IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


විල්පත්තුවට අනවසරයෙන් ගිය දඩයක්කරුවන් 8 ක් අත්අඩංගුවට

(අතුල බණ්ඩාර)

වන සතුන් දඩයම් කිරීම සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවී වාඩියක් ඉදිකරගෙන සිටි යුදහමුදාවේ ව්ශ්‍රාමිකයෙකු ඇතුලු දඩයක්කරුවන්  අට දෙනෙක් වනජීවී නිලධාරීන් විසින් ඇත අඩංගුවට  ගනු ලැබුහ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ හුණුවිලගම වනජීවී ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් මුර සංචාරයේ නිරතව සිටියදී වනෝද්‍යානයේ පාළු ඉලන්දගහවැව ප්‍රදේශයේ වැඩියක් ඉදිකරගෙන සිටි මේ දඩයක්කරුවන් අට දෙන හසුවී තිබිණි.

අත්  අඩංගුවට ගත්  මොවුන් ළඟ බෝර  දොළහ පතරොම් තුවක්කුවක් ,බඳින තුවක්කු හයක් සහ පුරවනලද බෝර දොළහ පතරොම් පහක් තිබු බව වැටලීම සිදුකළ වනජීවී නිලධාරීහු පවසති.

නොච්චියාගම තල්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අට දෙනා අතර, යුද හමුදාවේ විශ්‍රාමිකයාට අමතරව අඩු ආදායම්ලාභී පවුල්වලින් මෑතකදී රජයේ සේවය සඳහා බදවාගත් බහුකාර්ය කම්කරුවෙකුද සිටින බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මේ සැකකරුවන් අට දෙනා  අද (08) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබුණි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ භාරකරු සුරංග රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් වනසත්ව ක්ෂේත්‍ර සහායකවරුන් වන  ජේ.ඒ.එස්.කේ.ජයකොඩි,කේ.ඒ.සී.අතුල කුමාර සහ නොයෙල් ප්‍රනාන්දු, සිවිල් ආරක්ෂක බලකායේ භටයින් වන ධනුෂ්ක ඉඳුනිල්,එස්.පී.ආර්.පතිරණ සහ සී.ජේ.දිසානායක, මාර්ගෝපදේශක කාලිංග මධුසංක යන මහත්වරු මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ. 



අදහස් (1)

විල්පත්තුවට අනවසරයෙන් ගිය දඩයක්කරුවන් 8 ක් අත්අඩංගුවට

විජිත් Thursday, 08 July 2021 03:36 PM

යුද්දේ කාලේ (කොටින් නොවෙයි) අහිංසක දෙමළ මිනිස්සු දඩයම් කරලා, ඔවුන්ගේ සල්ලි, රත්තරන් කොල්ල කාපු අයට දැන් ආයෙත් යුද මානසිකත්වය ඇවිත්, ගමේ රස්තියාදුවේ යන, කුඩු ගහන, ගෙවල් මංකොල්ලකන නරුමයින් ටිකකුත් අරගෙන අහිංසක සත්තු දඩයමේ එන්න ඇති... වනජීවී මහත්වරුනේ මොනවටද මේ අයව අත්අඩංගුවට ගත්තේ..? ඔලුවටම තියන්නයි තිබුනේ. මේ වගේ නරුමයින් මේ ලෝකෙට අවශ්‍ය නැහැ...!!!

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 17 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 201 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 316 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 02 100 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො


කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්
2024 නොවැම්බර් මස 02 678 1

බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත


රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 1111 1

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1196 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site