රම සෙනෙවිරත්නත්, අධ්‍යක්ෂ ආනන්ද සේනාරත්නත්, සුසන්ත ප‍්‍රියදර්ශනත් සංජීවනීලාගේ නර්තනයට තව තව ලූණු ඇඹුල් එකතු කරන්නේ වඩාත් සාර්ථක නර්තන අංගයක් සකස් කර ගැනීම සඳහාය. මුහුණේ දාබිදු එකින් එක වැඩි වන විට සිය නර්තන රංගනයට මද විරාමයක් ලබාදීමට සියල්ලෝම එකඟ වූහ. ඒ ලැබෙන විවේකයත් නළු නිළියන්ට ප‍්‍රයෝජනවත් වන කාර්යය යොදවන්නට නාට්‍ය අධ්‍යක්ෂ ආනන්දට අවශ්‍යය.

ඒ නිසාම ඔහු නාට්‍ය පුහුණුවීම්වලට අත් උදවුවට ගෙනා කැසට් යන්ත‍්‍රය සුසර කළේ ඒ අතරතුරේත් නළු නිළියන්ට ගීත ඇසීමට සැලැස්වීම සඳහාය.

 

2016-08-06-ent-49සිරිලක රාජ කුණු අලේ පණුවෝ අපි තමා

රට උගසේ තියා සිරිසැප ගන්නේ

දේස පාලූවන්ට හෙණ නොවදින්නේ

කුඩු ටොන් ගණනින් ගෙන්නවමින්

අල්ලස බිය රජ කරමින්

නීතිය බල්ලටලන්නේ

 

ආනන්දගේ නාට්‍ය නිර්මාණයේ ‘‘සිරිලක රාජ කුණු අලේ’’ ගීතය මධුර ස්වරයෙන් විහාර භූමිය සිසාරා පැතිර යයි. නාට්‍යයේ අධ්‍යක්ෂවරයා මෙන්ම නාට්‍යයේ ගායකයා ද සංගීත අධ්‍යක්ෂවරයා වන්නේ ද අපේ ආනන්දමය.

පියදාස කොඩිතුවක්කු (පියා) සිරියාවතී කොඩිතුවක්කු, දොස්තර කරුපයියා හෙවත් සැමී, වල් සීයා, නිවේදක ඇතුළු චරිත මේ නාට්‍යයේදී ඔබව හමුවීමට සූදානමින් සිටින චරිතය.

නර්තන ගුරුවරයා සහ සංජීවනීගේ රංගනයෙන් පසු ඊළඟ නර්තන අංගය සඳහා වික‍්‍රම සෙනෙවිරත්නත් සංජීවනිත් කරළියට පිවිසියහ. සංජීවනිත් එක්ක එහෙට මෙහෙට කැරැුකෙමින් නර්තනය කරන්නට වික‍්‍රමගේ තිබෙන කැමැත්ත ඔහුගේ මුහුණින් පිළිඹිබු වෙයි.

‘‘අනේ නංගී ඔහොම රට බඹරේ වගේ කැරැුකෙන් නැතුව මාත් එක්කම පොඞ්ඩක් කැරැුකෙන්නකෝ. මං ඇල්ලූවේ නැතත් කමක් නැහැ. මගේ ඇඟිල්ල අල්ලගෙන කැරැුකෙන්න.’’

වික‍්‍රම කියන විදියට කැරැුකෙන්නට සංජීවනීට අපහසු හැඩකි. නර්තන අංගය හරියට හදාගන්නට සංජීවනිත් වික‍්‍රමත් අතර ඇති වන සොඳුරු කතා බහ ද ආශ්වාදජනකය.

‘‘අනේ නංගී ඔයා ඇඟිල්ල අඹරලා ගන්න විදියට ඇඟිල්ල කැඩිලා යාවිද දන්නෑ. පොඞ්ඩක් බලාගෙන ඈ.....’’

වික‍්‍රම එවැනි කතාවක් කියන්නේ ඇත්තටදැයි බොරුවටදැයි තේරුම් ගැනීමට නොහැකිව නාට්‍ය කණ්ඩායමේ පිරිස බලා සිටිති.

වික‍්‍රම මේ නාට්‍යයේදී අපූරු අත්දැකීමකට මුහුණ දී තිබේ. ඒ හිටිහැටියේම නාට්‍යයේ බිරිඳ මාරු වීම නිසාය. කලින් බිරිඳගේ චරිතය නිරූපණය කළ නිළිය පැදුරටත් නොකියා හදිස්සියේම අතුරුදන් වීම නිසා අලූත් නිළියක් වික‍්‍රමට ලැබී තිබේ. කලින් නිළිය සමඟ චරිතය ගොඩනගාගත් සියල්ල දැන් අලූත් නිළිය සමඟ පුහුණුවන්නට වික‍්‍රමට සිදු වී ඇත.

