(කේ. බුද්ධික කුමාරසිරි)
වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් "වැලිවිට සුද්දා" නැමැත්තාට අයත් බස් රථ පහක් , මෝටර් රථයක් සහ යතුරු පැදියක් අයිතිකරුවන් වෙත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් අද (21) දින නියෝග කලාය
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ යුක්තිය මෙහෙයුම මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය විසින් මෙම රථ වාහන අත් අඩංගුවට ගෙන තිබුණි
එම වාහන තහනමට ලක් කිරීම සම්බන්ධයෙන් වර්ෂ 2024 පෙබරවාරි මස 17හෝ ඊට නුදුරු දිනකදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමකින් පසු අදාළ රථ වාහන අයිතිකරුවන් වෙත ලබා දෙන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් නියෝගයක් ලබා දී තිබුණි
පසුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සුදර්ශණ සිල්වා හෝමාගම මහාධිකරණය වෙත කරුණු දැක්වීමකින් අනතුරුව අදාල නියෝගය බල රහිතකරන ලෙස එවක හෝමගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින් නියෝගයක් ලබා දී තිබුණි
ඒ අනුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත නිදහස් කර තිබූ වැලි විට සුද්දා නමැත්තාට අයත් බස් රථ මෝටර් රථය සහ යතුරුපැදිය යළි නීති විරෝධී වත්කම් කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් භාරයට ගෙන තිබුණි
මෙම රථ වාහන සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ දී ලබා ගත් තහනම ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය හෝමාගම මහාධිකරණ මගින් තවදුරටත් දීර්ග නොකිරීමට මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්. ඉර්ෂඩීන් මහතා නියෝගයක් ලබා දී තිබූ අතර අදාල නියෝගය මහේස්ත්‍රාත්වරිය විසින් සලකා බලා මෙලෙස එම රථ වාහන මුදා හැරීමට නියෝග කළාය
තම භාරයේ තිබෙන බස් රථ පහ මෝටර් රථය සහ යතුරුපැදිය වාහන බැදුම්කරයක් මත මුදා හරින ලෙසට නීති විරෝධී වත්කම් කොට්ඨාසය විසන් ඉල්ලීමක් කල අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවට මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය
නීතිඥ නුවන් ජයවර්ධන මහතා ප්‍රමුඛ නීතිඥවරුන් විසින් විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙ
ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වර
දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්
ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය
වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර
නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසි
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
’’වැලිවිට සුද්දාගේ’’ දේපල මුදා හරින්නැයි නියෝග