IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘වැලිවේරියට හමුදාව කැඳෙව්වේ පොලිසියයි‘

වැලිවේරිය ජනතාව හා හමුදාව අතර පැවැති ගැටුමේදී පසුගිය අගෝස්තු පළමුවැනිදා හමුදා වෙඩි පහරින් හා පොලු පහරින් තිදෙනකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය ගැන පරීක්ෂණය ගම්පහ මහේස්ත්‍රාත් උසාවියේදී ඇරැඹි අවස්ථාවේ දී ගැමියන් වෙනුවෙන් පෙනී සිටි උපුල් ජයසූරිය මහතා ප්‍රමුඛ නීතීඥ කණ්ඩායම පැවසූයේ එදා අන දුන් බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළ යුතු යැයි ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් එම බ්‍රිගේඩියර්වරයා රටින් පිටවී යාමේ ඉඩකඩ වැළැක්විය යුතු බව කීවේය.

දැනටම ඔහු රටින් පිටවී ගොස් ඇත්දැයි නොදන්නා බව ද ඔහු පැවසීය.

යුද හමුදාව වැලිවේරියට කැඳවූයේ කවුදැයි ඔහු ප්‍රශ්න කළේය.

පොලිස් නිලධරයකු එවිට උසාවිය හමුවේ කියා සිටියේ ගම්පහ පොලිස් අධිකාරීගේ ඉල්ලීම අනුව හමුදාව කැඳවූ බවයි.

පොලිසියෙන් දෙදෙනකු ද, වැලිවේරිය ගැමියන්ගෙන් තිදෙනකු ද සාක්කි දීමට සූදානම් බව ද ඔහු කියා සිටියේය.

නඩුවට රජයෙන් නීතීඥවරයකු පත් කළ පසුව උපුල් ජයසූරිය මහතා මතුකළ ප්‍රශ්නය පිළිබඳ තීරණයක් දෙන බව මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා ප්‍රකාශ කළේය.

 

 



අදහස් (0)

‘වැලිවේරියට හමුදාව කැඳෙව්වේ පොලිසියයි‘

ලසන්ත Thursday, 29 August 2013 06:55 PM

වැලිවේරියේදී හමුදාව කැදෙව්වේ පොලිසිය කිව්වට මහජනයා එය පිළිගන්නේ නැහැ. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති පොලිසිය හදිසියේම වෙනම අමාත්‍යයංශයක් හැටියට පත්කිරීමත් අතර යම් සම්බන්ධතාවයක් තිබෙනවා කියලා මට හිතෙනවා (නි)

:       0       0

ගිම්හානි Thursday, 29 August 2013 07:07 PM

සම්පත් ඔය අහින්සකින්ට දොස් කියන්න එපා .ඔයාල වගේ එයාල පෝසත් නැහැ ,උන් අප දුක් විදිද්දී මහා එකාලා ඒ අයගේ ඡන්දෙ අරන් සුර සැප විදිනවා .උන්ගේ දුක අහන්නේ කව්ද .ඔයාල රට දිහා හොදට ඇස ඇරලා බලන්න (අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 29 August 2013 07:16 PM

මේ සංගමයේ අභිමතාර්ථය අපට පැහැදිලියි.මේ ගැන මිනිස්සු දන්නවා.හමුදාව එදා එම ක්‍රියාමාර්ගය නොගත්තා නම් තාමත් නුවර පාර වහගෙන ඉන්නේ.. (නි)

:       0       0

ද සිල්වා Friday, 30 August 2013 05:53 AM

අපේ ෆොන්සේකා මහතයව අත්අඩංගුවට ගතේ බොරු සුදී කොඩි කතාවකට , දෙනෝදාහක් බලාසිටියදී වෙඩි තැබීමට අණදුන් බවට සක කරන බ්‍රිගේදියර්ට තවම සිතාසියක් වත් යවාගන්න බැරිවෙලා තිබෙනවා , ෆොන්සේකා හමුදපති වෙලා ඉන්න කලේ හමුදාව මේ විධියට සිවිල් වැසියන් මැරුවේ නැහැ (අ)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 29 August 2013 03:08 PM

උපුල් මහත්මයාණෙනි, අසරණ ජනතාව වෙනුවෙන් සාදාරණයක් ඉටු කිරීමට ඔබට ශක්තිය ලැබේවා! නුබලාගෙන් දිය බිදක් නොලැබ මින් මතු... මිය යන්නෙමි පිපාසිතව ... එය සැපතකි අපට... (නි)

:       0       0

වරුණ Thursday, 29 August 2013 03:08 PM

අනිවාර්යෙන් මේ සිද්ධියට අර අණදුන් කෙනා උසාවි ගෙන ආ යුතුමයි .ඔහුගේ හා පිරිවරගෙ ක්‍රියාකලාප මාධ්‍ය වලින් අපි දුටුවා (නි)

:       0       0

කලන Thursday, 29 August 2013 03:20 PM

කතා කරලා වැඩක් නැහැ. තව ටික දවසකින් මොනවා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සංජීව මලාවි Thursday, 29 August 2013 03:32 PM

