විල්ගමුව ප්‍රාදේශිය සභාවේ නිල කැබ් රියේ හි ගංජා තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත වීරසේකර (එජනිස) සහ හිටපු සභාපති රංජිත් කුමාරසිංහ (එජනිස) හෙට (03) තෙක් රිමාන්ඩ් කරන්නැයි නාවුල වැඩ බලන මහෙස්ත්‍රාත් අයි ජී මුණසිංහ මහතා නියෝග කළේය.
ඇප දිය හැකි වරදකට ඇප ලබා දිය නොහැකි පරිදි පොලීසිය බී වාර්තාව සකසා ඇතැයි ද ඒ නිසා මොවුන්ට ඇප නොදිය හැකි යැයිද මහේස්ත්‍රාත්වරයා පැවසීය.
මෙලෙස බී වාර්තා සකස් කර මිනිසුන්ගෙන් පළි ගැනීම සදහා අධිකරණය භාවිත නොකරන පැවසු වැඩ බලන මහේස්ත්‍රාත් බී වාර්තාව නිසි ලෙස සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විල්ගමුව පොලීසියට නියෝග කළේය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වසන්ත ඒකනායක අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ මෙම සිදු වීම යම් අයකුගේ දේශපාලන උවමනාවක් මත කැර ඇති බවයි. ඒ නිසා බී වාර්තාව නැවත සංශෝධනය කර හෙට දිනයේදී ඉදිරිපත් කරවන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කංසා වැවු බව කියන පිරිසකට එරෙහිව උද්ඝෝෂණයක් ද ගෙන ගිය සභාපති අද හෝ හෙට එහි තවත් කංසා හේනක් සෙවීමට මාධ්‍යවේදින් හා ගැමියන් සමග යාමට ද සිටි බව ගැමියෝ පවසති.
සභාපති ජයන්ත වීරසේකර
හිටපු සභාපති රංජිත් කුමාරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පහත් පෙලේ භයානක උගුල් ඇටවීම් තවමත් වෙන්නට ඉඩ හැර සිටින රටක කිසිවෙකුට සාධාරණය යුක්තිය බලාපොරොත්තු විය නොහැකි වීමෙන් රටකට වෙන හානිය අති දැවැන්තය. එයට පොලිසිය සම්බන්ධවීම මහත් බියකරු බවක් ජනිත කරයි. මෙය විනිශ්චයකරුටත් පැහැදිලිව පෙනෙන්නට තිබී ඇති බව සදහන්ය. එහෙත් මෙය නොපෙනෙන අන්ධයින්සේ සිටින පාලකයන් සහිත රටකට එරෙහිව විදෙස් රටවල් අවි අමෝරන විට ජනතාව විදේශිකයන් සමග එක් වන ප්‍රවනතාවක් අරාබියෙන් අප දුටුවෙමු. එබැවින් රටේ ජනතාවට රට ගැන ආදරයක් දැනෙන ලෙස අඩුමතරමින් මෙවැනි ක්‍රියා වලටවත් දඩුවම් දෙන්නට කටයුතු නොකලොත් රටේ ජනතාව රටටද එරෙහිවනු ඇත.(නදී)
හැම දේශපාලකයාම එකම හැලියට දමා කතා කළ යුගයෙන් බැහැරවී දුෂිත ක්‍රමයෙන් ගොඩ එන්න අවංකවම උත්සාහ කරන තරුණ දේශපාලනඥයින්ට අපි චර්යා ධාර්මිකව සහය දෙමු. හෙට පිලිබඳ බලාපොරොත්තුවේ අරුණැල්ල එයයි.(නදී)
බොරුවට ගංජා දාල ඇල්ලුවා නම් දාපු එකාව මරාගෙන මැරෙන්නයි වටින්නෙ.(නදී)
