(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ විවාහ වීමේ වයස පොදු වයසක් බවට පත්කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනී අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත්කර තිබේ.
මෙරට දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහවන වයස් සීමාව පොදු වයසකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ සෙසු පාර්ශ්වයන්ගෙන් යෝජනා ගැනීමට සහ ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය සකස් කිරීමට යෝජනා වී තිබේ.
‘ළමයා‘ යන්නට නිවැරදි ලෙස අර්ථකථනයක් දීමට අවශ්‍ය සංශෝධන කිරීමට ද මෙහිදී මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය වූ බව ද සඳහන් වේ.
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විවාහ වෙන්න ‘පොදු වයසක්’
gunda Wednesday, 22 January 2025 07:54 PM
විවාහ වීම සඳහා පිරිමි ළමයෙකුගේ වයස අවුරුදු 22ක් සහ ගැහැණු ළමයකුගේ වයස අවුරුදු 20ක් වත් විය යුතුයි.
janithaWednesday, 22 January 2025 10:05 PM
හොඳයි.
Nimal PriyanthaThursday, 23 January 2025 12:32 AM
ඉන්න බෑ බ්‍රෝ.
RishadThursday, 23 January 2025 12:59 PM
ගෑනූ ලමායි අඩුම ගානෙ 14 දි වත් බඳින්න ඕන . එහෙම 4 ක් වත් නැතුව කොහොම ද ලමයි බල බලා ලෝකේ අල්ල ගන්නෙ. අනික දෙවියො තමා තීරනය කරන්නේ ගෑනු ලමයි ලොකු වෙන වයස? මොනා කරන්නද , දෙයියෝ තමා ඔක්කොම කරනවා?
පුරවැසියා Wednesday, 22 January 2025 08:05 PM
මෙතෙක් දැක්ක සාදරණීයම යෝජනාව බව අවිවාදිතයි. හඬ යටපත් කළ දරුවන්ගේ හඬ...
ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Wednesday, 22 January 2025 10:34 PM
අපේ අත්තම්මා කසාද බැඳලා තියෙන්නේ අවු 13 දී. දරුවෝ 9 දෙනෙක් හැදුවා. අවු 96 ක් ආයු වළඳා මියගියා.
ලොකු ලැසි Thursday, 23 January 2025 07:00 AM
උපරිම වයසක් නං දාන්න එපා පිස් ! තවම බඳින්න තිය හිතලවත් නැහැ
Yohan Thursday, 23 January 2025 08:11 AM
මට නම් හිතෙන්නේ මේකත් තවත් හිස් වැඩක්
fairoos Thursday, 23 January 2025 10:59 AM
අනිවාර්යෙන්ම වෙනස් වෙන්න ඕනෑ...
Lalla Thursday, 23 January 2025 11:38 AM
විවාහ වන අවම වයස තනිවම තමන්ට තීරණය ගැනීමට හැකියාව තිබෙන අවුල. 21 කරන්න. පවුල්වල බර ඇදගෙන දරුවන්ගේ බරත් දරාගෙන ඉන්න 21ට අඩු ගැහැණුන්ට තම යෞවනය විඳීමට සහ උසස් අධ්‍යාපනය හෝ කැමැත්ත මත වෘත්තීයකට යොමුවෙන්න ඉඩ නෑ.ඒක අපරාධයක්.
de silva Thursday, 23 January 2025 11:43 AM
කසාදෙ පමණක් නොවේ හමේ පාට , අදහන ආගම , ජාතිය වශයෙන් බෙදන්නේ නැතිව ලෝකයේ දියුණු රටවල කරන ආකාරයට ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම එකම නීතියක් යටතට ගෙන එන එක ඉතා වැදගත් .
raani Friday, 24 January 2025 01:12 PM
එක රටක් එක නීතියක් යටතේ ඥාණසාර හාමුදුරුවෝ අනගි වාර්තාවක් එළිදක්වා තිබෙනවා. ගෝඨාභය පාලන සමයේ. අමුතුවෙන් වෙහෙස වෙන්න උවමනා නෑ. අදාළ කාරණා එම වාර්තාවේ තිබෙනවා. රැකියා කිරීමේ වයස, වාහන බලපත්‍රය ලබාගැනීමේ වයස යනාදිය සමඟ විවහවීමේ වයසත් සමපාත විය යුතුයි.
S M Abeywickrama Friday, 24 January 2025 03:10 PM
මේ සරෝජා අක්කේ, ඔයා ඔය නීතිය දාන්න කලින් කෙල්ලන්ට කොල්ලොයි, කොල්ලන්ටයි කෙල්ලොයි සෙට් කරලම වැඩේ පටන් ගන්න. වයස තිබුණට බඳින්න එකෙක් නැත්නම් මොකටද නීති.