IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වැලිවේරියේ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂණ

වැලිවේරිය නගරයේදී පාසල් සිසුවකු වෙඩි වැදී මියයම සහ තවත් 30 දෙනකුට පමණ තුවාල වීම ගැන පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පති අනින් කොළඹ අපරාධ කොට්ටාසයට පවරා ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් දැනට පුද්ගලයන් පනස් දෙනකුට අධික පිරිසකගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඒ පිරිස අතර රෝහල් ගතව සිටින තුවාල කරුවන් සහ මාධ්‍යවේදීන් ද සිටින බව පොලිසිය කියයි.



අදහස් (0)

වැලිවේරියේ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂණ

සිරිපාල Saturday, 03 August 2013 08:47 AM

අම්මපා! මේ අපේ හමුදාවමද? (නි)

:       0       0

තිලක් Saturday, 03 August 2013 09:06 AM

මේ අදහස් දුටු විට පෙනෙන්නේ පොලිසිය , හමුදාව ගැන මිනිසුන්ට විශ්වාසයක් නැතිබවයි. බලනකොට රටට අනවශ්‍ය, විදේශ පරීක්ෂණ වලට ඇතුලට එන්න පාර කපන්නේත් අපිමයි (නි)

:       0       0

උපසේන Saturday, 03 August 2013 06:00 PM

ජනාධිපති කොමිසමක් දාමු. (දී)

:       0       0

චමිල් Saturday, 03 August 2013 06:16 PM

ඉබේ වෙඩි වැදිලා .. ඉබේ තුවාල වෙලා ...... (දී)

:       0       0

සමරේ Saturday, 03 August 2013 09:49 AM

මහා භයානක තත්වයක් රට තුල ගොඩ නැගෙමින් තිබෙනවා (නි)

:       0       0

දිස්සනයක. Saturday, 03 August 2013 06:28 PM

විලි ලැජ්ජාවක් නොමැති නම් නැවතත් සියල්ල අමතක කර ඡන්දයේදී යහපත් ප්‍රතිචාරයක් දක්වන්න. (නි)

:       0       0

වසන්ත Saturday, 03 August 2013 06:37 PM

පාරවල් වහලා නීතිය අතට ගත්තා මිනිස්සු. එවන් අය වෙනුවෙන් මොන පරීක්ෂණද? (නි)

:       0       0

දිසානායක Saturday, 03 August 2013 10:06 AM

ජනමාධ්‍යවේදීන්ට හිරිහැර කර ලෝකයට තොරතුරු වසන් කර නිරායුධ ජනයාට හිරිහැර කරනවා නම්,ජනයාගේ ජීවිත ආරක්ෂා කරදීම සදහා යම් සංවිධානයට හෝ මැදිහත්වීමට නිල අයිතියක් ඇත (නි)

:       0       0

පොඩි Saturday, 03 August 2013 10:21 AM

දැන් තේරෙනවා අපිට ඇත්ත (නි)

:       0       0

නන්දික Saturday, 03 August 2013 06:56 PM

වැලිවේරිය පැත්තෙන් ආරංචි අඩු වුණේ මොකද එකපාරටම? (නි)

:       0       0

පිටිගල Friday, 02 August 2013 09:18 PM

ඔය පරීක්ෂණ ගැන විස්වාස කරන මෝඩයෝ ලංකාවේ තවම ඉන්නවා මයේ හිතේ.(ස)

:       0       0

නිමල් ලලිත් Friday, 02 August 2013 09:31 PM

මේවා කියන්න ඕනේ තණ කොළ සතුන්ට. නමුත් ඒ සතාටවත් නිග්‍රහ කරන්න හොද නැහැ. (ස)

:       0       0

ත්‍රබ්‍රෙව් නීලම්බරී. Friday, 02 August 2013 09:40 PM

වැලිවේරියේ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂණ අපක්ෂපාති නිවැරදි තීන්දුවක් විය යුතූබව අවධාරණය කරමි. ලක්වැසි ජනතාවෙග් විශ්වසනීයත්වය තහවුරු විය යුතූය. නීතිය ක්‍රීයාත්මක කිරිම පිළීබදව ජනතාව අවධියෙන් සිටියි. (ස)

:       0       0

පහන් මඩුගල්ල. Friday, 02 August 2013 09:43 PM

වැලිවේරියේ ත්‍රස්තවාදීන්ගෙන් නුවර කොළඹ මාර්ගය බලුම්මහරදී මුදාගත් වීරෝදාර රණවිරුවන්ට සෙත්පතා මහා බෝධිපුජා පින්කමක් පැවැත් වේ .පින් කැමැත්තෝ සහභාගි වෙත්වා !!!! (ස)

