මොරටු විදුහලට පත් කළ නව විදුහල්පති ජේ ඩබ්ලිව් එස් සිරිවර්ධන මහතා ප්‍රතික්ෂේප කරමින් හය වැනි දිනටත් මවුපියෝ පිරිසක් විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ඔවුන් ඉල්ලනුයේ විදුහල දියුණු කළ බව කියන හිටපු විදුහල්පති සම්පත් වේරගොඩ මහතාය.
නව විදුහල්පතිට එරෙහිව පුවරු ඔසවාගෙන මේ උද්ඝෝෂණ පැවැත්වේ.
තමාට පාසලට පැමිණ වැඩ බාර ගැනීම සදහා ආරක්ෂාව ලබා දෙන්නැයි නව විදුහල්පති මොරටුව පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.
නගරාධිපති සමන්ලාල් ප්‍රණාන්දු මහතා මේ උද්ඝෝෂණයට නායකත්වය දෙයි.
විදුහල්පති පැමිණියහොත් ආරක්ෂාව සලසන බව පොලිසිය කියයි.
පොලිසියෙන් පනහක හැටක පමණ පිරිස් එහි කැදවණු ලැබ සිටිති.
පාසලේ අර්බුධය හටගත් දා සිටම පාසල ඉදිරිපිට ඉදිකළ තාවකාලික මඩුවක මවුපියෝ සීයක් දෙසීයක් නොකඩවා රැදී සිටිති.
තමා මෙම උද්ඝෝෂණයට සහභාගී වනුයේ නගරාධිපති ලෙස නොව දෙමාපියන්ගේ කෙනකු ලෙස බව පුරපති කියයි.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
(ඡායාරූපය රේඛා තරංගනී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදිසිෂ්‍ය සංගම් නිසා තමයි පාසල්වල ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ (නි)
මේක පුදුම වැඩක්නේ. එතකොට ලංකාවේ එක විදුහල්පති කෙනෙක්වත් නැහැ මේ ඉස්කෝලෙට සුදුසු මෙයා ඇරෙන්න.. විහිලු කතා කියන්න එපා මහත්තුරුනේ.. මෙය වැරදි නැත්නම් එක ඔප්පු උනාට පස්සේ පසෙලට ගන්න එක වෙනම කතාවක්.. තාම එහෙම නොවී මේ කියන විදියට මෙයාවම ගන්න දගලන්නේ මෙයාගේ හොදකටම නම් වෙන්න බැහැ.. (ස)
සියලුම අදහස් නිරීක්ෂණය කලෙමි. නමුත් කණගාටුවට කරුණ නම් මෙතන අදහස් ප්‍රකාශ කොට ඇති බොහෝ දෙන මේ පිළිබඳව තම අදහස් පලකොට ඇත්තේ මේ පිළිඹදව හා මේහි ඉදිරි අනාගතය පිළිබඳව සිතා නොවේ, හුදෙක් අදහසක් පල කීරීමට පමණි. වේල්ස් කුමාර විදුහල යනු ඉතා ප්‍රෞඩ අබිමනයක් ඇති විදුහලකි. මේ පාසලේ ඇදවැටීමක් අප මීට අවරුදු දෙකකට කලින් දැක්කෙමු. නමුත් සම්පත් වේරගොඩ මහතා යනු මෙම පාසැල නව යුගයකට ගෙන යාමට අඩිතාලම ලත් දර්ශනයකි. එය ඔප්පු කිරීමට හැකි සාදකයකි. අවසාන වශයෙන් ගාල්ලේ විදුහල් ඇති තත්වයට අප පාසැල පත් නොවෙන බව තරයේ කියමි. (දී)