වික‍්‍රම කොහොමත් හිනාවෙලා ඉන්නට ආසය. චරිතයෙන් මිදී සිටින විට ඒ සැහැල්ලූව ඔහු සතුය. වික‍්‍රම දෙස බලා සිටින විට මට සිිහිපත් වන්නේම හත්පනේ කිරිහාමිය. මම ආයාසයෙන් මේ සිටින්නේ කිරිහාමි නොව පියදාස කොඩිතුවක්කු බව මගේ සිතට ඒත්තු ගැන්වීමට උත්සාහ කරමි. රැුවුලකුත් වවාගෙන මුහුණට අමුතු හැඩයක් හදාගෙන සිටින වික‍්‍රමගෙන් මම චරිතය ගැන විමසන්නට අදහස් කළෙමි.

‘‘මේ පිටපත කියෙවුවාට පස්සේ මට තේරුණා යම් දෙයක් මේ චරිතය තුළ කරන්නට තිබෙන බව. මේ චරිතය තුළ හාස්‍ය ගැබ් වෙලා තිබෙන විදියට මම කැමැතියි. චරිතයට ඇතුළුවෙලා ජීවත් වන විට අපට නිරායාසයෙන්ම චරිතයට සාධාරණය ඉෂ්ඨ කිරීමට පුළුවන්. සමාජයේ තිබෙන අඩු ලූහුඩුකම් තමයි හාස්‍යමය ආකාරයෙන් මතු කරන්න උත්සාහ කරන්නේ. ඒක නියමාකාරයෙන් මතු කිරීම තමයි ශිල්පියාගේ දක්ෂතාව.’’

වික‍්‍රම බැරෑරුම් ලෙස චරිතය දැනටමත් අවබෝධ කරගෙන තිබෙන බව ඔහුගේ කතාවෙන් අපට පැහැදිලිය. නාට්‍ය පිරිස අතරේ එහෙට මෙහෙට දුවමින් නාට්‍යයේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා වෙහෙසෙන අධ්‍යක්ෂ ආනන්දව මේ කතා බහට එක්කර ගැනීමට මට අවැසිය. ‘‘මේක කාලීන දේශපාලන ඛේදවාචකයක් යටිපෙළක් සහිතව ඉදිරිපත් කරන නාට්‍යයක්. පේ‍්‍රක්ෂකයාට නීරස නොවන ආකාරයට වින්දනාත්මකව නාට්‍යය පේ‍්‍රක්ෂකයාට තිළිණ කරනවා.

සංගීතයෙන් ලෙඩ සුව කරන්න හැකියි කියන කාරණය වගේම අපිම කරන වැරැුදි නිසා තමයි රටට මේ ඛේදවාචකය ඇති වී තිබෙන්නේ කියන එක මේ නාට්‍යයෙන් අපි කතා කරනවා. නාට්‍යය තුළින් පේ‍්‍රක්ෂකයාට අර්ථවත් පණිවුඩයක් ලබාදීමට මට අවශ්‍යයි.’’

ආනන්ද විවිධ කලා කුසලතා රාශියක්ම තිබෙන කලාකාමියෙකි. මීට පෙර ශෛලීගත නාට්‍ය නිර්මාණ දෙකක් වේදිකාවට තිළිණ කළ ආනන්ද හාස්‍යමය නිර්මාණයකින් පේ‍්‍රක්ෂකයා අතරට පැමිණෙන්නට අදහස් කළ හේතුව මට ඔහුගෙන් දැන ගැනීමට අවශ්‍යය.

‘‘සමහරු අපට නොගැළපෙන නාට්‍ය කලාවක් මෙහේ පැළකරන්න හදනවා. ඒක අපේ දේශීය නාට්‍ය කලාවට තර්ජනයක් විදියට තමයි මම දකින්නේ. මගේ ප‍්‍රතිපත්තිය සම්පූර්ණයෙන් කනපිට හරවලා මට මං මේ නාට්‍යයට අත ගැහුවේ, මේ හරහා අලූත් නාට්‍ය ප‍්‍රවණතාවයකට යන්න හැකි බව මම විශ්වාස කරනවා.’’

අප පැමිණ හෝරා දෙක තුනක් ගතවී ඇතත් අවට වෙල් යායෙන් හමාගෙන එන මද සුළඟ මදක් හෝ අඩු කර නැත. වෙහෙසකාරී රංගනයකට සම වැදී සිටින සියල්ලන්ටම එය ආශ්වාදජනකය. නැවුම් නිර්මාණයක් වේදිකාවට ගොඩවෙතැයි පුංචි බලාපොරොත්තුවක් සිතෙහි දරාගෙන නාට්‍ය කණ්ඩායමට අපි සමු දුනිමු.

 

අමිල චින්තක ගමගේ / ඡායාරූප - චමත් වින්දුල

 

2016-08-06-ent-48
2016-08-06-ent-47
2016-08-06-ent-46
2016-08-06-ent-45
2016-08-06-ent-44
2016-08-06-ent-43



අදහස් (0)

වල් සීයාගේ සංධ්වනිය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 106 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 181 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 94 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 117 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 436 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 494 1

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39154 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site