:       0       0

අමිල. Friday, 02 August 2013 09:50 PM

මෙන්න නූතන උපදෙස් අනුව වෙච්ච තවත් අපරධයක්. (ස)

:       0       0

කීර්ති. Friday, 02 August 2013 09:50 PM

වැලිවේරියෙ වතුර බොන මිනිස්සු වෙඩි තියාගෙනගෙන කියල පරීක්ෂණ වාර්තාවෙ නිගමය නිකුත් කරයි. ආයි වරදින්නෙ නැ. (ස)

:       0       0

ගම්මන්පිල. Friday, 02 August 2013 10:10 PM

අපි හැම දෙයක්ම ඉක්මනින් අමතක කරනවා. හෙට අනිද්දා අලුත් දෙයක් සිද්ද උනාම මේක අමතකයි. පරීක්ෂණත් අමතකයි. චන්දයක් අවම උදෙන්ම ගිහිල්ල මේ ගහපු මරපු උදවියටම චන්දෙත් දෙවි. එවන් තත්වයකට අපි පත් වෙලා. (ස)

:       0       0

සිසිර Saturday, 03 August 2013 08:52 PM

වැඩක් වේවිදැයි මට සැකයි (නි)

:       0       0

ශාන්ත ටැන්සානියාව. Friday, 02 August 2013 10:12 PM

හොරාගේ අම්මගෙන් පේන අහන කෙනෙකුට මොනවද ලැබෙන්නේ. (ස)

:       0       0

නිමල් ජයසිංහ. Friday, 02 August 2013 10:19 PM

ආඳා යවා වළපත ගත්තා සේ ආත්තෝපදේශය අපි දනිමු. (ස)

:       0       0

අමිල Friday, 02 August 2013 10:21 PM

මේ පාලනයෙන් රට බේරා ගනිමු.(ස)

:       0       0

ශෂිකා. Friday, 02 August 2013 10:23 PM

මම හිතන්නේ නීලම්බරී අදහස නම් නරක නැ. නමුත් ඕක ලංකාවේ වෙන්නේ නැ. ලංකාවේ ගොඩක් ඉන්නේ කල්පනාවක් නැති උදවියි. ඔහොම කියන ඕනෑම බොරුවක් මහා ඉහලින් පිලිගන්නවා. රටේ අවාසනාව හිතන්න බැරි ජනතාවක් ඉන්න එක. (ස)

:       0       0

ලලිත්. Friday, 02 August 2013 10:29 PM

ඕනෑම අසාදාරනයක් විඳ දරා ගැනීමට පමණක් සිදුවනු ඇත. පුදුමය නම් සියලුම පක්ෂ වලට ගැති මිනිසුන්ට බලපාන ප්‍රශ්නයක් වුවත්, කිසිදු ලැජ්ජාවක් නොමැතිව සාධාරණීකරණය කිරීමට ඇතැමුන්ට අදහස් පහල වීමයි. (ස)

:       0       0

පෙරේරා Friday, 02 August 2013 10:31 PM

මේවට තමයි කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා. වෙඩි තියන්න කියපු අයම පරීක්ෂණ කරනවා. (ස)

:       0       0

සුනිල් Saturday, 03 August 2013 09:40 PM

මේ මිනිස්සු ඒ අයම නොදැන දේශපාලනේට ආවඩලා ජීවිතයකුත් නැති කරගත් එකනම් හරිම කණගාටුවක්. දැන් ඔය මැරුණු සහෝදරයාගේ මිනියත් සමහරු විකුණගෙන කන්න හදයි (නි)

:       0       0

සෑම්. Friday, 02 August 2013 10:35 PM

මත්තල කුරුල්ලෝ වතුර බොනවට මරනවා. කොළඹ මින්ස්සු වතුර ඉල්ලුවහම වෙඩි තියල මරනවා. " මීට වැඩ හොදයි.............. අනේ මගේ කට......... " (ස)

:       0       0

රාජු Saturday, 03 August 2013 11:36 AM

යුධ අපරාධ චෝදනා නගන අයට ඒවා තහවුරු කරගන්න හොද අවස්ථාවක් හදලා දීලා ‍වගෙයි. 1. විශ්‍රාම වැටුප. 2. හලාවත ධීවර උද්ඝෝෂණය (තෙල් මිල). 3. බොන්නට වතුර ඉල්ලීම. 4.??????. (නි)

:       0       0

ගයාන්. Friday, 02 August 2013 10:58 PM

අපිව බේරගනීමට දැන් කිසිවෙක් නොමැත (ස)