ගොඩක් අය කරුණු හරි හැටියට දන්නේ නැතිව කතා කරනවා. අපි දැක්ක පාසලේ දියුණුව සමපත් මහත්මා නිසා. පාසලේ ආදී සිසුවකු හැටියට මම කැමති නැහැ. අපේ පාසැල අගාදයකට වැටෙනවට. කරුණාකරලා ප්‍රශ්නය හොද හැටි බලලා කතා කරන්න කියලා මම අනික් අයගෙන් ඉල්ලා සිටිනවා. අපි කැමති නැහැ අපේ පාසැල අගාදයකට වැටෙනවට.(නදී)
මගේ පාසලට නිගරු කරන්න එපා (දී)
ගොඩක් අය කරුණු හරි හැටියට දන්නේ නැතිව කතා කරනවා. අපි දැක්ක පාසලේ දියුණුව සමපත් මහත්ම නිසා. පාසලේ ආදී සිසුවකු හැටියට මම කැමති නැහැ අපේ පාසැල අගාදයකට වැටෙනවට. කරුණාකරලා ප්‍රශ්නය හොද හැටි බලල කතා කරන්න කියල මම අනික් අයගෙන් ඉල්ලා සිටිනවා. අපි කැමති නැහැ අපේ පාසැල අගාදයකට වැටෙනවට. (ස)
සම්පත් සර් ආවට පස්සේ ලොකු වෙනසක් පාසලේ තියනවා. (ලිපිය ලියල තියන විදිහ සරලයි. මේ විදිහට හැම ලිපියක්ම ලියන්න. සරලයි පහසුයි.).(නදී)
ගාල්ලේ විද්‍යාලෝකයට වුණු දේම වේල්සයටත් වෙන ලකුණු පහල වෙලා. විද්‍යාලෝකය දැන් විනාශයි. පාසලේ විනය අන්තිමයි. පාසලේ පරිපාලනය අන්තයටම කඩා වැටිලා. (නි)
දෙමාපින්ගේ ක්‍රියාව අගය කොට සලකනවා (නි)
මම නම් කියන්නේ එයාව එක පාසලකටවත් ගන්න එපා කියලයි (නි)
වර්තමනයේ සම්පත් සර් තමයි අපේ පාසල දියුනු කලේ.එලියේ ඉන්න අය කොහොමද ඒවා දන්නේ ? සර් තමයි අපිට පාසලට ආදරය කරන්න පුරුදු කලේ. සම්පත් සර්ට විතරයි අපේ පාසල හදන්න පුලුවන්. සෑම ළමයෙක්ම බලන් ඉන්නේ සම්පත් සර් ආයි එනකම්. (ස)
බන්දුල පෙරේරා ව නම් ආදිසිෂ්‍ය සංගම් වලින් වැද්ද ගන්නේ නැතිව ඇති. නැතිනම් වැස්සකටවත් පාසලකට ගොඩ වුන මනුස්සයෙකුත් නොවෙන්න පුළුවන්.නැතිනම් මේ වගේ අදහස් දමාවිද.මොරටුව කියන්නේ කොන්දක් තියෙන මිනිසුන් ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ මිනිස්සුන්ට අසාදාරණේ පෙන්වන්න බැහැ. (ස)
මේ පළාතට තියෙන හොඳම පාසැල මේක. මේ ගැටලුවට ලේසිම විසදුම විදුහල්පති නැවත ලබා දීම.එක හොදට වැඩ කරන විදුහල්පතිවරු දිරිමත් කිරීමක්. මේ විදුහල්පති ඕන තැනක හොදින් වැඩ කරාවි. (ස)
හිටපු විදුහල්පතිගේ රස්සාව නැති කළෙත් ඔය ගොල්ලෝ තමයි. බොහොම අමාරුවෙන් රස්සාව නම් හදා ගත්තා .. දැන් වත් ඒ මිනිහට පාඩුවේ ඉන්න දෙන්න. නැත්නම් ඒ දරු පවුලට කන්න දෙන්නේ මේ ඉන්න කට්ටියද ??? (ත)
මේ ගැටළුව නිමාවන්නේ කවදාද?(නි)
දෙක තුන , වසර වලට ඉන්ටවිව් ආවම ඉස්සෙලම ඇහුව එක අද වගේ මතකයි. දැන් පිකටින් කරනවා (නි)