අවසානයේදී ඔවුන් විසින්ම වෙඩි තබාගෙන සිදු වුන මරණ බවට පත් නොවේවා කියා ප්‍රර්ථනා කරනවා. (ස)

:       0       0

ජගත් Thursday, 29 August 2013 03:59 PM

අනේ මන්දා (නි)

:       0       0

රාධා Thursday, 29 August 2013 04:00 PM

අවසානයේ මේ සමහර පුද්ගලයන්ට මෑතදී හඳුනා ගත් රට වල තානාපතිකම් සහ තනතුරු වල උසස්වීම් නම් ප්‍රධානය නොවේවා! (නි)

:       0       0

රත්නමාලී. Thursday, 29 August 2013 04:09 PM

අවසානයේ මේ සඳහා තවත් කන්ගට්ටෙක් ඉදිරිපත් කර මෙයට වගකිව යුත්තෝ ඇඟ බේරා නො ගනිත්වා ! හැමෝටම නීතිය සාධාරණව ඉටු වේවා ! (ස)

:       0       0

සම්පත් Thursday, 29 August 2013 04:12 PM

ගැමියනුත් දැඟලුවා වැඩියි. (ස)

:       0       0

මුනියන්ඩි Thursday, 29 August 2013 04:17 PM

ඇසිඩ් වතුර පෙවිලා තිබුණු නිසා තමයි ගැමියන් දැඟලුවේ. (ස)

:       0       0

පෙරේරා Thursday, 29 August 2013 04:40 PM

තමන් වහන්සේට පිළිගත හැකි විසදුමක් ලැබුන නිසා උපවාස කල ස්වාමීන්වන්සේ උපවාසය අත්හල බව ප්‍රකාශ කලා..එම මොහොතේම තව පිරිසක් හමුදාවෙන් ගුටි කෑවා..දැන් මේ දෙගොල්ලොම එකම කැට්ටියක් ද ??? දෙකකක් ද??? (ස)

:       0       0

චාන් Thursday, 29 August 2013 10:06 PM

හමුදාව කැදවීමේ වරදක් නැත. පැමිණි කණ්ඩායම බාරව සිටි අ‍ය හැසිරුණු විදිය නම් අනුමත කළ නොහැක (නි).

:       0       0

කුමාර Friday, 30 August 2013 08:31 PM

සිගරට් මත්පැන් බොන අයට බෑ කියල කතාවක් තියෙනවනෙ .ඒක නිසා පොලිසියෙ අයට මේව තහනම් කෙරුව නම් ආමි එක ගෙන්වන්න ඕන වෙන්නෙ නෑනෙ (අ)

:       0       0

නිමල් Thursday, 29 August 2013 10:21 PM

එදා අපි එජාප පාලනයෙන් වෙඩි කාලා පොලිසියට බැන්නා. අද වෙඩි කාලා හමුදාවට බනිනවා. (නි)

:       0       0

නිලන්ත Thursday, 29 August 2013 04:52 PM

සම්පත්,මෝඩයෙක් වෙන්න එපා.ඔයාට ඔය තත්වය වුණා නම් ඔයත් කරන්නේ ඕකමයි.පිස්සෙක් වගේ අදහස් දාන්න එපා... (නි)

:       0       0

වාස් Thursday, 29 August 2013 04:55 PM

හමුදාවට වෙඩි තියන්න අණ දෙන්න ඇත්තේ කවුද දන්නෙ නැහැ (නි)

:       0       0

සමීර Thursday, 29 August 2013 04:56 PM

සම්පත් ඔයාලගේ ළිං වලටත් ඔහොම දෙයක් වුනා නම් කොහොමද?කට තිබුන පළියට කතා කරන්න එපා. ඔයාට ලබන ආත්මේ වතුර නැතිවේවී (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 29 August 2013 11:01 PM

වරුණ මහත්තයෝ, උද්ගොෂකයෝ හැසිරුණු විදියත් අපි දැක්කා.ඔය මහත්තය තාම සුප්පුව කටේ ගහ ගත්ත බබෙක් වුනාට අපි නම් බබ්බු නෙමෙයි. (නි)

:       0       0

රෝහණ Thursday, 29 August 2013 11:05 PM

බන්දුල තාමත් 'කඩේ යන' එක නවත්තලා නැහැ වගෙයි (නි)

:       0       0

කුමාර Friday, 30 August 2013 10:37 AM

වැලිවේරිය ජනතාවගේ යහපත සඳහා බන්දුල පෙරේරාට දැඩි දඩුවම් පමුණුවනු.(නදී)

:       0       0

සෙනෙවි Friday, 30 August 2013 10:41 AM

නෑ පොලිසිය නෙවෙයි කැඳෙව්වෙ. බන්දුල පෙරේරා තමයි හමුදාව කැඳවලා තියෙන්නෙ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4256 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1580 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4472 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 411 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4201 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2388 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33945 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23957 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 473 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site