:       0       0

තිලක්-ඩුබියි Saturday, 03 August 2013 11:10 PM

අචිනි, මේ ළමයා කොටි ඩයස් පොරවේ හරි ජාතියන්තර බළල් හස්තයක රූකඩයක් ද දන්නේ නෑ. ලංකාවට අපහස කරන්න එවපු (අ)

:       0       0

කීර්ති Saturday, 03 August 2013 11:11 PM

ජාත්‍යන්ත කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්. (අ)

:       0       0

ටිකිරි Saturday, 03 August 2013 11:13 PM

අනේ හැබෑට, අර දේශප්‍රේමී අහවල් පාට නායකයා සහ බෞද්ධ රාජ්‍යයක් වු දේශය කියලා හිතන උදවිය මේ ගැන හාන්කවිසියක්වත් දන්නේ නැතුව ඇති. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 03 August 2013 11:15 PM

දිසානායක, ජනමාධ්‍යවේදීන්ට හිරිහැර කර ලෝකයට තොරතුරු වසන් කර නිරායුධ ජනයාට හිරිහැර කරනවා නම්,ජනයාගේ ජීවිත ආරක්ෂා කරදීම සදහා යම් සංවිධානයට හෝ මැදිහත්වීමට නිල අයිතියක් ඇත (අ)

:       0       0

සුරංග. Friday, 02 August 2013 11:13 PM

පරීක්ෂණ කළාම මැරුණු කොල්ලට සාධාරණය ඉටු වෙනවාද ? (ස)

:       0       0

තිලක් Saturday, 03 August 2013 11:17 PM

රත්තරන් කඩු හොරකම,වස චොන්ටිනර් දෙක ගැන කරපු පරීක්ෂණ අපිට මතකයි. දැන් අර දුරතකන ඇමතුම් ලක්ෂ 5 හොයලා අවසානද? (නි)

:       0       0

අශෝක Saturday, 03 August 2013 11:58 AM

වතුර ටිකක් වෙනුවෙන් කරපු උද්ඝෝෂණයට මිනිස්සු මරන්නේ මොකටද ? (අ)

:       0       0

චමී. Friday, 02 August 2013 11:22 PM

බලපුවම ආණ්ඩුව හොදටම බංකොලොත්. හමුදාව (ස)

:       0       0

චානක. Friday, 02 August 2013 11:39 PM

නීතිය සර්ව සාදාරනව පවතින රටවල නම්.......කිසිදු වියාපාරයක් ,කර්මාන්තශාලාවක් ආරම්බ කරනවානම් එම පෙදෙසේ ජීවත් වන ජනයාගෙන් කැමැත්ත අකමැත්ත පළමුවෙන්ම නගර සභාව විමසා බලනවා. එහෙම විමසීමක් සිදුකරන්නේ එමගින් පළාතේ ජන ජීවිතයට, පරිසරයට, සවුක්කියට හානියක් සිදුනොවීම සඳහාය ....ජනතාව කියා සිටියහොත් එම ඉදිකිරීම් වලට ඔවුන් විරුද්ධය කියා ...නගර සභාව ජනතාවට කන් දී එම ඉදිකිරීම් වලට අනුමෙතිය දෙන්නේ නෙහෙ......ප්‍රතිචාර ලියන ලංකාවේ සම-හරක් ට ලෝකයේ පවතින ශිෂ්ට සම්පන්න ක්‍රියාවලියන් දන්නේ නැහැ. එම නිසෛ මේ වතුර ප්‍රශ්නයට උද්ගෝෂණය කල මිනිසුන්ට පහර දුන් එක සාදාරනය කියන්නේ.... සොභාදහමට ,පරිසරයට එරෙහි වීමට මොලයක් සහිත මානවයාට පුළුවන ....නමුත් එසේ කිරීමේදී මතු කවදා හෝ දිනක සොභාදහම විසින් මිනිසාට දෙන දඬුවම වෙලෙක්වීමට මිනිස් මොලයට නොහෙකිමය ...................... (ස)

:       0       0

ක්‍රිෂාන් කෞෂල්‍යා Saturday, 03 August 2013 12:02 AM

පරික්ෂණ , හිනා යනවා ඕයි මේවා අහල මෙහෙමත් රටක නේ අපි ඡිවත්වෙන්නේ (ස)

:       0       0

චතුල වෙරෝනා. Saturday, 03 August 2013 12:03 AM

ඔක්කොම ඉවසුහෑකි අර පෑන්ශන් ගිහිල්ලත් ගෙදර නොයා පොලිසිය අස්සට රිංගගෙන ඉන්න කොළඹ පොලිස් ලොක්ක කියපු ගොන් කතා ටික තමයි මට ඉවසන්න බෑරි (ස)

:       0       0

සම්පත් Saturday, 03 August 2013 01:01 PM

ඔහොම දෙයක් උන බව අපේ මිනිස්සුන්ට චන්දෙට කතිරේ ගහද්දි මතක නැතිව යනවා .