මේ දේශ පාලුවෝ නිසා කිසි දෙයක් කරන්න බැහැ. ඔය නගරාධිපතිම පත් කරන්නකෝ ව්දුහල් පති ලෙස.(නදී)
මේ මොරටුවේ මුල් පුරවැසියායි. දෙමාපියන්ටයි දරුවන්ටයි දෙන ආදර්ශය මේකද? (නි)
ජානක ඔය හරි. ඔතන ඉන්න ගොඩාක් අය පරණ එක්කෙනාගේ එහෙයියෝ තමයි. ඔය ඉන්නේ ඕ.බී එකේ කට්ටියයි , එයාලගේ නෝනලයි තමයි. එයාලගේ අදායම අඩු වෙනවට එයාලා කමැති නැහැනේ.(නදී)
ඔය දෙමව්පියන්ගේ දරුවන්ව පාසලෙන් අස්කර ගන්න කියන්න. මේවට යට වෙලා නරක ආදර්ශ දෙන්න එපා. දෙමව්පියන්ට, ආදී සිසුන්ට ඕන විදියට පාසල් පාලනය කරන්න දෙනවා නම් අමත්‍යන්සයක් අවශ්‍ය නැහැනේ. පාසල් වල ආදීශිෂ්‍ය සංගම් තැනේ නොතැබූ එකේ ආනිසංස තමයි මේ. ඉගෙන ගත්තු පාසලේ දියුණුවට දෙයක් කරන එකයි, තමන් නිසා පාසැල පවතිනවා කියල හිතන එකයි දෙකක්. මේ ආදී ශිෂ්‍ය සංගම් හිතාගෙන ඉන්නේ පාසලේ අයිතිකාරයෝ එයලා කියලා.(නදී)
දෙමව්පියන්ට ඕනා විදිහට නෙමෙයි පාසැල පාලනය කරන්න ඕනේ. අළුත් විදුහල්පතිට අකමැති දෙමවිපියන්ට කියන්න තියෙන්නේ වෙන විදුහලකට එයාලගේ දරුවන්ව දාගන්න කියලා. මේකට නායකත්වය දීපු අයට කලින් හිටපු විදුහල් පතිතුමාගෙන් යම් යම් වාසි තියෙන්න ඇති.(නදී)
අලුත් විදුහල්පතිටත් ඉඩ දීලා බලමු. (ස)
මව්පියෝ ඔච්චර දුක් විදගෙන වැස්සේත් ඉන්නේ සාධාරනය වෙනුවෙන්. ඇයි පරීක්ෂණ නැත්තේ?? චෝදනා නැත්තේ? චෝදනා විභාග කරන්නැත්තේ??? මේක අභාග්‍යක්... (ස)
මෙහෙම වෙනකොට තිරිමාන්නගේ මානසික මට්ටම වැටෙනවා. (නි)
ඔය කියන විදුහල්පතිට පුලුවන්ද හැමදාමත් ඕක කරන්න. අනික දක්ෂ විදුහල්පතිකෙනෙක් නම් තවත් පාසල් මේවගේ දියුනු කරන්න එයාගේ සේවය අවශ්‍ය වෙනවා. හොඳයි ඔය කියන විදුහල්පතිට හදිස්සියේ මොනවාහරි වුනොත්... මේ පාසැල වහනවද? (නි)
මොකක්ද මේකට දෙන විසදුම? (ස)
මේ විදුහල අධ්‍යාපන අමාත්‍යාන්ශයෙන් ඉවත්කර දෙමාපියන්ට සහ විදුහල් පතිටම බාරදෙන්න. පඩි ගෙවන්න පාසැල නඩත්තු කරන්න සියල්ලම කරාවී. රජයේ පරිපාලනයක් අනවශ්‍ය බව තමයි මේ කියන්නේ. (ස)
ලංකාවේ පාසල් පරිපාලනය පිලිබඳ පවතින නීතියට එරෙහිවී තමන්ගේ පෞද්ගලික වුවමනා එපාකම් අනුව නීතිය සියතට ගන්නට හදමින් පාසල් පරිපාලනය අවුල් ජාලාවක් බවට පත්කරන සියලු දෙමාපියන්ගේ දරුවන් පාසලෙන් ඉවත් කිරීමටත්, ඔවුන් ප්‍රදේශයේ පවතින වෙනත් රජයේ පාසල් කීපයකට ශිෂ්‍ය හුවමාරු පදනම යටතේ අනුයුක්ත කිරීමටත් වහා කටයුතු කල යුතුයි. (නි)