IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


විවාහ යෝජනාවට පිටු පෑවැයි 16 දැරියට කොටලා

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල පන්නම්පිටිය මැණික්දෙන පදිංචිව සිටි මව පියා අහිමි 16 හැවිරිදි දැරියක 26 හැවිරිදි තරුණයකු තියුණු ආයුධ වලින් කපා කොටා බරපතළ තුවාල සිදු කර පළාගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 

සිය මිත්තණිය සමග ජීවත්වූ මෙම  දැරිය නිවස තුළදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

තුවාල ලැබූ දැරියට ඇයට පැය දහයක සැත්කමක් සිදු කළ  බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දැරියට පහරදුන්  බව කියන තරුණයා මාතලේ මහවෙල ප්‍රදේශයේ පදිංචි කරුවකු බවත් ඔහු බදුල්ල ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතුවල නිරතවන බවත්  පොලීසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් එම ප්‍රදේශයේ ඥාති නිවසක සැඟවී සිටින බවට ලද තොරතුරුකට පොලිසිය එම විමර්ශනය ආරම්භ කළ බවත් පොලිසිය පවසයි. 

මෙම දැරිය පදිංචිව සිටින ප්‍රදේශයේ නිවසකට පැවැති උත්සවයකට ගිය  අවස්ථාවක එම නිවැසියන් මෙම දැරියට තරුණයා විවාහ කරදීම සඳහා යෝජනා කළ බවත්  දැරිය එය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පහර දීම සිදු කර ඇති බවට ඇගේ මිත්තණිය මහත්මිය පැවසුවාය.

 



අදහස් (7)

විවාහ යෝජනාවට පිටු පෑවැයි 16 දැරියට කොටලා

saman sigera Friday, 02 July 2021 01:48 PM

මේ දැරියට මංගල යෝජනාව ගෙනපු ගෙදර උන්ටත් දැඩි දඩුවම් දෙන්න ඕනි

:       0       0

Kamal silva Friday, 02 July 2021 01:53 PM

අම්මත් නැති මේ ළමය කොච්චර කාලයක් දුක් විදියිද මේ තුවාලත් එක්ක - යොජනාව ගෙනාපු උන්ට දැඩි දඩුයම් දෙන්න ඔන

:       0       0

අමිත් එදිරිමුණී Friday, 02 July 2021 01:56 PM

නීති සංගම් මේ ළමය වෙනුවෙන් පෙනී ඉන්න ඔන - යොජනාව ගෙනාපු උන්ව හම ගහන්න ඔන

:       0       0

එන් එස් සිුලවා Friday, 02 July 2021 02:02 PM

ඥාති නිවසක සැඟවී සිටින බවට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවානම් ඒ අයවත් අත් අඩංගුවට ගන්න - බරපතල වරදක්

:       0       0

නිවර්තනා Friday, 02 July 2021 06:50 PM

පොඩි ළමයෙක්නෙ.. මොළයක් නැද්ද මේ මිනිස්සුන්ට...

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Friday, 02 July 2021 07:58 PM

මේ නරුමයා අල්ලා නිසි දඬුවම් දිය යුතුයි.

:       0       10

Raveendra Friday, 02 July 2021 09:02 PM

කැලෑ නිතිය වඩාත් සුදුසු යන්න අපගේ අදහසයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 389 0

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1484 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1184 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 437 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1148 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 435 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1191 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 655 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site