නැගෙන තුරු කරලියට කට මැතම දොඩනවා...... නැගුන පසු කරලියේ රස කතා ඇසෙනවා..... කුලල් කා ගමින් උන් යටි මඩිම ගහනවා. කතිරේ දී උන් අතට සැවොම දුක් විදිනවා.(නදී)
සිසිර ගංජා විකුණන එකා ගංජා බොන්නේ නැහැ. ඒකයි මේ අයට කියන්න බැරි. ඇරත් මෙගොල්ලත් දේශ පාලකයෝනේ. කොහොමත් හරියට අඳුරගන්න බැහැනේ.(නදී)
මෙතැන අසාදාරනයක් තමා වෙලා තියෙන්නේ මාත් හිතන්නේ. සත්තයා ඔබ හරි ඒ දේ තමා අනාගතේ සිදුවන්නේ.(නදී)
ඇත්තටම ශ්‍රීලංකාව මානව හිමිකම් උල්ලංගනය කරන රටකි//.කුඩු කාරයින්/ගංජා වවන්නන් /ගණිකා ව්‍යාපාරකයින් /වංචා කාරයින්/ආරක්ෂා කරන අතර,මේ ව්‍යාපාර වලට විරුද්ධ අය වැරදි කාරයින් ලෙස හිර ගෙවල් වලට යැවීමේ පාදඩ ක්‍රමයක් සැකසී ගෙන ඇති බව පෙනේ.(නදී)
ගමේ අය මේ අය ගැන දන්නවා.(නදී)
ග්‍රෑම් 250 හංගල තියෙන්නෙත් අතිරේක ටයරයේ, පොලිසියේ හරි දේශපාලුවෙකුගේ හරි ගේමක්.(නදී)
මේකෙන් කරන අනතුරු හැඟවීම ලේසියට ගන්න එපා. දුෂිත ක්‍රමය නිවැරදි කරන්න ඉදිරිපත්වන බොහෝ දෙනෙකු ඉදිරි දිනවල හිරේ විලංගුවේ වැටෙන්න පුළුවන්. (නදී)
හිතා මතා මේ වැරැද්ද පොලිසියෙන් කලානම් නිසි දඬුවම් පොලිසියටත්,එසේ නොමැතිව ගංජා ළඟ තබාගෙන වෙනයම් කටයුක්තක නියැලෙන්න විත්තිය සුදානම් වූයේ නම් ඒ බව සොයා බලා තරාතිරම නොබලා දඩුවම් ලබා දිය යුතුයි.(දිල්)
අර දුප්පත් ශිෂ්‍යාව ගේ පතුල් පුච්චපු ගුරු උපදෙසකයා පොලිසියට ඉදිරිපත් කරලා නිදහස් කරගෙන ගිහින් තියෙන්නෙත් පොලිසියේ ලොක්කෙක් නේද පොලිස් පති තුමනි? පොලිස්පති වරු ආවෝ! ගියෝ! විතරයි. පොලිසිය එතනමයි, බොරුද මන් අහන්නේ? (නදී)
ගංජා වලට විරුද්ද කෙනා ගංජා වලින්ම නැතිකරනවා කියන්නේ ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියල කපනවා වගේ වැඩක්නේ. අනේ රටකට ගිය කලක්. මේ රට දැන් හදන්න මිනිස්සුන්ට යුද්දෙට වඩා වැඩි කැපවීමක් කරන්න වෙනවා.(නදී)
ගංජා බොන බවක් නම් මුනෙන් පෙනෙන්නේ නැහැ.(නදී)
අක්කර ගණනාවක් වගා කරන ඒවා අල්ලන්නේ නැත්තේ ඇයි (දිල්)
මේක පලිගැනීමක් ග්‍රාම 270 වඩා අරගෙන යන්න තිබුනා.(නදී)
ලංකාවේ පොලිසිය ප්‍රාදේශිය සභාවේ සභාපති කෙනෙකුගේ වාහනය පරීක්ෂා කිරීම, වස්ගමුවේ ගංජා වවන එකට විරුද්ධ සභාපති ළඟ ගංජා තිබීම, සහ ඇප ලබා දිය නොහැකි පරිදි පොලීසිය බී වාර්තාව සකසා තිබීම යන කරුණු සලකා බලන කල මට නම් හතර කොනින්ම දුකයි. (නදී)
බැලු බැල්මට මේ අයට අසාධාරණයක් වෙලා වගෙයි.(නදී)
ගංජා වවන මුදලාලිලා පොලිසිය සමග එකතු වෙලාද ? (නදී)