:       0       0

දනුෂ්ක​. Saturday, 03 August 2013 12:25 AM

ලංකාවේ නැවත ත්‍රස්තවාදය හිස ඔසවීමේ පෙරනිමිති,,,,,, (ස)

:       0       0

සඳරුවන් Saturday, 03 August 2013 12:31 AM

රටේ ලොක්කෝ ලෝකෙට දන් දෙනවා සල්ලි පිරිසිදු වතුර බොන්න.තමන්ගේ රටේ මිනිස්සු මරනවා පිරිසිදු වතුර ඉල්ලපුවම. (ස)

:       0       0

ද සිල්වා Sunday, 04 August 2013 04:33 AM

එක අතකට ජාත්‍යන්තරය මානව හිමිකම් පරීක්ෂණ පැවැත්වීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ , අර වෙඩි වැදිලා මියගිය පාසල් සිසුවා ගැන අපේ වගකිවයුතු එකම කෙනෙක්වත් අඩුම තරමේ කණගාටුවවත් ප්‍රකාශ කළේ නැහැ (නි)

:       0       0

චින්තක Saturday, 03 August 2013 12:47 AM

හමුදාවට ගහපු කාලයකුත් තිබුණා. නැවත ඒ වගේ යුගයක් ආරම්බ කරන්න එපා කියලා අපි ඉල්ලනවා (නි)

:       0       0

කොස්තා Saturday, 03 August 2013 12:50 AM

රතුපස්වල ජනතාවනි, නැවත වරක් මේ අයටම ඔබේ ජන්දය දෙන්න. (නි)

:       0       0

කොස්වත්ත Saturday, 03 August 2013 12:50 AM

අපිට මේ ගැන ලියන්න දෙයක් හිතෙන්නෙ නැහැ (නි)

:       0       0

උදය Saturday, 03 August 2013 01:02 AM

මේකට තමයි කියන්න ලෝකෙට පරකාසේ,ගෙදරට මරගාතේ කියලා. ලෝකයේ අනෙක් රටවලට මුදල් දෙන්න කලින් අපේ රටේ ප්‍රශ්න විසදාගත යුතුයි (නි)

:       0       0

තිලක් Saturday, 03 August 2013 01:35 AM

අනේ පුතේ, අපිට මෙහෙම කරන්න එපා. අපි නුඹලට බෝධි පූජා තියලා සෙත් පැතුවේ (නි)

:       0       0

දිසානායක Saturday, 03 August 2013 02:08 AM

මේක තවත් "කන්ගට්ටා සහ රජ කඩු සොරකම" සමාන නාටකයක්..තිර රචකයාට මේ පිලිබඳ මනා පළපුරුද්දක් ඇත.මෙහි අවසානයේ කතාවේ ප්‍රධාන චරිතය සති දෙක තුනකට සිරගත වේ.මාධ්‍යට ද ඔහු ප්‍රකාශයක් ලබා දීමෙන් කතාව නිමා වේ.ප්‍රේක්ෂකයාට සියල්ල අමතක වීමට කල් මැරීම මෙහි විශේෂත්වයකි. (ස)

:       0       0

දම් Saturday, 03 August 2013 02:29 AM

පරීක්ෂණ ප්‍රතිපල ඡන්දයෙන් පසුවද ලැබෙන්නේ? (නි)

:       0       0

අචිනි Saturday, 03 August 2013 01:53 PM

මේ ළමයා කොටි ඩයස් පොරවේ හරි ජාතියන්තර බළල් හස්තයක රූකඩයක් ද දන්නේ නෑ. ලංකාවට අපහස කරන්න එවපු

:       0       0

සෑම් Saturday, 03 August 2013 03:43 AM

මේ දේවල් වලින් වෙන්නේ අපේ හමුදාවට විරුද්දව පරීක්ෂණ ඉල්ලන අයට ඒවා ඔප්පුකරන්න තවත් සාක්කි එකතු වෙන එක තමා. යුද්ධයක් නැති සාමකාමී කාලයකදී නිරායුධ උද්ගෝෂණයකදී මිනිසුන්ට සළකන්නේ මෙහෙමද? (නි)

