
කැබිතිගොල්ලෑව පහල උස්ගොල්ලෑව ප්‍රදේශයේ කුඹුරක් සුද්ද කරමින් සිටි ගොවියන් දෙදෙනෙකු වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.
වයස අවුරුදු 51 හා 67 වයස්වල පසුවූ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු මෙසේ මියගොස් ඇත.
උස්ගොල්ලෑව 28 කුඹුරු යායේ එළිපෙහෙලි කටයුතු සිදු කරමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බවට සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත.
කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී එකේ නිලධාරීන්ට බැරිද රැහේ නායක අලින්ව නිර්වින්දනය කරලා උන්ගේ බෙල්ලේ සීනුවක් එල්ලන්න? එහෙමත් නැතිනම් අලි වැටවල් ගාව ඉන්ට්රූඩර් එලාම් එකක් සවි කරන්න. අලින් එම වැටවල් කඩාගෙන ආවත්, ඇතුළු වුණත් එලාම් එක නාද වෙනවා. එතකොට සද්දේ ඇහිලා ගොවීන්ට සහ සාමාන්‍ය ජනතාවට තම ජීවිත ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්න පුළුවන්නේ.
ගොවිතැන ජීවිකාව ලෙස කරමින්, වියලි කලාපයේ කටුක දිවියක් ගෙවන මෙවැනි අහිංසක ගොවීන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තැබිය යුතුයි.