:       0       0

මහික Saturday, 03 August 2013 02:12 PM

දේශප්‍රේමි රණවිරුවෝ

:       0       0

සම Sunday, 04 August 2013 08:31 AM

පරීක්ෂණ අවසන් වුණහම කියයිද දන්නෙ නැහැ මේ ළමයා මැරුණේ එයාටම වෙඩි තියාගෙන කියලා. ඒකනේ ලංකාවේ ආශ්චර්යය. (නි)

:       0       0

විජය. Saturday, 03 August 2013 04:38 AM

අන්තිමේදී කියයි මැරිච්ච පාසල් සිසුවා තමා වෙඩි තියල තියෙන්නේ කියලා. (ස)

:       0       0

ජයසේන Saturday, 03 August 2013 05:18 AM

අපේ ඡන්දෙ ආපසු අපට දෙන්න අපිටම ලැජ්ජයි දැන් (නි)

:       0       0

නිශාන් Saturday, 03 August 2013 05:46 AM

88-89 කාලෙ අපි ඇස් වලින් දැක්කා පාරවල් අයින් වල අහිංසක කොල්ලෝ මරලා දාලා පීච්චෙන හැටි. එදා මහින්ද රාජපක්ශ මානවහිතවාදී ජනතා නායකයා ඇට කෑලි අරන් ජිනීවා ගියා. ඊට කලින් 1987 දි අපේ අය එයාලටම වැල නොකැඩී බෝධි පූජා තියලයි එහෙම මැරුම් කෑවේ. ඒක නිසා හමුදාවෙන්, පොලීසියෙන් අනුකම්පාව බලපොරොත්තු වෙන්න එපා කවදාවත්. මෙය අවසන් සිදුවීම කියලා හිතන්නත් එපා. ලස්සන වැඩේ කියන්නේ එදා ඇට කෑලි උස්සගෙන ජිනීවා ගිය ජනතා නායකයා අද රටේ ජනාධිපති. ඔහුගේ මල්ලි තමයි මේ ආරක්ශක ලේකම්. එහෙම වෙලත් මෙහෙම වෙනවා නම් මෙයාලව විස්වාස කරන්න පුලුවන්ද තව දුරටත් ??? (ස)

:       0       0

වෝල්ටර් Saturday, 03 August 2013 02:49 PM

කවුරු මොනව කීවත් ඔය පරීක්ෂණය හරිම සාධාරනවිදියට පොලීසියෙන් කරයි. ආණ්ඩුවෙන් රතුපස්වල මර්දනය කරපු එක ලොකු දෙයක්

:       0       0

කේ එන් Saturday, 03 August 2013 03:08 PM

වෙඩි තියන්නෙත් ඒ අය පරීක්ෂණ කරන්නෙත් ඒ අය

:       0       0

සපරමාදු. Saturday, 03 August 2013 06:07 AM

බයිල වලට රැවටෙන්ඩ එපා. (ස)

:       0       0

පිටබැද්දර ජයා. Saturday, 03 August 2013 06:25 AM

අලුත් හමුදාපති තුමා පත් උනගමන්ම අතේ ලේ ගාව ගත්ත නේද ? වතුර ඉල්ලු වරදට ලේ වලින් උතර දීල ? (ස)

:       0       0

කඩවත හේමසාර හිමි Saturday, 03 August 2013 06:51 AM

අසරණ මිනිසුන් මියගියාට පස්සේ දැන් මොන පරීක්ෂණද? (නි)

:       0       0

අප්පුහාමි Saturday, 03 August 2013 06:54 AM

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 03 August 2013 07:07 AM

මොන දේ සිද්ධ වුණත් 'අපිට මොකෝ' කියලා හිතන කට්ටියකුත් ඉන්නවා (නි)

:       0       0

මාලිමග Saturday, 03 August 2013 04:26 PM

අනේ ඔන්න ඕක අල්ලලා දාන්න

:       0       0

දසුනි Saturday, 03 August 2013 04:36 PM

පරීක්ෂණ පවත්වනවා,කමිටු පත් කරනවා කියන්නේ,කිසිම දෙයක් වෙන්නේ නැහැ කියන එක තමා. මේ දේවල් අමතක නොකර ඉගාව චන්දෙදි උපරිම බලය පාවිච්චි කරන්න තියෙන්නේ.

:       0       0

දිනූෂි Saturday, 03 August 2013 08:11 AM

තව ගහන්නකෝ කතිර. ඔය පටන් ගත්තා විතරයි (නි)

:       0       0

රංග Saturday, 03 August 2013 08:12 AM

අපිට අනෙක් හරිය හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 51 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1109 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 199 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 435 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 356 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 604 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36774 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24299 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site